IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ග්‍රහයන් කියන රෝග යෝග

ජන්ම පත්‍රයේ 6 වන රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ජ්‍යොතිර්වේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම් පිළිබඳව ව්‍යාධීන් අනාවරණය කරගත හැක. අාපෝ/තේජෝ/වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන් ද මිනිසාට වැලඳෙන විවිධ රෝගාබාධ ගැන කරුණු දත හැකිය. සංක්ෂිප්තව කියතොත් ග්‍රහයන් කටක/ වෘශ්චික හෝ මීන යන ජල රාශියක නම් සෙම් රෝග මූලිකව හටගන්නා වූ විවිධ අසනීපයන් ද මේෂ/සිංහ හෝ ධනු වැනි ගිනි රාශියක නම් උෂ්ණත්වයත් පිතත් හේතු කරගෙන හටගන්නා රෝගා/බාධයන්ද මිථුන තුලා හෝ කුම්භ යන වාත (වාය) රාශියක නම් වාතය මුල් කරගෙන ජනිත රෝගයන්ද, වෘෂභ/කන්‍යා හෝ මකර නමින් ගැනෙන පඨවි රාශියක නම් වාතය සෙම හෝ උෂ්ණත්වය එක විට මුල්කරගෙන වැලඳෙන රෝගයන්ද මැනවින් හඳුනා ගත හැකිය.  
 
ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ්‍යාත්මක නිර්ණායක කීපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝග ද ඇත. තම සතුරු හෝ නීච රාශියක තැම්පත් ග්‍රහයාගේ ද දෙවන, තුන්වන, හය වන, හත් වන, අට වන හෝ දොළොස් වන භාවයට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේද නීච නවාංශකයක තැන්පත් ග්‍රහයෙකු වෙත් නම්, ඔහුගේද ඉතා දුබලව හා අස්තව පිහිටි ග්‍රහයන්ගේද දශාවන් සාමාන්‍යයෙන් ජන්මියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර කාලයක් ලෙස සැලකේ.   


ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ්‍යාත්මක නිර්ණායක කීපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝග ද ඇත. මෙතැන් සිට ඒවා දැන ගැනීමට අපි උත්සුක වෙමු. මානව ශරීරයේ ලිංගේන්ද්‍රයේත් සෙසු උත්පාදක හේතු භූත ඉන්ද්‍රියන්ගේත් විවිධ අබල දුබලතා දුර්වලකම් බෙලහීනතා ඇති කරන්නේ කුජ ග්‍රහයා සමග සිකුරු ග්‍රහයා ඒකරාශී වූ විටය. ශුක්‍රට වකුගඩු අයිති නිසාත්, කුජ ග්‍රහයා ස්වභාවයෙන්ම වේගවත් නිසාත්, ඔහුගේ වේගය වකුගඩුවලට හිමි වන නිසාත්, වකුගඩු අමාරු අසනීප අසීරුතා ඇති වෙයි. මීට අමතරව තුනටියේ රුදා ගතියක් ප්‍රථමයෙන්ම මෙවන් ජන්මියෙකුට ඇති වී ඉන් අනතුරුව මුත්‍රා අඩුවීම හෝ වැඩිවීම හෝ පටන් ගෙන අන්තිමේ දී ආබාධිත විය හැකිය.   


පිත් අමාරුවත්, අක්මාගත අපහසුතාත්, පෙනහලුවල ශ්ලේෂ්ම පටලයේ අමාරුත් ජනිත වන්නේ කුජ ගුරු යෝගයකිනි.

   
ශනි සමග කුජ සිටීමෙන් රුධිර සංසරන රටාවේ වේගය සීඝ්‍ර කරයි. කාලයාගේ ඇවෑමෙන් ඉහත කී තත්ත්වය වැඩි කලක් පැවතිය හොත් ව්‍යාධිගත ජන්මියා එයින්ම ඔත්පළ වී එක්තැන් වීමට බැරි නැත.   


බුධ ග්‍රහයාගෙන් අනාවරණය කරගත හැක්කේ. නහරයේ රෝගාබාධයන්ය. බුදත් කුජත් යෝගව සිටින විට ජන්මියා පමණක් ඉක්මවා කටයුතු කිරීමෙන් නහර දුබලතා පිළිබඳ රෝගයන්ට මංපෙත් විවර වනු නියතය. රුධිරවාහිනිවල පිටත සිව්ගත අමාරුකම්වලට ද ඉඩක් ඇති බව සොයාගෙන ඇත.   


පෙනහලු හා අක්මාවේ සෑදෙන ගෙඩි බිබිලි තුවාල වැනි රෝගවලට උදව් කරන්නේ බුධ ගුරු යෝගවීම බව සනිටුහන්ව ඇත.   


වේදනාව ගෙන දෙන රත්පිත්, රක්තවාත රෝග ස්වභාවයෙන්ම රවි ශනි යෝග වීමට බලපායි. ශනි සියලු වාතබාධ බව අපි දනිමු. ශනි සඳු සමග සිටි විට මිනිස් සිරුරේ තෙත් ගතිය නොහොත් සෙම් ගතිය අධික වීමෙන් විවිධ අසනීප ගෙන දෙනු ඇත.   


මානව ජන්මීන්ට සකල විධි සෙම් රෝගයන් ඇති කර​ දෙන්නේ ශුක්‍රත් සඳුත්ය. ඒ අනුව සෙම් ගෙඩි, මස් දලු, ගෙල මහත්වීම යනාදී යන සෑම රෝගයකටම මූලිකත්වය ගන්නේ ඒ දෙපළය. ජන්ම කේන්දරයේ 2/6/8 හෝ 12 යන කිනම් භාවයක සිකුරුත් සඳුත් යෝග වී ඇත්නම් ඉහත කී කරදර ගෙන දෙනු ඇත.   


පෙනහලුවලට වතුර ඒකරාශීව ඒවායේ විවිධ තුවාල ඇතිවන්නට හේතු වන්නේ සිකුරු හා ගුරු එකතුවීම වේ.   


දිගු කලක් ඇතිවන රෝගවලට ශනිගේ බලපෑමක් ඇතිවන බව අනාවරණය වෙයි. පිළිකා දියවැඩියා හෝ අත් පා කොරවීම් වැනි ව්‍යාදීන්වලට හේතුව ශනි සෙසු ග්‍රහයන් සමග එකතු වීම බව අප දත යුතුය.   
චන්ද්‍රයාත් බුධත් ලග්නාධිපති සමග 6යේ යෝගීව සිටියි නම් චර්ම යෝග ඇති වෙයි. එනම් දද/හොරි කුෂ්ඨ වෙයි.   


6යේ අධිපතියා කුජ සමග යෝග වී සිටියි නම් සිරුරේ රුහිරු දුෂ්‍ය වන අමාරු නිතර නිතරම ජන්මියාට ඇති වෙයි. ලේ වල උණුසුම අධික වීමෙන් චර්ම රෝග ද ඇති වෙයි.   


බුධ හා ශනි දෙදෙනා කන්වල රෝගවලට මුල් වෙයි. ශනි දුබලව සිටීමෙන් හා ඔවුන්ට සතුරු ග්‍රහයන් සිටීමෙන් කන්වල ආබාධ ඇති වන බව හඳුනාගෙන ඇත.   


චන්ද්‍රයා හෝ ශුක්‍ර උච්ච ස්වෂේත්‍රව සිව්වැන්නේ සිටියත් පාපයන්ගේ වර්ගවලට පාපයන්ට පෙනෙමින් සිටියොත් ක්ෂය රෝගය හෝ පෙනහලුවල ආබාධ සෑදේ.   


චන්ද්‍රයා දුබල වී 6 යේ හෝ 8ටේ පාපයන් සිටියහොත් විශේෂයෙන්ම විවාහක කාන්තාවන්ට අපල වෙයි. ගබ්සා වීම් ඇති වී රෝග තත්ත්ව මතුවීමට ඉඩ ප්‍රස්ථාව බොහෝ ඇත.   


