IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තීරණ ගද්දි ගොඩක් හිතනවා - යොහානි හෙට්ටිආරච්චි


මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන "පාරාදීසේ" ටෙලි නිර්මාණයේ අක්කා නගෝ ආදරේ ගැන ගොඩක් අය කතා වෙනවා. ඒ අතර පාරමීගේ නංගි ආලියා කියන්නේ ටිකක් දඩබ්බර, මුරණ්ඩු චරිතයක්. ඉතින් පුංචි තිරයේ ආලියාට පණ පොවන යොහානි හෙට්ටිආරච්චි සමඟින් මෙවර සදැල්ලෙන් කතාබහක නිරත වෙන්නට හිතුවා.

  • ඔබ රංගන ක්ෂේත්‍රයට අඩිය තියන්නෙ පුංචි කාලෙදිමයි. කොහොමද ඒ සඳහා පසුබිම හැදෙන්නෙ ?

මම පුංචි කාලේ වෙඩින් එකකට ගිහින් ඉන්න කොට තමයි එතැනදි මාව දැකලා මුලින්ම ඩේන්ටි එකේ වෙෙළඳ දැන්වීම්වලට අර ගන්නෙ. ඒ විදිහට කාලයක් වැඩ කළා. එතනින් පස්සෙ නැවත මට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මම නැවතත් ගිය වෙඩින් එකකින් මාව දැකපු එතන ෆොටෝ ගහන්න ඇවිත් හිටපු ඩිලාන් කියලා අයියා කෙනෙක්. මාව එතැනදි දැක්කම මගෙන් ඇහුවා සිරස පුංචි පැංචි එකට දාලා දෙන්නද කියලා. එහෙම තමයි මම ක්ෂේත්‍රයේ ඉදිරියට එන්නෙ.

  • මේ දිනවල ඔබ පුංචි තිරයේ වැඩිපුර දකින්න ඉන්නවා නේද ?

ඔව්, මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘‘හිරිපොද වැස්ස’’ ටෙලි නිර්මාණයේ  සහ ITN එකේ විකාශය වෙන ‘‘පාරාදීසය’’ කියන ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව දැන් අවුරුදු ගාණක ඉඳන් හිරු නාළිකාවේ විකාශය වෙන ‘‘සිහින ගෙනෙන කුමාරියේ’’ ටෙලි නාට්‍යයෙත් රඟපානවා.

  • ගොඩක් වෙලාවට ඔබ ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නෙ ටිකක් මුරණ්ඩු චරිත වලින්. ඇත්ත ජීවිතෙත් යොහානි ඒ වගේද ?

නැහැ ඇත්ත ජීවිතේදි නම් මම මුරණ්ඩු කෙනෙක් නෙවෙයි. හැබැයි මම දැඩි තීරණ ගන්න කෙනෙක්. තීරණයක් ගත්තොත් ගත්තම තමයි. පොඩි කාලේ ඉඳන් ප්‍රශ්න මගෙ ජීවිතේට ඇවිත් තියෙනවා. මම සැපවත් ජීවිතයක් ගත කළේ නැති කෙනෙක්. ඒ නිසා මම තීරණයක් ගද්දි හොඳට හිතලා හරිම තීරණේ තමයි ගන්න උත්සාහ කරන්නෙ.

  • මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නෙ ?

ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන විදිහට මම මොන වැඩේ කළත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ ‘‘සිහින ගෙනෙන කුමාරියේ’’ ටෙලි නාට්‍යයේ සකුනි කියන චරිතෙ තුළින්. ඒ චරිතෙත් එක්ක තමයි ප්‍රේක්ෂකයන් මාව දන්නෙ. ඉතින්  සකුනි කියන්නේ මගේ ජීවිතයත් එක්ක එකට බැඳුණු චරිතයක් කිව්වොත් හරි. ඒ නිසා මමත් මොන චරිතෙ කළත් ප්‍රධාන තැන දෙන්නෙ සකුනි කියන චරිතෙට. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් කාලෙන් කාලෙට විවිධ විදිහට ලැබෙනවා. කාලෙකට බනිනවා, තව කාලෙකට හොඳයි, ගොඩක් ආදරෙන් කතා කරනවා. කොහොම වුණත් ඉතින් දෙන ඕනෙ කමෙන්ට් එකක් ආදරෙන් භාර ගන්න මම සූදානම්.

  • පුංචි කාලෙදිම ක්ෂේත්‍රයට ආපු කෙනෙක් විදිහට ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කරද්දී කොහොමද දැනෙන්නේ?

දැන් කාලේ අපිත් එක්ක අලුතෙන් ක්ෂේත්‍රයට එන අය එක්ක වැඩ කරන්න ඇත්තටම ටිකක් අමාරුයි. මම මට වඩා අවුරුද්දක් හරි වැඩිමල් හැමෝම සලකන්නෙ ප්‍රවීණයන් විදිහට. එතකොට රොෂෙල් අක්කලගෙ පරම්පරාවෙ ඉඳලා අංජුලා අක්කා, ඔය කියන පරම්පරාවට යනකල්ම ඒ හැමෝම ළඟ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ළඟ තියෙන ඒ නිහතමානීකම රැඳිලා   තියෙනවා. හැබැයි දැන් අවුරුද්දක දෙකක වගේ ඉඳන් අපිත් එක්ක ක්ෂේත්‍රයට එකතු වෙන බොහෝ අය ළඟ ඒ නිහතමානීකම අඩුයි. ප්‍රවීණ අයට ගරු කරනවා අඩුයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තව කෙනෙක්ට බය නැතුව දෙයක් උගන්වනවා. අලුත් පරම්පරාවට කිසිම ලෝභකමක් නැතුව. ඒ දේ හරිම වටිනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනෙ එයාලා උගන්වන දේ නිහතමානීව භාර ගන්න.

  • රංගනය ඉගෙන ගන්නවද ?

දැනට නම් මම රංගනය හදාරන්නෙ නැහැ. හැබැයි මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා රංගනය පැත්තෙන් හෙමීට ඉදිරියට යන්න. ඉතින් ඒ ආසාවත් එක්ක පුංචි කාලේ මම රංගනය හදාරලා තියෙනවා හේෂාන් වසන්ත ඥානප්‍රිය කියලා සර් කෙනෙක් යටතේ. දැන් නම් ඇත්තටම රංගනය හදාරන්න වෙලාවක් ලැබෙන් නැහැ. නමුත් මම හිතනවා රංගනය පැත්තෙන් ඉදිරියට යන්න නම් තව ගොඩක් දේවල් මට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම කවුරුහරි හොඳ කෙනෙක් යටතේ රංගන පාසලකට යන්න බලාගෙන ඉන්නවා.

  • අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?

මම මගේ ජීවිතේ ගොඩක් අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. මම කොහොමත් තනියම ජීවත් වෙන කෙනෙක්. ඉතින් මට ඕනෙ වුණා තනියම මටම කියලා දෙයක් කරගෙන මගේ ජීවිතේ සාර්ථක කර ගන්න. මම පොඩියට මගේ ව්‍යාපාරයක් පටන් අරන් ඒකත් වැඩිදියුණු කරගෙන රංගනය අතිනුත් ඉදිරියට යන ගමන් ප්‍රශ්න අඩු කරගෙන ජීවිතේ ලස්සනට ගෙවාගෙන යනවා. ඒ නිසා අද ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මේ අවුරුදු විස්සට මගේ මහන්සියෙන් හැම දේම හදාගෙන තියෙනවා. ලොකු දෙයක් නැති වුණත් මගේ වයසට ඕනෙම තැනක ඕනෙම වෙලාවක ඔළුව උස්සන් ඉන්න පුළුවන් විදිහට, මාව ආශ්‍රය කරන කිසිකෙනෙක්ට කතාවක් කියන්න බැරි විදිහට මම ජීවත් වෙනවා. මම හිතන්නෙ ගෑනු ළමයෙක් විදිහට කොහෙ ගියත් තියෙන්න ඕනෙ එකම දේ චරිතෙ. ඒක නැතුව ජීවිතේ වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ. අපි නොදන්න අයට කතා කියන්න පුළුවන්. හැබැයි අපිව දන්න අයට ඇඟිල්ලක් දික්කරලා කිසිම දෙයක් කියන්න බැරි විදිහට ඉන්නවා කියන්නේ ඒක තමයි හොඳම දේ වෙන්නෙ. ඒ අතින් අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.

  • අලුත් නිර්මාණවලට ආරාධනා තියෙනව ද ?

ඔව් ආරාධනා තියෙනවා. මේ දවස්වල මම වැඩ පහක ඉන්නවා. ටෙලි නාට්‍ය කිව්වට ඒවා මෙගා ටෙලි නාට්‍ය. ඉවර වෙන දවසක් කියන්න දන්නෙ නැති ඒවා. දැනට මේ පහෙන් තුනක්වත් ඉවර වෙනකල් ආපහු වැඩ භාර ගන්නෙ නැහැ කියන තැන තමයි ඉන්නෙ.

  • පවුලේ අය සහ ඒ ලැබෙන සහයෝගයත් මතක් කරමු

මගේ පවුලේ අම්මයි, තාත්තයි අයියලා දෙන්නයි. පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. එක්කෙනෙක් නෑර ඒ හැමෝම මට උදව් කරනවා.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

තීරණ ගද්දි ගොඩක් හිතනවා - යොහානි හෙට්ටිආරච්චි

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

තමන්ට ගැළපෙන විදිහට ’Fashion’ කරන්න ඕනැ - ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්
2024 නොවැම්බර් මස 25 8 0

කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.


රූපනයෙන් නිරූපණයට පිවිසෙන - අශාන් ෆොන්සේකා
2024 නොවැම්බර් මස 25 5 0

ලංකා බැංකු පරිශ්‍රයකට පිවිසෙන විට එක්වරම නෙත් යොමු වෙන්නෙ එහි විවිධ ඉරියව්වලින් ගනුදෙනු කටයුතුවල නියැළෙන තරුණයකුගේ සේයාරුව. නිරූපණ හැඩරුවට අමතරව නළ


තීරණ ගද්දි ගොඩක් හිතනවා - යොහානි හෙට්ටිආරච්චි
2024 නොවැම්බර් මස 25 7 0

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ අක්කා නගෝ ආදරේ ගැන ගොඩක් අය කතා වෙනවා.


මාව ප්‍රසිද්ධ GK නමින්. - රෙජිනෝල්ඩ් ඉරෝෂන්
2024 නොවැම්බර් මස 25 7 0

දක්ෂතාවයට ජාති ආගම් නැති බව පසක් කරමින් සිංහල හා දමිළ සිනමාවේත්, ටෙලිතිරයේත්, තම හැකියාවන් පෙන්වමින් - එම ජනවර්ග දෙකටම අයත් ප්‍රේක්ෂක සිත්සතන් තුළ ලැඟ


‘‘අම්මා මාව හැදුවේ චූටි බබෙක් හදනවා වගෙයි’’ - අනුරාධා නන්දසිරි
2024 නොවැම්බර් මස 25 14 0

‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.


කටු ඉඹුලේ ජේමිස් - ජනක් ප්‍රේමලාල්
2024 නොවැම්බර් මස 25 9 0

ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site