IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


පර වුණු මල්වල සුවඳ අතීතේ

ගීයක පද රුත

 

 

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා 

 

අතීතේ පර වුණු මල්වල සුවඳ යනු කිම? සැමියා සමග යහතින් වසන කාලයේ සිත්වූ සුවයයි. සහනයයි. එකල ඇය ඒ තතු දිවිහිමියෙන් පවතී යැයි සිතා අනාගත රන්රුවන් විමන් මැව්වාය. ඒ සියල්ල ඇගේ හිස මත පතිත විය. එයින් ඉතිරි වූ දායාදය නම් පියා නැති දුවණියෝය. අඳුර ජීවිතය අරක් ගෙනය. ඒ අඳුර යන්තම් බිඳ හෙට දිනය උදා වන්නේ ඒ දියණියන්ගේ මුවෙහි කැකුළු සිනාවෙන් ගලා එන ආලෝකයෙනි. 

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතු මල් චිත්‍රපටයේ එන පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය ගැන  මහාචාර්ය සුචරිත ගම්ලතුහු පවසති. මේ ගීතය මහගම සේකරයන් රචනා කළ අතර සුජාතා අත්තනායක ගායනා කර ඇත. 


මේ ගීතය ගැන පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය අපට පවසා සිටියේ මෙසේය. 


පරසතුමල් චිත්‍රපටයේ එන දරු නැලවිලි ගීතය රචනා කිරීමට භාර ගත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි. නමුත් ඒ දවස්වල ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියෙ නෑ. ගීතයේ කොටසයි ලියලා තිබුණේ. ඒ පාර පරසතුමල් චිත්‍රපටයේ තිර නාටක ලියූ පී.කේ.ඩී. සෙනෙවිරත්නයි මමයි මහගමසේකර හොයාගෙන ගියා. සේකර හිටියේ ගම්පහ සියනෑ පාරේ. මම හිටියේ පරාක්‍රම පාරේ. අපි හොඳ යාළුවෝ. තිර නාටකය බලලා සේකර අවස්ථා තේරුම් ගත්තා. සේකරයි, මමයි ගම්පහ ඉඳලා කොළඹ එනකොට කඩවත කිරිල්ලවල හරියේ තැනකදී සේකර කාරෙක නවත්වන්න කිව්වා. 


චිත්‍රා මේ හරියේ නවත්වන්න. සේකර කිව්වා. 


ඕන්න සේකර කාර් එකේ දොර ඇරගෙන කොළයකුත් අරං ලියනවා. 


අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම් දෝ 
දුවට මවක මිස පියෙකු කොයින් දෝ 


හරි මචං යමු. සේකර කිව්වා. 


පරසතුමල් වල සුවඳ අතීතේ ගීතයේ ලියවුණේ එහෙමයි. පසුව සේකර ඉතුරු ටික සම්පූර්ණ කළා. 


චිත්‍රා බාලසූරිය එසේ කියද්දී මට මතකයට ආවේ මියයාමට පෙර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ හා මේ ගීතයේ තනුව නිර්මාණය කළ ලයනල් අල්ගම මේ ගීතය ගැන කියූ කතාවකි. 


ලයනල් අල්ගම සංගීතඥයකු මෙන්ම හොඳ සිනමා ලෝලියෙකි. බටහිර චිත්‍රපට නැරඹීමට බෙහෙවින් ඔහු ප්‍රිය කළේය. මහගම සේකර විසින් ලියූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීත රචනය තම අතට ලැබුණු පසු එහි තනුව ගැන සිතමින් ඔහු මරදානේ නිව් ඔලිම්පියා සිනමාහලේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලීමට ගියේය. 


විවේක කාලයේ ඔහු සිසිල් බීම බෝතලයක් බීමට සිනමාහලේ කැන්ටිමට ගියේය. එහි තිබූ ඔර්ලෝසුවේ කටු ගමන් කරන්නේ කිසියම් නැළවිලි ස්වරයකින් හීන් හඬකින් බව ඔහුට දැනුණි. තම සාක්කුවේ තිබූ කඩදාසියක ඔහු තනුව සටහන් කරගෙන ඇත. ඒ ඇසුරින් ඔහු ශාස්ත්‍රීය රාගයක ආශ්‍රයෙන් පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය නිර්මාණය කළ බව ඔහු අපට පැවසුවේය. 


