IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා

ක්‍රිෂාන් දියණිය ක්‍රිෂාර්යා සමඟින්


අතේ සතේ නැති වුණාට
ගෙවල් කොළඹ හතේ
හරි කයිවාරුව පම්පෝරිය තමයි
හතර අතේ.
බණ පොතේ අකුරු බැරි වුණාට
ඉංගිරීසි කටේ
බොරු කරං අතට අහුවුණාම
කට උත්තර නැතේ

මචං බොනිකර තරුවක්
තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කළේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි. ඉතින් ඒ නිසාම ඒ ගීතයේ හිමිකරුවා වන ක්‍රිෂාන් පෙරේරා අද අපි සඳැල්ලට කැඳවූයේ බොනිකර තරුවක්’ ගීතයට ලැබෙන ඉහළ ප්‍රතිචාර ගැන අහන්න වගේම එයාගෙ දියණිය ගැන ‘තාත්තයි- දුවයි’ විශේෂාංගය වෙනුවෙන් අදහස් දැන ගැනීමටයි.

  • ක්‍රිෂාන් මුලින්ම ඔබගේ ගායන ක්ෂේත්‍රයේ විස්තර  සඳහනක් කරමු?

මම මුලින්ම හිටියෙ ‘ඩොක්ටර්’ සංගීත බෑන්ඩ් එකේ. වෘත්තිය විදියට ගත්තොත් නියැලී සිටින්නෙ තොරතුරු තාක්ෂණ අංශයේ. සංගීතය පටන් ගත්තෙ විනෝදංශයට වගෙයි. මීට අවුරුදු 15කට විතර පෙරදි මමයි ලන්ත්‍රා පෙරේරායි එක්ව ‘ඩොක්ටර්’ බෑන්ඩ් එක හදාගෙන සංගීත ගමන ආවා. පසුව මගේ රැකියාවේ කාර්ය බහුලත්වය නිසා ඩොක්ටර් බෑන්ඩ් එකෙන් අයින් වුණා. මගේ පළමු ගීතය ‘ඇය එනතුරා’, ගැයුවේ ඩොක්ටර් බෑන්ඩ් එකේ සිටියදී. ඉන් පසුව සදාකල් සිතේ ගීතය කළා. ඉන්පසුව ඇයි දෝ... සහ මායාවි ආ.. ගීතය ගැයුවා. මායාවී ආ ගීතය කළේ ශේෂාද්‍රිගෙයි-මගෙයි ප්‍රේමකතාව අලලා.

හදවතම කළඹා - ආදරේ සොයනා...
ජීවිතේ මා... මායාවි ..ආ..
නිරතුරුම දැනෙනා... රිදුමතම සොයනා...
කිඳුරියේ ආ මාගේ සදා...

ගීතය ගැයුවා. ඒ විදිහට ගීත කීපයක්ම කළා. ඇය එන තුරා, සෑහෙන ජනප්‍රිය වුණා. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, ඇත්තමයි කියන්නෙ. කොල්ලො නරක නෑ ඇතුළු ගීත  තවත් තියෙනවා. බෑන්ඩ් එක එක්ක  ගැයු ගීතවලට අමතරව ‘‘ඇය එනතුරු’’ ගීතය මම තනියම ගැයුවෙ. ඩොක්ටර් බෑන්ඩ් එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා.

  • ‘ක්‍රිෂාන්ට’ මාස්ටර්ස් ඩිග්‍රි එකක් (ශාස්ත්‍රපති) තියෙනවා නේද?

ව්‍යාපාර පරිපාලන අංශයේ මාස්ටර්ස් ඩිග්‍රි එකක් තියෙනවා. (MBA). ඉතින් ඉගෙනගන්න ඒ කාලයේ ඉඳලම මම ආස කළ දෙයක්. ඒ නිසා කරන රැකියාව අත්හරින්නෙ නැහැ. පුද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක වයිස් ප්‍රසිඩන්ට් (උපසභාපති ලෙස) කටයුතු කරනවා. ඉතාම කැපවීමෙන් ඒ ජොබ් එක කරන්න මම කැමතියි. බෑන්ඩ් එකට සමුදුන්නේ කාර්ය බහුලත්වය වැඩි නිසයි.

  • එතකොට බොනිකර තරුවක් කරන්න හිතුවෙ?

කාලයකට පසුව මගේ ශෛලියට ලියැවුණු හොඳ ගීතයක්. ඒ නිසා ඒ ගීතය ගයන්න හිතුවා. මේ කාලයටත් ඒ ගීතය ගැළපෙන බව මගේ හැඟීමයි. මම එදා ඉඳල අනුගමනය කළේ ‘ජිප්සිස්’  කණ්ඩායමේ නිර්මාණ. ඩොක්ටර් සංගිත කණ්ඩායමේ මගේ අනෙක් සගයාවූ ලන්ත්‍රා පෙරේරා, ජිප්සිස් සුනිල් පෙරේරා මහතාගේ මල්ලිගෙ පුතා. ඉතින් එයාගෙ ආභාසය තමයි මුල සිට මට ලැබුණෙ. කොහොම හරි මේ ‘බොනිකර තරුවක්’ ගීතය ගැන කිව්වොත් එහි සංගීත අධ්‍යක්ෂණය කළේ කසුන් වික්‍රමසිංහ. ගීතය ලියුවේ අන්සාෆ් අමීර්. මේ ගීතය ගයන්නෙ මා සමග මගෙ තව හොඳ මිතුරකු වන මලින්ද රණසිංහ. අපි විනෝදයට කළ ගීතය තමයි මේ විදිහට හිට් වෙලා තියෙන්නෙ. විනෝදයෙන් යම්කිසි සරල පණිවුඩයක් කියැවෙන ගීතයක්. මේ වගේ ගීතයකට ඉඩකඩ තිබුණු බව අපට තේරුණා. ඒ නිසා තමයි ‘‘බොනිකර තරුවක්’’ ගීතය නිර්මාණය කළේ.

  • සංගීත ක්ෂේත්‍රයේ කරන- කියන දේ එක්ක ඒ විදිහට සතුටින් සිටින ඔබගෙන් ‘‘තාත්තයි-දුවයි’’ මාතෘකාව ගැන කතා කරන්න කැමතියි. ක්‍රිෂාන් ‘අද’ ඔබට තාත්තා ගේ භූමිකාව ගැන දැනෙන හැඟෙන විදිහ කොහොමද?

මගේ ජීවිතයට සම්බන්ධ හොඳම ගීතය කළේ මගේ දුවට. ‘දුවේ නුඹ හින්දා’ ගීතය යූටියුබ් එකේ බොහොම ජනප්‍රිය වුණා. මගේ දුවගෙ දෙවැනි උපන් දිනයට ඒ ගීතය රිලීස් කළේ. මේ  දක්වා ආ ගායන දිවියේ ඒ තරම් හැඟීමකින් කළ වෙනත් ගීතයක් නැති තරම්. ඒ ගීතය මට කරලා දුන්නේ දිනේෂ් ගමගේ මල්ලී. දුවක හෝ පුතෙකු වේවා මගේ ජීවිතයට එය ලොකු ශක්තියක්. දෙවියන්වහන්සේ අපට දුන් දේට මම ගෞරව කරනවා. දුවනි ලැබීම ඇත්තටම මට ලොකු වාසනාවක් ගෙනාවෙ. ලොකු ශක්තියක් ලැබුවෙ. දුව මම ගෙදර එනකල් මග බලාන ඉන්නෙ. ගේට්ටුව අරින කොටම එයා දන්නවා තාත්තා ආවා කියලා. ඒ ස්වභාවය හරිම සුන්දරයි. වචනවලට හරවන්න බැරි තරමට ආදරණීයයි.

