සචින් ලියනගේ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි. මෙදා පාර විතරත් නෙමෙයි හැම නත්තලකම මම ගොඩක් සතුටින් ඉන්නෙ. ඉතින් ගෙදර අයත් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම මගේ කතෝලික යාළුවො සෙට් එකටම නිවාඩු හම්බවෙන නිසා එයාලත් එක්කත් කාලය ගත කරන්න පුළුවන්. මේ පාර ගිය අවුරැද්දට වඩා Dreams Achiveකරලා තියෙනවා. ඒ සතුටත් මට තියෙනවා. ඒ වගේම මම කතෝලික නිසා ගොඩක් වෙලාවට දෙසැම්බර් 20 වෙනිදා ඉදලා මම වැඩ කරන්නෙ නැහැ. නමුත් මේ දවස්වල තිබෙන ටෙලි නාට්‍ය, චිත්‍රපට ඊට අමතරව නත්තල් පාටිවල වැඩ කටයතු එක්ක කාර්යබහුල වෙලා තියෙනවා. ඒ නිසා මම මේ සැරේ 23 වෙනිදා වෙනකම් වැඩ කටයතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 24 රෑට පල්ලි යනවා. 25 දවසෙ හැමදාම වගේ අපෙ ගෙදර නත්තල් පාටිය තියෙනවා. ඒත් එක්කම මම මේ පාර නත්තලට අලුත් දෙයක් හිතුවා. ඒ තමයි පවුල් 5-10 කට වියළි ආහාර දෙන්න. ඉතින් ඒ වැඩකටයතුත් Plan කරගෙන යනවා. ඉතින් මම මේ නත්තලේදි දෙයක් හිතාගන්නවා ඊළග නත්තලේදි කරන්න. ඒ Wish එකත් එක්ක නත්තල සතුටින් සමරන්න බලාපොරොත්තු වෙනවා.
ෂෙරිල් ඩෙකර්
නත්තල කියන්නෙ ඇත්තටම හරිම ලස්සන දෙයක්. ඒ කියන්නෙ අපි විතරක් සතුටු වෙන්න ඔින දෙයක් නෙමෙයි. මමනම් කියන්නෙ අපි තව කෙනෙක්ට උදව්වක් කරලා තව කෙනෙක්ව සතුටු කරලා අපිට පුළුවන් සතුටු වෙන්න සහ ඒක තමයි සැබෑ නත්තල කියන්නෙ. අපි සතුටු වෙන්න කලින් තව කෙනෙක්ව සතුටු කරන්න තියෙනවනම් ඒක ලොකු පිනක්. ඒක ලොකු ආශිර්වාදයක්. මේ දේට නත්තලම අවශ්‍ය නැහැ. නමුත් නත්තල කියන්නෙ විශේෂයිනෙ හැමෝටම. ඒ වගේ දවසක මේ වගේ දෙයක් කරන්න තියෙනවනම් ගොඩක් වටිනවා. ඉතින් මේ පාර නත්තල් දවසටත් හැමදාම වගේ පල්ලි යනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම පවුලෙ අයත් එක්ක එකතුවෙලා සතුටින් නත්තල සමරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතින් මේ පාර නත්තල නැවුම් බවක් දැනෙනවා. හැමදේම අලුත් වෙලා. අපිත් අලුත් වෙලා. ඒ වගේම හැමෝටම නත්තලට සහ 2025 අලුත් අවුරැද්දට සුබ පතනවා. සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න කියලා.
උපේඛා නිර්මාණි
මම ඉන්නෙ මීගමුවෙ. ඉතින් පුංචි රෝමය කියලනෙ මීගමුවට කියන්නෙ. කතෝලික ජනතාව තමයි ගොඩක් මෙහෙ ඉන්නෙ. මම ඒ උනාට බෞද්ධ. නමුත් පොඩි කාලෙ ඉදලා මේ ආශ්රයෙ හැදුන නිසා අපි අනිවාර්යයෙන්ම නත්තල සමරනවා. සාමාන්‍යයෙන් මෙහෙ අය ජනවාරි මාසයේ ඉදලම හැම ගෙදරකම නත්තලට වෙනම සල්ලි එහෙම එකතු කරනවා. කොච්චර අමාරැකම් තිබුණත් හැම ගෙදරකම මේ දේ සිදු කරනවා. මොන ප්‍රශ්න තිබුණත් නත්තල් දවසේ ගොඩක් සතුටින් ඉන්න තමයි මේ Plan එක කරන්නෙ. මමත් මගෙ දරුවා වෙනුවෙන් නත්තල සමරනවා හැම අවුරැද්දකම හරිම ආසාවෙන්. ඉතින් ඒත් එක්කම Music වැඩ කටයතු ටිකක් ඇවිත් තියෙනවා. Party කිහිපයකටත් Invite කරලා තියෙනවා. ඒ වැඩකටයතු එක්ක නත්තල සතුටින් සමරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන්නාවූ නත්තල සහ අලුත් අවුරැද්ද සුබම සුබ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.
රෙඩි
නත්තල කියන්නෙ කොහොමත් විශේෂයි. අන්ධකාරය නසා මහත් ආලෝකයක් පැමිණීම නත්තල විදිහට හඳුන්වනවා. ඉතින් ජේසුතුමා ඇවිත් ලෝකය ආලෝකමත් කළා. ඒ ආලෝකය තුළින් හැම කෙනාටම හොඳක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ. නැති බැරි මිනිස්සුන්ට උදව් කරගෙන එහෙම තමයි නත්තල ගත කරන්නෙ. ඉතින් අපිත් මේ දවස්වල ලහි ලහියේ නත්තලට සූදානම් වෙනවා. ගෙදර අය දැන්ම ඉදන්ම නත්තල් දවස Plan කරනවා. 24 වෙනිදා රාත්‍රියේ අපේ පල්ලියේ පූජාවට අපි සහභාගි වෙනවා. ඒ වගේම නැදෑ ගෙවල් කිහිපයකටක් යන්න ඔිනෑ. නත්තල කියන්නෙ ගෙදර පවුලෙ හැමෝම එකතු වෙන දවසක්. ඉතිත් මේ පාර නත්තල හැමෝටම සතුට ගේන විශේෂ නත්තලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
නලින් පෙරේරා
මේ පාර නත්තලට මමයි බිරිඳයි විතරයි ගෙදර ඉන්නෙ. ඉතින් ළමයි ගෙදර නැති පාළුව ලොකුවටම තියෙනවා. මගෙ දුවට දැන් දුවෙක් ඉන්නවා. ඉතින් අපෙ ගෙදරට අලුත් සාමාජිකයෙක් එකතු වුණ. ඉතින් ඒ සතුට විද ගන්න ලැබෙන්නෙ නැතිඑක ගැන ලොකු දුකක් තියෙනවා. නමුත් සුපුරැදු පරිදි ගෙවල් දොරවල් සරසනවා. මොකද අවුරැද්දට එක පාරක් එන දෙයක්නෙ නත්තල. ඉතින් 23 සහ 24 දවස් දෙක ගෙදර අය වෙනුවෙන් එයාලත් එක්ක ඉන්න තමයි වෙන් කරගෙන තියෙන්නෙ. ඉතින් නත්තල කියන්නෙ හැමෝම හොඳට ඇඳගෙන සතුටින් ඉන්න හදන කාලයක්. මම කැමති නත්තලේ සැබෑ අරුතත් හිතේ තියාගෙන හැමෝම හිත ඇතුළෙනුත් සතුටු වෙනවට. මොකද හිත ඇතුළෙන් සතුටක් නැත්තම් එතන නත්තලක් නෑ. ඉතින් ලෝකයටම උදාවෙන ලස්සන කාලයක් තමයි මේ නත්තල කියන්නෙ.
සුදර්ශනී කෝණාර
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කලා ක්ෂේත්රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
තරු නත්තලේ