කලා ක්ෂේත්‍රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි. ඇය මේ දිනවල පසු වන්නේ ඉතාම සතුටකින්. ඒ සතුටට හේතු කීපයක්ම තියෙනවා. හින්දු ආගමේ සිට ඇය කතෝලික ආගම වැලඳගෙන කටයුතු කරන මොහොතක ඒ සතුටට හේතු වූ කරුණු ගැන වගේම ඇයගේ ජීවිතයට සතුට ගෙනා සියලු දේ ගැන විස්තර අද ඇය අපට කියාවී.
පසුගිය දිනවල මම දායක වූ ෆිල්ම් හතරක් විතර රිලීස් වෙන්නට තියෙනවා. ඉතින් ඒවා ළඟදිම තිරගත වේවි.
මගේ ජීවිතයේ පළමු වරට දායක වන මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම් වලට මේ දිනවල දායක වෙනවා. මම විශ්වාස කරන විදිහට එය රංගන ජීවිතයේ මා ලැබූ ලොකු අවස්ථාවක්. එම මුද්‍රා නාට්‍යය නිර්මාණය කරන්නේ චන්දන වික්‍රමසිංහ මහත්මයා, නර්තනාංග නිර්මාණය කරන්නෙත් එතුමා. කුවේණියගේ කතා පුවත වෙනදා දකිනවාට වඩා වෙනස්ම අයුරකින් මේ මුද්‍රා නාට්‍යයේ විකාශය වීම මා දකින විශේෂත්වයක්. ප්‍රේක්ෂකයාට වෙනදා දුටු කුවේණියගේ කතාවට වඩා වෙනස් නිර්මාණයක් ලෙසයි මම මේ මුද්‍රා නාට්‍යය දකින්නෙ. 2025 ජනවාරි 3 හවස 6 ට නෙළුම් පොකුණේදී එහි පළමු දර්ශනය පැවැත්වෙනවා. කුවේණියගේ චරිතය රඟපාමින් නර්තන කලාවේ මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති ගුරුවරු ඉදිරියේ මීට දායක වීම ලැබීම මගේ පිනක්.
සතුටින් සාමයෙන් නිදහසේ ගත කරනවා.
සාමාන්‍යයෙන් මම කතෝලික අාගමට ඒමට පෙර සිටත් ආසාවෙන් බලා සිටි මාසයක් දෙසැම්බරය. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි නත්තලේ අසිරිය නිසයි. ඒ සෑම අවුරුද්දකදී වගේම මේ අවුරුද්දේදීත් නත්තල් ගස සරසලා 25 වෙනිදා ජේසුස් වහන්සේගේ උපන් දිනය ආගමික කටයුතු සමග ගත කිරීමට තමයි සූදානමින් ඉන්නෙ. සෑම අවුරුද්දකදීම වගේම මේ අවුරුද්දේදීත් මම පතන්නෙම සෑම මනුෂ්‍යයකුටම ආදරය, කරුණාව, සතුට සාමය විශ්වාසය පිරි නත්තලක්.
මට දැණුම් තේරුම් ඇති වයසේ සිට නත්තල එනකල් මම මග බලා ගෙන සිටියෙ. හේතුව දන්නෙ නැහැ. ඒත් නත්තලට හැමදාමත් මම ආදරෙයි. හැබැයි කතෝලිකයකු වූ පසුව වෙනදාටත් වඩා භක්ත්‍යාදරයෙන් නත්තල සමරන්න පටන් ගත්තා.
කාලයක් මම එක්තරා රෝගයක් නිසා දැඩි ලෙස පීඩා විඳිමින් සිටියෙ. ඒ ලෙඩේ සුව කර ගන්න වෛද්‍යවරු බොහෝ දෙනෙක්ගෙන් ප්‍රතිකාර ගන්නගියා. කෙටියෙන්ම කිව්වොත් නොගිය තැනැක් නැති තරම්. ඒත් හරි ගියේ නැහැ. ඒ රෝගී තත්ත්වය නිසා මා විඳි පීඩාව අපමණයි. එය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අප අදහන විශ්වාස සහ ඇදැහිලි තියෙනවනෙ. බැරිම තැන මම මගේ රෝගය සුව කර ගැනීම වෙනුවෙන් ඒ මාර්ගයට යොමු වුණා. ඒත් මට සිද්ධ වුණේ ඒ නිසා සමාජයේ සමහර මිනිසුන්ගේ දෝෂාරෝපණයට, විවේචනයට ලක්වීමට සිදු වීමයි. ඒත් නොසැලී ධෛර්යවන්තව මම මගේ ලෙඩේ සුව කරගන්න ඒ තීරණය ගත්තා. ඒක මනුෂ්‍යයකුගේ කැමැත්තනෙ. තුවාලය තියෙන කෙනා තමයි ඒකෙ වේදනාව දන්නෙ. ඒ වගේම මට තිබූ ප්‍රශ්නය දන්නෙ මම. එහෙම නැතුව ආගම පාවාදීමකට හෝ ප්‍රචාරය කිරීමේ අරමුණ ඇතිව නෙවෙයි.
