පරපුරක උරුමය
ප්‍රවීණ ලේඛක කුමාර කරුණාරත්නගේ දියණි මධුවන්ති කරුණාරත්න සමඟ කතාබහක්
නවකතාවක ප්‍රථම මුද්‍රණයේ පිටපත් දෙදාහක්ම දවස් එකොළහක් තුළ අලෙවි වූ වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ කුමාර කරුණාරත්න.
එවකට පුවත්පත් සඳහා කොටස් වශයෙන් නවකතා ලියමින් සිටි කුමාර කරුණාරත්න නැමැති තරුණ ලේඛකයාට නවකතා පොතක් ලියා දෙන්නැයි ප්‍රකට පොත් සමාගමකින් ආරාධනයක් ලැබෙනවා. ඒ අනුව ඔහු ‘ආදර රත්ෙන්’ නමින් නවකතාවක් ලියා ඔවුන්ට බාර දුන්නේ දින හත අටක් ඇතුළතයි.
පුවත්පතක පළ නොවී පොතක් වශයෙන් පළවූ කුමාර කරුණාරත්නගේ එම ප්‍රථම නවකතාව දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙස උණු කැවුම් වගේ අලෙවි වූ බවට දයාවංශ ජයකොඩි මහතා සාක්ෂි දරනවා.
‘‘ආදර රත්නේ නවකතාව අතිශය ජනප්‍රිය වූ නිසා ඊළගට අතුරු මිතුරු, ඔබයි මමයි, සිතට සිතක් කියන ඔහුගේ තුන් ඈදුතු නවකතා අපි ප්‍රකාශයට පත් කළා. ඇත්තටම අතුරු මිතුරු, ඔබයි මමයි කියවලා අවසන් කොටස කියවන්න පාඨකයන්ට පුදුම නොඉවසිල්ලක් තිබුණේ පොත් සාප්පුවට ඇවිල්ලත් අහනවා. සිතට සිතක් කවදද නිකුත් වෙන්නේ කියලා.
කොච්චරද කියනවා නම් සිතට සිතක් නිකුත් වෙලා සති දෙකක් වගේ කාලයක් තුළ පොත් දහතුන් දහසක් පමණ අලෙවි වුණා. අද හිතනකොටත් පුදුමයි. ඉතින් කුමාර කරුණාරත්න නවකතාකරුවකු ලෙස ස්ථාවර වුණා වගේම අපේ පොත් ප්‍රකාශනයත් ඔහු නිසා දියුණු වුණා. ඒ වගේම කුමාර කරුණාරත්න කියන්නේ මනුස්සකම් පිරුණු මනුස්සයෙක් අපි හොඳ මිතුරන් වශයෙන් ඔහු මිය යන තුරුම අාශ්‍රය කළා’’ දයාවංශ ජයකොඩි මහතා කිසි ලෝබකමක් නැතුව සිය මිතුරා අගේ කළා.
ඒ අතුරු කතාවක්
ප්‍රධාන කථාව මෙහෙමයි.
කුමාර කරුණාරත්නයන්ගේ එකම දියණිය මධුවන්ති කරුණාරත්න
කුමාර ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ඇය ඇසුරේ. තාත්තාගේ දුක සැප රැකවරණය සියතට ගෙන අවසන් කාලයේ පොඩි දරුවකු සේ ඔහු රැක බලාගත්තේ ඇය.
අයියා ප්‍රභාත් හා සමාධි හර්ෂ චාමර මල්ලිලා කාර්ය බහුල රැකියාවන්හි නියුතුව සිටි නිසාත් ඇතැම් අය රටින් බැහැරව වෙසෙන නිසාත් ගුරුවරියක් වූ මධුවන්ති ළඟ තාත්තා බොහොම නිදහසේ සතුටින් කාලය ගත කළා.
තාත්තා මට හැමදාමත් කිව්වේ ‘මයෙ අම්මා’ කියලා. පුංචි කාලේ අයියයි මල්ලිලායි ඒ ගොල්ලන්ෙග් හැමදේම කිව්වේ අම්මට. ඒත් මම හැම එකටම දුවන්නේ තාත්තා ළඟට. මම විතරයි තාත්තා ළඟට කෙළින්ම යන්න බය නැත්තේ.
කොළඹ මාලිගාවත්තේ මහල් නිවාසවල තිබුණු අපේ ගෙදර කාමර දෙෙකන් එකක් තාත්තාටම වෙන්වෙලා තිබුණා. ගල්ගේ සිංහයා වගේ තාත්තා ඒකෙමයි. ලියලා ලියලා එළියට එන වෙලාව කියන්න බෑ. අම්මා අපි පස්දෙනාම අනිත් කාමරේ තියාගෙන මේච්චල් කර ගන්නවා. ලෝකේ පෙරළුනත් තාත්තාට ගාණක් නෑ.
මධුවන්ති පුංචි කාලේ හිතින් බදාගෙන කතාව පටන් ගත්තා.