ශුභයන් නොමැතිව 6වැනි භාවගතව පාපීන් පමණක් සිටීනම් ජන්මියා නිතරම ව්‍යාධි ගතියෙන් සිටී. උන්මාද රොවින් පෙළෙන අයගේ සඳු දුබලව සෙනසුරු සමග 12 වැන්නේ පතිතව සිටින බව සොයාගෙන ඇත.   
ජන්ම කේන්ද්‍රයේ සඳු සිටි තැනින් 8 වැන්නේ රාහු සිටින පුද්ගලයෙකුගේ රාහු මහ දශාව.   


උප​තේ දී ශනි සිටි තැනින් 12 වන භාවය හිමි ග්‍රහයාගේ දශාව.   


සඳු සිටි තැනින් 7 වැන්නේ රවිට අයත් රාශියක වී නම් රවිගේ දශාව.   


සඳුගේ 6 වැන්නේ කුජට අයත් රාශියක වැටී නම් එවිට කුජගේ දශාව.   


මාන්දී ලග්නයෙන් 4 වන හෝ 10 වන භාවයෙහි තැම්පත් අයෙකුගේ එකී මාන්දි තැන්පත් රාශියට අධිපති ග්‍රහයාගේ දශාව.   


12 වැන්න අධිපතිකම සිකුරුට හිමි වෙයි නම් සිකුරුගේ දශාව   


උපන් දශාවෙහි සිට 4 වන දශාව වශයෙන් උදාවන සෙනසුරුගේ මහ දශාව.   


ලග්නයෙහි 4 වැන්නේ හා 10 වැන්නේ බලවත් පාප ග්‍රහයන්ගේ දශාවන්.   


ජන්ම නැකතෙහි සිටි 5 වන හෝ 7 වන නැකැත් කුජට හා රාහුට අයත් වෙයි නම් කුජ හා රාහුගෙ මහ දශාව.   


ජන්ම නැකතේ සිට ගැන බැලූ කල්හි 6 වන නැකත ගුරුට අයත් වෙයි නම් ගුරුගේ දශාව.   


උට අධිපති 6 8 හෝ 12 වන භාවයකට ගොස් සිටියි නම් එම 8 අධිපති ග්‍රහයාගේ මහ දශාව සහ අන්තර් දශාවන්.  


ලග්නයේ හෝ 8 වැන්නේ උපතේදී පිහිටි සෙනසුරුගේ දශා කාලය.  

 

 

 

 


ජ්‍යොතිර්වේදී   
බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ   
තසුනි සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය   
නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම.   



අදහස් (0)

ග්‍රහයන් කියන රෝග යෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

කියා දෙන්න ආදරේ තරම් චිට්ටි ආච්චි - මෙලනි අශොකා
2025 අප්‍රේල් මස 25 24 0

අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින් වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්


මට ඔනැම චරිතයක් අභියෝගාත්මකයි - ධනංජය සිරිවර්ධන
2025 අප්‍රේල් මස 25 17 0

විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්‍රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ ’’ඉරගිනි මද්දහනෙ’’ බණ්ඩාරෙ


තාත්තා තමයි මගේ ශක්තිය - ගයාන් උඩවත්ත
2025 අප්‍රේල් මස 25 17 0

ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආව


පිය සෙනෙහස ගීතවත් කරන - වයංගා මුතුනමගේ
2025 අප්‍රේල් මස 25 16 0

එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.


ඉතා නුදුරේම සිනමාවෙන් දකින්න ලැබෙයි - මනෝජ් දේවගේ
2025 අප්‍රේල් මස 25 20 0

ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?


දුවන්න ඔනැ කාලේ දුවන්න ඕනැ - සචින්තනී කෙෘශල්‍යා
2025 අප්‍රේල් මස 25 25 0

රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 395 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site