IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි


තමන් රංගනයෙන් දායකවූ පළමු නිර්මාණයෙන්ම ප්‍රේක්ෂක සිත් තුළ මතකයන් නිමග්න කළ හැකිනම් - එය සැබවින්ම රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියෙකු ගේ වාසනාවකි. මේ දිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන ’පාට කුරුල්ලෝ’ හි මංජිතගේ කටකාර, දඟකාර, වදකාර පෙම්වතිය ගේ චරිතයට පණ පොවන ඇය එවැන්නියකි. නිරූපණ ක්ෂේත්‍රයෙන් තම ගමන් මග ආරම්භ කරමින්, ගගුලි ගේ චරිතය හරහා ප්‍රේක්ෂක කතා බහට ලක්වන ඇය – නමින්, දෙව්මිණි  තත්සරණි 

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.

  • දෙව්මිණි බොහෝදෙනෙක් හඳුනගන්නේ, ගගුලි කියන චරිතය නිසා. ඉතින් ගගුලි ගැන මුලින්ම කතා කරමු.

මට මේ චරිතෙට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ පාට කුරුල්ලෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයාගේ ආරාධනාවක් හරහා. ගගුලි කියන්නෙ නපුරු, දඟකාර, කටකාර චරිතයක්. නිතරම තමන්ගේ පෙම්වතා අවිශ්වාස කරන, ඔහු සමග රණ්ඩු කරන කෙනෙක්. ඇත්තටම මේ චරිත ලක්ෂණ නිසාම ගොඩ දෙනෙක් මේ චරිතයට බනිනවා. හැබැයි ඉතින් ඒ තමයි ගගුලි. 

  • මුලදි හිතුව ද මේ තරම් ඉක්මනින් ප්‍රේක්ෂකයො අතරට එන්න ලැබෙයි කියල?

ඇත්තටම මුලදි නම් එහෙම හිතුණෙ නැහැ. හැබැයි දැන්නම් පාට කුරුල්ලෝ කීවම නොදන්න කෙනෙක් නැති තරම්. මඟ තොටේදි වුණත් හැමෝම වගේ හඳුනගෙන කතා කරනවා. මුලදි එහෙම අදහසක් තිබුණෙ නැති වුණත් - ටෙලිනාට්‍ය විකාශනය වුණ විදිහ, ඒකෙ ගුණාත්මක බව, වගේ දේවල් එක්ක පසුකාලීනව හිතුණා ජනප්‍රිය වෙයි කියල. ඒත් මේ තරම් ජනප්‍රියතාවක් බලාපොරොත්තු වුණේ නැහැ. මෙතනදි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා , නිෂ්පාදකතුමා වගේම තිරපිටපත් රචකයා ඇතුළු මුළු කණ්ඩායමත්, රංගනයෙන් දායකවන සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් ආදරයෙන් මතක් කරන්න ඕන. මොකද අද මම යම් තැනක ඉන්නවා නම්, ඒ ඉන්නේ ඒ හැමෝගෙන්ම ලැබුණ සහයෝගය නිසා.

  • දෙව්ම්ණිගේ ජනප්‍රියත්වයට කුසලුත් ලොකු හේතුවක්. ඉතින් කුසල් එක්ක වැඩ කරන එක කොයි වගේ ද?

පාට කුරුල්ලෝ ඇතුළේ ගොඩක්ම මට වැඩ කරන්න තියෙන්නේ කුසල් අයියත් එක්ක. ඇත්තටම අපි දෙන්නට, අපි දෙන්නගෙ රංගනයට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. කුසල් අයියගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා සහ ඉගෙන ගන්නවා. ඔහුගෙන් ලැබෙන ඒ උදව් ගගුලිගේ චරිතය හොඳින් කරන්න වගේම, මගේ අනාගත රංගන කටයුතුවලටත් ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා. 

  • ගගුලිගෙ සහ මංජිතගේ ආදරේ දෙව්මිණිට දැනෙන්නේ කොයි විදිහට ද?

ඇත්තටම එතනදි නම් - මම ටෙලි නාට්‍ය බලනකොට, මටත් කේන්ති යනවා ගගුලි කරන වැඩවලට. හැබැයි ගගුලි ඒ තරම් රණ්ඩු කරන්නේ ආදරේ නිසාම තමයි. ආදරේ වැඩි වුණාම නොදැනුවත්වම ඒ දෙන කරදරේ නම් ටිකක් විතර වැඩියි. හැබැයි ආදරේ නිසා තමයි මේ හැම දේම. 

  • දෙව්මිණි දැන් ප්‍රේමවන්තියක් ද?

නැහැ.

  • දෙව්මිණි ප්‍රේමවන්තියක් වුණු දවසටත් ගගුලි වගේ වෙයිද?

කොහෙත්ම නැහැ. ගගුලිගෙ චරිතෙ කරලම මට ඒවගේ අය එපා වෙලා ඉන්නේ. මම සාමාන්‍යයෙන් සරල සහ අවශ්‍ය තැනදි විතරක් කතා කරන නිහඬ චරිතයක්. ඉතින් ඒ නිසා මම එහෙම කෙනෙක් වෙන එකක් නැහැ සහ මට එහෙම වෙන්න කොහොමත්ම බලාපොරොත්තුවක් නැහැ.

  • ගගුලි වටා ඉන්න චරිත බොහෝමයක් ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්. ඔවුන් සමග වැඩකටයුතු කිරීම කොහොම ද?

ඇත්තටම මම හිතනව මේ වගේ ප්‍රවීණයෝ ගොඩක් එක්ක වැඩකරන්න ලැබුණු එක මට ලැබුණ ලොකු අවස්ථාවක් සහ වාසනාවක් කියලා. මොකද ඒ හැමෝගෙන්ම මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. ඒ ඇසුරින් මම මගේ රංගන ජීවිතයට ගොඩක් වැදගත් දේවල් එකතුකර ගන්නවා. ඒවගේම තමයි නවක නිළියක් විදිහට මට ඒ අයගෙන් ලොකු සහයෝගයකුත් ලැබෙනවා මේ චරිතය කරගෙන යන්න. 

  • ඔබ දැන් වෘත්තීය රංගන ශිල්පිනියක් ද?

ඔව්, මම වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට වගේම වෘත්තීය නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කරනවා.

  • දෙව්මිණි කලාවට ප්‍රවිෂ්ට වෙන්නේ කොහොම ද?

නිරූපණ ක්ෂේත්‍රය හරහා තමයි ඒ අවස්ථාව උදා වෙන්නේ. මුලින්ම මම Miss World Sri Lanka 2019 තරගයට තමයි අයැදුම් කරන්නේ. මට ඒ තරගය ජයග්‍රහණය කරන්න ලැබෙනවා. ඉන් පසුව තමයි කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ.

  • රංගනය පිළිබඳ හදාරලා තියනව ද නැත්නම් හදාරමින් ඉන්නව ද?

නැහැ. මට මුලදි නම් රංගනයට එන්න ලොකු අදහසක් තිබුණෙ නැහැ. නිරූපණ ශිල්පිනියක් විදිහට තමයි වැඩ කටයුතු කළේ. දැන් මම රංගන කටයුතු අතරෙදි තමයි මේ දේවල් ඉගෙන ගන්නේ. එතනදි විශේෂයෙන් මතක් කරන්න ඕන පාට කුරුල්ලෝ අධ්‍යක්ෂක ශිවගුරුනාදන් සර්ව. දැන් මගේ රංගන කටයුතුවල යම්කිසි දක්ෂතාවයක් තියනව නම්, එහි වැඩිම ක්‍රෙඩිට් එකක් යන්න ඕන ඔහුට. මොකද ඔහු තමයි මගේ හැකියාව ඔප්නංවලා මාව මේ තැනට ගෙනාවේ. මම දැනටත් වෙනම හැදැරීම් කරන්නෙ නැහැ. හැබැයි මේ ටෙලි නාට්‍ය ඇතුළෙදි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

  • දෙව්මිණිගේ ඉදිරි කලා කටයුතු මොනවද?

රංගන කටයුතු පැත්තෙන් තවම අලුතෙන් කිසිම දෙයක් පටන් අරගෙන නැහැ. ආරාධනා කිහිපයක්ම ලැබුණත්, මම එකම විදිහෙ චරිතවලට කොටු වෙන්න කැමති නැති නිසා මම ඒව භාර ගත්තෙ නැහැ. ඒ නිසා අලුත් රංගන කටයුතු මොකුත් තවම නැහැ. නමුත් නිරූපණ ක්ෂේත්‍රයේ නම් භාරගත්ත වැඩ කටයුතු කිහිපයක්ම තියෙනවා. 

  • ගෙදරින් ලැබෙන සහයෝගය  කොහොමද?

ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. අම්මි තමයි වැඩිපුරම කැපවීමක් කරන්නේ. මොකද එයා තමයි රූගත කිරීම් කරන හැමදාම වගේ මාත් එක්ක එන්නෙ. මගේ මේ ගමන් මගේ ශක්තිය මගේ පවුල කිව්වොත් මම නිවැරදි. ඉතින් මගේ අම්මා, තාත්තා සහ මල්ලි ආදරයෙන් මතක් කරන්න ඕනැ.


  දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 6 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 7 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 4 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 10 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 13 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site