කුමාර කරුණාරත්න ලේඛන දිවිය පටන් ගන්නේ හැටේ දශකයෙන්. මෙරට සාහිත්‍ය කලාවේ සුවිශේෂී කාලවකවානුවක් වූ එවක පේරාදෙණි සාහිත්‍ය වැනි විශ්වවිද්‍යාල ගුරුකුලවලට අයත් නවකතාවලට එක් පාඨක පිරිසක් නතු වී සිටියා තවත් පාඨක පිරිසක් මාරක කතා, රහස් පරීක්ෂක කතා වැනි ත්‍රාසය භීතිය දනවන නවකතා කෙරෙහි බැඳී සිටියා.
මෙම කණ්ඩායම් දෙක අතර මැද සරල සැහැල්ලු නවකතා සෙවූ විශාල පාඨක පිරිසක් ද සිටින බවට නොයෙක් ඉඟි පළවී තිබුණා. පළමුකොට කරුණාසේන ජයලත් ගොළු හදවතින් ආමන්ත්‍රණය කළේ එම පාඨක පිරිසටයි. ජයලත් එසේ එක් රැස් කළ පුළුල් පාඨක සමාජයට ඇතුළුවීමට ජයලත් පසුපස තවත් ලේඛකයන් පෙළ ගැසෙන අයුරු වැඩිකල් යන්නට පෙර දක්නට ලැබුණා. ඒ අතර මුලින්ම සිටි පුද්ගලයා කුමාර කරුණාරත්න බව අතීතයට එබිකම් කරන විට නිසැකවම දැන ගත හැකියි.
‘‘තාත්තාට අවුරුදු දහහතක් විතර කාලේ තමා තාත්තාගේ අම්මා, අපේ ආච්චි නැතිවුණා කියන්නේ. රෑ නිදියන්න ගියාම කතන්දර කියලා ආච්චි තමා තාත්තගෙ හිතට මුලින්ම කතා රසය පුරුදු කරල තියෙන්නේ. එක කතාවක් කියලා ඉවර කරන්න ආච්චිට දවස් ගාණක් ගතවෙනවාලු.
තාත්තාෙග තාත්තා අපේ සීයා ගොවියෙක් වුණත් ගමේ සඳකිදුරු නාඩගම එහෙම රඟ දැක්වූ කලා ශිල්පියෙක්. පෙරහර උත්සව කාලෙට නැතුවම බැරි කෙනෙක් කියලා තාත්තා කියනවා. ඉතින් ඔය ආභාසය එක්ක තමා තාත්තා ලිවීමට පිවිසෙන්නේ.
මුලින්ම ලියලා තියෙන්නෙ කෙටිකතා. ගමේ ඉස්කෝලේදී බිත්ති පුවත්පතට පොඩි පොඩි කතා ලියලා පස්සේ එ්කේ සංස්කාරකත් වුණාලු. ඒ හුරුවෙන් තමා පත්තරවලට ලියන්න පටන් අරන් තියෙන්නෙ. පත්තරවලට කෙටිකතා යවලා ඒවා පළවෙනකල් සති ගණන් බලාගෙන ඉන්නවලු.’’ මධුවන්ති මේ කියන්නේ නවසිය පනහෙ විතර කාලෙ තාත්තාගෙ විස්තර.
කුමාර කරුණාරත්නගෙ මුල්ම කෙටිකතාව මඟුල් තෑග්ග පළවුණේ ජනතා පත්තරේ. ඒ කාලේ හවසට නිකුත්වන ජනතා පත්තරේ කෙටි කතාව හරිම ජනප්‍රිය අංගයක්. ජනතා කෙටිකතා තරගයකිනුත් තාත්තාට ජයග්‍රහණ ලැබී තිබුණා. එහි නිතර කෙටිකතා පළවන ලේඛක ලේඛිකා පිරිසක් හිටියා. ධර්මසිරි ගමගේ, ඔගස්ටස් විනයාගරත්නම්, දයා ද අල්විස්, ප්‍රේමා ගමගේ, රෝහණ කස්තුරි, දයා කහවල, ජෝර්ජ් ස්ටීවන්, පියසිරි නාගහවත්ත වගේ අය.
මේ සියලු දෙනා පසු කාලෙක හිතවතුන් වූ අතර කුමාර කරුණාරත්න සහ ධර්මසිරි ගමගේ සමීප යහළුවන් බවට පත් වුණා. ඇතැම් විට ධර්මසිරි හමුවීමට ඔහුගේ නිවසට යන එන කුමාරට එහිදී ධර්මසිරි ගේ නැගණිය ප්‍රේමා ගමගේ ද හමුවෙනවා. අැය ජනතාවට කෙටිකතා ලියන ප්‍රේමා ගමගේ බව ඒ වන විට කුමාර දන්ෙන් නෑ. කෙසේ හෝ පසු කාලෙක කුමාර කරුණාරත්න සිය ජීවන සහකාරිය ලෙස ඒ ප්‍රේමා ගමගේම තෝරා ගන්නවා. කුමාර නවකතාකරුවකු ලෙස දිගු ගමනක් අරඹන්නේ ද ඇය සමඟ විවාහයෙන් අනතුරුවයි.
