IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ


පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”‍පාවෙලා වලාකුලේ ඒවිද අම්මා”‍ ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්මාය, තවත් විටෙක අම්මගෙ අඩුව පිරවූ ආදරණීය පුංචීය. දැන් ඈ ”‍ඉස්කෝලේ”‍ ටෙලි නිර්මාණයේ ළමුන්ට නැතුවම බැරි විහාරා ටීචර්ය. මෙසේ රංගනයෙන් මෙන්ම නර්තනයෙන්ද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සුන්දර ඈ නමින් දමිත්‍රි සුබසිංහයි. මේ ඈ සමඟ කළ කතාබහයි.

  • මේ දවස්වල දමිත්‍රි කියන්නේ  වැඩිපුර කතාබහට ලක්වෙන  චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

මගේ ඩාන්සින් වීඩියෝස්වල වගේම ඩ්‍රාමා එකේ ප්‍රේක්ෂකයො තමා ගොඩක් වෙලාවට මං ගැන කතා කරන්නෙ. ඉතින් ඒ ගැන සතුටුයි ගොඩක්. දැන් මම ක්ෂේත්‍රයට ඇව්ල්ලා අවුරුදු තුනහමාරක් විතර , ඒ පටන් ගත්තු දවසෙ ඉඳන් මේ වෙනකල්ම ඒ ආදරේ අඩු නැතුව, දිගින් දිගටම දීලා  මං ගැන පොසිටිව් දේවල් මිනිස්සු කතා කරන එකට හරිම සතුටුයි මට.

  • දමිත්‍රි රංගනයට පිවිසෙන්නේ කොහොමද ?

2019 ටීවි දෙරණ අවුරුදු කුමරිය විදිහට කිරුළු පැළඳුවට පස්සෙ තමයි මම රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ. ඇත්තටම ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය වෙන්නෙ. මුලින්ම නොනිමි කියන ටෙලි චිත්‍රපටය හරහා තමයි රංගන ජීවිතේ පටන් ගන්නෙ.

මේ දවස්වල රංගන වැඩකටයුතු ගැන කිව්වොත්, අලු‍ත් නිර්මාණවලට එහෙම ආරාධනා ලැබුණද?

ඔව් අලු‍ත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. ඊට අමතරව ඉස්කෝලේ ටෙලි ඩ්‍රාමා එකේ වැඩකටයුතු කෙරී ගෙන යනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ දෙකකටත් සහභාගි වුණා. මේ වෙනකොට ඒ ෂූටිං  ඉවරයි. ඒවලිනුත් ඉස්සරහට මාව ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.

  • රංගනයට මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නෙ ?

හොඳ ,ලස්සන ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය විහාරා ටීචර්ගෙ චරිතෙ පළවෙනි දවසෙ ඉඳන් මේ වෙනකල්ම හරි ආදරෙන් වැළඳ ගෙන ඉන්නවා. ඒ වගේම පාවෙලා වලාකුලේ ඒවිද අම්මා එකේ උදාරා, මදාරා කියන චරිතවලටත් තාම ප්‍රේක්ෂකයො ආදරෙයි. ඒ ගැනත් ප්‍රේක්ෂකයො හම්බුනාම කතා කරනවා . ඉතින් හරිම සතුටුයි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන හොඳ  ප්‍රතිචාරවලට.

  • දමිත්‍රි කියන්නේ රංගනයට වගේම නර්තනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක්. මුලින්ම නර්තනයට යොමු වෙන්නෙ ?

ඇත්තටම ඒක අහම්බයක්. මම පළවෙනියට නටපු නැටුම තමයි සැවුලා වන්නම. කලා උළෙලකට අපේ හය වසරෙ මුළු සෙක්ෂන් එකම අරගෙන එකම ස්ටෙප් එකක් දීලා ඒක කරන්න කිව්වා. කොහොම හරි ස්ටෙප් එක කරාට පස්සෙ ටීචර් මාව ඉස්සරහට කතා කරලා කෙලින්ම මාව මැදට දැම්මා. ඒකෙන් තමයි නර්තනය කරන්න පටන් ගත්තෙ. හය වසරෙ සැවුලා වන්නමෙන්  පටන් ගත්තු නර්තනය මම හරි ආසාවෙන් කළේ. ඉස්කෝලේ ඒලෙවල් ඉවර වෙනකල්ම ඉස්කෝලේ තියෙන හැම ඉවෙන්ට් එකකටම හරි කැමැත්තෙන් මම ගියා. ඒ වෙන කොට මම ඉස්කෝලේ ඩාන්සින් ටීම් එකෙත් හිටියා. කොටින්ම ඒලෙවල් ඇඩ්මිෂන් එක දෙන දවසෙත් මම නටන්න ක්ලාස් එකෙන් එළියට ගිහින් හිටියෙ 

  • නර්තන වැඩ කටයුතු ගැනත් කතා කළොත් ?

නර්තනය පැත්තෙන් මට ලොකු හීන ටිකක් තියෙනවා. ටිකෙන් ටික ඒවා සම්පූර්ණ කරගෙන යනවා. දැනට මගෙ ක්ලාස්වල වැඩකටයුතු කරගෙන යනවා. මට ලස්සනට නටන්න පුළුවන් හොඳ දක්ෂ ළමයි ටිකක් ඉන්නවා.

ඊට අමතරව මම නර්තනය වැඩිදුර හදාරනවා, විශේෂයෙන් කතක් නර්තනය 

  • නර්තනයට ලැබෙන්නෙ මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද?

විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන විදිහට ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳ ගත්තෙ මගෙ නර්තනය වෙන්න ඕනෙ. මොකද මේ පාර ජනප්‍රියම නර්තන ශිල්පිනියට හිමි සම්මානයත් මට හිමි වුණා. ඉතින් බොහොම ස්තූතියි මට ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාව හැමෝටම මේ තරමට මාව උස්සලා තිබ්බට. මම හිතනවා ඉස්සරහටත් ප්‍රේක්ෂකයන් මගේ නර්තනයට වගේම රංගනයටත් එකතු වෙලා ඉඳී කියලා.

  • ගෙදරින් නර්තනයටයි රංගනයටයි මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නෙ ?

මගේ කලා ජීවිතේ නර්තනය රංගනය කියන හැම පැත්තටම උපරිමම සහයෝගය දෙන්නෙ මගෙ පවුල. විශේෂයෙන් මගෙ නර්තනයේ ලොකුම ෆෑන් තමයි මගෙ හස්බන්ඩ්. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා . ෂූටිං යද්දිත් මම යන්නෙ අම්මා එක්ක. ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය මට කියලා නිම කරන්න බෑ ඇත්තටම 

  • දමිත්‍රිගෙ අනාගත බලාපොරොත්තු ?

අනාගත බලාපොරොත්තු තමයි හැම මොහොතෙම සතුටින් ජීවත් වෙන එක. අපිට හීන බලාපොරොත්තු තියෙනවනෙ. ඉතින් ඒ දේවල් ඉෂ්ට කරගෙන මගෙ හස්බන්ඩ් එක්ක සහ මගෙ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන එක තමයි මට තියෙන එකම බලාපොරොත්තුව

  • දමිත්‍රි වැඩිපුරම කැමති නර්තනයටද රංගනයටද?

ඇත්තටම ඒක උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් .හැබැයි මම ගොඩක් සතුටු වෙනවා රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්  සහ නර්තන ගුරුවරියක් කියන තුනෙන්ම මට ලංකාවේ ඇතුළෙ ස්ථාවර වෙන්න පුළුවන් වුණු එකට සහ ප්‍රේක්ෂක ජනතාව නර්තන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් කියන දෙදෙනාම වැළඳ ගත්තු එකට. ඒකට මට මාරම සතුටුයි වගේම නිහතමානීව ආඩම්බරයක් තියෙනවා ඒක ගැන. හැබැයි දෙකෙන් මොකේටද කැමති කියලා ඇහුවොත් මම හිතන් නෑ මගෙ ජීවිතේ ඒ ප්‍රශ්නෙට නම්  කවදාවත් මට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. දෙකම මට සීයට සීයක් තමයි.


කෞශල්‍යා ලක්ෂානි


 

 



අදහස් (0)

ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි
2024 සැප්තැම්බර් මස 26 30 0

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කියන ප්‍රේක්ෂක ජනාදරය ඉහළින්ම දිනාගත් ශ


මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්
2024 සැප්තැම්බර් මස 25 37 0

රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන්නනා ඔහු සූර්යා දයාරුවන් සමඟිනුයි මෙ


ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ
2024 සැප්තැම්බර් මස 25 43 0

පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”‍පාවෙලා වලාකුලේ ඒවිද අම්මා”‍ ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්මාය, තවත් විටෙක අම්මගෙ අඩුව පිරවූ ආදරණ


හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය
2024 සැප්තැම්බර් මස 25 48 0

සනත් ගුණතිලක සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනිණි.


KALANA Gunasekara
2024 සැප්තැම්බර් මස 25 36 0

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා.


සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 119 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25088 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 814 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site