IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ඊශ්‍රාලයේදී තිරගත වූ ’’යකඩ දියණියෝ’’

පසුගිය මාර්තු මස 14 වැනිදා ඊශ්‍රාලයේ Tel Aviv සිනමා ශාලාවේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන “යකඩ දියණියෝ” තිරගත විය. මෙය ශ්‍රී ලාංකික චිත්‍රපටයක්, එම රටේ තිරගත වූ ප්‍රථම අවස්ථාව බවයි පැවසෙන්නේ. “යකඩ දියණියෝ” අධ්‍යක්ෂණය ගාමිණී හේවාවිතාරණ ගෙනි. නිෂ්පාදනය කර ඇත්තේ නිරෝෂා කුමාරි රත්නායක හා මංගල මඩුගල්ල විසිනි.

“යකඩ දියණියෝ” නිෂ්පාදනයට එක්වන නිරෝෂා රත්නායකගේ කුළුඳුල් නිෂ්පාදනය මෙය වන අතර ඇය ඊශ්‍රායල් රටේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරයි. එසේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇයගේ ගම් පළාත මහනුවර ගෙලිඔය වේ. නිරෝෂා පුතුන් දෙදෙනකුගේ මවකි. පුතුන් දෙදෙනා දක්ෂ බොක්සිං ක්‍රීඩකයන් වන අතර මහනුවර පාසල් අතර අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෝ වෙති. ඔවුන් බොක්සිං උපදේශකවරුන් ලෙසත් කටයුතු කර ඇත.

නිරෝෂා ඊශ්‍රායල් හි දුක් කම්කටොළු මැද රැකියාව කරමින් තම උත්සාහය, කැපවීම හා ධෛර්යය තුළින් ජීවිතය ජයගත් බවයි පවසා සිටින්නේ. 

දැඩි උත්සාහයෙන් උපයාගත් මුදලින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙළඹුණේ තම දරුවන් දෙදෙනා කලාවට දැක් වූ අසීමිත ආදරය නිසා බව ඇය කීවාය. බොක්සිං ක්‍රීඩාවට වගේම මෝස්තර නිරූපණයට ද ඇලුම් කළ ඔවුන්ට රංගනය තුළින් තම හැකියාව ලෝකයට පෙන්වීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් “යකඩ දියණියෝ” නිෂ්පාදනයට අත ගැසූ බව ඇය වැඩිදුරටත් කීවාය.

නමුත් චිත්‍රපටය රූපගත කිරීම් අවසන් කිරීමටත් පෙර එහි ප්‍රධාන චරිතය රඟපෑ ඇගේ වැඩිමහල් පුත් චතුර රත්නායක හදිසි අනතුරකින් මෙලොව හැරගොස් ඇත. තම පුතාගේ වියෝවෙන් දැඩි කම්පනයට පත් ඇය පෙරළා ඊශ්‍රායලයට නැවත ගිය බවත් සියල්ල අතහැර දැමීමට සිතුණු බවත් පවසා සිටියාය. නමුත් අධ්‍යක්ෂක හා සම නිෂ්පාදක මඩුගල්ල ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම මත දරුවාගේ ආසාව ඉෂ්ඨ කිරීමට සිතා නැවත නිෂ්පාදනය අවසන් කළ බව සඳහන් කර සිටියාය.

තමන් සේවය කරන රටේ ශ්‍රී ලාංකික හිතවතුන්ගේ දැඩි ඉල්ලීම මත මුලින්ම ඊශ්‍රායලයේ පසුගියදා තිරගත කළ බවත් නුදුරේදීම ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට සූදානමින් සිටින බවද සඳහන් කර සිටියාය.

තම වැඩිමහල් පුතාගේ තිබූ ආසාව බලාපොරොත්තුවක් ලෙස ඉෂ්ඨ කිරීම තම යුතුකමක් යැයි සිතන බවත් කලාවට ඔවුන් තුළ තිබූ ආදරය නිසා කොතරම් වේදනාකාරී වුවත් විඳදරා ගනිමින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවත් අවසන් වශයෙන් අප හා පවසා සිටියාය.

ශාන් බන්දු



අදහස් (0)

ඊශ්‍රාලයේදී තිරගත වූ ’’යකඩ දියණියෝ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 7 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 16 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 17 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 24 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 26 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 628 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 733 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1474 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site