අක්කා නගෝ, ආදර රත්නේ, අතුරු මිතුරු, ඔබයි මමයි, සිතට සිතක්, තුෂාර හා වසන්ති, රුව ඇති දුව, දෙහදක ආදරය මැදින්, කටු කුරුල්ලෝ සිට ඕලු දක්වා ඔහුගේ නවකතා ලැයිස්තුව නම් වශයෙන් පනහකට හැටකට වඩා දිගු බව නම් සත්තයි. ඒ අතර සිනමාවට හා ටෙලි නාට්‍යයට නැගුණු කතා රැසක් තිබෙනවා.
‘‘තාත්තාගෙ පොත්වලට ඒ කාලේ සමහර අයගෙන් දැඩි විවේචන තිබුණා. එ්වා බොළද ප්‍රේම කතා කියලා. එත් තාත්තා කිසි විවේචනයකින් සෙලවුණේ නෑ. ආදරය ප්‍රේමය හැමදාමත් බොළඳ බවට වාදයක් නෑ. එ්ත් එ් හරහා තරුණ ප්‍රශ්න සමාජ විෂමතා විනිවිද දැකීමට ඕන තරම් ඉඩ ප්‍රස්ථා තනා ගත හැකි බව තාත්තා කීවා. කීවා විතරක් නෙවෙයි තම නවකතා මගින් ඒ බව ඔප්පු කර පෙන්නුවා.
‘‘තාත්තගෙ නියං කුරුල්ලෝ නවකතාවට තේමා වන්නේ වෙළඳ කලාපයේ කාන්තාවන් රටේ ආර්ථිකයට දිරි දෙමින් තම ජීවන අරගලය හා වෘත්තීය පීඩනය දරා සිටින ආකාරය. අාවා ගියෝ නවකතාව 71 තරුණ කැරැල්ලට පසුබිම් වූ සමාජ වාතාවරණය විවරණය කරනවා. මගුල් සක්වළ කතාව වුණත් ආදර කතාවකට වඩා වෙනස්. අසුර භවන දේශපාලන බලකාමයෙන් උමතු වූ පවුලක ඛෙදවාචකය කියන තියුණු සමාජ කතිකාවක්. තාත්තා බලාපොරොත්තු වූ පරිදි ඒ කිසිවක් එදා විචාරක ඇසට හසු වුණේ නෑ. එ්ත් තාත්තා හරිම සංයමයෙන් උපේක්ෂාවෙන් ඒවා විඳගත්තා මිස තම ගමනට ඒ කිසිවක් බාධාවක් කර ගත්තේ නෑ.
සිය පියාණන්ගේ විශිෂ්ට ආත්ම ශක්තිය ගැන මධුවන්ති එදාටත් වඩා අද ආඩම්බරයෙන් පසුවෙනවා. මධුවන්ති කියන දෙය කුමාර කරුණාරත්න එදා ලියා තබා ඇත්තේ මෙහෙමයි.
‘හැත්තෑව දශකයේ නවකතා ගැන කතා කරන විට ජනප්‍රිය නවකතා අතහරින්න බෑ. එය යම් කෙනෙක් වුවමනාවෙන් යටපත් කරනවා නම් එතැන ඇත්තේ කුහකකමයි. ජනප්‍රිය ලේබලය අලවමින් ගැරහීමට ලක්කරන කතාවලින් අඩුම තරමේ පාඨකයා කියවීම වෙත ඇදගැනීමවත් කර නොමැතිද? ජනප්‍රිය රැල්ලේ සියලු දෙය ඇගැයිය යුතු යැයි මා කියන්නේ නෑ. සමාජයේ රැෙඳන්නේ එයට වුවමනා යැයි පිළිගැනෙන දේයි. අනෙක්වා ඉන් බැහැර වෙනවා. සංස්කෘතිය ගොඩනැගෙන්නේ ඒ ඉතිරිවන දේ මතයි. කොතරම් ගැරහුම් කෙරුනත් ඉතිහාසය තුළ යම් දෙයකට හිමි තැන බලෙන් අහිමි කරලීම නොකළ හැක්කක්’
‘‘ප්‍රේම කතාවල වුණත් තාත්තා ඕලාරික විරහ අඳෝනා ලිව්වේ නෑ. ආදරයේ සුන්දර පැත්ත දුටු සුන්දර මනුස්සයෙක් කුමාර කරුණාරත්න කියන්නේ. යොවුන් සිත් දූෂිත නොකර තාත්තා එකිනෙකාට ආදරය කරන්න කියාදුන්නා.
මාලිගාවත්ත අපේ ගෙදර පිටුපස ලොකු අඹගහක් තිබුණා. ඒ අඹ ගහේ හැමදාම කුරුල්ලෝ පිරිලා. තාත්තා ඔය කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්න හරි ආසයි. සමහර වෙලාවට පුටුවක ඉඳගෙන පැය ගාණක් අඹ ගහ දිහා බලාගෙන ඉන්නවා. අඹගහෙන් ඇහෙන කුරුලු සංවාද අහගෙන ඉන්නවා. කුරුලු රංඩු දිහා බලාගෙන ඉන්නවා. අපටත් අඬගහලා පෙන්නනවා. එ්කෙන් හරි සතුටක් ලැබුවා. තාත්තගේ හිතේ වෙහෙස නිවුවේ ඒ අඹගහ තමයි. ඇත්තටම පස්සෙ කාලෙක මටම පුදුම හිතුණා මාලිගාවත්ත මහල් නිවාස වගේ ජනාකීර්ණ කලබලකාරී ඝෝෂාකාරී වටපිටාවක ඉන්න ගමන් තාත්තා මේ තරම් පොත් ගොඩක් ලිව්වේ කොහොමද කියලා.
පුංචි කාලේ අපට හරි කුතුහලයක් තිබුණා තාත්තා කාමරේට වෙලා මොනවද මේ හැටි ලියන්නේ කියලා. ඉතින් තාත්තා කාමරෙන් ටිකකට එළියට ගිය ගමන් අපි ගිහින් තාත්තා බාගෙට ලියල තියෙන කොළේ ඉතිරි හරියේ මොන මොනව හරි ලියනවා. මල්ලිලා කුරුටු බලි අඳිනවා ඉතින් ඔන්න ඒක දැක්්කම තාත්තා ඇවිත් හිනාවෙලා අම්මට කියනවා, ‘ප්‍රේමා මේ බලන්නකෝ මේ කොල්ලෝ මගේ කතාවේ ඉතිරි ටික ලියලා කියලා’ එහෙම ලියූ කොළ තාත්තා අරන් තියලත් තිබුණා.’’
මධුවන්ති සහ සහෝදර පිරිස එදා නොදන්නාකමට තාත්තාගේ කොළ කුරුටුගෑවත් පසු කලෙක මේ සියලු දෙනාටම ලිවීමේ කුසලතාව අපූරුවට පිහිටා තිබෙන අයුරු දැකගත හැකි වුණා. ඒත් ඒ ඔස්සේ වැඩිදුර යාමට කිසිවෙකුට වුවමනාවක් ඇති වුණේ නෑ. හදිසියේ මියගිය ප්‍රභාත් කරුණාරත්න මධුවන්තිගේ අයියා තාත්තාගේ මරණය ගැන ලියූ ලිපියකින් උපුටා ගත් කොටසක් මේ.
*********
‘මීගමු පාර දිගේ හැල්මේ ගිය නොම්මර පහ කුරුණෑගල බස් රිය ජාඇලින් හැරිලා මිනුවන්ගොඩ දිවුලපිටිය පසු කරගෙන ෙකාටෙදනියාවේ නතර කළා. පුංචි එවුන් සන්දියේ අම්මයි තාත්තායි එක්ක අපි නිවාඩුවට ගමේ යනකොටත් බස් එක මේ වගේම කොටදෙනියාවේ නතර කරනවා මට මතකයි.
තාත්තා පිළිබඳ මතකය මා විසින් අනාගතයට රැගෙන යා යුත්තේ කෙසේද? මගේ මතකය විය යුත්තේ අවසන් නින්දේ නිසලව සැතපෙන තාත්තාද? නොසේ නම් මා සමග සදාතනිකවූ මතවාදී යුද්ධයකට එළැඹි දැඩි මතධාරී තාත්තාද? එසේත් නැත්නම් ජීවන යුද්ධය හමුවේ විටෙක පසු බසිමින් සහ තවත් විටෙක ඉදිරියට යමින් අප ජීවත් කරවු තාත්තාද? පරස්පර වූ සිතුවිලි සමුදායක් තුළ අතරමංව පැමිණි මම බස් එකෙන් බැස්සා.
උඹ වැරදි බස් එකේ නැගලා හැමදාම වැරදි තැනකින් බහින මිනිහෙක්. තාත්තා මට බොහෝ විට කියනවා. වැරදි බස් එකක නැග්ග මිනිහෙකුට හරි තැනකින් බහින්න පුළුවන්ද තාත්ෙත්. බැරිම තැන මමත් තර්ක කළා. තාත්තත් මමත් අතර පැවැති අැතැම් මත ගැටුම් සම්බන්ධයෙන් මා නිවැරදි යැයි බොහෝ විට උපකල්පනය කරන මට එදා වැරදුනා. හරි බස් එකේ ඇවිල්ලත් මම බැහැල තිබුණේ ගව්ගාණක් දුර වැරදි බස් නැවතුමකින්.
අනෝරා වැස්සේ මම තෙමීගෙන ගෙට ගොඩවුණා. සමාජ අසාධාරණයෙන් හෙම්බත් වුණ යෞවනයන්ගේ ඛේදවාචකයේ අලගිය මුලගිය හේතු හෙළිදරව් කරන්නට ප්‍රේම කතාව මාධ්‍යයක් කොට ගත් අදීන ලේඛකයාගේ නිසල සුරත ළය මත රැඳී තිබුණා.
*********
‘‘මම වයසින් වැඩෙනකොට තාත්තා කවදාවත් මත්පැන් පානය කළේවත් අපේ ගෙදරදි කිසි ෙකනෙකුට මත්පැන් දුන්නේවත් නෑ. ගුරුවරියක් හැටියට රැකියාව කළ අපේ අම්මා ටික කාලයක් ඇමෙරිකාවේ රැකියාවකට ගියා. ඒ කාලෙ තාත්තා මාව බලාගත්තේ නාගයෙක් මැණිකක් රකිනවා වගේ. එතකොට මම යමක්කමක් තේරෙන වයසෙනේ. තාත්තායි මමයි හරි යාළුයි
තාත්තා මට එයාගෙ ජීවිතේ අකුරක් නෑර කියනවා. ගමේ දි ප්‍රථම ප්‍රේමයෙන් පරාජිතවෙලා ලියන්න පටන් ගත්තු හැටි කිව්වේ කලබල වෙලා තීරණ ගන්න එපා කියන අදහස මගේ හිතට දැනෙන විදිහට.’’ මධුවන්ති උගුර පාද පාද විස්තර කරනවා.
කුරුණෑගල කටුපොත ගමේ උපන් කුමාර කරුණාරත්න තෙලහැර බෞද්ධ මිශ්‍ර පාසලෙන් ෙජ්‍යෂ්ඨය සමත්ව ඉංග්‍රිසි අධ්‍යාපනයට වැවගම කනිෂ්ඨ පාසලට ඇතුළත් වෙනවා. එතැන වැඩිකල් නොසිටි ඔහු නක්කාවත්ත කනිෂ්ඨයට ගොස් ඉංග්‍රීසි අධ්‍යාපනයට ඉල්ලුම්පතක් ඉදිරිපත් කරනවා. හතළිස් ගණනක් ශිෂ්‍යයින් සහභාගි වූ පරීක්ෂණයකින් එයට තෝරා ගත්තේ කුමාර පමණක් වීම ඔහු ලද විශාල ජයග්‍රහණයක් වුණා.
කුමාර කරුණාරත්න ශිෂ්‍යයා එහි සීනියර් පන්තියේ සිටියදී සිය සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට උදව්වීමට ඔහුට රැකියාවක් ගැන හිතන්නට සිදු වුණා. ඔහු පුරුද්දක් වශෙයන් රජයේ ගැසට් පත්‍රය බලමින් රැකියා ඉල්ලුම් පත්‍ර දමන්නට පටන් ගත්තා. රජයේ ලිපිකරු විභාගයත් ගුරු විද්‍යාල ප්‍රවේශ විභාගයත් දෙකම එකට ගැසට් පත්‍රයේ තිබුණු නිසා ඔහුට ඉන් එකක් තෝරා ගැනීමට සිදු වුණා.
ගුරු වෘත්තියට ආසා කළ නමුත් ඔහු එවේලේ රජයේ ලිපිකරු විභාගය තෝරා ගන්නවා. ඒ අනුව වාරියපොල ආදායම් නිලධාරී කාර්යාලයට පළමු පත්වීම ලබන ඔහු ටික කලකින්ම කොළඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පත් ව ආවා. කොළඹදී තම අධ්‍යාපන කටයුතු තව දුරටත් කරගෙන යාමට අදිටන් කරගත් ඔහු ලන්ඩන් උසස් පෙළ ලියා සමත් වුණා. ලන්ඩන් බී.ඒ. විභාගයත් ඔහු ඉලක්ක කොට ගෙන සිටි නමුත් මෙරටදී එම විභාගයට පෙනී සිටීමට නොහැකි බවට රජය ගත් තීරණයක් නිසා එය වැළකුණා. ඊළඟට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලන බාහිර උපාධියට ලියාපදිංචිවීමට සූදානම් වූ නමුත් ඔහුට නැවතත් කුරුණෑගලට මැරුවීමක් ලැබීම නිසා එය ද මඟහැරී ගියා.
එතැන් සිට රජයේ විවිධ දෙපාර්තමේන්තුවල රැකියාවේ යෙදෙන අතර කුමාර කරුණාරත්නට පුවත්පත් සඳහා නවකතා ලිවීමට අවස්ථාව ලත් අයුරු ඔහු සටහන් කර ඇත්තේ මෙසේයි.
‘මට විසිතුර පත්තරේ කර්තෘ ආතර් යූ අමරසේන මහතා හඳුන්වා දුන්නේ ජනතා පත්තරේට කෙටිකතා ලිව්ව මිත්‍රයෙක්. ඒ අනුව මට විසිතුර පත්තරේ ඡායාරූප සහිත නවකතාවක් ලියන්න අවස්ථාව ලැබුණා. ‘තහනම් ගෙඩි’ කියන ඒ කතාවට ටෝනි රණසිංහ, සන්ධ්‍යා කුමාරි ජායාරූපවලට පෙනී සිටියා. ඒක හුඟක් ජනප්‍රිය වුණා.
ඒ අතර දවස පත්තරේ ගුණදාස ලියනගේ මහත්තයා අඳුරගෙන ඔහු මා ඩී.බී. ධනපාලයන් වෙත එක්ක ගියා. ඒ නිසා තමා රිවිදින පත්තරේට අක්කා නගෝ නවකතාව කොටස් වශයෙන් ලියන්න ලැබුණේ. ඒකට මම නම දාෙගන ගියේ පළඟැටියෝ කියලා. ඒකත් හරිම ජනප්‍රිය වුණා. එතැනින් පස්සේ තමා මට දිගින් දිගටම පත්තරවලින් ආරාධනා ගලාගෙන ආවේ නවකතා ලියන්න.’’
කුමාර කරුණාරත්නයන්ගේ ආදර රත්නෙ ආදර ගීතය, වසන්තයේ දවසක් සහ තුංමංසල නවකතාව සඳකඩ පහන වශයෙනුත් සිනමාවට නැගුවා. රතු රෝස, මගුල් සක්වළ, සෙව්වන්දි, සුදු රෝස මල, ඕලු සහ සහෝදරියෝ නවකතාව අැතුගල පාමුල නමින් ටෙලි වෘත්තාන්ත වුණා. පොත් බවට පත් නොවූ තවත් ටෙලි කතා රැසක් සහ සිනමා තිර නාටක රැසක් ද කුමාර කරුණාරත්න නිර්මාණ පෙරහරට අයත් වෙනවා. ඒ අතර අමරනාත් ජයතිලක සිනමා නිර්මාණයක් වූ අරුණට පෙර හි තිර රචනය ලියූ කුමාර කරුණාරත්න ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඒ හැර ඔහුගේ දිගු සාහිත්‍ය චාරිකාවේදී ජනතා ප්‍රසාදය මිස වෙනත් කිසිදු සම්මානයක් හිමි නොවීම දෛවයේ සරදමක් වගේ. ජීවන ගමන මරුකතර හා උඩවැඩියා මල් යනුවෙන් ඔහු ලියූ කෙටි කතා පොත් තුනකුත් තිබෙනවා.
‘‘අපේ තාත්තා නියමිත කාලයට කලින් රජයේ සේවයෙන් කැමැත්තෙන් විශ්‍රාම ගියා. ඊට පස්සේ පූර්ණකාලීනව ලිව්වා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරු වෙලා ඉඳලා ඩෙන්සිල් ප්‍රනාන්දු නියෝජ්‍ය කර්මාන්ත ඇමැතිවරයාගේ ලේකම් කෙනෙක් හැටියට තමා විශ්‍රාම ගියේ. ඊට පස්සේ තමා අම්මා විදේශගත වුණේ.
නැවත ඇවිත් අම්මා තාත්තගේ අත් පිටපත් ලියන්න එහෙම හුඟක් උදව් කළා. අපේ ඉස්කෝල වැඩ ගැන සෙව්වේ බැලුවේ අම්මා. අම්මත් ලේඛිකාවක් වුණාට අම්මා ඒ ගැන අමතක කරලා පවුලේ කටයුතු වෙනුවෙන්ම ෙවහෙසුනා. අපේ ගෙදර කවදාවත් පුරුෂාධිපත්‍ය, කාන්තා විමුක්තිය වගේ ඒවට ඉඩක් තිබුණේ නෑ. තාත්තයි අම්මයි ඒ දෙන්නට දෙන්නා ගරුසරු ඇතිව සහයෝගයෙන් හිටියා.’’ මධුවන්ති දිගටම කියාගෙන යනවා.
හැට හැත්තෑව දශකවල කුමාර කරුණාරත්නගේ නවකතාවක් පළ ෙනාවූ පත්තරයක් සොයා ගැනීමට නොහැකි තරම්. ‘ඔබේ නවකතා පළවූ පුවත්පත් මොනවාදැයි’ වරක් පුවත්පත් වාර්තාකරුවකු ඇසූ විට කුමාර පිළිතුරු දී තිබුණේ මගේ කතා පළවූ පත්තර සොයනවාට වඩා මගේ කතාවක් පළ නොවූ පත්තර සොයන එක පහසු වේවි කියාය. එකල ඔහුගේ නවකතාවට තිබූ ඉල්ලුම ඒ තරම් ඉහළයි. එ්ත් කුමාර කියන්නේ නවකතා පොතකින් තරම් පුවත්පතක ෙකාටස් වශයෙන් පළවන නවකතාවකින් තමා තෘප්තියක් ෙනාලබන බවයි. ඒ කෙෙස් වෙතත් කුමාරගේ නවකතා එකල පුවත්පත් අලෙවියට විශාල දායකත්වයක් දුන් බව නම් කිසිවකුට නැතැයි කිව නොහැකිය.
‘‘තාත්තා ඉස්පිරිතාලෙකට ගියත් වෙනත් වැඩකට කන්තෝරුවකට ගියත් නම කියන්නේ කේ. කරුණාරත්න කියලා. මම අහවලා කියා පෙනී හිටින්න කැමති වුණේ නෑ. එක අවස්ථාවක තාත්තට හෘද රෝගී තත්ත්වයක් ඇවිත් බෙහෙත් ගන්න ගියාම ඒ විශේෂඥ වෛද්‍යවරයා තාත්තාව හඳුනා ගත්තා.
‘‘ඔයාගේ හදවත විශාල වෙලා තියෙන්නේ හදවතේ ආදරය පිරුණු නිසා ආදර කතා නිසා කියලා ඩොක්ටර් විහිළුවකුත් කළා එහෙම කියලා අපට කිව්වා. තාත්තා ඔයාලට විතරක් නෙවෙයි රටටම අයිති කෙනෙක් කියලා. දවසක් මඟුල් ගෙදරකදි තාත්තා අඳුරගත්ත තාත්තගෙ වයසේම කෙනෙක් ඇවිත් තාත්තාව වඩා ගත්තලු. සමහරු පාරේ දැක්කමත් වඳිනවාලු. ඉතින් තාත්තා හරි බයයි කට්ටිය අඳුරගන්නවට. ඉතින් ඔය වගේ සිද්ධි මතක් කරකර හිනාවෙනවා තාත්තා වෙලාවකට.’’ මධුවන්තිත් හිනා වුණා.
මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට කුමාර කරුණාරත්න ගැන ආසන්නම මතකය ඕලු ටෙලි නාට්‍යයයි. හුඟක් ජනප්‍රිය වුණ එයත් කාණ්ඩ පහකට පොත් වශයෙන් නිකුත් වුණා.
ඕලු ලිව්වේ තරුණයා පත්තරේට. අනූනව වැනි කොටස ලියලා තියෙද්දි තාත්තා වැටිලා අත කැඩුණා. ඉතින් සියවෙනි කොටස තාත්තා කියනකොට මං ලිව්වා. ඒ පිටපත යැව්වම එදා තරුණයා කර්තෘ රොඩ්නි විදානපතිරණ මහත්මයා එහෙම කිව්වා කුමරගෙ අත කැඩිලා කියන්නේ බොරු. අත කැඩිලනම් මෙහෙම ලියන්නේ කොහොමද කියලා. මොකද තාත්තගෙයි මගෙයි අත් අකුරු එකම වගේ කිසිම වෙනසක් නෑ.
මම ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ මට දුවෙක් ලැබුණොත් තාත්තාගේ පොතක එන චරිතයක නමක් දානවා කියලා. ඒ කාලේ මම ආසාවෙන් හිටියේ රතු රෝස එකේ චාපා කියන නමට. එත් ඕලු ෙගාඩක් ජනප්‍රිය වුණ නිසා මගේ දුවට ඕලුනි කියල නම දැම්මා. තාත්තත් ඉතින් මගේ පුංචි ඕලු මල කිය කියා මගේ දුව හරියට හුරතල් කළා. එයාට හිටියා මිනිබිරිෙයා්ම පස් දෙනෙක්. එක මුණුපුරෙක් හිටියා. එයා තාත්තට දකින්න ලැබුණේ නෑ ඇමෙ රිකාවේ නිසා.
මගේ දුව ‘‘ඕලු’’ පොත් පහ එක පොතක් හැටියට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හිතාගෙන ඉන්නවා. එයා විශ්වවිද්‍යාලයේ භාෂා අංශයෙන් අධ්‍යයන කටයුතු අවසන් කරලා ඉන්නේ. ඉස්සර අපි කාටත් ඉංග්‍රීසි සිංහල ඉගෙන ගන්න තාත්තා හුඟාක් උදව් කළා. ඇත්තටම තාත්තා ශබ්ද කෝෂයක් වගේ. මම ඉංග්‍රීසි ගුරුවරියක් වුණාට පස්සේත් තාත්තා මට හුඟාක් ගුරුහරුකම් දුන්නා.
සුදු රෝස මල නවකතාවේ තාත්තාගෙ භාෂා ශෛලියට මම හරිම කැමතියි. ඒක අමුතුම විදිහක්. රැකියාවක් තෝරා ගන්න වුණත් තාත්තා අපට බලපෑම් කළේ නෑ. මට ගුරු විද්‍යා පිඨයටයි. බැංකුවටයි එකම දවසේ සම්මුඛ පරීක්ෂණයකට යන්න වුණා. තාත්තා මට කිව්වා ඕන එකකට යන්න එ්ත් ටීචර් කෙනෙක් වෙනවානම් මං කැමතියි කියලා. ඉතින් මම ගුරු වෘත්තිය තෝරා ගත්තා. හර්ෂ මල්ලි රූපවාහිනියේ රැකියාවට ගියාමත් තාත්තා හුඟක් සතුටු වුණා. අනිත් මල්ලිලා දෙන්නා සමාධියි චාමරයි කලක ඉඳලම පිටරට රැකියාව කරන්නේ.’’ මධුවන්තිගෙ කටට තවමත් ඉවරයක් නෑ.
‘‘අම්මා නැති වුණාට පස්සේ තාත්තා ටිකක් පසු බැස්සා. ලියන්න ලියන්න කියලා මම බල කරනකොට කිව්වේ දැන් මගේ පෑනේ තීන්ත ඉවරයි කියලා. කොහොමහරි ඔන්න කිඳුරු දඩයම ලියන්න ගත්තා. එ්ක තාත්තගේ 75 වැනි උපන් දිනයට එළිදක්වන්න අපි හිතාගෙන හිටියේ. එ්ත් ඊට කලින් තාත්තා යන්න ගියා. අවසන් නොකළ කිඳුරු දඩයම ඉතුරු පරිච්ඡේද දෙක මට ලියන්න කියලා හැමෝම කියනවා. දැන් ඒ ගැනත් හිත හිතා ඉන්නවා.’’
කිඳුරු දඩයමේ ඉතුරු ටික පමණක් නෙවෙයි මධුවන්තිට තාත්තාගේ කතා කලාව ඉදිරියට රැගෙන යා හැකි කුසලතා එමටයි. ඇගේ ලියවිලිත් කදිමයි.
තාත්තා හොඳ චිත්‍ර ශිල්පියෙක්. පොත් පිටකවර ඇඳලා තියාගෙන හිටියා. ඒවා පොත්වලට දැම්මේ නෑ. චරිතවලට පොත්වලට නම් දැම්මෙත් එයාම හිතලා. පොතක් මුද්‍රණය කළාම පළවෙනි පොත දෙන්ෙන අම්මට. ‘සුදු රෝස මල’ නවකතාව විතරක් මගේ ‘එකම දු මධුට’ කියල මට ලියාදුන්නා.
තාත්තා වයස 20-25 දි වගේම අවුරුදු හැත්තෑව පහුවෙලත් ප්‍රේම කතා ලිව්වා. සමාජය ගැන හරිම විමසිල්ලෙන් යථාර්ථය තමා ලිව්වේ. එ්කයි එච්චර කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් වුණේ කියලා මට හිතෙනවා. එ කාලෙ තාත්තට ගෑනු ළමයින්ගෙන් හරියට ලියුම් එනවා. තාත්තා අපට පෙන්නලා හිනාවෙනවා. මට තවම ‘ලව් ලෙටර්ස්’ එනවා කියලා.’’ ඉතින් ඔය වගේ තමා තාත්තාගේ ලිවීමත් එක්ක අපි හුඟාක් තෘප්තිමත් ජීවිතයක් ගත කළා.
දෝරෙ ගලන මතක ගඟුලකින් දිය දෝතක් පමණක් මධුවන්ති අප ඉදිරියේ මුදාහැරියා. ඒ මතක දෝත අතරේ සැඟවී තිබුණු ඇගෙ හදවතේ රාවය, සදාතනික ප්‍රාර්ථනය කියවා ගැනීමට අපට අපහසු වුණේ නෑ.
‘ලෝ දහම අභිමුවේ කම්පිතව ළදල්ලක් වගේ සැලෙන සිත ඉව වැටුණාම ළෙන්ගතුව මගේ හිත පිරිමදින්න අනේ තාත්තා ආයේ එනවා නම්’
පුෂ්පා ඉලංගන්තිලක
ඡායාරූපය - චානුක කුලසේකර.
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල
ගාවි ප්‍රනාන්දු කියන නම නුහුරු වුණත් රූපය නම් සෝෂල් මීඩියාවල ඔබට හුරුපුරුදු රුවක්. යූටියුබ් සහ ටික්ටොක් හරහා නිතර අලුත් අලුත් වීඩියෝවලින් දකින ඇයට මේ
රංගනයේ මුල්ම රංගනයේ මුල්ම අත්දැකීම ඔහු ලබන්නේ පාසලෙනි. පාසලෙන් ආභාසය ලබා 2019 වසරේදී විශ්ව විද්‍යාලයේ හොදම නලුවා ලෙස සම්මාන ලබා අද වන විට ටෙලි නාට්‍ය, චි
“හාමුදුරු චරිතයක් නම් ඉතින් ඒකට ගැළපෙන්නෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමයි.. එයාගෙ පෙනුම විතරක් නෙමෙයි ඉරියව් පවා ඒකට හොඳටම ගැළපෙනවා..”
දක්ෂ පිටපත් රචකයෙකු වූ තම සැමියාගේ අත්වැලින් කලා ලොවේ මුල් පියවර තැබූ ඇය දැන් තම දක්ෂතාවයෙන් පුංචි තිරය හැඩකරමින් සිටියි.
මායාවි ටෙලි නිර්මාණයේ සරමට හැඩ ගම්බද පවන් සිරි යනු පුංචි තිරයට අනුව මන්ගේෂ්වරීගේ ’’පවන් පණ’’ වේ. කඩවසම් දේහධාරී තරුණයෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවකතා ලෝකයේ කුමාර කරුණාරත්ත සලකුණ