● දුව වඩා සමීප?

අපි දෙන්නා එක්කම සමීපයි. හැබැයි ශේෂාද්‍රි එක්ක නිතරම ඉන්න නිසා දුව වඩා සමීප අම්මා එක්ක. ශේෂාද්‍රි වෘත්තිමය වශයෙන් රංග ශිල්පිනියක ලෙස දැනගෙන හිටියට එයා හොඳ අධ්‍යාපනයක් ලැබූ උපාධියක් තියෙන ගුරුවරියක්. ජාත්‍යන්තර පාසලක සේවය කළේ. ඉතින් ඇය ළමුන්ට උගන්වන විදිහ ඉතා හොඳින් දන්නවා. චූටි දූ එක්ක ගෙදරදී  සෑහෙන දේ කරනවා. ඒ වගේ දේ නිසා ක්‍රිෂාර්යා ශේෂාද්‍රි අම්මා එක්ක තමයි වඩා  සමීප.  මම ගෙදර හිටියොත් දුව මා එක්කම තමයි. දුව ඉක්මණට ලොකු වෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි වගේම දුකකුත් දැනෙන්නෙ දුව ඉක්මණට ලොකු වෙනවනෙ. හුරතල් කාලය සීඝ්‍රයෙන් ගෙවී යනවා. රාජකාරී වැඩකට පිටරට යන්න වුණොත් දුව හා ශේෂාද්‍රි තනිකර යන එක තමයි මට අමාරුම දේ.

  • දුවකට-පියකු වෙතින් ඉටුවිය යුතු ලොකුම වගකීම ලෙස ඔබ දකින්නෙ?

මේ කාලයේ  හැටියට පියෙකු විසින් දියණියකට ලබා දිය යුතු ලොකුම දේ ඇයගේ  ආරක්ෂාවයි. ඇයට ඇයගේ ගමන යාමට එයා කැමති දේ කිරීමට ඉඩ දීලා ඇය ලොකු වෙනකල් ආරක්ෂාව දීම කළ යුතුයි.

 

 

  • දුවගෙ ඔබ දකින විශේෂිත ගුණාංග මොනවද?

එයා මම දකින්නෙ දෙවියන් අපට ලබා දුන් වටිනාම තිළිණයක් ලෙසයි. ක්‍රිෂාර්යා මට දෙවි දුවක් වගෙයි. එයා ඉතාම හොඳ නැණවත් දරුවෙක්. නිතරම එයා බලන්නෙ අම්මයි තාත්තවයි එකමුතු කරලා තියන්න. රාත්‍රි ආහාර ගනිද්දි අපි තුන්දෙනාම එකට කෑම ගන්නවට එයා ආසයි. එයා කියන කරන දේ බලා ඉන්න ආසයි.

  • දුව එක්ක ක්‍රිෂාන් ඇවිදින්න එහෙම යනවද?

මට වැඩිපුර කාලයක් ගෙදර ඉන්න නොලැබෙන නිසා මම වැඩිපුරම කැමති දුව එක්ක ගෙදර ඉන්න. අපේ සුරතල් බල්ලා එක්ක අපි දෙන්නා රවුමක් ඇවිදින්න යනවා. නැත්නම් එයාව සෙල්ලම් කරන්න කොහේ හරි තැනකට ගෙනියනවා. එක්කෝ ආච්චිලාගෙ ගෙදර එක්ක ගෙන යනවා.

  • ඔය දෙන්නටම වඩා සමාජ මාධ්‍යයේ චූටි ක්‍රිෂාර්යා වටේ පිරිසක් සිටිනවා නේද?

අපි එයාව ඕනෑකමකින් සමාජ මාධ්‍යය වෙත තල්ලු කරලා නැහැ. අහම්බෙන් කළ කී දේ අපි මුදාහැර තිබෙනවා. ඉතින් ඇත්තටම ක්‍රිෂාර්යාට ආදරේ  කරන විශාල පිරිසක් ඉන්නවා. එදිනෙදා අපි ගන්න සෑම වීඩියෝ එකකම- ෆොටෝ එකකම ක්‍රිෂාර්යා ඉන්නවා. ඒ විදිහට හැර වුවමනාවෙන් කළ දේ නෙවෙයි. සෝෂල් මීඩියා තරුවක් කරන්න අපට අවශ්‍ය වුණේ නැහැ.

  • දුවගෙ ගැන වගේම ශේෂාද්‍රි ගැන කතා නොකළොත් එය අඩුවක් වේවි. අද ක්‍රිෂාන්ට ශේෂාද්‍රි ගැන හැඟෙන්නෙ දැනෙන්නෙ මොන විදිහටද?

මගේ ජීවිතේ ලොකුම හයිය ඇය. එයා ගුරුවෘත්තිය කළේත් හරිම ගරුත්වයෙන්. ජාත්‍යන්තරව ඇයට ඒ සම්බන්ධව සුදුසුකම් පවා තියෙනවා. රඟපෑම් පසුපස හඹා යන්නෙ නැහැ. ඒත් ශේෂාද්‍රි රඟපෑමෙන් ඉවත්වෙලා නැහැ. දුවගෙ වැඩ අතපසු නොවන විදිහට රඟපෑම් බාර ගන්නවා. මේ දිනවල ටෙලි නාට්‍යයක රඟපෑම් බාරගෙන තියෙන්නෙ.

  • ශේෂාද්‍රි වෙතින් ඔබ දකින හොඳම ගුණාංගය?

අපි දෙන්නම මුල් කසාදයෙන් බැට කෑ දෙදෙනෙක්. ඒ අත්දැකීම් එක්ක කෙනෙකුට රිදවන්නෙ නැතුව ජීවත්වන විදිහ අපි දන්නවා. විවාහය ඇතුළේ කෙනෙක් අනෙක් කෙනාට රිදවනවා නම්, ඒක දැනෙනවා. ඒ නිසා අපි දෙන්නම ජීවත්වෙන්නෙ අවබෝධය ඇතිව. සාමාන්‍ය පවුලක වගේ පොඩි පොඩි දේ සිදුවුණත් අපි දෙන්නා අතර තියෙන අවබෝධය ඉතා ඉහළයි. පවුල් සංස්ථාව කියන දේට මුල් තැන දී කටයුතු කිරීම මම ඇයගෙ දකින හොඳම ගුණංගයක්. අපේ පුංචි පවුලේ දියුණුව වගේම ඒ පුංචි පවුල සතුටින් තියන්නෙ කොහොමද කියන අවබෝධය ඇතිව තමයි ඇය නිතරම කටයුතු කරන්නෙ. මගේ ජොබ් එක කරගෙන යන්න පවා මට දෙන්නෙ පුදුම ධෛර්යයක්. කවදාවත් මට  පීඩනයක් ඇතිවන විදිහට කතා කරන්නෙ නැහැ. 

ජොබ් එකට  මගේ කාර්ය බහුල බව එයා දන්නවා. ඒ නිසා ඔෆිස් ගියාම කවදාවත් මගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ. එයාගේ ගතිගුණ ගැන මිම්මකින් මනින්න බැහැ. ඒ තරමට හොඳයි. දුවට හොඳ දහමක්-විනයත්-වගේම  දැනුමත් ලබාදෙන බුද්ධිමත් මවක්. ඒ සෑම දෙයක් එක්ක බැලුවාම මගේ ජීවිතේ ලොකුම ශක්තිය  ශේෂාද්‍රි. අපි දෙන්නගෙ දේව දූතිකාව අපේ දුව. ඊට වඩා තවත් දෙයක් මට අවශ්‍ය නොවන තරම්.!


සඳුන් ගමගේ


 



අදහස් (0)

ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 63 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 55 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 54 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 36 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 55 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 66 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site