IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග


‘පාරදිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා - පුංචි තිරයේ ප්‍රේක්ෂක සිත් සොරා ගත් අපූරු ගේම් කාරයෙකි. ’පාට කුරුල්ලෝ’ ටෙලි සිතුවමේ මංජිත - කෙවින් සර් ගේ හැම ප්‍රශ්නෙකටම බෙල්ල තියන ළබැඳි මිතුරෙකි. මිත්‍රත්වය, ආදරය මෙන්ම රැකියාව වෙනුවෙන් බොරු කියන පුංචි තිරයේ කාගෙත් ආදරය දිනූ ඔහු - නමින්, රංගන ශිල්පී කුසල්  මධුරංග 

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්,  මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි. ඔහු එදා ගමන පටන් ගත්තේ වේදිකාවෙනි. අද ඔහු පුංචි තිරයේ මෙන්ම, රිදී තිරයේද තම කුසලතා පෙන්වයි.

මේ අප ඔහු සමඟ කළ කතාබහයි.

  • කලින් බණ්ඩා මේ දවස්වල මංජිත. ඇත්තටම කවුද මේ කුසල් මධුරංග ?

කාලෙන් කාලෙට චරිත කරද්දි රංගන ශිල්පියෙකුට එන නම් ටිකක් පටබැඳුණා. මුලින් බණ්ඩා කියන චරිතෙ, දැන් පාට කුරුල්ලෝහි මංජිත. සමහර වෙලාවට කුසල් මධුරංග කියන නමට වඩා ඒ කරපු චරිතෙ නමින් තමයි, මාව ගොඩක් අය දන්නෙ. ඒ වුණත් මංජිත, බණ්ඩා, රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ සමරෙ, ජානු එකේ දුමිඳු, ඒ ඔක්කොම චරිත. මම කුසල් මධුරංගම විතරයි.

  • තාමත් කට්ටිය කතා කරන්නෙ බණ්ඩා කියල ද?

සාමාන්‍යයෙන් ඒ චරිතෙත් මතක් කරනවා. මේ දවස්වල නම් වැඩිපුරම ඉතින් මංජිත කියන නමින් තමයි.

  • ඔබ කලා ගමන පටන් ගත්තෙ වේදිකාවෙන්- ඒ ගැන මතක් කළොත් ?

ඇත්තටම ඒ ගැන හරිම සතුටක් තියෙන්නෙ. මොකද මගෙ කලා ගමන සිද්ධ වුණේ, පාසල් වේදිකාවෙන්. ඒකත් එක්ක තමයි මට නාට්‍යකරුවෙක් විදිහට මතුවෙන්න ලැබුණෙ.  මගෙ ගුරුවරයා පුබුදු සුභාශන. එයා තමයි මගේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා. ඒ කාලෙම ධර්මප්‍රිය ඩයස්ගෙ ජූලියස් සීසර් නාට්‍යයට මම තේරෙනවා. ඒක තමයි මම ප්‍රසිද්ධ ලොකු නාට්‍යයක් විදිහට පළවෙනියට රඟපාපු නාට්‍යය වුනේ. ඊට පස්සෙ පෙම් යුවලක් ඕනෑ කර තිබේ. ඒ අතරතුර නාට්‍ය කිහිපයක මම වේදිකා පරිපාලන ශිල්පියෙකු විදිහටත් වැඩ කළා. ඒ විදිහට වේදිකා නාට්‍ය කරලා ළමා නාට්‍ය උළෙලට, රාජ්‍ය නාට්‍ය උළෙලට, යෞවන සම්මාන උළෙලට, ප්‍රසිද්ධ ජාතික වේදිකාවට ආවා. ඊට පස්සෙ ටෙලි නාට්‍ය කීපයක රඟපෑවා. ඒ අතරෙ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ තිර රචනයකින් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයෙන් පාර දිගේ නාට්‍යට සම්බන්ධ වුණා. ඒක තමයි ඇත්තටම පුංචි තිරය ජය ගන්න හැරවුම් ලක්ෂය වුණේ. ඒවගේම සිනමා නිර්මාණවලටත් දායක වෙනවා. පාසල් කාලේ ඉඳන්ම තමයි නාට්‍ය කරන්න ගත්තෙ සහ අදටත් ඉතින් කරන් යන්නෙ.

  • අද කුසල් මධුරංග කියන චරිතෙට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස වෙන්නෙ. ඔවුන් අපිව ආදරෙන් වැලඳ ගැනීම, ප්‍රතිචාර දැක්වීම තමයි කලාකරුවෙකුට තියෙන වටිනම දේ. ඉතින් ඒක මගෙ වටා තියෙනවා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයො සෑහෙන්න පිරිසක් ඉන්නවා. ඉතින් එයාලගෙ ආදරෙත් එක්ක තමයි මම තවත් ජවසම්පන්න වෙන්නෙ.  කලා ක්ෂේත්‍රයත් එක්ක ගණුදෙනු කරන්න ඕනෙ කොහොමද සහ මම කලාව කොච්චර වගකීමෙන් කරන්න ඕනෙද කියන පරිචය සහ අදිටන ලැබෙන්නෙ ඒ ප්‍රේක්ෂක ආදරෙත් එක්ක. ඉතින් කුසල් මධුරංගටත්, ඔහු රඟපාන චරිතවලටත්, ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයෝ ඔක්කෝම ඉතා ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තූතියි ඒ හැමදෙනාටම.

  • මේ දවස්වල කුසල් වැඩිපුරම ජනප්‍රිය මංජිත නමින්. කුසල්ට මංජිතගෙ චරිතෙ දැනෙන්නේ කොහොම ද?

මංජිත කියන්නේ සාමාන්‍ය තැනක ජොබ් එකක් කරන තරුණයෙක්. ඔහුට ගොඩක් දේවල් කරන්න වෙනවා - ඔහු කරන රස්සාවත් එක්ක සහ එහි වගකීම් එක්ක. ඔහු සිය  ප්‍රධානියා පවරන දේවල් අවංකව කරනවා.   පොඩි පොඩි කරදර, ලෙඩ වැටුණත් ඔහු ඒ දේවල් කරනවා. ඒවා ඉතින් සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන කෙල්ලෙක්ට කොල්ලෙක්ට තියෙන පොදු ප්‍රශ්න. ඒවාම තමයි එක අතකට   මංජිතට තියෙන්නෙත්.

  • පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුර සිදු වුණ අමතක නොවන සිදුවීම් නැද්ද ?

රූගත කිරීම් අතරතුර ළඟකදි සිද්ධ වුණ විශේෂම දේ, මංජිතට ගගුලිට කම්මුල් පාරක් ගහන්න වුණා එක සීන් එකකට. ඉතින් ඒක පොඩ්ඩක් අමතක නොවන සිදුවීමක්. ඇත්තටම ගගුලිට කම්මුල් පාර වැදුණා. හරියටම ඒක වැදෙන්නම තමයි අපි ගහමු කියලා දෙන්නත් එක්කම කතා වුණෙත්. ඒක තමයි මෑතකදී වුණ අමතක නොවන සිදුවීම.

  • කුසල් කලාවට සම්බන්ධ වෙන්නෙ පුංචි කාලෙදිමයි. ඒ සඳහා  පවුලේ අය ලබා දෙන සහයෝගය මොන වගේ ද ?

ඇත්තටම පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මම පවුලේ එකම ළමයා. මුල් කාලෙ නම් නාට්‍ය කරනවට එහෙම ලොකු ප්‍රතිචාරයක් නැති වුණාට - පස්සෙ ගෙදර අය මගෙ දක්ෂතාව අඳුරගෙන, මම ඒවා කරගෙන යද්දි අම්මා අප්පච්චි ඇතුළු මගේ පවුලේ හැමෝම මගෙ වැඩවලට ආශීර්වාද කළා.

  • වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය - අද වෙනකොට ඔබ මේ සියල්ලෙහිම දස්කම් දක්වනවා. ඔය තුනෙන් වැඩිපුරම කැමති මොකටද ඇහුවොත් ?

මේ අංශ තුනටම කැමතියි. මොකද ඒ සියල්ල මම කැමැත්තෙන් කරන දෙයක්. මොකද සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කියන්නේ ඇත්තටම කතන්දර තුනක්. ඒ මාධ්‍ය තුනේම හරියට හැසිරෙනවා කියන එක තමයි අපි කළ යුත්තේ. ඒ තුනෙන් මම වැඩිපුරම ආදරේ ඇති කියලා විශ්වාස කරනවා වේදිකා නාට්‍යවලට. ඒ වගේම මමත් තාම අධ්‍යයනය කරමින් ඉගෙන ගනිමින් යන කලාකරුවෙක්. මට ගොඩක් දේවල් දවසින් දවස ඉගෙන ගන්න වෙනවා. ඒ දේවල් ඉගෙන ගනිමින් යන ගමනක් තමයි මේ. 

  • ගගුලිගේ ආදරේ මංජිතට සහ කුසල්ට කොහොමද දැනෙන්නේ ?

ගගුලිගේ ආදරේ මංජිතගේ චරිතෙට පුදුම වද දෙන තරුණියක්. හැබැයි ඇයගෙ හැමදෙයක්ම ඒ චරිතෙ ඇතුළෙන් මංජිත හරහා ඇති වෙන්නෙ ඇයට තියෙන ආදරේට. අත්පත් කරගන්න තියෙන ආදරේ නිසා තමයි ඇය සැර වෙලා තියෙන්නේ. ගගුලි කියන්නේ එහෙම චරිතයක්. කුසල්ට දැනෙන්නෙත් එහෙමයි. එහෙම අය ඉන්නවා. ඒ කේන්තිය, ඒ රණ්ඩු වීම තියෙන්නෙ ආදරේ නැතිකම නිසා නෙවෙයි ආදරේ වැඩි නිසා.

  • ඇත්ත ජීවිතේ කුසල්ටත් ගගුලි කෙනෙක් ඉන්නව ද?

කුසල්ට ගගුලි කෙනෙක් නම් නැහැ තාම. 

  • මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල හීන තුනේ කතන්දරය කියලා ළමා නාට්‍ය තුනකට මම සහ රන්සික ජනාත් නිෂ්පාදනයෙන් දායක වුණා. මම වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන පළවෙනි වතාව මේ. ඒ අනුව ඔක්තෝබර් විසිහතර එල්ෆින්ස්ටන් රංග ශාලාවේ හීන තුනේ කතන්දරේ නමින් මේ නාට්‍යයේ පිටපත් තුන පොතක් විදිහට එළි දක්වන්නත්, ඉන්පසු ළමා නාට්‍ය තුන වේදිකා ගත කරන්නත්, සුදානම් වෙලා ඉන්නවා.

ඊට අමතරව ලංකාව පුරා හරිම බඩු තුනක්, මම නෙවෙයි වෙන කෙනෙක් සහ සඳුදා වැටෙන්නෙ සිකුරාදට කියන වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. ඒ වගේම සිනමා නිර්මාණ තුන හතරකට මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා. තව සිනමා නිර්මාණ කීපයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවත් කරමින් යන්න බලාපොරොත්තු වෙනවා. 

  • කුසල්ගෙ අනාගත බලාපොරොත්තු?

කලා ක්ෂේත්‍රයේ, මගේ වැඩකටයුතු කාටවත් බාධාවක් නොවී සාර්ථකව කර ගෙන යන්න සහ මගේ කලා ජීවිතේ සාර්ථක කර ගන්න එක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.


 කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 6 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 7 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 4 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 10 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 13 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site