රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු ප්‍රතිභාවක් ඇති රංග ශිල්පියෙකි. ඉලංගෝ රාම් ගේ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයේ ඔහු රඟන චරිතය ඊට තවත් සාධක සපයයි. මේ මොහොතේ මේ දක්ෂයා සමඟ නොකරන කතාබහ, වෙනත් දවසක කිරීමෙන් ඇති ඵලක් නැත. හැබැයි ඔහු අල්ලා ගන්න නම් අපට ටිකක් අසීරු වුණා. මේ දිනවල වේදිකා නාට්‍ය නිර්මාණයක් සමඟ යුරෝපයට ගොස් සිටීම ඊට හේතුවයි. එංගලන්තයේදී අපට ප්‍රියන්ත සිරිකුමාර හමු වුණේ මේ විදිහටයි.
ප්‍ර මොන නමින් ද, මොන විදිහට ද යාළු මිත්‍රයින් ඔබව අමතන්නේ?
“යාළු මිත්‍රයින් කතා කරන්නේ ප්‍රියන්ත කියලා. මට වඩා වැඩිමල් අය සමහර විට සිරිකුමාර කියලත් කියනවා. ගොඩක්ම හිතවත් අය ‘සිරා’ කියලත් කියනවා. හැබැයි ඉතින් වැඩි දෙනා ප්‍රියන්ත කියලා තමයි කියන්නේ.”
ප්‍ර මේ දිනවල වැඩි දෙනෙක් අමුතු විදිහේ ෆිල්ම් එකක් විදිහට තමයි ‘නෙළුම් කුළුණ’ ගැන කතා වෙන්නේ. එහි ශිල්පින් ගැනත් කතා වෙන්නේ පැසසුම් විදිහටයි. එහි ඔබගේ චරිතයට සාපේක්ෂව කතා කරමු?
“නෙළුම් කුළුණ’ ලොකු පුතාගෙ චරිතය මට ලැබුණු චරිත අතරේ මම බොහොම ආස කරන චරිතයක්. ඒ චරිතය රඟපෑමට පටන්ගත්ත තැන සිට අවසානය දක්වා එහි අනෙක් චරිතවලට වගේම වගකීමක් තියෙනවා. කතාවට අනුව චරිතයට ලැබී තිබෙන වගකීම, ඒ කතාවේ ඇතුළාන්තය, කතා කරන දේ, අරුත ඉදිරියට අරගෙන යන්න අධ්‍යක්ෂවරයා දීලා තියෙන වගකීම විශාලයි. මට ලැබෙන චරිත ඇතුළේදි මම කරන්නේ ඒ වගකීම හරියට හඳුනාගෙන, චිත්‍රපටය ඇතුළේ ඒක හසුරුවන්නේ කොහොම ද කියන පුහුණුව ලැබීමයි. ඒ කාරණා ගත්තාම මට විශේෂ වූ ඒ චරිතය රඟපෑමේදී ලැබුණු නිදහස උපරිම ප්‍රයෝජනයට ගෙන සහ අභියෝගයක් කරගෙන දායක වුණා. චිත්‍රපටයේ කතාවට අනුව ප්‍රේක්ෂකයන් අතරට ඒ පණිවුඩය ගෙන යාමට ගත් තවත් උත්සාහයක්.”
ප්‍ර මේ වේලාවේ ඔබ ලංකාවේ නැහැ. වේදිකා නාට්‍ය නිර්මාණයක් සමඟ රටින් - රටට තොටින් - තොටට යද්දී මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?
“ඒ ගැන විශේෂයෙන් කියන්නම වෙනවා. මේ වේලාවේ ‘නෙළුම් කුළුණ’ නරඹන ප්‍රේක්ෂකයන් සමඟ මට ඔවුන් එක්ක ඉන්න බැරි වීම ගැන දුකක් තියෙන්නේ. ඒ උණුසුම ඒ මොහොතේම ඔවුන් එක්ක විඳගන්න තිබුණා නම් සතුටක්. ඒත් ‘මිස්ටර් ප්‍රසිඩන්ට්’ නාට්‍යය මේ විදිහට රඟදක්වන්න අපි ගිය අවුරුද්දේ ඉඳලා සූදානම් වූ වැඩක්. මීට කලින් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ මෙය වේදිකාගත කළා. යුරෝපයේ නාට්‍ය රසවිඳින ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම ලබා දෙන්න අපට අදහසක් තිබුණා. ඒක දිනෙන් දින කල් ගිහින්, පසුව මේ අවස්ථාවේ ඊට අවකාශය ලැබුණා. ඉතින් මේ නාට්‍යය එක්ක මෙහේ හිටියාට, මගේ හිත තියෙන්නේ මේ වේලාවේ ලංකාවේ මා දායක වූ නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකයා අතරයි. අප්‍රේල් 9 නැවත ලංකාවට එන තෙක් ඒ හුදෙකලාව මට දැනේවි. ඉතින් ඒ ආවාම ඒ ප්‍රේක්ෂකයන් එක්ක හමු වී අදහස් බෙදා ගන්න ආසාවෙන් ඉන්නේ.”