පරසතුමල් චිත්‍රපටය තිරගත වී වසරකින් 1967 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී 1966 වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය දිනා ගත්තේ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ගැයූ සුජාතා අත්තනායකය. අල්ගමයන් තුළ එදා ඇතිවූ සතුට වචනයෙන් කියා නිම කිරීමට බැරි බව කීවේය. ඔහුට මේ ගීතය නිර්මාණය කිරීමට පදනම දැමූ නිව් ඔලිම්පියා සිනමාහලේ ඔර්ලෝසුව මතක් විය. 


සති දෙකකට පසු මල්මාලයක් ද රැගෙන ඔහු සිනමාහලට ගියේය. ඔහු දැන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ විවේක කාලය එනතුරුය. විවේක කාලය පැමිණියේය. කඩදාසියක ඔතා තිබූ මල්මාලාවද රැගෙන ඔහු බීම කැන්ටිමට ගියේය. චිත්‍රපටය නැවත ආරම්භ කරන සීනුව නාද විය. කැන්ටිමේ සෙනග සිනමාහල තුළට ගියෝය. එහෙත් කැන්ටිම බාරව සිටින මුදල් අයකැමියා මුදල් ගණන් බලයි. ඔහු දැන් සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔහු එහා මෙහා ඇවිද්දේය. මුදල් කැෂියර් යාන්තම් නැගිට ගියේය. 


වට පිට බැලූ ලයනල් අල්ගම බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව වෙත ගොස් මල්මාලාව පළඳවා තම යුතුකම ඉටු කළේය. දැන් ඔහුට ලොකු සහනයක් ලැබුණා වගේය. සිනාසෙමින් සිනමාහල තුළට ගියේය. 
දෙසතියකින් පමණ ඔහු එම සිනමාහලට ගියේය. එහි කැන්ටිමේ තිබූ ඔර්ලෝසුව බැලීමට ඔහු ගියේය. මැළවී, ගැලවී පෙති ගැලවී ගිය මල්මාලාව තවමත් එහි එලෙසම තිබුණේය. ඔහුට සිනා ගියේය. සුජාතා සම්මාන ලැබූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ඉතාමත් ජනප්‍රිය විය. 


ගායන ශිල්පිනී සුජාතා අත්තනායක කියන්නේ තම චිත්‍රපට ගායන දිවියේ හොඳම චිත්‍රපට අතුරින් සුවිශේෂ ගීතයක් බවය. 


සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගම මේ ගීතය නිර්මාණය කිරීමේදී ස්වරංජනී රාගයෙන් පටන් ගෙන කමාජ් රාගයෙන් අවසන් කළ ගීතයක් හැටියට මම දකින්නේ. ඇත්තෙන්ම මෙහි ස්වර සංකලනය, මිහිර, රසාස්වාදය මා නොඅඩුව ලැබුවා. මට අද වාගේ මතකයි මේ ගීතය කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ පටිගත කළ දිනය. 


එදා මහගම සේකරයන් ඇවිත් හිටියා. සද්දන්ත මේ පුරුෂයා නිශ්ශබ්ද කෙනෙක්. අපේ ගීතය පටිගත කරනකොට ඔහු සිටියේ චිත්‍රාගාරයෙන් පිට. මොකද ඒ චිත්‍රාගාරය පුංචි එකක්. ඔහු එළිමහනේ දුම්වැටි බොමින් හිටියා. මම සේකරයන් ලියූ ගීත ගුවන් විදුලියේ පංච මධුර වැඩසටහනේ ගයලා තියෙනවා. සංගීතවත් කළේ අමරදේවයන්. සේකරයන්ගේ මුල්ම චිත්‍රපට ගීතය ගැයුවේ සාරවිට චිත්‍රපටයේ. 


පරසතුමල් ගීතය මම ලයනල් අල්ගම සමග පුහුණුවෙනකොට ඔහුගේ බිරිඳ ටෙලිෆෝනය මුර කරනවා. මොකද? ටෙලිෆෝන් හඬ අපේ වැඩේට බාධාවන නිසා. ඔහු ඉතා කැපවීමෙන් දැඩි සංයමයෙන් තමයි ගීතයට ස්වර ලිපි ලිව්වෙ. උසස් පරිපූර්ණ චිත්‍රපට ගීතයක් හැටියට ලෙස රටම මේ ගීතය පිළිගත්තා. ගාමිණි ෆොන්සේකා මිය යනතෙක්ම අගය කළ ගීතයක් මේ. 


වරක් ජාඇළ ගෙදරට ගාමිණී මටත් මගේ සැමියා නවරත්නටත් ආරාධනා කළා රාත්‍රී භෝජන සංග්‍රහයකට. එදා ඔහුගේ සර්පිනාව ගෙනැවිත් පරසතුමල් ගීතය ගයන්න කිව්වා. මම ගීතය ගැයුවා කීප වතාවක්ම. රාත්‍රී 12 පසුවන තුරු මට ගීත ගයන්න වුණා. අන්තිම වරට මේ ගීතය ගයන විට ගාමිණීට නින්ද ගිහින්. අපි ඔහුට බාධා නොකොට ගෙදර ආවා. ඔහු නැගිට්ට නම් මට තව ගීත කියන්න වෙනවා. සුජාතා කීවාය. 

 

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර



අදහස් (0)

පර වුණු මල්වල සුවඳ අතීතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

දෙමළ හින්දි ඉතාලි ඇමෙරිකා ස්පාඤ්ඤ මේ ඔක්කොම අපේ නෙළුම් කුළුණ කොපි කරයි
2025 අප්‍රේල් මස 03 60 0

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් සහ හිරණ්‍යා පෙරේරා ගේ නිෂ්පාදනයෙන් මේ දිනවල රිදී තිරය තුළ වෙනස්ම පෙරළියක් ඇති කරපු අලුත් රසයක්, සිනහවක් එකතු කරපු ‘නෙළුම්


අම්මා දැන් නැහැ නේද කියලා හිතෙන එක තමයි අමාරුම
2025 අප්‍රේල් මස 03 57 0

මවක් නැති අඩුව වචනයෙන් විස්තර කළ හැකි දෙයක් නොවේය. මවක යනු දරුවකු හට ලෝකයකි. ඒ ලෝකය අහිමිවූ කල දැනෙන පාළුව, සාංකාව, තනිකම, හුදෙකලාව කෙසේ නම්


මිෂෙල් දිල්හාරා ’’අඩිරන්’’ චිත්‍රපටය හරහා දමිළ සිනමාවට
2025 අප්‍රේල් මස 03 38 0

රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය දැන් දමිළ සිනමාවේ ද බැබළෙන්නට පටන් ගෙනය. ඒ ඇගේ කුලුඳුල් දමිළ සිනමා පටය අධිරන් නිසා


දුමාරේ ගැන රොබී ජේ ගෙන්
2025 අප්‍රේල් මස 03 29 0

මේ දිනවල කා අතරත් ජනප්‍රිය ඉහත ගීතයට හඬ මුසුකරන්නේ ‘සකුරා ලෙජන්ඩ්ස්’ හි නිත්‍ය ගායන ශිල්පියා වන, අසංක රණවීරය. ‘මිස්ටර් ලෙබ්බේ’ සහ ‘රොබී ජේ’ ලෙස ද ජනාදර


මම නිදහසට ආදරේ කෙනෙක් - සත්සරණි පියුමිකා
2025 අප්‍රේල් මස 03 33 0

’’දෙවෙනි ඉනිමෙ’’ අනුහස්- සමාධි කියන්නේ පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ට නම් ගොඩක් හුරුපුරුදු චරිත දෙකක්. මේ දවස්වල සෝෂල් මීඩියාවල ඒ දෙන්නා පෙනී හිටපු වෙඩින


සම්මාන රුසකට හිමිකම් කියු රූපලාවණය ශිල්පියා - අමිල රාජපක්ෂ
2025 අප්‍රේල් මස 03 11 0

හැඩ වෙන්න, ලස්සන වෙන්න අපි හැමෝම කැමතියිනේ. ඒකටම හරියන්න රූපලාවන්‍ය ක්ෂේත්‍රයත් දවසින් දවස දියුණු වෙන්නේ හරි ඉක්මනට. මෙවර සඳැල්ලට එකතු වෙන අමිල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 544 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 516 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 997 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site