පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.
සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එක්වූ ඇය නමින් මියෝනා ද සිල්වා
ඇත්තටම මං හිතුවෙවත් නැති බලාපොරොත්තු නොවුණු විදියට හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ මං රංගනයෙන් දායක වන ආත්මි චරිතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම ඒ ගැන සඳහන් කරන්න ඕනෑ. හරිම සතුටින් තමයි මම ඒ රංගනය කරගෙන යන්නෙ.
නැහැ, මේ මම සම්බන්ධ වුණු දෙවන ටෙලි නිර්මාණය. නමුත් හිරිපොද වැස්ස තමයි මුලින්ම විකාශය සිද්ධවුණේ.
මේ නිර්මාණයට මම සම්බන්ධ වෙන්නෙ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහත්මයා හරහා. ඒකට හේතුව මම පසුගිය වසරෙ චන්දිමාල් ජයසිංහගෙ CJ අවුරුදු කුමරිය තරගයෙන් ජයග්‍රහණය ලබාගත්තා. එතැනින් පසුව තමයි හිරිපොද වැස්ස නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඔහුගේ නිර්මාණයට මාව සම්බන්ධ කරන්න චන්දිමාල් ජයසිංහට කතා කරලා තියෙන්නෙ.
ඉතින් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න මුලින් ආරාධනා කරන්නෙ චන්දිමාල් ජයසිංහ මහත්මයා. ඔහු තමයි කියන්නෙ මේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ වැඩක් කියන දේ. ඇත්තටම මම ඒ අධ්‍යක්ෂවරයාගේ ‘‘ගිරිදේවි’’ නාට්‍ය මුල සිටම නරඹපු කෙනෙක්. ඒ හරිම රසවත් නිර්මාණයක්. ඒ නිසාම දෙවරක් හිතන්නෙ නැතිව තමයි මම ඔහුගේ මේ නිර්මාණයට සම්බන්ධ වුණේ. ඇත්තටම මම රංගනයට විශේෂ කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් නිසා මේ රංගනයට දායකවීමට ප්‍රධානම හේතුව වුණේ.
මේ රංගනය තුළ තියෙන්නේ අක්කා කෙනෙක් මල්ලි කෙනෙක්ට ආදරය කරන සිදුවීමක්. ඉතින් අද වෙද්දි මේ රංගනයට ගොඩක් දෙනෙක් කැමතියි සහ ඒ රංගනයට ආදරේ කරන වෙනම රසික පිරිසක් ඉන්නවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාරවලින්.
ඇත්තම කියනවනම් ඒ සංකල්පයට මුලින් මම හරිම විරුද්ධයි. නමුත් මේ චරිත රංගනයත් එක්ක ඒ දේට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් නැහැ කියලා මට හිතුණා.
මොකද ඒක තමන්ගේ කැමැත්තනෙ. ඉතින් දැන් අක්කා-මල්ලි සම්බන්ධතාවක් දැක්කොත් මම ඒ දේට විරුද්ධ නැහැ.
අනේ නැහැ. ඒත් මේ චරිත රංගනයත් එක්ක මට මල්ලිලාගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් නම් මේ වෙද්දි ලැබෙනවා. හරි ලස්සන මල්ලිලා ටිකක් මට සමාජ මාධ්‍යයේ හොඳ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ ආදරේට මමත් හරිම ආදරෙයි.
සමාජ මාධ්‍ය ගත්තම මම 2017වසරේ තමයි වික්ටොක්වලට සම්බන්ධ වුණේ. කොහොමත් මම කලා ක්ෂේත්‍රයට අලුත් නැහැ. නිරූපණ අංශයේ නියැළිලා හිටියා. ඒ තුළිනුත් මාව හඳුනගෙන හිටියා යම් පිරිසක්. ඒ වගේම මම CJ අවුරුදු කුමරිය තරගාවලියට පෙර වෙනුර කවිඳුගෙ ලුන්ගි ක්වීන් තරගාවලියෙනුත් ජයග්‍රහණය කළා. ඒ තුළිනුත් මට රසික පිරිසක් එකතු වුණා. ඒ විඩියෝ බොහෝ දෙනෙක් නරඹලා තිබුණා. ඒ හැමදේමත් එක්ක මෑතකදී රංගනයට සම්බන්ධවීමත් එක්ක තමයි ගොඩක්ම ප්‍රතිචාර ලබාගන්න හැකිවුණේ.
ඔව්, මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට දක්ෂතා තිබුණා. ඒ තුළින් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. මම පාසල් ගියේ මහනුවර නාලන්දා බෞද්ධ විද්‍යාලයට. පාසලේත් වේදිකා නාට්‍ය එහෙම කළා. ඒ වගේම හැම වසරකම අස්ගිරිය පන්සලේ සිංහල කලා සාහිත්‍ය උත්සවයෙ මගේ රංගනයක් හෝ නර්ථනයක් අනිවාර් යෙන්ම තිබුණා. ඒ විදියට ඉතින් කලාව එක්ක ඒ කාලෙත් එකතුවෙලා හිටියා.
තවම මට අවුරුදු 21යි. ඒ වයස ඇතුළත මේ ආපු ගමන ගැන සතුටුයි. කලාව තුළ ඉදිරියටත් ලස්සන ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. නමුත් මම තවම ඉගෙන ගන්නවා. ඒත් එක්ක මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ සියලු දේ සමබර කරගෙන කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න තමයි අරමුණ තියෙන්නෙ.
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි. ඒ ගොල්ලො හරිම සතුටුයි මගේ රංගන හැකියාව සම්බන්ධයෙන්. ඉතින් ඒ හැමෝම මට මේ ගමනට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.
ධනු විජේරත්න
රුෂිරු කොළඹතන්ත්‍රිගේ
විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.
දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.
මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන
මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.
ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො
පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva