IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි. වේදිකාවේ, පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් තම හැකියා පෙන්වන ඔහු අද කා අතරත් ප්‍රචලිතව ඇත්තේ පිරිමි ළමයිහි මයිලපිටිය නමිනි. මේ පුර්විකාවේ හිමිකරු නමින් රුවන් පෙරේරා ය

  • මුලින්ම ඔබේ කලා කටයුතු ගැන කියමු?

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඊට අමතරව රළු කියල අපි අලුත් නිර්මාණයක් කළා. එහි රූගත කිරීම් මේ මාසයේ හෝ ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිතයි. ඒවගේම මගේ රංගන පාසලේ කලා කටයුතු කිහිපයකුත් සූදානම් කරමින් ඉන්නවා. මේ දේවල් තමයි ඉතින්  විශේෂ වැඩ.

  • කොහොමද පිරිමි ළමයි ටෙලි නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඇත්තටම පිරිමි ළමයි මේ තරම් ජනප්‍රිය වෙයි කියලා මම හිතුවෙත් නැහැ. මාව ප්‍රේක්ෂකයො හඳුනාගත්ත චරිත කිහිපයක්ම තිබුණා . ඒ අතරින් හාරකෝටිය ටෙලි නාට්‍යයේ ඩිංකා කියන චරිතය, නාඩගම්කාරයෝහි කැකුළා  චරිතය වගේ චරිත ප්‍රධානයි. ඇත්තටම එතැනදි ඩිංකාව යට කරගෙන කැකුළා මතු වුණා. දැං කැකුළාව යට කරගෙන මයිලපිටිය කියන චරිතය මතුවෙලා තියෙනවා. ඉතින් සාර්ථක චරිත නිරූපණයක් වෙලා තියෙනවා කියලා  ප්‍රේක්ෂකයෝ හමුවුණාම ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැක ගන්න- දැනගන්න ලැබෙනවා. මයිලපිටියට ලැබෙන මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. චරිතෙට බනින අයත් නැතිවම නෙමෙයි.

  • රුවන්ගෙ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ කොතනද?

මගේ  කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ දස්කොන් ටෙලිනාට්‍යය. ඒ නිර්මාණයෙන් තමයි මම හොඳම නළුවා කියන කාණ්ඩයට පත් වෙන්නේ. එතනදි මම නැගීඑන නළුවා, හොඳම සහාය නළුවා කියන සම්මාන ලබාගන්නවා පස්සේ තමයි මට හාර කෝටිය ටෙලි නිර්මාණයට ආරාධනාව ලැබෙන්න. ඉන් පසු මම ඒ නිර්මාණයේ ඩිංකා කියන චරිතයෙන්  මතුවෙලා එන්නෙ.එම චරිතය සදහා 2017 වසරේ රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා සම්මානයද ලැබුවා.

  • ඔබ වේදිකාවෙන් කලාවට පය තැබූ කෙනෙක්, ඒ ගැනත් මතක් කරමු?

මම පහ වසරේ පන්තියේදි තමයි මුලින්ම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. ඒක අපේ ගමේ කරපු වේදිකා නාට්‍යයක්.  මාව ඒ චරිතයට තෝරගන්නේ S H  ප්‍රේමරත්න කියලා අපේ ගමේ අයියා කෙනෙක්. එයා තමයි මට මුලින්ම මේ කලාවට එන්න අත දුන්නේ. ඊට පසුව මම ජාතික මට්ටමේ හුණුවටය වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වුණා.

  • රුවන් කලාවට එනකොට අරමුණක් තිබුණද  කවදාක හරි නතර වෙන්නේ මෙන්න මේ තැන කියලා?

මගේ අරමුණ වුණේ කොහොමහරි මේ රටේ ජනප්‍රිය කලාකරුවෙක් වෙනවා කියන එක. එතනදි මම කවදාවත් සම්මාන ගන්නවා කියලා රඟපෑවෙවත් සම්මාන ගන්න කියලා කලාවට ආවෙවත් නැහැ. නමුත් මම කලාකරුවෙක් වෙනවා කියන අරමුණ දිගේ යනකොට සම්මානනීය වුණා. ඒ දේවල් ඉබේම ලැබුණා. ඒ මොන දේ වුණත් මගේ මූලිකම අරමුණ වුණේ හැමෝම දන්න හොඳ කලාකරුවෙක් වෙනවා කියන දේ විතරයි.

  • වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයත් යහමින් ස්පර්ශ කර දස්කම් දක්වන ඔබ මේ අංශ තුනේ වෙනස දකින්නේ කොහොමද?

වේදිකාව කියන්නෙ ඕනෑම නළුවෙකු රංගනය පිළිබඳ මූලික අධ්‍යාපනය ලබන තැනයි. එහෙමත් නැත්නම් රංගනයේ පළමු පියවර තබන අවස්ථාවයි. කෙනෙකුගේ ලැජ්ජාව, බය නැති කරලා සබකෝලය ඉවත් කරලා කොහොමද සජීවීව නිර්මාණයක යෙදෙන්නේ කියන හැමදේම සජීවීව ඉගෙන ගන්න පුළුවන් තැන තමයි වේදිකාව. ඊට පසුව පුංචි තිරය කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත යම් යම් දේවල් එක්ක තමන්ගෙ හැකියාවන් රටටම පෙන්වන්න පුළුවන් පහසුම අවස්ථාව. චරිතය තුළ මොනතරම් කැපෑසිටි එකක් තියෙනවද වගේම ඒ චරිතය නිරූපණය කරන්න අපිට තියෙන හැකියාව කොයි තරම්ද කියලත් ප්‍රදර්ශනය කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්.  ඒ විදිහට පුංචි තිරය ඇතුළේ ඉන්නකොට ඕනෑම නළුවෙකුට තියෙන ඊළඟ ඉලක්කය තමයි රිදී තිරය. ඇත්තටම මට කියන්න සතුටුයි දැනට මට මේ ක්ෂේත්‍ර තුනේම හැකියාවන් පෙන්නන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

  • ඔබේ චරිත තෝරා ගැනීම මොන විදියද? 

මගේ කලා ජීවිතයට ලබන මාර්තු 22 වැනිදා වෙනකොට වසර 25ක් සපිරෙනවා. මේ වසර විසිපහටම මම චරිතයක් කරන්න බැහැ කියල තියෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් මූලිකම හේතුව වුණේ මම ඒ චරිතයට සම්බන්ධ වුණොත් නිර්මාණයෙන් බලාපොරොත්තු වන දේවල් හරියාකාරව කරගන්න බැරිවේවි කියන අදහස. ඒ හැරුණු කොට මට ලැබුණු හැම චරිතයක්ම මම ඒ ඒ අධ්‍යක්ෂකවරයාට සහ පිටපත් රචකයාට අවශ්‍ය විදිහට හදාගෙන නිරූපණය කරලා තියෙනවා. 

  • වෘත්තීයමය රංගන ශිල්පියකු වීම සම්බන්ධයෙන් රුවන්ගේ අදහස මොකක්ද?

ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳන් තිබුණු ලොකුම ආසාව තමයි ජනප්‍රිය නළුවෙක් වෙනවා කියන එක. ඉතින් ඒ තුළින්ම මගේ වෘත්තිය බවට රංගනය පත් වුණා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක කලා ක්ෂේත්‍රයේ වෘත්තීයමය තත්ත්වය ගැන කතාකළොත් කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද කවදාවත් අපිට වෘත්තීයමයභාවයක් රැකගන්න, ඒකේ තියෙන ගුණාත්මකභාවය , වටිනාකම හැදෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපේ ගෙවීම්වලදී වුණත් අපිට ආරාධනාව ලැබෙන්නේම ඒ අයගේ ආදායම් වියදම් තත්ත්වයන් එක්ක. දැන් ලංකාවේ තියෙන ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වයන් එක්ක මේක තවත් බරපතළ වෙලා. ඒ වගේම ගෙවීම් හරිම අවම මට්ටමකට පත්වෙලා. ඒ තුළ වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට රැඳෙන්න, නළුවෙක්ව මේන්ටේන් කරගන්න අමාරුයි. මගේ වාසනාවකට මම පුරුදු වෙලා තියෙනවා ලැබෙන දෙය නිසියාකාරව කළමනාකරණය කරලා ආර්ථිකයයි, නළුකමයි, කලාවයි හැමදේම සමබරව කරගෙන ඉදිරියට යන්න. නමුත් වෘත්තීයමය නළුවෙකුට තව ඉදිරියට මේ රටේ ඒ ආඩම්බරය- ගෞරවය රදවගෙන ජීවත් වෙන්න අමාරුයි මූල්‍යමය තත්ත්වය නිසා. 

  • ඔබ රංගන පුහුණුකරුවෙක්. ඔබ කලාවේ අංකුර එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් කලාවේ අනාගතය ගැන මොකද හිතන්නේ?

මම රංගන පුහුණුවීම් වැඩමුළු පවත්වන්නෙ ටිකක් වෙනස් විදිහට. මම අවුරුදු දහ අටක් ජැක්සන් ඇන්තනී සර් ළඟ හොඳම ගෝලයා විදිහට වැඩ කළා. ඔහු එක්ක රඟපාලා, චිත්‍රපටි- ටෙලි නාට්‍යවල වැඩ කරලා මම ලබපු අත්දැකීම්, ජැක්සන් ඇන්තනී ගුරුතුමාගෙන් ඉගෙන ගත්තු දේවල් සහ මම මගේ රංගන ජීවිතේ ඉගෙන ගත්ත දේවල් එක්ක තමයි  පුහුණුවීම් කරන්නේ. එතනදි බුලත් විටක් කන තැන, හයියෙන් හූවක් කියන තැන ඉඳන්ම මම රංගනය පුරුදු කරනවා. මම හිතන්නේ ඒ විදිහට ළමයි ඉගෙනගෙන ආවොත්, ඒ විදිහටම් හදාගන්න පුළුවන් වුණොත් කලාවේ ඉදිරි අනාගතය සුභයි. නමුත් කෙනෙක් හිතනවා නම් රියැලිටි තරගයක සින්දුවක් කියලා කැපුණාම, අවුරුදු කුමාරියක් කුමාරයෙක් වුණාම රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා එතනදි අවස්ථාව ලැබෙයි නමුත් රැඳීමක් නැතිවෙයි. ඉතින් මම කියන්නේ කලාව කියන්නේ ශිල්පයක්. ඒක හදාරලා එන්න ඕන දෙයක්. ඒ විදිහේ නිවැරදි හැදෑරීමක් තුළින් මේක ගොඩනඟා ගන්න පුළුවන් වුණොත් ඇත්තටම කලාවේ අනාගතය සුභ වේවි. 

  • ඔබ අද සිටින තැනට එන්න ඔබට ශක්තිය වුණු බොහෝ දෙනෙක් ඇති? 

ඇත්තටම මගේ පවුල, ජැක්සන් ඇන්තනි ඇතුළු මගේ ගුරුවරු මේ හැම දෙනෙක්ම මගේ කලා ජීවිතයේ හිමිකරුවන්. ඒ අය නොහිටින්න අද මම මෙතන නැහැ. ඒ වගේම සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා,  ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා චේතනී විජේතුංග මහත්මිය කියන පිරිසත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ අය මගේ ජීවිතේ ළඟින් ඉන්න අය සහ මාව හයියට අල්ලන් ඉන්න අය.

  • මොනවද අනාගත බලාපොරොත්තු?

මමයි මගේ යාළුවෝ කිහිපදෙනෙකුයි එකතු වෙලා .. four Square holdings private limited කියලා ව්‍යාපාර ආයතනයක් ආරම්භ කළා. ඒකත් එක්ක ඉදිරියේදී ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව රංගන ක්ෂේත්‍රය ගැන කතා කළොත් මට තව එක සම්මානයක් ගන්න තියෙනවා. මම හිතන්නේ මම ඒ වෙනුවෙන් වැඩ කරල තියෙන්නේ. ඒ නිර්මාණ විකාශනය වෙනකොට මට ඒ අවස්ථාව හිමිවෙයි. ඊට අමතරව මගේ රංගන පුහුණු වැඩමුළුත් ඒ විදිහටම පවත්වගෙන යනවා. ලබන මාර්තු 21 වෙනිදා සිට දින පහක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේ නේවාසික රංගන පුහුණු වැඩමුළුවක් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ.


 දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 13 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 10 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 92 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 103 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 74 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 55 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 342 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site