මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැපී පෙනෙන චරිතයක්.
‘මේඝ’ ට පණපොවන රංගන ශිල්පියා මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්නට හිතුවෙ ඒ නිසාමයි. මේ ඉඩකඩ දිනූෂ දිසානායක නම් ඔහු වෙනුවෙන්.
ප්‍ර දිනූෂ මුලින්ම කියන්නකො කොහොමද අවුරුදු?
අවුරුදු කියලා ඉතින් ලොකු විශේෂත්වයක් මෙදාපාර නම් නැහැ. මොකද අලුත් අවුරුද්ද දවසෙත් මම නාළිකාවක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම 13 වෙනිදා වෙනකම්ම ටෙලි නිර්මාණ කිහිපයක රූගතකිරීම් සිදුවුණා. ඉතින් මට මේ වතාවේ අලුත් අවුරුද්දට කියලා විශේෂ සූදානමක් වුණේ නැහැ.
ප්‍ර එදා සහ අද අවුරුද්ද ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නෙ?
ඇත්තටම ඒ කාලෙ අපිට දැනුණු හැඟුණු ඒ අවුරුද්දේ හැඟීම අද දැනෙන්නෙ නැහැ. ඒ කාලෙ අවුරුදු පටන් ගත්තෙත් මාර්තු මාසෙ වගේනෙ. ඒක ඉතින් වෙනස්ම හැඟීමක්. හරිම සුන්දරව ගතවුණු කාලයක් කියන්න පුළුවන්.
ප්‍ර ඇයි අද ඒක දිනුෂට නොදැනෙන්න හේතුව දැන් පරිණත වෙලාද? නැත්නම් ප්‍රශ්න වැඩිවෙලාද? වයසට යද්දි ඒ ගැන හිතෙන් නැද්ද? මොකක්ද වෙලා තියෙන්නෙ?
ඇත්තටම ඒ සඳහන් කරපු දේවල්වලට ‘ඔව්’ කියන්නත් පුළුවන්. අපි පරිණත වෙලා ප්‍රශ්න වැඩිවෙලා. හැම දේම තියෙනවා. මේ හැමදේම වගේම ඇත්තටම අද වෙද්දි කොහා කෑ ගහන සද්දයකුත් නෑ වගේ මට දැනෙනවා. ඒක නැවතිලා තියෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. මොකද අපි පුංචි කාලෙදි මාර්තු මාසෙ කොහා කෑගහන එක පටන් අරන් මැයි මාසෙ වෙනකම් විතර ඒ කෑගැගිල්ල තිබුණනෙ. දැන් ඒවාත් නෑ වගේ.
ප්‍ර ඒ කියන්නේ කොහාටත් ප්‍රශ්න ඇති? එහෙමද?
ඒක එහෙමත් වෙන්න පුළුවන් කියලා හිතමු නේද?
ප්‍ර ඒ ප්‍රශ්නයට සිනාසී පිළිතුරු දුන් දිනුෂගෙන් මම ඊළඟට ඇහුවෙ අවුරුද්දට ගෙදර එන්න කියලා අම්මා-පුතාට ඇවිටිලි කරන්නෙ නැද්ද කියන ප්‍රශ්නය?
අම්මෝ, ගෙදරින් නම් කියනවා ගෙදර එන්න කියලා. නමුත් ඉතින් දාගත්තු වැඩත් එක්ක යන්න වෙන්නෙ නැහැ. මෙදා සැරේ ඉතින් කොළඹ තමයි. මොකද මම මේ වෙද්දි ටෙලි නිර්මාණ 5ක රූගත කිරීම් කරන ගමන් තමයි ඉන්නෙ. ඉතින් අවුරුද්දට යන්න බැරිවෙන්නෙ මේ දේවල් එක්ක කාර්යබහුල වීමත් එක්ක. නමුත් විවේකයක් ලැබුණු ගමන් ගෙදර ගිහින් එන්න තමයි ඉන්නේ.
ප්‍ර එහෙනම් අපි දැන් අවුරුදු පසෙකළා දිනුෂගේ කලා කටයුතු ගැන කතා කළොත්?
කලා කටයුතු එක්ක නම් කාර්ය බහුලයි. ඉහතින් සඳහන් කළා වගේ. මොකද නාළිකා 5ක විකාශය වන ටෙලි නිර්මාණ 5ක රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා. ඒ චරිත 5 එකිනෙකට වෙනස් චරිත. එක් චරිතයක් තමයි සියත නාළිකාවේ විකාශය වන ‘නිමාවක් නැති ආදරේ’ හි මේඝගෙ චරිතය. ඒ වෙනුවෙන් ඇත්තටම මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් ඒ චරිතයට කෙල්ලො කොල්ලො ගොඩක් කැමතියි.
මොකද ඒ තුළ ගැහැනු ළමයි 20ක් බැලන්ස් කරගෙන එහෙම යන්න තියෙන චරිත රංගනයක්. ඉතින් ඒක දඟකාර, විසේකාර චරිතයක් නිසාම සමාජ මාධ්‍යයේ නම් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා.
ප්‍ර ගැහැනු ළමයි 20ක් බැලන්ස් කරගන්න පුළුවන්ද ඉතින්? දිනුෂට එහෙම පුරුද්දක් නැහැනේ?
