IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ


කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ 2004 වසරේ සිට මේ දක්වා අවස්ථා 5 කදී (2004, 2005, 2006, 2008 සහ 2022) අනු ශූරියන් බවට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන තරගාවලියක ශූරියන් බවට පත්වූ පළමු අවස්ථාව මෙන්ම, කණ්ඩායම් තුනකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලියක් ජයගත් තෙවැනි අවස්ථාව මෙය විය.

මින් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත් කණ්ඩායම් තුනකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලි වූයේ 2022 වසරේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියයි. 

ජාත්‍යන්තර ප්‍රවේශය

කාන්තා ක්‍රිකට් ඉතිහාසය දෙස විපරම් කර බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට ජාත්‍යන්තර තරග බිමට පිවිස ඇත්තේ 1997 වසරේ නොවැම්බර් මාසයේදී වැනේසා ද සිල්වාගේ නායකත්වය යටතේ නෙදර්ලන්තයට එරෙහිවය. එහිදී තරග 2-1 ක් ලෙස පරාජයට පත්වුවද, එම වසරේදීම කණ්ඩායම් 11 ක සහභාගීත්වයෙන් පැවැති ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්ත කණ්ඩායම් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පළමු ජාත්‍යන්තර තරගාවලි ජය  

ජාත්‍යන්තර තරග බිමට පිවිසීමෙන් මාස 5 කට පසුව, එනම් 1998 වසරේ අප්‍රේල් මාස‍යේදී පාකිස්තානයට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත. එම තරගාවලියට සමගාමීව දෙරට අතර ‍කාන්තා ටෙස්ට් තරගයක්ද පවත්වා ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාවය. මේ දක්වා ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුළ සහභාගි වූ එකම ටෙස්ට් තරගය ලෙස එය ඉතිහාසට එක්වී ඇත. 

පරාජයේ වාඩුව ගැනීම 

පළමු ජාත්‍යන්තර තරගාවලි ජය ලැබීමෙන් වසරකට පමණ පසුව, 1999 වස‍රේ මාර්තු මස නෙදර්ලන්යට එරෙහිව තරග 5-0 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් සිය සමාරම්භක ජාත්‍යන්තර තරගාවලියේදී නෙදර්ලන්තය හමුවේ ලැබූ පරාජයේ වාඩුව ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වී ඇත. එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ රසාංජලී චන්දිමා සිල්වාය. 

2002 - 2003 වසරවලදී ලැබූ පූර්ණ ජයග්‍රහණ 

1998 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ පාකිස්තාන කණ්ඩායම යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2002 වසරේ ජනවාරි මාසයේදී තරග 6 කින් සමන්විත තරග සංචාරයක් සඳහාය. එහිදී මුළුමනින්ම පාකිස්තාන ක්‍රීඩිකාවන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරග 6-0 ක් ලෙස එම තරගාවලිය පහසුවෙන්ම ජයගැනීමට සමත් වූහ. ඉන් වසරකට පසුව 2003 වසරේ මාර්තු මාස‍යේදී බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක්‍ නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, එහිදී කොදෙව්වන්ට එරෙහිවද තරග 6-0 ක විශිෂ්ඨ ජයක් අත්කර ගත්තේය. 

2008 දී ගෙදරට ගෙන්වාගෙන පහරදීම 

2003 වසරෙන් පසුව වසර 5 ක් ගතවන තුරු ජයග්‍රහණ පිපාසයකින් පෙළුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතකට පිවිසෙන්නේ 2008 වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ තරග 5 කින් සමන්විත තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව 3-2 ක තියුණු ජයක් වාර්තා කරමිනි. එම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ශෂිකලා සිරිවර්ධන විසිනි. 

ශෂිකලා සිරිවර්ධන 2014 වසරේ ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරඟාවලිය ජය ගැනීමෙන් පසුව.


පළමු තුන්කොන් ජයග්‍රහණය 

2009 වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැති කාන්තා තුන්කොන් තරගාවලි‍ය, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තුන් කොන් තරගාවලිය විය. ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වය යටතේ එම තරගාවලියේ මූලික වටයේදී පාකිස්තානය දෙවරක්ද, බංග්ලාදේශය එක්වරක්ද පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, එහි ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී යළිත් වරක් පාකිස්තානය පරාජය කරමිනි. 

 

එෂානි ලොකුසූරිය


 

පළමු විස්සයි-20 තරගාවලි ජය 

එක්දින තරගාවලි කිහිපයක්ම ජය ලබා තිබුණද, 2009 ව‍සරේදී පළමු වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විස්සයි-20 තරගාවලි ජයක් ලබාගැනීම සඳහා තවත් වසර 5 ක් බලා සිටීමට සිදුවූහ. 2014 වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගිය ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ආපසු දිවයිනට පැමිණියේ තරග 2-1 කින් ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කිරීමෙන් පසුවය. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයද විය. 

එක්සත් අරාබි එමීරයේදී ලැබූ ජය

ඉන්දියාව පරාජය කර වසරක් ගත වෙද්දී පාකිස්තානයට එරෙහිවද විස්සයි-20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් පාකිස්තානයේ ක්‍රිකට් තරග නොපැවැත්වීම නිසා 2015 වසරේ ජනවාරි මාසයේදී පැවැති එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යෑමට පාකිස්තානයට සිදුවිය. එම තරගාවලියේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ තරග 2-1 ක් ලෙසිනි. 

පරාජයන් වැලක එතුණු ජයග්‍රහණ නියඟය 

ලෝක කුසලාන සහ ආසියානු කුසලානද ඇතුළුව 2009 වසරේ සිට 2023 වසර දක්වා එක්දින ජාත්‍යන්තර තරගාවලි 32 කටද, 2015 වසරේ සිට 2022 වසර දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලි 14 කටද සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී තරගයක් දෙකක් ජය ලැබුවද, තරගාවලි ජයක් වාර්තා කිරීමට නොහැකි විය. එබැවින් එම කාල වකවානුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුම කාල වකවානුව ලෙස හැඳින්විය හැකිය. 


ශෂිකලා සිරිවර්ධන


 

අඳුරු වලාවේ රිදී රේඛාව

එම අඳුරු කාලවකවානුව තුළ තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපොහොසත් වුවද, විටින් විට ලැබූ තනි ජයග්‍රහණ අතර, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින් වැදගත් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් තිබිණ. ඒ 2013 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරාජය කිරීමට සමත් වීමය. ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, කඩුලු‍ 9 ක් දැවී අවසන් පන්දුවේදී ජය ලැබූහ. එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ඒෂානි ලොකුසූරිය කඩුලු‍ 2 ක් බිඳහෙළමින් සහ ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

2022 දී අළු ගසා දමා යළි නැගිටීම 

පරාජයන් රැල්ලකින් පීඩාවට පත්ව සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූයේ, චමරි අතපත්තු ගේ නායකත්වය ය‍ටතේ 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා රටවල් 5 ක සහභාගීවයෙන් මැලේසියාවේදී පැවැති තරගාවලිය ජයගනිමිනි. ලීග් ක්‍රමයට අනුව පැවැති එම තරගාවලියේදී සෙසු කණ්ඩායම් 4 ම පරාජය කරමින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. 

බංග්ලාදේශය අසරණ කිරීම 

2023 වසරේ අප්‍රේල් සහ මැයි මාසවල එක්දින සහ විස්සයි-20 තරග 3 බැගින් වූ සංචාරයක නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට අමිහිරි මතක ‍ගොන්නක් එක්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එහි එක්දින තරගාවලි 1-0 ක් ලෙසද, විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද ජයගැනීමට සමත් වූහ. එතැන් පටන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබීම සඳහා අවස්ථාව උදා විය. 

2023 දී නවසීලන්තය පරාජය කිරීම

2023 වසරේ ජූනි සහ ජූලි මාසවලදී මෙවර එක්දින සහ විස්සයි-20 තරග සංචාරයක නිරත වූ නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලියේදී 2-1 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක් විය. නායිකා චමරි අතපත්තු ශතක 2 ක් වාර්තා කරමින් එම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අත්කර දීම සඳහා මහඟු‍ කාර්යය භාරයක් ඉටු කළාය. 

2023 දී එංගලන්තයට ගොස් පහරදීම  

එම වස‍රේම අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී එංගලන්තයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගත්තේ ලොවට ක්‍රිකට් ඉගැන්වූ රටටම ගොස් ඔවුන්ට ක්‍රිකට් කියා දෙමිනි. චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ලැබූ එම ජයග්‍රහණයද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කිසිදා නොමැකෙන මතක සටහනක් වනු ඇත. 

විජයග්‍රාහී 2024 වසර

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය වසරක් ලෙස 2024 වසර හැඳින්විය හැක්කේ මේ දක්වා සහාභාගි වූ විස්සයි-20 තරගාවලි 4 න් 3 ක්ම ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා‍වන් සමත්ව සිටින බැවිනි. ඉන් එක් තරගාවලියක් ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියක් වන අතර සෙසු තරගාවලි දෙක කණ්ඩායම් 3 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලි වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

මෙම වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහිව තරග 2-1 ක තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන් අනතුරුව ජයගත්තේ 2024 ‍විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලියයි. කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් අප්‍රේල් මාස‍යේදී පැවැති එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ සිය අපරාජිත බව රැකගනිමිනි. 

ඉන් අනතරුව ජූලි මාසයේදී නිමාවට පත් වූ ආසියානු කුසලාන තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූයේද, එහිදී ක්‍රීඩා කළ තරග 5 ම ජයගනිමිනි. අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන තමන් සතුකර ගත්තේ ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමිනි.


ශානුක අරවින්ද


 



අදහස් (0)

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 46 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 68 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 87 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 46 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 119 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 98 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 249 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site