මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘විසේකාරි’ කියන්නෙ. ඒ තුළ වැඩිම කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා.
ඔහු අමිල කරුණානායක, මේ නිර්මාණය තුළ අමිලගෙ චරිතය වැඩි කතාබහකට ලක්ව තියෙන්නෙ ඇයි කියලා ‘‘විසේකාරි’’ නරඹන ඔබ නම් දන්නවා ඇති. ඒ ගැන අමිලගෙන්ම විමසා බලමු.
ඇත්තටම ඉතින් මම කරන චරිත රංගනයක් නිසා තමයි මේ දිනවල කතාබහට ලක්වෙලා තියෙන්නෙ. ඒ ‘‘විසේකාරි’’ ටෙලි නිර්මාණයේ Professor චේතිය නිසා. ඔහු ඉතින් Naughty Professor කෙනෙක් කියන දේ නිර්මාණය නරඹන අය දන්නවා. ඉතින් ඒ චරිත රංගනයට මම බැනුම් අහනවා. පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තමයි මේ වෙද්දි උදාවෙලා තියෙන්නේ.
විශේෂයෙන් කියන්න ඕන මම බොහෝම කාලයකට පසුව තමයි ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ. ඉතින් මේ තුළ මට ලැබුණේ Negative role එකක්. ඒ Professor චේතිය චරිතය. මේ චරිතය තුළින් සමාජයට ආදර්ශයක් දුන්නට මෙය ඉතාම නරක පුද්ගලයෙකුගේ චරිතයක්නෙ. ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක මට පාරෙ තොටේ යද්දි වුණත් තේරෙනවා. ඔවුන් මාවත් ඒ තැනට දාලා වගේ. මේ චරිත රංගනයක් කියන දේ සමහරුන්ට නොතේරෙන විදියට මට බනින්නෙ.
ඉතින් මේ විදියෙ ප්‍රතිචාර දකිද්දි මට හිතෙනවා මිනිස්සු රූපවාහිනිය එක්ක කොයි තරම් බැඳිලා ඉන්නවද කියලා. මේ චරිතය ලියවිලා තියෙන විදියටනෙ මම රංගනය ඉදිරිපත් කරන්නෙ. ඉතින් මට අයහපත් ප්‍රතිචාර ලැබුණත් සතුටක් තියෙනවා ලැබෙන ප්‍රතිචාර ගැන.
අනිවාර් යෙන්ම ඔව්. නමුත් මම රංගන ශිල්පියෙක් විදියට මට පුළුවන් දේ ඉදිරිපත් කළ හැකි අවස්ථාවක් විදියටයි ඒ චරිතය දැක්කෙ.
අපි එකම චරිතයකට කොටුවෙන්න හොඳ නැහැ. මීට පෙර මම පුංචි තිරයට හා සිනමාවට සම්බන්ධවෙලා වැඩ කළා. නමුත් ඒ නිර්මාණවලින් නොකරපු නොලැබුණු වෙනස්ම චරිත රංගනයක් තමයි මේ. මම හිතනවා රංගන ශිල්පියෙකුට විවිධාකාර චරිත ලැබෙන්නෙ වාසනාවකට. ඉතින් එහෙම චරිත ලැබීම තුළින් සාර්ථක ගමනක් යන්නත් පුළුවන් කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් මේ චරිතයට ඉදිරියේදී මීට වඩා වෙනස් ප්‍රතිචාර ලැබෙයි. මොකද ඉදිරියට නිර්මාණය තුළ වෙනස්කම් සිදුවෙන්නට නියමිතයි. විසේකාරි එක්ක රැඳිලා හිටියොත් ඒ දේවල් දැකගන්න ලැබෙයි.
ඔව්. විශේෂයෙන් සමාජ මාධ්‍යවල මමත් ඒ ප්‍රතිචාර දැක්කා. ඒවගේ සඳහන් වෙලා තිබුණා. ‘‘මූට තියෙන්නෙම පැණි සෙවළ මූනක් එහෙම කියලා’’ මට මේ චරිතය ලැබෙන්න ඇත්තෙ මගේ රූපයට වෙන්නත් ඇති. රංගන ශිල්පියෙක්ව යම් චරිත රංගනයකට තෝරගන්නෙ ඒ කෙනා චරිතයට සුදුසුයි වගේ දකින නිසානෙ. මම ඉතින් පෙර සඳහන් කළා වගේ ඒ ප්‍රතිචාරවලට මොනවත්ම කියන්නෙ නැහැ. මාව මේ චරිතෙට ගැළපෙන නිසා වෙන්න ඇති, මෙහි අධ්‍යක්ෂවරයා ඉන්දික ධර්මතිලක සහ නිෂ්පාදක ප්‍රභාත් රෝෂාන් මාව මේ වෙනුවෙන් සම්බන්ධ කරගන්න ඇත්තෙ.
සැබෑ ජීවිතේ ගැන කතා කළොත් මම විවාහකයි. දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. දුවයි, පුතයි ඉන්නෙ. පුතා පාසල් යනවා. නාලන්දෙට තමයි යන්නෙ. දුව නම් තවම පොඩියි. එතකොට බිරිඳ ඉංජිනේරුවරියක්. ඉතින් එයාලත් එක්ක සතුටින් ජීවිතේ ගෙවෙනවා.
බිරිඳ සහ දරුවන් ගැන කතා කළ නිසාම දැනගන්න කැමතියි බිරිඳ මේ නිර්මාණය නරඹනවද? ඇයගේ ප්‍රතිචාර කොහොමද?
ඔව් ඇය නරඹනවා. ප්‍රතිචාරනම් යහපත් නැහැ. බනින එක තමයි කරන්නෙ. මම ටෙලි නිර්මාණයක චරිතයක් භාරගත්තෙත් දීර්ඝ කාලෙකින්නෙ. ඉතින් ඇය කියන්නෙ ඉඳලා ඉඳලා අරගෙන තියෙන්නෙ මරු චරිතයක් කියලා. මුලදි ඇත්තටම ඇයගෙන් වගේම අම්මාගෙනුත් බර බරේ තිබුණා. දැන් නම් ඉතින් ටිකක් ෂේප් වෙලා තියෙනවා.
ඇත්තටම අද සමාජයේ දකින්න තියෙන දේවල් තමයි මේ කතාවට අන්තර්ගත වෙලා තියෙන්නෙ. සැබෑ ජීවිතේ මේ නිර්මාණයේ වගේ චරිත ඕනෑ තරම් අපි දැකලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ නිර්මාණය වෙනුවෙන් හොඳ නළු නිළි පිරිසක් සම්බන්ධවෙලා ඉන්නවා. ඔවුන්ගේ චරිත රංගනයන් ඔස්සේත් සමාජයේ විවිධ පැතිකඩයන් පෙන්වනවා. ඒ වගේම මේ නිර්මාණය තුළින් සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා මෙහි අධ්‍යක්ෂවරයා. ඒ නිසාම තමයි අද වෙද්දි මේ ටෙලි නිර්මාණය මිනිස්සු අතරට ඉක්මනින් ගිහින් තියෙන්නෙ.
පසුගිය සති කිහිපයකට පෙර සිනමාව හරහා දකින්නට ලැබුණා. ඒ කම්බිලි නිර්මාණයත් එක්ක. ඒ වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදිත් මම සම්බන්ධ වුණ ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ එන්න තියෙනවා. ඒවා ඉදිරියේ දි දකින්න ලැබෙයි.
නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා දැන් අඩුයි. මොකද මගේම ව්‍යාපාර කටයුත්තක නිරත වන නිසා. ඉතින් ඒ කටයුතු සහ රංගන ක්ෂේත්‍රයේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නෙ දැන්.
ධනු විජේරත්න
රොජර් සෙනෛවිරත්න කී විට නයනා කුමාරි මඳක් පසුබා සිටියේ ඒ වන විට ඇය කාර්යබහුලව සිටි නිසාය. ටෙලි නාට්‍ය දෙකතුනකම රඟ පාමින් සිටියා පමණක් නොව ඇගේ විවාහයට ද
ළමා රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වදිමින් රංගනයේ දොරගුළු විවර කරගත් ඇය දැන් පුංචි තිරයේ බබළන අලුත් තරුවකි. වෙනස් වෙනස් චරිත තුළින් විවිධ කාලයන්හ
මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘විසේකාරි’ කියන්නෙ. ඒ තුළ වැඩිම කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදන ශිල්පියකු ලෙස පටන් ගෙන ඉනික්බිතිව, පියවරෙන් පියවර අත්දැකීම් සමග ඉදිරියට යමින් තනතුරු දරමින් හර-බර සන්නිවේදකයකු ල
ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් රටක් වසඟයට පත් කළ පුංචි ගායන තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එක් කරගත්තා.
කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ - අමිල කරුණානායක