කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ මෙවර සැඳැල්ලෙන් ඇය සමඟ කළ කතාබහයි,
ප්‍ර මේ නෑ බෑ නෑ කියන ආවින්ද්‍යා ගැන මුලින්ම කියන්නකෝ?
මම ආවින්ද්‍යා බණ්ඩාර. මගේ ගම මහරගම. මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම අපෝස්තලික කාර්මෙල් විදුහලෙන්. ඉන් පසුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. මේ විදිහට පාසල් අධ්‍යාපනයෙන් පසුව Youth Drama School එකට සම්බන්ධ වෙලා කලාව ගැන හැදෑරුවා. ඉතින් දැන් රංගන ශිල්පිනියක් ලෙසින් කලාවේ ගමන් මඟ ආරම්භ කරලා තියෙනවා.
ප්‍ර ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මතක් කළොත්?
මම මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ Youth Drama School එකෙන්. ඒ 2018 වර්ෂයේ දී. පාසල් කාලයේදි නම් රංගනයට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් Youth Drama School එකෙන් ලබපු පන්නරයත් එක්ක තමා මේ ක්ෂේත්‍රයට එන්නේ. දැන් වේදිකාවේ, පුංචි තිරයේ සහ සිනමාවේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
ප්‍ර සුනිල් ශ්‍රී මහත්මයාගේ 21 වැනි වේදිකා නාට්‍යය ‘නෑ බෑ නෑ’. නාට්‍යයේ මංගල දැක්ම මේ මස 6 වැනිදා එල්්‍න්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා. ඉතින් මේ නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි සුනිල් ශ්‍රී මහත්මයා මාව මේ වෙනුවෙන් තෝරගත්ත එකට. මම ඒ නිර්මාණය ඇතුළේ නිරූපණය කරන්නේ වත්තක ජීවත් වෙන කටකාර ගැහැනු ළමයෙකුගේ චරිතයක්. ඒ චරිතය ගැන කතා කළොත් ඒක මම මීට පෙර කරල නැති චරිත කාණ්ඩයට අයත් එකක්. ඒවගේ වෙනස් චරිතයකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැනත් මට ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒ තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕන.
ප්‍ර කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
මම මීට පෙර ඔහුගේ ඉල්ලන් කෑවා කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කළා. එහි ප්‍රසංග100 කට වඩා වැඩි සංඛ්‍යාවක් වේදිකා ගත කළා. මට ඒ අවස්ථාව ලැබුණේ හිරුණි රණසිංහ හරහා. එතනින් තමයි සුනිල් ශ්‍රී මහත්මයාගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ හඳුනාගැනීම සහ ඔහුට මාව මේ චරිතයටත් ගැළපෙයි කියලා හිතුණු නිසා වෙන්න ඇති මාව ඔහුගේ 21 වෙනි වේදිකා නාට්‍යයටත් තෝරා ගන්න ඇත්තේ.
ප්‍ර මේ ඔබේ කීවෙනි වේදිකා නාට්‍යය ද?
Youth Drama School එකේ අපි කරපු වේදිකා නාට්‍යවලින්. පසුව කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ප්ලේ හවුස් කියන නාට්‍යයේ වැඩ කටයුතු කළා. ඒ වගේම අකිල සපුමල් සර්ගේ ගුත්තිල නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව මේ දිනවල නන්දන හෙට්ටිආරච්චි අයියගේ 1ට යටින් කියන වේදිකා නාට්‍යයෙත් වැඩ කරනවා. මම හිතන විදිහට මේ මගේ 8වන හෝ 9වන වේදිකා නාට්‍යය.
ප්‍ර මේ හරහා ඔබට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම ගැනත් කියමු?
ඔව්. මේ නාට්‍ය හරහා මට ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත, ප්‍රවීණ චරිත එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. මට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා. ඇත්තටම ඒ අය මට ගොඩක් උදව් කරනවා මගේ රංගන වැඩ කටයුතු නිවැරදිව කරගන්න සහ මම දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. ඒ අවවාද අනුශාසනා නවක රංගන ශිල්පිනියක් වශයෙන් මම ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා. මම හරි නිහතමානීව වැඩ කටයුතු කරන කෙනෙක් නිසාත් ඒ අය මට ගොඩක් ආදරෙයි.
ප්‍ර ආවින්ද්‍යා පාසලේදී මොන වගේ චරිතයක් ද?
