IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


පිය පරපුරෙන් එන යොවුන් ගී රාවය

“සීත කඳුයායේ
ගැයෙන ගී රාවේ
කවුරුදෝ - කාටදෝ
පුරුදු ගී රාවේ...

සීත රෑ යාමේ
ගැයෙන ගී මාගේ
ඔබ මගේ තනියටයි
මෙලෙස ගී ගැයුවේ...”

යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන්නේ ඔහුගේම දියණිය ලිහිණි විහංගායි.

ලිහිණි යුග ගී ගායනයට හපනියක් මෙන්ම ඇගේම ස්වතන්ත්‍ර ගීත 10ක උරුමකාරියක්. විවාහයෙන් පසු ගිය වසරේ ඇය කැනඩාවේ (University Canda West) වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ‘සඳැල්ල’ වෙනුවෙන් අප හා දොඩමලු වුණේ ඇයගේ සොහොයුරු, යොවුන් ගායක හා රූප රචනා අධ්‍යක්‍ෂ ගයන මධුවන්තයි.

කොහොම ද මේ දවස් ගත වෙන්නේ?

“බොහොම කාර්ය බහුලයි. සංදර්ශනත් අඩුවක් නෑ. අප්පච්චිගෙ පරණ සින්දු දෙකක් නව තාක්ෂණය යොදලා ජනගත කරන්නයි බලාපොරොත්තුව. ඒ අතර මගේ ගීයකුත් සූදානම්. අප්පච්චිගෙ සෑම නිර්මාණයකම රූප රචනා පැත්ත බාර අරන් තියෙන්නෙ මමනේ. නංගි නැති පාළුව නම් තදින්ම දැනෙනවා.”

කොහොම ද අම්මාගේ සහයෝගය?

“අම්මා ගී නොගැයුවාට අපේ කටයුතු වෙනුවෙන් පෙර සූදානම සඳහා ලොකු වැඩ කොටසක් කරනවා. අප්පච්චිටයි මටයි ගැළපෙන ඇඳුම් මොස්තර රටා පවා සූදානම් කරන්නෙ ඇයයි. ඇය ඉන්ද්‍රාණි මංගලිකා. ඒ වගේම අපේ හොඳම රසිකාවියත් ඇයයි.”

සංගීතය ඔබ අතරට ආවේ කොහොම ද?

“මගේ අප්පච්චිගේ තාත්තා වෘත්තියෙන් වඩු කාර්මාන්තය කළා. එයා ගෙදරට වඩු උපකරණ අරන් එනවාලු. දවසක් අමුතුම හැඩයක් තියෙන වයර් සවිකරපු භාණ්ඩයක් අරන් ආවාලු. ඊට පස්සේ එයා ඒකෙන් වාදනය කරන්නත් ගී ගයන්නත් පටන්ගත්තාලු. එතකොටයි දන්නේ ඒක ඉංග්‍රීසි මැන්ඩලීනයක් බව. ආච්චි අම්මාත් පොල් කටු හප්පමින් එයාට වාද්‍ය සහාය දුන්නාලු. හැමදාම හවසට ගෙදර පොඩි පහේ සාජ්ජයක් තිබුණා කියලා අප්පච්චි කිව්වා.

ඉතින් අප්පච්චියි අම්මයි නංගියි මායි දැනුත් හවසට එකතු වුණාම ගෙදර සංගීත පරිසරයක් මැවෙනවා. ඒ ජාන නිසා වෙන්න ඇති අපි මෙතෙක් දුර ආවේ.”

කොහොම ද පාසලෙන් ලැබුණු සහයෝගය?

“මං ගියේ ආනන්දෙට. පහළ පන්තිවල ඉඳන්ම ගායනයට වගේම වාදනයටත් මා දක්ෂයි. ඉතින් පාසල් සංගීත කණ්ඩායමටත් ගත්තා. පෙරදිග සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා පාසලේ ගුරු උපහාර ප්‍රසංග, බැති ගී වැනි වැඩසටහන්වලට නිර්මාණ කළා. උසස් පෙළ සමයේ පාසල් බෑන්ඩ් එකේ ගිටාර් වාදනයට යොමු වුණා.

එහිදී මගේ ළඟම යාළුවා වුණේ සේනානායක වේරලියද්ද මාමාගේ පුතා අනුර. 2011දී මං සාහිත්‍ය සමිතියේ සභාපති වුණා. 2012 වන විට ප්‍රධාන සංගීත කණ්ඩායමට එක්වුණා. මගේ ගුරුතුමා වූ ආර්.එම්. රත්නපාල සර්ව ආදරෙන් මතක් කරනවා.”

ඔබේ සොයුරිය නව පරපුරේ බොහොම ජනප්‍රියයි?

“ඇත්තෙන්ම පාසල් සමයෙන් පසු කලක් විදෙස්ගත වෙන්න මට සිදු වුණා. නංගි තමයි අප්පච්චි එක්ක නිර්මාණවලට දායක වුණේ.

මුලින්ම එයා මරදානේ සංඝමිත්තා බාලිකාවටත්, පසුව ගෝතමි බාලිකාවට සහ උසස් පෙළ සඳහා විශාකා බාලිකාවටත් ගියා. අවසානේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන උපාධියට සුදුසුකම් ලැබුවා.

පුංචි කාලේ ඉඳන්ම අප්පච්චි සමඟ ගුවන්විදුලි, රූපවාහිනී හා සමාජ මාධ්‍යවල වැඩසටහන් හා ප්‍රසංගවලට එක්වී අත්දැකීම් රැසක් ලබන්න එයා වාසනාව ලැබුවා. අද ඇය කැනඩාවේ උසස් අධ්‍යාපනයට (පශ්චාද් උපාධියට) සැරැසෙනවා.”

අප්පච්චිගේ කලා ජීවිතය ගැන මොනවා ද හිතෙන්නේ?

“හරි ආඩම්බරයක් දැනෙනවා. එයා ස්ව උත්සාහයෙන් වේදිකාව ජය ගත්ත කෙනෙක්. 70/80 කාලේ ජාතික තරුණ සේවා සභාව තමයි අප්පච්චි වගේ තරුණ හැකියාවන් හඳුනාගෙන ඉදිරියට එන්න අත දුන්නේ. අප්පච්චි 79 යොවුන් නිර්මාණ තරගාවලියට ඒකල සරල ගී අංශයෙන් අයැදුම් කළා.

ෂර්ලි වෛජයන්ත් ගුණසිංහ සර් තමයි ඒ දිනවල සංගීත උපදේශකවරයා. අප්පච්චි ගැයූ ‘ජය භූමි ශ්‍රී ලංකා’ ගීතය තමයි පළමු තැන දිනුවේ. අප්පච්චිගේ කුසලතා දැකලා නුවර බෙලිවුඩ් ආයතනයේ සංගීත ඩිප්ලෝමාව සඳහා බඳවා ගත්තා. මේ රටේ තරුණ පරපුරේ ප්‍රාණ නාළිය ලෙසයි එම ආයතනය හඳුන්වන්නේ.

ෂර්ලි වෛජයන්ත් සර්ගෙන් පසු 1985 සිට සංගීත උපදේශකයා ලෙස අප්පච්චි පත්වුණා.”

ගයන ළිහිණි

අප්පච්චිගේ ගී අතරින් ඔයා කැමැතිම ගී මොනවා ද?

“අප්පච්චි ස්ව උත්සාහයෙන් ගොඩනඟපු නිර්මාණවල එකකට එකක් අපූර්ව ගුණ තියෙනවා. ජනප්‍රිය වුණ ගී තරම්ම ප්‍රචලිත නොවුණු නිර්මාණත් හරිම ලස්සනයි. මම කලින් කිව්ව ගී දෙක ප්‍රතිනිර්මාණය කරන්න තීරණය කළේ ඒ දෙකට තියෙන කැමැත්ත නිසා.

‘දෙදෙනකු අතරේ තිබුණු සෙනේ තුන්වෙනුවෙක් හට දෙන්න එපා’ ලිව්වේ හේමසිරි හල්පිට. සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්. ඊළඟ සින්දුව ‘ඔබ කී කතාවන්’ ලිව්වේ නිහාල් ගම්හේවා සර්. සංගීතවත් කළේ ෂර්ලි වෛජයන්ත් සර්. අප්පච්චි ප්‍රේමයේ විවිධ පැති ගැන ගී ගැයුවා. වඩාත්ම අපේ සිත් ගත්තේ වියෝ ගීතයි.” 

ඔබත් ප්‍රේමයෙන් මට්ටු වෙලා වගෙයි?

“ඒ වගේ අත්දැකීමුත් නැත්තෙ නෑ. ඒක වෙන්තත් ඇති එවැනි ගීවලට හිත ඇදෙන්නේ. අප්පච්චි ගයන ‘සඳුන් කපුරු’, ‘සෙනෙහසේ සුවඳ විජිතයේ’, ‘අඹ දඹ නාරං කෙසෙල් දෙල්’ වැනි ගීතවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ‘සඳුන් කපුරු’ ගීතය ලිව්වෙ අනුර මුදුන්කොටුව. සංගීතය නිහාල් ගම්හේවා සර්.
‘සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ’, ‘යෙහෙළියක සේ සොයුරියක සේ’‌, ‘සෙල්ලම් ගේ පාළු වෙලා’, ‘ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා’, ‘ඔබ කී කතාවන්’ වැනි ගී මේ කාලයේ රියැලිටි තරගාවලි සඳහා ද ගන්නවා. ඒවා නිකම්ම නිකම් වාගාලාප නොවෙයි.”

අප්පච්චිගේ සංගීත ගමනට උදව් කළේ කවුද?

“නව තාක්ෂණයත් සමඟත් අප්පච්චි ගී නිර්මාණ රාශියක් කළා. ‘සඳුන් කපුරු’ ගීතය වැනි ජනප්‍රිය ගී රැසක් ඒ අතර වෙනවා. අජන්තා රණසිංහ ලියූ ෂර්ලි වෛජයන්ත් සංගීතය සැපැයූ ‘යෙහෙළියක සේ සොයුරියක සේ’ ගීතය ද ජනප්‍රියයි.”

ගායන ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න ද ගයනගේ බලාපොරොත්තුව?

“උරුමයෙන් ගායනයට පිවිසුණාට මා දැන් ගොඩක් නැඹුරු වෙලා ඉන්නෙ රූප රචනා කලාවට. අප්පච්චිගේ ජනප්‍රිය ගී රැසක නංගි ගී ගයද්දී මා එම ගීතවලට රූප රචනයෙන් සාධාරණය ඉටු කළා. එවැනි නිර්මාණ 75ක් පමණ ජනගත කරලා තියෙනවා.

මගේ සෑම නිර්මාණයක් පසුපසම පාසල් වියේ සිටම මගේ ළඟම මිතුරු වන ලක්ෂිත බණ්ඩාර සහෝදරයා ඉන්න එක ලොකු හයියක්. අපි රූසර ෆිල්ම්ස් කියලා නිෂ්පාදන ආයතනයකුත් ආරම්භ කළා. අපේ අනාගතය අදට වඩා හෙට සුන්දර වෙයි කියලා හිතනවා.

ළිහිණි නැඟණිය හා ඇගේ සැමියා ඩිල්ෂාන් එදිරිසිංහ දැනට කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. ඇය අප්පච්චි සමඟ ගීත ගැයූ ‘ලේ සහ ළය’ වැනි වැඩටසහන් රූපවාහිනී යූටියුබ් නාළිකාවල විකාශය වෙනවා. යළි මවු රටට පැමිණි පසු අපේ සංගීත චාරිකාව වේගවත් කිරීමට සූදානම්. ඩිල්ෂාන් සොහොයුරාගෙන් ඒ සඳහා ඇයට පුදුම සහයෝගයක් ලැබෙනවා.”

අප්පච්චිගේ අලුත් සින්දුව දැන් විකාශය වෙනවා නේද?

“මංගල දිනයෙත් වෙන් වෙනු දැක දැක

රත්තරනේ මං පෙම් කෙරුවා

ඔය හිත හැදුණත් මගෙ හිත හැදෙන්න

මියෙනතුරා මට බැරි වේවි...”

මෙහි පද රචනයත් සංගීතයත් අප්පච්චිගේ. මං රූප රචනයෙන් දායක වෙනවා.”

“පුතා සහ දුවගේ හපන්කම් ගැන මොනවා ද හිතෙන්නේ.” මම ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙන් විමසුවා.

“මට හරිම සන්තෝසයි, මං ජීවත්ව සිටියදීම දරුවන්ගේ දස්කම් දැකගන්න ලැබීම ගැන. නව පරපුරේ දරුවන් සුභාවිත සංගීතය තුළින් ගුරු ඇසුර හා කැපවීම මත ඉදිරියට යනවා නම් අනාගතය සුබ වේවි.”

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

පිය පරපුරෙන් එන යොවුන් ගී රාවය

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

දුන්හිද අද්දරට ගිය අද්භූත සංචාරකයා - සේන නානායක්කාර
2025 අප්‍රේල් මස 09 57 0

මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි


’’පිරිමි ළමයි’’ හි ගිනි දෙන තිවංක - මනුජ් ජයකොඩි
2025 අප්‍රේල් මස 09 42 0

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන


චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර
2025 අප්‍රේල් මස 09 38 0

කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ ම


විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ
2025 අප්‍රේල් මස 09 47 0

විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ ව


පිය පරපුරෙන් එන යොවුන් ගී රාවය
2025 අප්‍රේල් මස 09 58 0

යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන


නෙළුම් කුළුණ ලොකු පුතා මේ දිනවල ’මිස්ටර් ප්‍රසිඩන්ට්’ එක්ක
2025 අප්‍රේල් මස 09 31 0

රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 315 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 983 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site