නැවතත් මම රඟපෑමට මේ විදිහට දායක වෙන්නෙ අවුරුදු හතරකට විතර පස්සෙ. ඔස්ට්‍රේලියාවට යාමට පෙර අන්තිමට රඟපෑවේ 2019 වසරේදී. හැබැයි නිහැඩියාව මට ප්‍රශ්නයක් නෙවෙයි. ගුණාත්මක නිර්මාණයකට දායක වීම වඩා හොඳයි. සුමිත් රත්නායකගෙ මෙම ටෙලි නිර්මාණය ඒ වගේ හොඳ ගුණාත්මක නාට්‍යයක්. හැල හැප්පිලි මැද ජීවිතය ගෙවන පහළ මධ්‍යම පාංතික කාන්තාවකගේ චරිතයක්. මෙහි ප්‍රධාන ගැහැනු චරිත හතරක් තියෙනවා. මගේ චරිතය එයින් එකක්. මේක ඇත්තටම මට වෙනස් අත්දැකීමක්.
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගයනි ගිසන්තිකා මේ දිනවල රංගනයෙන් දායක වන නාට්‍යයේ චරිතය ගැන කියා සිටියේ එලෙසිනි. තරුපති මුණසිංහ ප්‍රවීණයාගේ ආදරණිය බිරිඳ වන ගයනි පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. ඇය මෙලෙසින් පැමිණ සිටින්නේ කෙටි නිවාඩුවකටය. ඒ නිවාඩුව තවත් අරුත්බර රංගනයක් වෙනුවෙන් වෙන් කළ ඇයගෙ ජීවිතයේ නවමු විස්තර සඳැල්ලට කී විදිහයි මේ.
මෙල්බර්න් නුවර.
රැකියාවක් දැනට කරන්නෙ නැහැ. ගුරුවරියක ලෙස පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඒත් රැකියාවක් නොකරන්නෙ දරුවො දෙන්නගෙ වැඩ කටයුතු වලට මුල් තැන දෙන්න ඕනැ නිසයි. ඒ වගේම රංගනය සඳහා වන විෂයයන් හැදෑරීම නිරන්තරයෙන් සිදුවෙනවා. ඒ වගේම කවි ලිවීම මගේ ජීවිතයේ අද වන විට රිද්මයක් බවට පත්වෙලා. කියවීමටත් මම හරි ආසයි. රංගනයට එයින් ලැබෙන දේ බොහෝමයි.
දෙවන වතාවේ ඔස්ට්‍රේලියාවට යාමට පෙර, මම රංඟනයෙන් බොහොම සක්‍රීයව හිටියෙ. වෘත්තීය ජීවිතය වෙනුවෙන් මම තෝරාගත්තෙ රංගනයයි. ඒ නිසා රංඟනය වෙනුවෙන් කැපවී කරන කටයුතු සිදුවෙනවා. ඔස්ට්‍රේලියාවේ සිටීම නිසා රංඟනය වෙනුවෙන් ලැබෙන අවස්ථා අල්පයි. එවිට ආර්ථිකමය වශයෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒක ස්වාභාවික දෙයක්. කොහොමටත් ලෝකයේ බොහෝ නළු නිළියන් තමුන්ගෙ රටේම ජීවත් වෙන්නෙ නැහැ. තමුන්ට හොඳ රංගනයක් ලැබුණාම ඇවිත් රඟපාලා යනවා. මාත් ඒ විදිහට තමයි කටයුතු කරන්නෙ. පාළුව කාන්සිය නොයෙන විදිහට වැඩ කටයුතු කරමින් මෙහි දවස ගෙවනවා. මේ විදිහට තවත් නාට්‍යය නිර්මාණයකට ඇරයුම් ලැබී තිබෙන්නෙ.
කටකාර දඩබ්බර ගති ලක්ෂණ ඇති කාන්තාවකගෙ චරිතයක්. පොලීසිය එක්ක නිරන්තරව ගැටෙන චරිතයක්. ඒක මට ඇත්තටම වෙනස් අත්දැකීමක්. මීට පෙර මෙවැනි චරිතයක් මම රඟපාලා නැහැ. එක්තරා විදිහකට ප්‍රේක්ෂකයින් මාව මේ නිසා වෙනස් විදිහට දකීවි. මම දකින වෙනස ඔවුන්ටත් දැනේවී.
දායක වුණේ නැහැ. මෙල්බර්න්වල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් හරිම කාර්ය බහුලයි. ඒ රටේ ස්වභාවය අනුව එහෙම වෙන්න වෙනවා. ඒ අතරේ ඔවුන්ගෙන් සමහර අය නිර්මාණ වගේම ප්‍රසංග ඇතුළු දේ සංවිධානය කරනවා. පුද්ගලිකව ගත්තොත් මට මගේ ගෙදර වැඩ කටයුතු එක්ක අමතර දේ වෙනුවෙන් කාලය කැප කරන්න අසීරුයි. ඒ නිසා කිසිවකට දායක වුණේ නැතත් ජීවිතය හරි සතුටින් ගෙවන්නෙ. ඒත් රංගන ජීවිතයේ මගේ ඉදිරිය වෙනස් කාල වකවානුවක් වේවි.
සඳුන් ගමගේ
අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින් වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්
විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ ’’ඉරගිනි මද්දහනෙ’’ බණ්ඩාරෙ
ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආව
එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.
ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?
රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගයනි අමුතු රංගනයක - Gayani Gisanthika