පාසලේදී රංගන කටයුතුවලට සම්බන්ධ නොවුණත් මම අනෙකුත් විෂය බාහිර කටයුතු කළා. ඒ අතර ක්‍රීඩා වැඩ, නර්තනය, පාසල් තූර්ය වාදන කණ්ඩායමේ නායිකාව විදිහටත් කාලයක් වැඩ කටයුතු කළා. මේ විදිහට පාසලේ විවිධ වැඩ කරලා තියෙනවා.
ප්‍ර පුංචි තිරයේ සහ රිදී තිරයේ කලා කටයුතු ගැනත් කියමු?
මම 2019 වර්ෂයේදී සංගීතේ ටෙලි නාට්‍යය හරහා තමයි මුලින්ම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව ධරණී ටෙලිනාට්‍යයටත් මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඒකාංගික ටෙලි නාට්‍ය, දිගු ටෙලි නාට්‍ය වගේ නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. රිදී තිරය ගැන කතා කළොත් මම අවසානයටම වැඩ කළේ ලුවී සර්ගේ අවසාන සිනමා නිර්මාණයේ. ඒක බෞද්ධ කතාවක්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව රජිත හිරාන් අයියාගේ අධ්‍යක්ෂණය යටතේ කෙරුණු සාක්ෂි නම් සිනමා පටයෙත් අනු චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායකවෙන්න මට අවස්ථාව හිමිවුණා. ඒ වගේම තවත් වැඩකටයුතු කිහිපයක් ඉදිරියේදී එළිදක්වන්නත් තියෙනවා. අලුතින් භාරගත්ත වැඩ කිහිපයකුත් තියෙනවා. නමුත් දැන් නම් මගේ අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතුවලින් තරමක් ඉවත් වෙලා ඉන්නේ.
ප්‍ර රංගනයට පිවිසෙනවට ගෙදරින් බාධා තිබුණේ නැද්ද?
ඇත්තටම මටත් වඩා මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න උනන්දුව තිබුණේ මගේ අම්මාට. මම Youth Drama School එකට අයැදුම් කරන්නවත් කැමති වුණේ නැහැ. මොකද මම කැමති වුණේ ගායනයට. අම්මගේ උනන්දුව නිසා තමයි මම ඒ ඉල්ලුම් පත්‍රය දැම්මේ. මම තමයි සම්මුඛ පරීක්ෂණයේ අවසානයට හිටියෙත්. ඉතින් අම්මා නිසා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. අයියයි, අප්පච්චියි නම් මුලදී කැමති වුණේ නැහැ. නමුත් දැන් නම් හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.
ප්‍ර අාවින්ද්‍යා කියන වේදිකා නාට්‍ය නිළිය වටා ලොකු පිරිසක් ඇති?
මම වේදිකාවේ, පුංචි තිරයේ වගේම රිදී තිරයේත් යම් යම් නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මම රංගනය සම්බන්ධයෙන් කිසිම අදහසක් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් Youth Drama School එකෙන් තමයි මට ඒ පන්නරය ලැබුණේ. පිරිසක් ඉදිරියේ බය නැතුව කතා කරන විදිහ, වේදිකාවේ හැසිරෙන විදිහ, කටහඬ පාලනය කරන විදිහ මේ හැම දෙයක්ම අතරේ වේදිකාවට තියෙන බය නැති කරලා අපිව හදලා ගත්තේ එතැනින්. ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න, වේදිකාව ගැන කියලා දෙන්න යූත් එක ඇතුළේ හොඳ ඇඳුරු මඬුල්ලක් හිටියා. ඒ වගේම පිටතින් උදව් කරපු පිරිසකුත් හිටියා. අපිව Drama School එකක් තුළ නිවැරදිව මෙහෙයවපු ප්‍රියන්ත ලලිත් සර් ඇතුළු ඒ හැමදෙනෙකුගේම මහන්සියෙන් තමයි වේදිකාවට බය නොවුණු වේදිකා නාට්‍ය රඟන ශිල්පිනියන් හැදුණේ. ඒ වෙනුවෙන් හැම කෙනෙකුටම ස්තූති කරන්න ඕන.
ප්‍ර මොනවද අලුත් බලාපොරොත්තු?
කලාව තුළ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි චරිතාංග නිළියක් වීම. මොකද මම කැමති විවිධ චරිත කරන්න. ඉතින් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා මත ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
දුලක්ෂි ලියනගේ
මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි
මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන
කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ ම
විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ ව
යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන
රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර