ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳුන්වාදිය යුතු වන්නේ නැහැ. ඇය ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපවන්නේ නව පරපුරේ නැගී එන දක්ෂ ගායිකාවක් ලෙසින්. දක්ෂ ගායන රංගන ශිල්පිණියක් ලෙසත් පුංචි තිරය තුළ හුරු පුරුදු චරිතයකින් කරළියට එන ඇය මේ දිනවල ප්‍රෙක්ෂක ඔබට මුණ ගැහෙන්නේ කාසි වාසි සිනමා නිර්මාණය හරහා .
ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ කතුරු මිතුරු නිර්මාණයට පසු රිදි තිරයට එන නවතම සිනමා පිටපත වන ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට එන කාසි වාසි සිනමා අත්දැකීම කියන්නයි මේ සූදානම.
තාත්තාට තිබුණ හීනයක් තමයි කාසි වාසි තුළින් සැබෑ වුණේ. මෙහි නිධාන කතාව වෙන්නේ තාත්තායි ශිවා අංකලුයි කාලෙක හොඳම මිත්‍රයෝ. තාත්තාට කාලෙක ඉඳලා ලොකු උවමනාවක් තිබුනා ශිවා මාමාට අධ්‍යක්ෂණය කරන්න තිර පිටපතක් ලියන්න. තාත්තාගේ අසනීපත් එක්ක දවසින් දවස අතපසු වෙලා අවසානේ තාත්තා පිටපත ලියලා ශිවගුරුනාදන් අංකල් අතට පිටපත දුන්නා. එහෙම තමයි කාසිවාසි ලියවෙන්නේ.
ඔව් ප්‍රධාන චරිතයකින් මම සිනමාවට එන පළමු අවස්ථාව මේක. මීට පෙර කතුරු මිතුරු සිනමා නිර්මාණයෙන් සුළු චරිතයක මම දායක වෙලා තියෙනවා. මෑත කාලයේ මෙවැනිම තවත් අවස්ථාවක් ලැබුණා සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ කියන චිත්‍රපටයේ. ඒ නිර්මාණයත් මාර්තු මාසයේ තිරගත වීමට නියමිතව තිබෙනවා.
ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මාගේ කාසිවාසි චිත්‍රපටයත් එක්ක මට දායක වෙන්න ලැබුණ එක ගැන ගොඩාක්ම සතුටුයි. විශේෂයෙන් තාත්තාගේ තිර රචනාවකට. ඒ වගේම කාලෙක ඉඳලා මම තාත්තා එක්ක රඟපාන්න බලාගෙන හිටියා ඉතින් කාසි වාසි චිත්‍රපටය හරහා මට ඒ වාසනාව උදා වුණා. දුවෙකුට ඒක ජීවිතේ ලොකු අවස්තාවක්. හැම දරුවෙකුටම එහෙම අවස්තා ලැබෙන්නේ නෑ ලේසියෙන්. තාත්තාගේ අසනීප තත්වයත් එක්ක ගෙඩාක් පරිස්සම් විය යුතු කාලෙක බොහොම පරිස්සමට තමයි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු කළේ. ශිවා අංකල් තාත්තාට ප්‍රමුඛතාවය දිලා තමයි චිත්‍රපටය කළේ.
මේ චිත්‍රපටය රූගත කිරිම් ආරම්භ වෙන්නේ 2024 ටිකක් ඉක්මණින් සිද්ධ වුණ නිර්මාණයක්. තාත්තා අසනීප තත්වයේ ඉද්දිම තමයි තාත්තා මේ පිටපත ලියන්නෙත්. රූගත කිරිම් අතරතුරත් තාත්තා කිහිප විටක්ම රෝහල් ගත වෙලා හිටියා. ඒ බාධක මැද්දේ තමයි තාත්තා රංගනයෙනුත් දායක වුණේ. ඉතින් අපි බලමු ප්‍රෙක්ෂකයෝ කොයි විදිහට ද චිත්‍රපටය භාරගන්නේ කියලා.
ඇත්තටම ලොකයේම ආදරය මුලින්ම හිමිවුණේ රැජිනට ඇන්දා ගීතයට දැන් රැජිනට ඇන්දා ප්රසංගයටත් ලොකු ප්‍රතිචාරයක් ආරාධනාවක් ලෝකයේ රටවල් වලිනුත් ලැබෙනවා. මම පුංචි කාලේ ඉඳලා ගීත ගායනා කළත් ලංකාවේ ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ රැජිනට ඇන්දා ගීතයෙන්. මේ අවුරුද්දෙනම් රැජිනට ඇන්දා ප්‍රසංගය කරන්න ඉතාම අසීරු අවස්ථාවක ඉන්නේ මොකද ගායිකාවක් විදිහට වෙනත් ප්‍රසංග වල ගීත ගැයිමට ආරාධනා ගොඩාක් ලැබිලා තියෙනවා. ඒවත් එක්ක කාල වෙලාව හදාගෙන මේ වසර මැද විතර ලංකාවේ ප්‍රේක්ෂකයන්ට රැජිනට ඇන්දා ප්‍රසංගය ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම තාත්තා රංගන ශිල්පියෙක් වුණා කියලා අක්කාවත් මාවවත් රංගන ශිල්පිණියන් කරන්න කිසිම වෙලාවක උත්සාහ කළේ නැහැ. මම රඟපානවට තාත්තා මුලදි කැමති වුණේත් නැහැ. මගේ තාත්තාගේ ලොකුම හීනය වුණේ මාව ගායිකාවක් කරන්න.
මං එයාගේ ඒ හීනය සැබෑ කළා. ඒ අතරේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට කතා කළාම තාත්තා එදා පුදුම විදිහට සතුටු වුණා. තාත්තා අද වෙනකොට මගේ රඟපැමේ හොඳ රසිකයෙක්. මගේ නිර්මාණ දකින සමහර අවස්ථාවල තාත්තා කියනවා අපරාදේ ඔයා රඟපාන්න තිබුණේ මීට කළින් කියලා.
කාසිවාසි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න අවස්ථාව ලැබුණාමත් තාත්තා ගොඩාක් සතුටු වුණා. කාසි වාසි රූගත කිරිම් වලට යන්න කලින් තාත්තා ගුරැහරැකම් ටිකක් දීලා තමයි යැව්වේ. නිතරම තාත්වික රංගනයක යෙදෙන්න අවශ්‍ය කරන දැනුම මට දුන්නා. ඔහු මම කරපු හැම නිරිමාණයක් ගැනම සතුටු වුණා වගේ මේ නිර්මාණය තුළ මගේ රංගනය ගැනත් ගොඩාක් සතුටු වුණා.
ඇත්තටම ඔව්. හීන එකින් එක සැබෑ කරගෙන යන ගමනේ තාත්තා එක්ක කවදාහරි එකට රඟපාන එක මගේ ජිවිතේ ලොකු හීනයක්. තාත්තා එක්ක රගපාන්න ලැබුණානම් කියන සිතුවිල්ල මගේ හිතේ හැමදාම වැඩකරා. ඒ සිතුවිල්ල හරි බර සිතුවිල්ලක්. මොකද තාත්තාගේ අසනීප තත්වය එක්ක නැවත රංගන කටයුතු කරන්න වෛද්‍යවරු අවසර දිලා නැහැ. තාත්තාට පිරිස එක්ක ගැවසෙන්න හොද නැහැ. මම ටිකක් කලින් රංගනයට ආවානම් මට තාත්තා එක්ක රඟපාන්න තිබුනා නේද කියලා හිතුණ අවස්ථා අනන්තයි අප්‍රමාණයි. කොහොම වුණත් ජයප්‍රකාශ් ශිවගුරානාදන් මහත්මාගේ කාසිවාසි චිත්‍රපටය තුළින් ඒ හීනය සැබෑ කරගන්න ලැබීම ලොකු වාසනාවක්, සතුටක්.
නදීශා අතුකෝරළ
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී