‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි. ඒ සහෝදර බැඳීම් ගැන කතා කරන අලුත් විශේෂාංගයක් වෙනුවෙන් සඳැල්ල ඉඩක් වෙන් කිරීමටයි මේ සූදානම. මුලින්ම අප මෙම විශේෂාංගය වෙනුවෙන් තෝරා ගන්නේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත ද්විත්වයක් වන සහෝදරයින් දෙපලකි. මේ දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ.
චන්දන සූරියබණ්ඩාර සහ සද්ධා මංගල සූරියබණ්ඩාර යනු ඒ සහෝදරයින්ය. අයියයි - මල්ලියි විශේෂාංගය හැඩගන්වමින් සද්ධා මංගල සූරියබණ්ඩාර, ඔහුගේ අයියා, චන්දන සූරියබණ්ඩාර ගැන සහ ඒ සහෝදරත්වය ගැන කතා කරන විදිහ අපි බලමු.!
අයියයි, මමයි, නංගියි, මල්ලියි.
මල්ලි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. නංගි එයාගේ පවුලේ වැඩ කටයුතු එක්ක. මල්ලිගෙ නම චතුර කවිෂ්වර. නංගි අප්සරා මනෝහාරි.
අයියගෙයි - මගෙයි වයස පරතරය අවුරුද්දයි මාස දෙකයි. පොඩිම කාලයේදි සමහර අය හිතුවෙ අපි නිවුන්නු කියලයි. අම්මා අපි දෙන්නව හැදුවෙත් නිවුන්නු දෙන්නෙක් විදිහටයි. එකම වගේ දේ තමයි කළේ. අපේ අප්පච්චි සංගීත ගුරුවරයෙක්. නුවර වටපුළුව ගමේ අපි පදිංචි වෙලා හිටියෙ. අපේ අප්පච්චි කලා කටයුතුවලට බොහොම සම්බන්ධයි. ගමේ තරුණ පිරිස් එකතු කරගෙන විවිධ කලා වැඩසටහන් එහෙම කළ හැටි මතකයි. අපි හැදුණෙ ඒ වගේ පරිසරයක. අප්පච්චි කළ වැඩවලට උදව් කළා වගේම අපි දෙන්නත් විවිධ වැඩ කටයුතුවල ස්වාධීනව නිරත වූ අවස්ථා තිබුණා. අප්පච්චි නාට්‍යයක් කළාම අයියටයි- මටයි නාට්‍යයක් කරන්නත් ඕනෑ වුණා. ඉතින් අපට ලොකු තේරුමක් නොතිබුණත් අපි ඒවා කරන්න උත්සාහ ගත්තා.
ටික ටික ලොකු වෙද්දී කලා අංශයෙන් දැනුමක් ඇතිව දෙයක් කරන්න පටන් ගත්තා. කුඩාම කාලයේදි අයියයි මමයි ගමේ තව ළමයි ටිකක් එකතු කරගෙන නරි බෑනා නාට්‍යය කළා. ඒක පෙන්වන්න තිබුණේ වෙසක් එකට. හැබැයි පිරිසක් තරහා වූ නිසා ඒක කරන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඔන්න ඒ පාර අප්පච්චි ඉදිරිපත් වෙලා පිටපතක් අපට හදලා දුන්නා. මම නරියා, අයියා ගමරාල. මේ චරිත දෙක සහ තව සෙසු චරිත කීපයක් යොදාගෙන නාට්‍යයක් කළා. මට මතකයි අපි පාසලේ වෙසක් සමයේදී කැරකෙන කුඩු නිර්මාණය කළ හැටි.
