IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ප්‍රදීපාගෙන් ’’අභිනය නර්තන – 8’’

ඉන්දියාවේ කලා ක්ෂේත්‍රම් හි උපාධිධාරි නර්තන ශිල්පිනියක වන ඇය, අද දවසේදී මෙරට බොහෝ දෙනා අතර ජනප්‍රිය නර්තන ගුරුවරියක ලෙස හා නර්තන රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක ලෙස ආදරයට පාත්‍ර වී සිටින්නීය. ඇය විසින් තමන්ගේ ශිෂ්‍යාවන් සමඟ මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ, “අභිනය නර්තන – 8” ප්‍රසංගය කරළියට ගෙන ඒමටය. මේ ප්‍රවීණ නර්තන ශිල්පිනිය හා ගුරුවරිය නමින්, ප්‍රදීපා ආරියවංශ වන්නීය.

ඇයගේ ප්‍රදීපා ආරියවංශ ඇකඩමිය මගින් සංවිධාන කරන මෙම “අභිනය නර්තන – 8” ප්‍රසංගය 29 වැනිදා පස්වරු 6.00ට මහරගම ජාතික අධ්‍යාපන පීඨයේදී පැවැත්වේ. මෙහිදී ඇයගේ මහරගම, පිළියන්දල, තලවතුගොඩ, මීගමුව හා කිරිබත්ගොඩ ප්‍රදේශවල තිබෙන ප්‍රදීපා ආරියවංශ ඇකඩමිවල නර්තනය ඉගෙන ගන්නා ශිෂ්‍යාවන් 200කට අධික සංඛ්‍යාවක් විවිධ නර්තන ශෛලින් වෙනුවෙන් දක්ෂතා එළිදක්වති. ප්‍රසංගය පිළිබඳව ප්‍රදීපා ‘සඳැල්ල’ට පැවැසුවේ මෙවැනි අදහසකි.

“අපට යමක් දෙන්න ඉස්සෙල්ලා අපි අපේම දේ හදාගත යුතුයි නේද? කවුරුවත් දෙනකම් බලාගෙන හිටියොත් අපි හැමදාම එකම තැන. ඒ නිසා අපිම අපේ වේදිකාව හදාගන්නයි මා “අභිනය නර්තන – 8” ප්‍රසංගය ගේන්නේ. මෙහිදී මගේ දරුවන් විවිධ ශෛලින් ඇතුළත් නර්තනාංග 20ක් පමණ ඉදිරිපත් කරනවා. උඩරට, පහතරට, භරත නාට්‍යම් හා නිර්මාණාත්මක නර්තන මෙයට ඇතුළත්. 

ඒ වගේම මගෙන් ඉගෙන ගෙන අද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වී සිටින ආදි ශිෂ්‍යාවන් ද මෙහිදී තම නර්තන දක්ෂතා ඉදිරිපත් කරනවා.

අද ඒ ආදි ශිෂ්‍යාවන් ඉහළ තැන්වල සිටින බව ප්‍රසංගය බලද්දී ඔයාලට දැකගන්න පුළුවන්. දරුවන්ටත්, ආදි ශිෂ්‍යාවන්ටත් තම හැකියාවන් රටට පෙන්වන්න මේ ප්‍රසංගය හොඳ අවස්ථාවක් විදිහටයි මා දකින්නේ. මේ සඳහා දරුවන්ගේ මවුපියන්, මගේ ඇකඩමියේ ගුරුවරියන් ගොඩාක් උදව් කරනවා. ඔවුන්ගේ සහයෝගය ඉතා ඉහළයි. ඒ අයට ස්තුතිය පුද කළ යුතුමයි. ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා නර්තනයේ සුභාවිත පැත්ත හොඳින් දැකගන්න නම් මේ ප්‍රසංගය බලන්න එන්න කියා.”

සමන්ත යහම්පත්



අදහස් (0)

ප්‍රදීපාගෙන් ’’අභිනය නර්තන – 8’’

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 7 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 16 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 17 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 24 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 26 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 628 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 733 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1473 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site