අනේ එහෙම පුරුද්දක් නැහැ. එහෙම වෙන්නෙ ඉතින් කතාවටම තමයි. මේඝ කියන චරිතයට ගැහැනු ළමයි ඒ තරම් හිටියත් ඔහු හොඳ කොල්ලෙක්. ඒ හැම දෙනාටම උදව් තමයි කරන්නෙ.
ඉතින් මේ නිර්මාණයට අමතරව තවත් නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී දැකගන්න හැකිවෙයි.
ප්‍ර මේ විදියට රංගන කටයුතු කරද්දි ගායකයාට මොකද වෙන්නෙ? ඒ වෘත්තිය අතහැරලද?
අනේ නැහැ. මම කොහොමත් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ ගායනයෙන්. එතැනින් තමයි රංගනයට ආරාධනා ලැබිලා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. නමුත් ඇත්තටම සමහරු දන්නෙත් නැහැ මම ගායකයෙක් කියන දේ. රංගන ශිල්පියෙක් විදියට තමයි මාව ගොඩක් දෙනෙක් හඳුන්වන්නෙ.
ප්‍ර ගායකයා, රංගන ශිල්පියා වුණා රංගන ශිල්පියා නර්තන ශිල්පියාත් වුණා නේද පසුගිය කාලෙ?
ඔව්නෙ. ඒක ඇත්තටම අලුත් අත්දැකීමක්. ඒක මට විඳින්න ලැබුණෙ හිරු මෙගා ස්ටාර් වේදිකාව හරහා. ඇත්තටම නර්ථනය කියන්නෙ මම කිසිමදාක හදාරලා තිබුණු විෂයක් නෙමෙයි. ගීතයක් කියද්දී පොඩි පොඩි නර්තනයක් දැම්මත් වෘත්තිමය දෙයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඇත්තටම මමවත් දන්නෙ නැතිව ඒ දේත් කළා.
ප්‍ර කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මම මේ තරගයට සම්බන්ධ වුණේ ජය පැරදුම කිසිසේත්ම අදාළ කරගෙන නෙමෙයි. නමුත් වට කිහිපයක් යන්න අවස්ථාව ලැබුණා. පසුගිය දිනක ඒ වේදිකාවෙන් ඉවත් වුණා. නමුත් ඒ ලැබුණු අත්දැකීම මට හරි විශේෂයි. ඒ දේ මගෙ කලා ගමනටත් ශක්තියක් වුණා. ඇත්තටම මේ අවස්ථාවේ මම ස්තුති කරන්න ඕනෑ ගයාන් ශ්‍රීමාල් මහතාට සහ මගේ පාට්නර් හෂීට. ඒ වගේම සාරා අබේවර්ධන සිහිපත් කරන්න ඕනෑ. ඒ අය තමයි මාව නැටෙව්වෙ ඇත්තටම.
ප්‍ර ඉතින් දිනුෂට මේ ලැබිලා තියෙන කලා හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ?
අනේ ඉතින් ලොකු සතුටක් තියෙනවා මට මං ගැන. ඉදිරියේදිත් කලාව පැත්තෙන් විශේෂ දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගායනය පැත්තෙන් සහ රංගනයෙන්. ඒවා ඉතින් ඉදිරියේදී බලමු.
ප්‍ර එතකොට දිනුෂගෙ ව්‍යාපාර කටයුතු?
ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඇත්තටම පසුගිය කාලේ නුවරඑළියෙ කබානා ටිකක් හදාගෙන ගියා. නමුත් දැන් ඒ දේවල් මඳකට නවත්තලා තියෙනවා රටේ ආර්ථික තත්ත්වයත් එක්ක. ඉදිරියේදී ඒ හැම දේම සිද්ධවෙයි.
ධනු විජේරත්න
හතර අතින් ඇසෙනුයේ අවුරුදු අසිරිය කැන්දාගෙන එන එබඳු ගීතය. මේ කියන්නේ බක් මහේ මංගල්ලේ හෙට අනිද්දම ගමට එන විත්තියයි. කලකට ඉස්සර බක් මාසය එළඹෙන බව ගම්වල
පරිසරය පුරාම අවුරුදු අසිරිය විසිර පැතිර තිබේ. කොහාගේ ඉමිහිරි නාදය, රබන්සුරල් රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නේය. හැම ගෙදරකින්ම හමා එන්නේ කැවිලිවල ඉමිහිරි සු
සිංහල අවුරුදු කාලෙට ගමේ අසිරිය මතකයට රැගෙන එන ගී පදවැල් අපේ සවනත වැදෙනවා. මේ කාලයට විතරක් සීමා නොවී ගම ගැනත් එහි භාවමය සුන්දරත්වය ගැනත් කොවුල් හඬින් ගී
ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධනගේ පුතුණුවන් ගයාන් ගුණවර්ධන මේ වෙනකොට රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ජනප්‍රියත්වය ඉහ
“අවුරුදු සමය ගැන කතා කළොත් මගේ කුඩා කාලයේදී අම්මා එක්ක එකතු වෙලා කිරි ඉතිරූ හැටි සහ අනෙකුත් චාරිත්‍ර කළ හැටි මට හොඳට මතකයි. නෑගම් ගිය හැටි, හිස තෙල් ගෑමේ
මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉස්සර වගේ කොහාගෙ සද්දෙ නැහැ - දිනූෂ දිසානායක