IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඔබ අපට අහස සේ අනන්තයි ... බිරිඳ බියට්‍රිස් පුතුන් දේපළ කළිඳු සහ චිරාත්

රෝහණ    වීරසිංහයන්ගේ ආදරණීය   බිරිඳ  බියට්‍රිස් 


රටක් වටින සැමියෙකුගේ බිරිඳ වීම මොනතරම් වාසනාවක්ද?
(
ආදරණීය
  බිරිඳ බියට්‍රිස්)

  • ඔබට මතක ද මුලින්ම ඔහුගෙ හමුව සිදුවූ දවස?

එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැවැත්වුණා. එතැනදි තමයි අපි දෙන්නා මුලින්ම හඳුනාගත්තෙ. කතා බහ කරන්න ලැබුණෙත්, ඒ දවසේදියි. ඉන්පසුව ඒ හමුව ප්‍රේමයකට හැරවී අපි ආදරවන්තයින් වුණා. ඒ හමුව ඇත්තටම සුන්දරයි.

  • සැමියකු ලෙස ඔබට ඔහුව දැනෙන – හැඟෙන හැටි...?

ඒ වගේ සැමියකු ලැබීම මම දකින්නෙ මගේ පෙර පිනක් ලෙසයි. එච්චරටම එයා නිහතමානියි. සැමියකු විදිහට මට කිසිදු අඩුපාඩුවක් කළේ නැහැ. නිතරම මා ගැන සොයා බලා කටයුතු කරන සැමියෙක්. මට මගේ යාළුවෝ ඇසුරු කරන්න එපා කිව්වෙ නැහැ. ඒ වගේම මම කැමති විලාසිතා අඳින්න තහංචි දාලත් නැහැ. කිසිම වෙලාවක පටු විදිහට හිතන්නෙ නැහැ. ඒ ගුණයට මම හරිම ආසයි. දරු දෙදෙනාටත් කිසිම අඩුවක් නොකළ පියෙක්. එයාලගෙත් පෙර වාසනාවක් මේ වගේ පියෙකු ලැබීම. ඒ වගේම අපට ඉතා ගුණ යහපත් ලේලියන් දෙදෙනෙකු සහ මුනුපුරකු මෙන්ම මිනිබිරියක සිටිනවා.

  • විවාහ වූ මුල් කාලයේදී ඔබ මොනව ද කළේ? රැකියාවක නිරත වුණා ද?

ඒ කාලයේදි මාත් ගුරුවරියක ලෙස සේවය කළා. රෝහණ, ඒ දිනවල හරිම කාර්ය බහුලයි, ඉතින් ඒ නිසා එයාගේ වැඩවලට මම බාධා කළේ නැහැ. සංගීත කටයුතුවල නියැළෙන්න උපරිම නිදහසක් ලබා දුන්නා. සමහර අවස්ථාවලදි මම එයාට නොටේෂන් (ස්වර ප්‍රස්තාර) ලියලා දීලා පවා තියෙනවා.

  • ඔහු සමග මේ ගෙවී ගිය ජීවිතය ගැන ඔබට හැඟෙන්නෙ කොහොම ද?

‘‘මම හිතන්නෙ මම සැබෑම වාසනාවන්තයි කියලයි. මේ වගේ රටක් වටින සැමියකුගේ බිරිඳ වීම මොන තරම් වාසනාවක් ද... හැමෝගෙම සිත සුව පිණිස දස – දහස් ගණනක් ගී තනු නිර්මාණය කළ දැවැන්ත කලාකරුවකු මගේ සැමියා වීම මට දැනෙන්නෙ මේ මුළු විශ්වයම මගේ සමීපයේ ඇති වගයි. රෝහණට මම නිතරම පතන්නෙ නිරෝගි සුව!

  • ඔහු මෙතෙක් කළ රස ගී තනු අතරින් ඔබ වඩාත් කැමති?