ප්‍ර ‘මිස්ටර් ප්‍රසිඩන්ට්’ මොන විදිහේ නාට්‍යයක් ද?
“ගයාන් කණිෂ්ක රාජපක්ෂ ගේ නිර්මාණයක්. 2008 විතර සිට ඔහු පදිංචිව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. කොළඹ සරසවියේ ජනසන්නිවේදන අංශයේ උපාධිධරයෙක්. සරසවි කාලයේ සිට නාට්‍ය කරලා රාජ්‍ය සම්මාන ගත්ත නිර්මාණකරුවෙක්. ඕස්ට්‍රේලියාවට ගියත් එයා ඒ නිර්මාණ කාර්යය අත්හැරියේ නැහැ. 2022 දී ඔහුගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒකත් මට ලොකු අත්දැකීමක්. විදේශීය රටවල වෙසෙන අපේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දක්වන ප්‍රියතාව බලාගන්න පුළුවන් වුණා. මේ එහි තවත් එක් අවස්ථාවක්. යුරෝපයේ සිටින අපේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ අදහස් අපට බෙදාගන්න ලැබී තිබෙනවා. මේ විදිහට මේ ලාංකිකයන් මෙහි ඇවිත් ගත කරන්නේ අති සුඛෝපභෝගී ජීවිතයක්ම නෙවෙයි. විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් ජීවිත ගොඩනගාගන්න හදන කලාකාමි පිරිසක්. ඒක අපට දන්වන්නේ ලොකු හැඟීමක්. ඔවුන්ට වේදිකා නාට්‍ය ගැන තියෙන උනන්දුව, උණුසුම අපට හොඳින් දැනෙනවා. විශේෂ රසවින්දනයක් ඇති ප්‍රේක්ෂකාගාරයක්. ඔවුන් මේ නාට්‍ය නැරැඹීමට එන්නේ පවුල් පිටින්, තමන්ගේ දරුවන් ද කැටුව වීම තවත් විශේෂත්වයක්. වේදිකා නාට්‍යයක් පෙන්වීම සංවිධානය කිරීමට තියෙන්නේ විශාල ප්‍රයත්නයක්. ගයාන් කණිෂ්කට ඒ ගෞරවය හිමි විය යුතුයි.”
ප්‍ර ඔබ තුළ ඉන්නේ හොඳ නිර්මාණකරුවෙක්, වේදිකාවේ සම්මාන දිනූ නිර්මාණ කළ නිර්මාණවේදියෙක්. ඒත් දැන් ඔබ දිගටම රංගනය ද කරන්නේ?
“වේදිකා නාට්‍ය දෙකක් නිර්මාණය කරමින් මට ඒ ලැබුණු අත්දැකීම් ඉතා වටිනවා. ඒත් නිතරම වේදිකාවේ නිර්මාණයක් කරන්න මට ලැබෙන ඉඩ සීමිතයි. ඒ නිසා කාලයක් අරගෙන තමයි ආයෙත් මගේ නිර්මාණයක් කරන්න වෙන්නේ. ඒ අතරේ අනෙක් අයගේ නිර්මාණවලට දායක වීමට ලැබීම මම ලබන අත්දැකීමක්. ඒ නිසා මේ රංගන සහ නිර්මාණ විෂයයට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. ඉදිරියේදී අනෙකුත් මාධ්‍ය ඔස්සේත් නිර්මාණ කටයුතු කිරීමේ ආසාවක් මට තියෙනවා. ඒ ඉඩ පරිසරය ගොඩනැගෙන තෙක් මේ විදිහට කටයුතු කරගෙන යනවා. රඟපෑම තුළ ඒක මට තිබුණු මූලික ආසාවක්. ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් ආවේ. හැබැයි නිතරම ඒ නිර්මාණ කටයුතු කරන විදිහ ගැන අවධානයෙන් සිටින්නේ. අවස්ථාව ආවාම ඒ දේ කරාවි.”