අපොයි ඔව්. ළමයි වුණාම ඉතින් ඒවා ස්වභාවිකයිනෙ. හැබැයි රණ්ඩුවලදී මම තමයි නිතරම ඒවාට මුල් වුණේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බැහැ. රණ්ඩුම තමයි. අයියා රණ්ඩුවලට කැමති නැහැ. ඒ රණ්ඩුවලට හේතු තිබුණෙත් නැහැ. පොඩි පොඩි දේ නිසා එහෙම වුණා. අප්පච්චි ඇවිල්ලා ඒවා බේරුවා. ඒ වගේ දේ නිසා අප්පච්චිගෙන් දෙන්නම දඬුවම් විඳි අවස්ථා එමටයි. අම්මා තමයි බේරන්න ආවෙ. අප්පච්චි හරි පිළිවෙළට හරි පිරිසිදුවට හිටියෙ. අපේ නංගියි - මල්ලියි ඒ විදිහයි. පොඩි කාලයේදි අපි දෙන්නාට තමයි ඒ පිළිවෙළ තිබුණේ නැත්තෙ. අපි දෙන්නට පොත් මේසයක් තිබුණා. ඒකෙ ලාච්චු හිටපු ගමන් අප්පච්චි ඇවිත් චෙක් කළා. ඒවා අපිළිවෙළ නම් දඬුවම් කළා. ගෙදර කළ යුතු වැඩ අපි එකිනෙකාට බාරදී තිබුණේ. ඒ වැඩ හරියට කළ යුතු වුණා.
අපෙ අම්මා අපිව වැඩිය ගෙදරින් පිට යැව්වෙ නැහැ. ගමේ ළමුන් අපේ ගෙදර ආවා. ඒ දිනවල අපි කළේ එකට එකතු වෙලා කලා වැඩසටහන් කිරීමයි. එක් අවස්ථාවක අයියටයි-මටයි පැවරුණේ ප්‍රොජෙක්ටර් එකක් හදන්න. ගමේ ඉස්කෝලෙට ගිය කාලයේදි අපි මේ වැඩේට අත ගහලා තිබුණෙ. පාසලේ ළමුනට බිස්කට් ගෙනාපු ලොකු හිස් පෙට්ටි අරගෙන, අපි ඒ පෙට්ටි මැද රවුමක් කපලා, ලාම්පු දල්වාගෙන, ඒ වැඩේ කළා. මේසෙ යට ඉඳගෙන දෙබස් කියමින් චිත්‍රපට පෙන්නුවෙ ඒ විදිහටයි. මේ වැඩේ කරන්න ටෝච් එකක් ගන්න ළමුන් එකතුවෙලා අරමුදලකුත් එකතු කරගත්තා. ප්‍රොජෙක්ටරය හදන වයස එනකොට අපි දෙන්නා දැනුම් - තේරුම් ඇති වයසෙ හිටියෙ.
අයියා වැඩිපුරම නැඹුරුව හිටියෙ පොතපතට. මම ක්‍රීඩා කළා. ශිෂ්‍යත්වය සමත් වී අපි දෙන්නා ඊළඟට ගියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට. එහිදී තමයි ක්‍රීඩාවලට නැඹුරු වුණේ. අපේ අප්පච්චි පාසල් කටයුතු නිමකර ගෙදර ආ පසුව වැඩක නිරත වුණා. ඒ සෑම වැඩකටම පවා හවුල් කරගත්තේ මාව. අයියා නිතරම ඉගෙනීමටම කාලය කැප කළ කෙනෙක්. සමහර වෙලාවට අපි එක - එක දේ එකතු කරන්න පටන් ගත්තා. උදාහරණයට ටොෆි කොළ කියමුකො. ඒත් ටික දවසයි ඒවා කළේ.
මම දන්න විදිහට පොඩි කාලයේදී එහෙම සංවේදි වෙන්න අවස්ථා ආවෙ නැහැ. උසස් පෙළ කරද්දි, මට එක්තරා සිදුවීමක් මතකයි. සෙන්ට් ඇන්තනීස් එකේ එයා ශිෂ්‍ය නායකයෙක්. පාසලේ නාහෙට-නාහන කොල්ලො සෙට් එකක් දවසක් අයියා ගෙදර එද්දි අයියා එයාගෙ වැරැද්දකට දීපු දඬුවමකට පළිගැනීම වෙනුවෙන් ගහලා තිබුණා. කටුගස්තොටදී ඒ සිදුවීම වුණේ. ඒක මාව හරියට සංවේදී කළ අවස්ථාවක් වුණා.