ඒ දහසකුත් වූ ගී තනු එකක්වත් අහක දාන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ ඔක්කෝටම මම කැමතියි. ඒ අතරින්, ටී.එම්. ජයරත්නයන් ගැයූ රාත්‍රිය උදාවුණා, ආචාර්ය නන්දා මාලිනිය ගැයූ අහස සේ ඔබ අනන්තයි, සුනිල් එදිරිසිංහයන්ගෙ, සදාකාලික නොවූ ලෝකයේ, ආචාර්ය වික්ටර් රත්නායකගෙ තනි වෙන්නට මගේ ලොවේ ගීතවලට වඩාත් කැමතියි.

ගාන්ධර්ව සීයා, මුණුපුරා සහ මිණිබිරිය සමඟ


තාත්තා හරිම 

සංවේදී මිනිසෙක්
කළිඳු වීරසිංහ (රෝහණ වීරසිංහයන්ගේ වැඩිමල් පුතු)

‘‘අපේ තාත්තා මම දකින්නෙ බොහෝම සංවේදී මිනිසකු විදිහටයි. වෘත්තිය ජීවිතයේදි කොච්චර කාර්ය බහුල වුණත්, මගෙයි, මල්ලිගෙයි වගේම මගේ බිරිඳ සහ දරුවන් ගැනත් නිතර සොයා බලනවා. මට ඉන්නෙ දුවකුයි - පුතෙකුයි. ඒ දෙන්නා දවසක් හරි දැක්කෙ නැත්නම් තාත්තා ඊළඟ දවසේ කතා කරලා මම ඒ දෙන්නව දැක්කෙ නැහැනෙ කියලා අහනවා. කුඩා කල සිටම අපට බලපෑම් කළේ නැහැ. ඉගෙන ගතයුතු දේ වෙනුවෙන් මුල් තැන දෙන්න කිව්වා. ඒත් අනවශ්‍ය විදිහට බලපෑම් කළේ නැහැ.

  • ‘‘සංගීතය’’ කරනවට කැමැත්තක් තිබුණෙ නැද්ද?

සංගීතය කරනව නම්, හොඳට ඒ ගැන හදාරලා කරන්න කියලා කිව්වා. හැමදාම කිව්වෙ එහෙමයි. සංගීතය කළත්, පාසලේ වැඩ ටික හරියට කළොත් හොඳයි කියලා අපි දිරිගැන්වූවා. ඒ නිසාම තමයි, ලංකාවේ පාසල් අධ්‍යාපනය හමාර කළ පසු වැඩිදුර අධ්‍යාපනයට මම ඕස්ට්‍රේලියාවට ආවේ. අපි දැන් පදිංචිය ඕස්ට්‍රේලියාවේ.

  • සංගීතඥයකු ලෙස තාත්තා විශේෂ වෙන්නෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?

සරල ගීතයේ සිට, නාට්‍ය, චිත්‍රපට, ටෙලි ඇතුළු විවිධ අංශ සඳහා තාත්තා ගී තනු නිර්මාණය කර තිබෙනවා. සංගීත දිවියේ වසර ‘50’ ක් ගෙවූ මේ ගෙවී ගිය කාලයේදී, තාත්තා ගැන කිසිම කෙනෙක් දොසක් කියනව අපි අහලා නැහැ. කොහේ ගියත්, ලෝකයේ ඕනෑම තැනක ගියත්, රෝහණ වීරසිංහ මගේ තාත්තා කිව්වාම අපට ලැබෙන ගෞරවයත් ඉහළයි. මිනිස්සු ඒ විදිහට ගෞරව කිරීම මට දැනෙන්නෙ මහා භාග්‍යයක් විදිහටයි. ඒක ඇත්තටම මහා ආඩම්බරයක්. විශේෂයෙන්ම පුතෙකුට තාත්තා කියන්නෙ වීරයෙක්. මටත් මගේ වීරයා තාත්තා තමයි.

  • ඔබගෙ බිරිඳ, විවාහයට පෙර දැන සිටියද ඇය විවාහ වෙන්න යන්නෙ රටක් දන්නා මහා ගාන්ධර්වයකුගේ පුතකු සමග බව?

ඇය ඕස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 4දි. අපි විවාහ වෙන්නට පෙර ඇය ඒ ගැන දැන සිටියෙ නැහැ. ඇයගේ මව සහ පියා කියන විදිහට, කුඩා කල සිටම ඇය ‘අකුරු මැකී නැහැ’ වගේ ගීතවලට හරිම ආස ලු. ඒකට හේතුව ඇයගේ පියා නිතර රස විඳින්නෙ ටී.එම්. - එඩ්වඩ්, සුනිල් වගේ ප්‍රවීණයන්ගෙ ගීත. ඒ ගීත නිර්මාණය කර තිබෙන්නෙ තාත්තා කියලා දැන ගත්තාම ඇයට තාත්තා කෙරෙහි ඇති වුණේ ලොකු භක්තියක්. ඒ වගේම අදහාගත නොහැකි තරමේ චරිතයක් විදිහටයි ඇය අපේ තාත්තාව දකින්නෙ. මාමණ්ඩියකට වඩා ඇයට මගේ තාත්තා පියෙක් වගෙයි. තාත්තා කළ ගී තනු සමූහය දිහා බලද්දි මිනිසකුට මෙතරම් දෙයක් කළ හැකිද යන්නෙන් ඇය විස්මයට පත්වෙනවා. ඇය වෛද්‍යවරියක්. මගේ මවගෙ සහ පියාගේ සෞඛ්‍ය කටයුතු ගැන සොයා බලන්නෙත් මගේ බිරිඳ චලනි සහ මගේ මල්ලිගෙ බිරිඳ ශානිකා නැගණියයි. ඒ දෙදෙනාම වෛද්‍යවරියන්. අම්මා තාත්තා වෙනුවෙන් වෛද්‍ය උපදෙස් දෙන්නේ ඒ දෙදෙනායි.

රෝහණයන් බිරිඳ සහ පුතු දෙපළ


දරු මුණුපුරන් සමඟ


මට තාත්තා දැනෙන්නෙ 
දෙවි කෙනෙක් වගේ

චිරාත් වීරසිංහ (පොඩි පුතු)

  • චිරාත් ඔබට තාත්තා ගැන මුල්ම මතකය එන්නෙ?

මතක ගොඩාක් තියෙනවා. එක් විශේෂ මතකයක් මම කියන්නම්. මට සිංදුවක් කියන්න ඕනැ වුණා. ඒ ගීතය රෙකෝඩ් කරන දවසේ, විහිළුවට තාත්තා කිව්වෙ, තාත්තයි - පුතයි අද තමයි තරහා වෙන්නෙ කියලයි. එහෙම කියූ තාත්තා හයියෙන් හිනා වුණා. තාත්තාගෙ ඉස්සරහා ඇත්තටම මම සිංදු කියන්න බයයි. ඒ ගීතයට වසර දෙකකට විතර පසුව සජීවීව ගයන්න ලැබුණෙ 2009 දි පැවැත්වූ ආදරණීය රෝහණ ප්‍රසංගයේදි. එය මිහිරිම මතකයක්.

  • ඔබට කොහොම ද තාත්තාව දැනෙන්නෙ?

මට නම් තාත්තාව දැනෙන්නෙ දෙවි කෙනෙකු වගෙයි. තාත්තා නිතරම උත්සාහ කළේ අපිව නිවැරදි මගකට යොමු කරන්න. අද අපි මේ වගේ තැනක ඉන්නෙ ඒ මග පෙන්වීම් නිසයි. ‘ආදරණීයම’ තාත්තා කෙනෙක්.

  • තාත්තාගෙන් ඔබ ඉගෙන ගත් හොඳම දේ?

මම සිංදුවක් කියන්න ගියාම, නිතරම කියන්නෙ, හොඳට සංගීතය අධ්‍යයනය කරලා පුරුදු - පුහුණුවෙලා ගීතය ගයන්න කියලයි. තවම මම එය අනුගමනය කරනවා. සංගීත හැර මොන දේ කළත්, ඒ කරන දේ අධ්‍යයනය කර කරන්න කියලා තමයි අපට තාත්තා කියලා තියෙන්නෙ.

  • තාත්තාගෙ ගී - තනු අතරින් ඔබට එක – දෙක – තුන ලෙස තෝරන්න කිව්වොත්?

අහලා එපා නොවන ගීතය වන්නේ සුනිල් එදිරිසිංහයන් ගයන ‘සදාකාලික නොවූ ලෝකය’ ගීතයයි.
දෙවැනියට මම තෝරන්නෙ අපේ ආදරණීය නන්දා නැන්දාගෙ (නන්දා මාලිනිය) අහස සේ ඔබ අනන්තයි.
තුන්වැනි කියලා කියනවාට වඩා මම නිතරම අහන්නෙ ඉහත කී ගී දෙකයි. අනෙක් ගී බොහෝමයකට එක වාගේ කැමතියි.

  • ඔබ – තාත්තාගෙ දකින හොඳම ගුණාංගය?

නිහතමානිකම. ඒ වගේම කිවයුතු දේ කෙළින්ම කියනවා. එපා වුණොත් එපාමයි. ඒ වගේ හරි ඍජු - අවංක චරිතයක්. ඒ වගේ පියකුගේ පුතකු වීම තරම් ආඩම්බරයක් මට නම් තවත් නැහැ.

  • ගෙදරදි කොහොමද තාත්තාගෙ විදිහ?

හරිම සරලයි. විහිළු - තහළු කරගෙන අපි එක්ක ඉන්නෙ. සංගීතය නිසාමදෝ තාත්තා හරිම සංවේදීයි. සංගීතඥයකුට අමතරව ගීත ලිවීමේ හැකියාවත් ඉහළයි. ඒත් තාත්තා ඒක පෙන්වන්න කැමති නැහැ. තාත්තාගෙන් මගේ ජීවිතයට ලැබුණු දේ ඇත්තෙන්ම බොහෝමයි. වචනයේ පරිසමාප්ත අයුරින්ම අපේ තාත්තා ‘‘ආදරණීයම චරිතයක්’’.

කළිඳු සහ බිරිඳ වෛද්‍ය චලනි සමඟ


චිරාත් සහ බිරිඳ වෛද්‍ය ශානිකා


සඳුන් ගමගේ


 



අදහස් (0)

ඔබ අපට අහස සේ අනන්තයි ... බිරිඳ බියට්‍රිස් පුතුන් දේපළ කළිඳු සහ චිරාත්

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ඔබ අපට අහස සේ අනන්තයි ... බිරිඳ බියට්‍රිස් පුතුන් දේපළ කළිඳු සහ චිරාත්
2024 දෙසැම්බර් මස 16 53 0

එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව


පන්සිළු වුණත් පෙම් කරනව රෝහණට
2024 දෙසැම්බර් මස 16 18 0

ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය


රෝහණයන් ගැන තරු කියන කතා
2024 දෙසැම්බර් මස 16 24 0

ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.


ගීත රචකයන්ගේ ආදරණීය රෝහණ
2024 දෙසැම්බර් මස 12 55 0

මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.


පද හැඩකල තනු
2024 දෙසැම්බර් මස 12 37 0

ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.


අරුණැල්ලක් වී පවනැල්ලක් ලෙස ඔහු ආ ගමන
2024 දෙසැම්බර් මස 12 41 0

ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21389 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13861 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 60 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 329 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 285 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site