IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා


පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි. නම වගේම පෙනුමත් වෙනත් රටක කෙනෙක් වගේ වුනත්, ඔහු ඉන්දියාවේ හෝ වෙනත් රටක කෙනෙක් නම් නෙවෙයි. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණයට නතු වූ දර්ශන් කටයුතු කරන්නේ රූපවාහිනී නිවේදකයකු සහ නළුවකු ලෙසයි.

  • දර්ශන් ගැන විස්තරයක් කරන්න කැමතිද?

මගේ ගම කොළඹ කොච්චිකඩේ,  පාසල් ගියේ කොටහේන විවේකානන්ද කොලේජ් එකට. පවුලේ අම්මයි-තාත්තයි - අක්කයි - මමයි. අපේ පවුල කලාවට සම්බන්ධ නැහැ. අක්කා තමයි මුලින්ම මීඩියා ෆීල්ඩ් එකේ හිටියේ, මම සහතිකයක් ගන්න  කවදාවත් ස්ටේජ් එකකටවත් නැගලා හිටිය කෙනෙක් නෙවෙයි. එහෙම හිටිය කෙනා තමයි මේ විදිහට ඉදිරියට ඇවිත් ඉන්නෙ.

  • ඉගෙන ගත්තේ අරමුණ?

පොඩි කාලයේ ඉඳලම මගේ කැමැත්ත තිබුණෙ චිත්‍ර ශිල්පියකු වෙන්න.  

  • ඒ කියන්නෙ හොඳ චිත්‍ර ශිල්පියෙක්?

ඔව් මට චිත්‍ර අඳින්න පුළුවනි.  පෝර්ට්රේට් චිත්‍රවලට තමයි කැමැත්ත තියෙන්නෙ. හැබැයි අපේ රට ඇතුලෙදී පේන්ටර් කෙනෙකු විදිහට කොහොමද ආර්ථිකව ස්ථාවර වෙන්නෙ කියන ස්වභාවය නැහැ. ඒ නිසා උසස් පෙළින් පසුව ගුවන් සේවකයකු ලෙස කටයුතු කළොත් හොඳයි කියලා හිතුවා. ඒ නිසා එම අංශය ගැන ඉගෙන ගත්තා. ඉන්පස්සෙ ගුවන් සේවයේ රැකියාවට අවස්ථාව එනකල් නිවේදකයකු හැටියට කටයුතු කරන්න පටන් ගත්තා.  මීඩියා ෆීල්ඩ් එකට ආවෙ ශක්ති ටී වී චැනල් එකෙන්.

  • කොච්චර කල් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත් ?

අවුරුදු අටක් විතර වෙනවා.

  • රඟපාන්න අවස්ථා ලැබුණෙ?

ශක්ති ටී වී එකේ නිවේදකයකු විදිහට ඉන්නකොට පොඩි පොඩි වැඩසටහන්වල ඇක්ටින් වලට යොදා ගත්තා. ටී වී ෂෝ කරනවට වඩා ඒ වැඩේ හොඳයි කියලා මට හිතුණා. එතැනදී මගේ විශ්වාසය තියෙන්නෙ ටෙලි ඩ්‍රාමා වලට. ලංකාවේ වැඩිම පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙ ටෙලි ඩ්‍රාමා. ඉතින් ඒ නිසා ටෙලි ෆීල්ඩ් එකට එන්න ට්‍රයි කරමින් ඉන්නකොට තමයි මගේ වාසනාවට තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයා හමුවුණේ. එතුමා නිර්මාණය කළ හිතුවක්කාර නාට්‍යයේ මට චරිතයක් ලැබුණා. ඒ නාට්‍යයෙන් තමයි  සිංහල ටෙලි  ෆීල්ඩ් එකට එන්න ලැබුණෙ. ඒකෙ මම රඟපෑවේ දුෂ්ටයාගේ චරිතය.

  • මේ වන විට නිර්මාණ කීයකට දායකවෙලා තියෙනවද?

හිතුවක්කාර, සහ ශක්ති  නාට්‍යයේ රඟපෑවෙත් දුෂ්ටයාගේ චරිතය. ඒ නාට්‍යය දෙකම තිලිණ බොරලැස්ස මහතාගෙ. ඉන්පස්සෙ ධනුෂ්ක රත්නායකගෙ  සී යූ නාට්‍යයේ රඟපෑවා.  මේ දිනවල රොන් සොයා නාට්‍යයේ රඟපානවා.  ඊටත් අමතරව ඉන්දික ධර්මතිලක අයියාගේ අලුත්  ඩ්‍රාමා එකකට දායක වෙන්න තියෙනවා.  ඒක ලව් ස්ටෝරි එකක්.

  • ෆිල්ම් එකක රඟපාන්නත් අවස්ථාව ලැබුණා නේද?

මගේ පළවැනි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙත් තිලිණ බොරලැස්ස මහතා.  එතුමා මට එහි ප්‍රධාන චරිතය ලබා දීම ඇත්තටම මට ලැබුණ ලොකු අවස්ථාවක්.  චරිතයේ නම මේධාන්.  ෆිල්ම් එකේ නම මං හොයන්නෙ ප්‍රේමයක්.

  • ඒ ෆිල්ම් එකේ ඔබගේ පෙම්වතිය ලෙස රඟපාන්නෙ?

අභිලාෂි ශන්තුෂ්කි.

  • වඩා කැමති ෆිල්ම් වල රඟපෑමටද? ටෙලි ඩ්‍රාමාවල රඟපෑමටද?

මම නම් කැමති ටෙලි ඩ්‍රාමාවල රඟපාන්න. හැමදාම ටි වී එකේ මාව දකිනවට මම ආසයි. ටී වී නිවේදකයකු ලෙස හිටපු නිසා තමයි මට ඒ කැමැත්ත ආවේ. චැට් ෂෝ කරද්දී හැමදාම මට අලුත් කෝල් එනවට මම ආස කළා.  ඒ නිසාම වෙන්නැති ටෙලි ඩ්‍රාමා වලට මම ආස කරන්නෙ.  ටෙලි ඩ්‍රාමා කියන්නෙ හරියට නරඹන මිනිස්සුන්ගෙ ගෙදර ගිහින් ඉන්නව වගේ අත්දැකීමක්. මම ඒකට ආසයි. හැබැයි ෆිල්ම් චරිතයක් ලැබුණොත් ඒකටත් උපරිමව කැපවෙනවා.  තිලිණ බොරලැස්ස අය්යා මට ලබා දුන්නෙ ලොකුම ලොකු අවස්ථාවක්. එයාට ඕනෑ නම් ලොකු නළුවෙක් ගන්න තිබුණා. ඒත් එයා ඒ රිස්ක් එක අරගෙන මට දුන්න අවස්ථාවට උපරිමය කරන්න උත්සාහ ගත්තා. ඒ වගේම   ෆිල්ම් ගැන ලොකු අත් දැකීමක් මට ලැබුණෙ. එයාගේ කණඩායමේ සිටින ආධුනිකම කෙනා හැටියට එයා මට දුන්නෙ ලොකුම ලොකු චාන්ස් එකක්.  

  • දර්ශන් ප්‍රේමයක් හොයන්නෙ නැද්ද?

දැන්ම ඒ ගැන හිතන්නෙ නැහැ. අපේ ජෙනරේෂන් එකේ හැම කොල්ලෙක්ටම වගේ මටත් ටාගට් තියෙනවා. ගෙයක් ගන්න, වාහනයක් ගන්න. මට අවශයයි. ඉතින් මුලින්ම ඒවා කරගත්තට පස්සෙ ලව් එකක් ගැන හිතන්න පටන් ගන්නවා.

  • ඔබ ජනකාන්ත ගායන ශිල්පියකුගේ දියණියක වන ජනප්‍රිය  ගායන ශිල්පිනියක සමග හාදකමක් තියෙනවාය  යන පුවත් දැකගන්න ලැබුණා. මොනවද ඒවායේ ඇත්ත?

සමාජ මාධ්‍යයට ඉතින් මොනවද කියන්න බැරි.  ඇයගෙ මියුසික් වීඩියෝ එක හරහා තමයි මම රංගනයට ආවේ. හිතුවක්කාර ටෙලි නාට්‍යයේ රඟපෑවට,  කළුවරට හිත බය හින්දා මියුසික් වීඩියෝවෙන් තමයි වැඩි දෙනෙක් මා ගැන කතා කරන්න පටන් ගත්තෙ. ඒ නිර්මාණයෙන් පසුව අපි හොඳ යාළුවෝ වුණා. එයා මගේ වැඩ වලට දෙන්නෙ ලොකු සහයෝගයක්.  ඇය අලුතින් එන අයට ගොඩාක් උදවු කරන චරිතයක්. කලා ක්ෂේත්‍රයේ කිසිම පසුබිමක් නැතිව එන ආධුනිකයින්ට හරියට උදවු කරනවා.  එයාගෙන් මට ලැබෙන සහයෝගයත් හරි පවර්ෆුල්.

  • ඔහොම ගිහින් ඒ යාළුකම ආදරයකට හැරේවිද?

ඒක කියන්න දන්නේ නැහැ.

  • දර්ශන් මොනවගේ ආදරවන්තයෙක් ද?

එදා ඉඳලා ගත්තොත් එක-එක කාලවලදී එකඑක විදිහෙ කෙනෙක්. ඒ කියන්නෙ පාසල් කාලයේදී හිටපු පෙම්වතාගෙ විදිහ වගේ නෙවයි පසුව වයසත් එක්ක වෙනස් වෙනවනෙ. එක් විදිහක් කියන්න බැහැ. එක-එක විදිහට ආදරය කරලා තියෙනවා. ඒ ඒ පෙම්වතියන්ගෙ විදිහත් වෙනස්නෙ. අද ප්‍රේමයක් නැති නිසා මට කියන්න බැහැ. අද මගේ ප්‍රේමය තියෙන්නෙ කලා කටයුතු එක්ක. ජීවිතයේ මම තවම ස්ථාවර වෙලා නැහැ. යම්කිසි දෙයක් කරලත් නැහැ. දුර ගමනක් යන්න තියෙනවා.


සඳුන් ගමගේ


 



අදහස් (0)

පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 36 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


“පිරිමි ළමයි ” නිසා දසුනි සෙනෙත්මාට වෙච්ච දේ ...
2025 පෙබරවාරි මස 26 89 0

දසුනි සෙනෙත්මාට මේ දිනවල හැමෝම කතා කරන්නෙ “සුදු පුතා” කියලයි. “පිරිමි ළමයි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය නිසා ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් අද කතා වෙන්නෙ දසුන


මම බැන්දේ නැහැ , ඒක ෆොටෝ ෂූට් එකක් - දමින්ද නන්දරත්න
2025 පෙබරවාරි මස 26 64 0

වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමා


පිනි රාණි - ගයත්‍රි ඩයස්
2025 පෙබරවාරි මස 26 90 0

ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.


පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා
2025 පෙබරවාරි මස 26 86 0

පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.


ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න
2025 පෙබරවාරි මස 24 52 0

මෙවර ’Youth Peak’ විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු නමින්, අශාන් ධනංජය .


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20050 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 445 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 529 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site