ප්‍ර ‘නෙළුම් කුළුණ’ට අමතරව ඔබ මේ දිනවල දැකගන්න පුළුවන්?
“ලක්මාල් ධර්මරත්න ගේ ‘වාලම්පුරි’ චිත්‍රපටය අප්‍රේල් 25 වැනිදා සිට තිරගත වීම ඇරැඹෙනවා. චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට ලැබුණු අවස්ථාවක්. ලක්මාල් නිසා මට ඒ අවස්ථාව ලැබුණේ. එහි ‘සිඩ්නි’ ලෙස හමු වන අතර, ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපට කිහිපයකම රඟපෑමෙන් එක්ව සිටිනවා. ‘මාරියා’ තවත් විශේෂ නිර්මාණයක්. මුහුදු ජීවිතය රැකියාව කරගත්ත මිනිසුන්ගේ ජීවිත රටාව ඇතුළේ වූ කතාවක් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන ලස්සන නිර්මාණයක්. ඒ නිර්මාණයත් මේ වසරේ ඒවි කියලා හිතෙනවා. එවැනි විවිධ චරිත ලැබීම පුද්ගලිකව මම ලැබූ වාසනාවක්. ඒ වගේම සතුටක්. මම සතුටු වෙනවා වගේම ඒ නිර්මාණ නරඹලා ප්‍රේක්ෂකයිනුත් සතුටු වේවි කියලා මම හිතනවා.”
ප්‍ර ලංකාවේ නාට්‍යයක් පිටරටක සංවිධානය කිරීම ගැන ඔබට කොහොම ද හැඟෙන්නේ?
“ඒක විශාල ප්‍රයත්නයක්. විදේශ රටවල ඇති පහසුකම් එක්ක ගත්තාම අපට ප්‍රධාන රංගන ශාලාවල අපේ නාට්‍ය රඟදක්වන්න අවස්ථාව ලබාගැනීම ඉතා අසීරු කටයුත්තක්. ඉතා මිල අධිකයි. නමුත් එහි සිටින අපේ අය වෘත්තීය මට්ටමේ ඇති රංග ශාලාවක් වෙන් කරගන්නවා. ඉතා හොඳට ඒවායෙහි පහසුකම් පවා තියෙනවා. ඒවා අපේ ඒවාට සසඳන්න බැහැ. ලංකාවේ නාට්‍යයක් විදේශයක පෙන්වනවා කියන්නේ සෑහෙන අසීරු ප්‍රයත්නයක ඵලයක්. විශේෂයෙන් ගයාන් කණිෂ්ක වගේ නිර්මාණකරුවන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔහුගේ නිර්මාණ ලෝකය වටේ රැගෙන යන්න ඔහු විශාල කැපකිරීමක් කරනවා. ඔහුගේ බිරිඳ දරුවන් සහ ගෙදරට ලබා දිය යුතු කාලය පවා අහිමි කරගෙන නාට්‍ය කලාවට ඇති කැමැත්ත එක්ක ඒ විදිහට කැපවීම අපි අගය කළ යුතුයි. ඔහු වැනි නිර්මාණකරුවන්ගේ අරමුණු අදහස් තේරුම් ගන්න සංවිධායකවරු අපට රට රටවලදී හමු වෙනවා. වේදිකා නාට්‍යයක් සංවිධානය කිරීමේදී ලංකාවේදී වගේම විශාල කැප කිරීමක් කරන්න වෙනවා. එතැනදී ඇති අභියෝගවලට මුහුණ දෙමින් ලාභය අපේක්ෂා කරන අයට වඩා නාට්‍ය රසය අනෙක් අය එක්ක බෙදාහදා ගන්න කැමැති සංවිධායකයන් තමයි අපිට බොහෝ දුරට හමු වෙන්නේ. මේ සංචාරයේදීත් එහෙමයි.”
සඳුන් ගමගේ
මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි
මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන
කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ ම
විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ ව
යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන
රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නෙළුම් කුළුණ ලොකු පුතා මේ දිනවල ’මිස්ටර් ප්‍රසිඩන්ට්’ එක්ක