රෝගී තත්ත්වයෙන් වේදනා විඳිමින් සිටි මට එක්තරා විදිහක අහම්බයකින් බලංගොඩ පියතුමකු හමුවීමට ගියා. උන්වහන්සේ තමයි මට වැලඳී තිබූ රෝගී තත්ත්වය හරියටම නිශ්චය කර ගත්තේ. හේතුව හොයාගත්තාට පසුව, උන්වහන්සේ සතු යම්කිසි දේව ශක්තියක් හෝ විශ්ව ශක්තියක බලය යටතේ මට ප්‍රතිකාර ලබා දුන්නා. ඇත්තටම මම උන්වහන්සේ හමුවන්න ගියාට, මොකක්ද මගේ රෝගී තත්ත්වය කියලා මුලින්ම කිව්වෙත් නැහැ. එතුමා සිටින දේවස්ථානයට ගිහින් එතුමාව බැහැදකින්නයි මට අවශ්‍ය වුණේ. දින 9 ක් මම පේවෙලා, මස් මාංශ හෝ කැමති කිසිම කෑමක් ආහාරයට නොගෙන කැපවීමක් කරමින් දැඩි අදිටනින් උන් වහන්සේගේ උපදෙස් පරිදි කටයුතු කළා. ශුද්ධ වූ යාච්ඤා කිරීමේ කටයුතු දින අටක් මම අඛණ්ඩව කළා. ඉන්පසු කළ ප්‍රතිකාරයෙන් පසුව මට ලැබුණෙ පුදුම සහනයක්. එතෙක් එහෙම රෝගයක් තිබුණද කියලාවත් හොයාගත නොහැකි තරමට පසුදා සිට මගේ සර්වාංගයේ තිබූ රෝගය සුව වුණා. එක කැලලක්වත් නැති ගාණට. ඉතින් මට ඒ වෙලාවේ ඇති වූ සතුට නිම් හිම් නැති තරම්. උන්වහන්සේ හමු නොවන්නට අදටත් මම ඒ අසනීපයෙන් පීඩා විඳිනවා. ජේසුස් වහන්සේ ගැන තැබූ විශ්වාසය නිසා මගේ රෝගය සුව කර ගත්තාට එදා සමාජයේ සමහර අය මට චෝදනා කළේ, ඒ කිසි දෙයක් ගැන නොදැනයි.
ලෙඩක් වෙනුවෙන් විතරක් ඇයි මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නෙ කියලා මගේ සිතට දැනුණා. අන්න ඒ විශ්වාසය නිසා තමයි මම දිගටම කතෝලික ආගම දිගටම අදහන්න සිතා ගත්තෙ. ඒක මම හිතන්නෙ පුද්ගලිකව මගේ කෘතවේදීත්වයක්. එදා හින්දු ආගමේ චාරිත්‍ර කරන අතරේදී මම ශුද්ධ වූ යාච්ඤා කිරීමේ නිරත වෙන්න පටන් ගත්තා. සිකුරාදාට මම මගේ හින්ඳු දෙවියන් වඳින අතරේ ඒ විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. මේ සියලු දේ නිසා මගේ පුද්ගලික ජීවිතේ කරන කියන කටයුතු පවා සුබ වෙන්න යහපත් වෙන්න පටන් ගත්තා. ඇත්තම කිව්වොත් පැහැදිලි වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. මට හොඳ මහත්තයෙක් මගේ ජීවිතේට ලැබුණා. එයා තමයි මගේ අසනීප තත්ත්වය තිබියදී අවසානයේ මට කතෝලික පියතුමා හමුවීමට පාර පෙන්නුවෙත්.
නැහැ. ඒකයි මම කිව්වේ එයා හරිම හොඳ මහත්තයෙක්. මේ රෝගය වැලඳී සිටියදී එයා ඇත්තටම මගේ යාළුවෙක් විතරයි. මනුෂ්‍යයකු ලෙස කවුරුවත් මා අසලවත් ඉන්න බැරි වාතාවරණයක් තිබුණෙ. සාමාන්‍යයෙන් මම පංසල් කෝවිල් දේවස්ථාන සියල්ලට යන කෙනෙක්. ඉතින් එදා එයා මාව හරියටම තේරුම් ගෙන සිටි නිසාත් එයාගේ මග පෙන්වීම නිසාත් අන්තිමට මට මගේ රෝගය සුව කර ගැනීමට මාර්ගය සොයා යන්න පුළුවන් වුණා.
අපේ විවාහ උත්සවය තියෙන්නෙ 2025 දී .. මම හිතන්නෙ ලංකාවේ බොහෝ දෙනා අපේ විවාහය ගැන කතා කරාවි.
මම හිතන්නෙ මම එදාට වඩා අද මනසින් වඩාත් ලස්සන වෙලා කියලයි. බාහිරට වඩා හොඳම ලස්සන ලෙස මම දකින්නෙ මනසින් වෙන ලස්සනයි.
පසුගිය සතියෙත් ගියා. උන්වහන්සේ සිටින්නෙ මහා ලොකු දේවස්ථානයක නෙවෙයි. බොහොම කුඩා තැනක. හරිම සරලව අල්පේච්‍ඡව ජීවත්වන උන්වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගෙන ආවා.
සඳුන් ගමගේ
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කලා ක්ෂේත්‍රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කතෝලික ආගමට ඒමටත් පෙර සිට නත්තල කියන්නෙ හැමදාම මම බලා සිටි දවසක් - නිරංජනී ෂන්මුගරාජා