පසු කාලයකදී අයියා සේවය කරමින් සිටි ටී.එන්.එල්. මාධ්‍ය ආයතනයේම තමයි මාත් සේවය කරමින් සිටියෙ. මාධ්‍ය ආවරණ කටයුත්තක් සඳහා ගිහින් සිටියදි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් මම තුවාල ලැබුවා. ඒ නිසා එක් පාදයකට ශල්‍යකර්මයක් කළා. ඒ කාලයේදි අයියා මා ගැන බොහොම සංවේදී වුණා.
කුඩා කල නාට්‍යයක රඟපෑ සොහොයුරු දෙපළ සහ නැගණිය
පාසල් කාලයේදී අයියා හොඳ කථිකයෙක්. කථික තරගවලදි එයා එක්ක මට කවදාවත් දිනන්න බැරි වුණා. එයා විවාද කණ්ඩායමේ හිටියා. එම අංශයෙන් ගත්තොත් අයියා මට වඩා ඉහළින් සිටියේ. සමස්ත ලංකා කථික තරගයක දී අයියා පළවැනියා වුණා. එම කථික තරගයේ මාතෘකාව වුණේ මත්ද්‍රව්‍ය නිවාරණය. පසු කාලෙක ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනයේම පුහුණුවක් අයියාට ලැබුණා. ඒ වෙනුවෙන් අයියාට කොළඹ එන්න සිද්ධ වුණා. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ස්වේච්ඡා, ව්‍යාපෘතියේ නුවරදී ඒ වැඩේ කරන්න මහනුවර පුරෝගාමී තරුණ සමාජය නමින් සමාජයක් පිහිටුවා ගෙන අයියා මාවත් ඒ කටයුතුවලට හවුල් කර ගත්තා. ඉන්පසු එයා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වෙනුවෙන් ඇති ආයතන කීපයකම සේවය කළා. එතැනින් පසුව තමයි එයා ටී.එන්.එල්. එකට සම්බන්ධ වුණේ. මම උසස් පෙළ කළේ 88/89 භීෂණ කාලයේදී. ඉන්පසුව හෙද පුහුණුවකට සහභාගි වුණා. ඉන් පසුව මාත් මත්ද්‍රව්‍ය හා තොරතුරු මධ්‍යස්ථානය (Adic) එකේ වැඩ කරන්න කොළඹ ආවා.
බොහෝ දුරට එහෙමයි. ටී.එන්.එල්. ඒමට පෙර අයියා නෙස්ට් නමැති මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ සේවය කළා. එහිදී එයා ව්‍යාපෘති වැඩසටහන් සහ වාර්තාමය වැඩසටහන් කරද්දී තමයි මට මුලින්ම කැමරාවක් පරිහරණය කරන්න ලැබුණේ. ටී.එන්.එල්. එකට ගිහින් අයියා ‘නිව්ස්’ අංශය පටන් ගත්තාම මාවත් ඒ අංශයට බඳවා ගත්තා. පසුව මම නිවේදන අංශයට එක් වුණා. ඒ විදිහට ආපු ගමනක් තමයි මේ.
ශිෂ්‍ය නායකයින් ලෙස...
අයියයි මායි අතර හොඳ සහෝදර බැඳීමක් තියෙන්නෙ. ටෙලිවිෂන් මාධ්‍යයේ අද වනවිට අයියා ආයතනයක අංශයක් බාර ප්‍රධානියෙක්. මම ඉන් පරිබාහිරව ටෙලිනාට්‍යකරුවකු ලෙස සේවය කරනවා. මගේ නිර්මාණ කටයුතුවලදී එයාගේ උදව් උපකාර ලැබෙනවා. ඒ විදිහට එදා වගේම ඒ සහෝදර බැඳීම අපි දෙන්නා අතර තියෙනවා. පවුලේ පරිසරය එක්ක අපි දෙන්නම එකම ක්ෂේත්‍රයකට කැමති වුණේ. එකම අංශයක ආ නිසා දෙදෙනා අතර අවබෝධය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දෙදෙනාම එකටම බැඳී ගමනක් ආ නිසා හොඳ අවබෝධයක්, තේරුම් ගැනීමක් තියෙන්නෙ. පුංචි කාලයේ ඉඳලාම අපි දෙන්නම හිතුවෙ වෙනස් විදිහට. එකම අංශයක සිටියත් වෙනස් විදිහට හිතලා කටයුතු කරන දෙදෙනෙක්.
සඳුන් ගමගේ
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා