IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


පොලිසියටත් පාට් දාන අමුතු චණ්ඩියා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි


ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා. ගිහින් කිසිම සැකයක් බයක් නැතුව එයා ඉදිරියේ ඉඳගෙන පොලිසියේ ලොකු මහත්තයා දිහා බලා ඉන්නවා.පොඩි නිහඬතාවකින් පස්සේ ලක්ෂ්මන් නේද කියලා පොලිසියේ මහත්තයා ඇහුවාම?

ඔව්, මම බෝගහවත්තේ ලක්ෂ්මන් හෙවත් ලකී කියලා ඉණේ රඳවාගෙන තිබූ පිස්තෝලය අරගෙන ඕ.අයි.සී මහත්තයාගේ මේසය උඩ තියනවා. ‘‘අයිසේ දැනගන්නවා, මේක පොලිසිය’’ කියලා ඒ පාර ඕ.අයි.සී මහත්තයා කේන්තියෙන් කියනවා. ඉතින් ඒ සිදුවීමේ ඉදිරියට මොනවද වෙන්නේ කියන වග දැනගන්න ඕනෑ නම් ගිනි අවි සහ ගිනි කෙළි - 2 ෆිල්ම් එක ඔබට නරඹන්න වෙනවා. ඔබ ආදරය කරන සිනමා අධ්‍යක්ෂකවරයකු වන උදයකාන්ත නිර්මාණය කළ ගිනි අවි සහ ගිනි කෙළි - 2 මේ දිනවල ඔබට නැරඹීමට ලැබී ඇති මොහොතක මේ කතා බහ පොලිසියටත් පාට් දාන මේ අමුතු චණ්ඩියා එක්කයි. ඔහු තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. මෙම ෆිල්ම් එකේ ලකී නමින් චරිතයක් රඟපාන්නේ ඔහුයි

  • ඉසුරු යාළුවෝ කතා කරන්නෙත් ඒ නමින් ද?
යාළුවෝ කතා කරන්නේ ලොකු කියලයි. හැබැයි මේ දිනවල ලොකු-ලකී වෙලා ඉන්නෙ. නිකම්ම ලකී නෙවෙයි. බෝගහවත්තේ ලකී වෙලා ඉන්නෙ. ඒකට හේතුව ගිනි අවි සහ ගිනි කෙළි - 2 චිත්‍රපටය සාර්ථකව තිරගත වෙන නිසයි. ඒකට හොඳ ප්‍රතිචාරයි ලැබෙන්නේ. 90 දශකයේ අගභාගයේදී පාසල් සිසුවකුව සිටියදී තමයි. ගිනි අවි සහ ගිනි කෙළි පළමු චිත්‍රපටයේ නැරඹුවේ. ජැක්සන් ඇන්තනි මහතා, ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සහ පාලිත සිල්වා මහතා වගේ අය තමයි එදා එහි ප්‍රධාන චරිත රඟපෑවේ. එදා අපි කොළඹ ආවේ ස්පෝර්ට්ස් මීට්වලට. ගෙදර තිබුණේ අඟල් 12 කළු - සුදු ටී.වී එකක්. ඒ නිසා සිනමාව අපට බොහෝ දුර වුණා. ඒ විදිහට එදා අපට දුරස්ථ වෙච්ච සිනමාවේ. වසර කීපයකට පසුව රඟපාන්න ලැබීම මට එකඅතකට සිහිනයක් වගෙයි. හැබැයි, සිහිනයක්ම නොවන්නේ, ඒ සිහිනය යථාර්ථයක් කර ගන්න. විශාල කැපකිරීමක් කළ නිසයි.
 
  • එදා ඒ විදිහට ගිනි අවි සහ ගිනි කෙළි නැරඹූ ඔබට අද එදා එහි රඟපෑ සමහර නළු - නිළියන් එක්ක මෙහි දෙවැන්නේ රඟපාන්න ලැබුනාම මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?
 
මේ ෆිල්ම් එකේ ප්‍රිමියර් එක දවසේදී (මංගල දර්ශනය) මම එය නැරඹුවේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සමඟ. චිත්‍රපටය පටන් ගනිද්දි නාමාවලිය පටන් ගන්නේ මුලින්ම මගේ නමින්. ඒ සියලු දේ එක්ක මට මතක් වුණේ මගේ අතීතය. අපේ පරම්පරාවේ කලාවට හෝ සිනමාවට සම්බන්ධ කවුරුවත් නැහැ. ඒ නිසා මේක මට මාර අත්දැකීමක්. ඒ කාලයේ මම පාසලේදී නාට්‍ය කළ බව ඇත්ත. ඒත් මෙච්චර දුරක් ඒමේ අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අද ඇවිත් සිටින ගමන ගැන මහා ආස්වාදයක් මට තියෙන්නේ.
 
  • මේ චරිතයට ප්‍රවේශ වෙච්ච විදිහ ගැන කියමු?
 
අනුර හොරේෂස් මහතාගේ පොත් කියවලා තිබුණා. ඊට අමතරව ඒ වකවානුවේ සිටි චරිත ගැන කියවලා අහලා තිබුණා. මේ නිර්මාණයට අදාළව, ඒ චරිත ස්වභාවය වටහාගෙන රංගනයට එක් වුණා. සමහර චරිත අපි හැබෑවටත් දැකලා තිබුණා. සමාජයේදී දැකලා තිබුණා. ඉතින් ඒ සියලු දේ එක්ක අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම එක්ක අපට මේ චරිතවලට ප්‍රවේශ වෙන්න හැකියාව ලැබුණා.
 
  • මේ ෆිල්ම් එකේ රඟපෑවේ කොයි කාලයේදීද?
අවුරුද්දකට විතර පෙරදී.
 
  • ඒ රඟපෑ කාලයේදී වූ මතකයන් මොන වගේ ද? මොන වගේ සිදුවීම්වලට ද මුහුණ දුන්නේ?
මේ ෆිල්ම් එකේ මට අමතකම නොවන සිදුවීම වන්නේ මඩ වළකදී කළ සටන් ජවනිකාව. ඒක අමුතුවෙන් නිර්මාණය කළ දර්ශන තලයක, සැබෑ මඩ වලක කරන්න අපි තීරණය කරලා තිබුණේ. ඒ දර්ශනය රූගත කරද්දී ඇත්තටම මඩ නාන්න සිද්ධ වුණා. ජීවිතේ කවදාවත් ඒ වගේ සිදුවීමකට මුහුණ දීලා තිබුණේ නැති නිසා. ඒ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අතිරේක රංගන ශිල්පීන් තිදෙනෙකු සමඟ මේ දර්ශනය රූගත කළේ. ඉතින් මේ දර්ශන රූගත කරන්න දවස් දෙකක් ගියා. දින දෙකක්ම ඒ නිසා මඩ නාන්න වුණා.
 
ඊට අමතරව තවත් සුන්දර සිදුවීමක් තමයි අත්ට්‍රැක්ටරයේ ගිය ගමන. ඒ දර්ශන කරද්දී මට මතක් වුණේ මගේ ළමා කාලය. එදා පොඩි ළමයකුව සිටියදී ගමේ අය සහ පවුලේ අය එක් වී විනෝද චාරිකා ගියේ අත්ට්‍රැක්ටරයේ. මගේ ගම මාතර නිදංගල. එදා ඒ ගමේ සිට වැවුරුකන්නල, වගේම දෙවිනුවර පෙරහර බලන්න ගිය හැටි වෙහෙරහේන ගිය හැටි අද වගේ මට මතකයි. ඉතින් ඒ සුන්දර මතකය මතක් වුණා. එදායින් පසුව ලෑන්ඩ් මාස්ටරයක නැගී ගියේ මේ චිත්‍රපටයේ දර්ශනයකට. සමහර ගම්වල අදටත් මිනිස්සු ගමන් යන්නේ අත්ට්‍රැක්ටර්වල. රටේ සමහර උදවිය අති සුඛෝපභෝගී රථවල යද්දී ඒ විදිහට ලෑන්ඩ් මාස්ටර්වල යන උදවියත් තවම සිටින වගත් මහජනතාවගේ මුදලින් යැපෙන සමහර බලධාරීන් දැන ගත යුතුයි.
  • කොහොම වුණත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට විවිධ වූ චරිත රඟපෑමට අවස්ථා ලැබෙනවා නේද?
ඒක නම් වාසනාවක් කියලයි මට හැඟෙන්නේ. ලාල් ප්‍රියදේව මහතා අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයේ මම රඟපාන්නෙ කොමඩි චරිතයක්. ඒ චිත්‍රපටයේ තේමාවත් ඒ විදිහයි. ඉතින් මේ ලකී ගේ චරිතය හා සැසඳුවොත් ඒ චරිතය ඊට හාත්පසින් වෙනස් චරිතයක්. පුංචි තිරයේ විතරක් නෙවෙයි රිදී තීරයේදීත් මට ඒ විදිහට විවිධ වෙනස් චරිත රඟපෑමේ භාග්‍ය ලැබීම සතුටක්.
 
  • මේ දිනවල ගිනි අවි සහ ගිනි කෙළි - 2 ෆිල්ම් එක හැර ඔබ අපට හමුවන්නේ. 
 
ජාතික රූපවාහිනියේ විකාශය වන මාවෝ ලක්ෂිත මහතා අධ්‍යක්ෂණය කළ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව කාලයකට පසුව මම හඬ කැවූ කිරිල්ලියෝ නාට්‍යයත් විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ. ඊට අමතරව සිහින ගෙනෙන කුමාරියේ, සහ අකුරට යන වෙලාවේ. හිරු ටී.වී එකේ විකාශය වෙනවා. සති අන්තයේදී මිහිර සිරිතිලකගේ කෝ - කුක්කෝ නාට්‍යය එක්ක රට වටේ යනවා. ඊටත් අමතරව නිවේදන කටයුතු වලටත් දායක වෙනවා. හවුස් ෆුල් නාට්‍යයත් විකාශය වෙනවා.
 
  •  ඒ කියන්නේ ඉසුරුට අද හුස්මක් ගන්න බැරි තරමට වැඩ?
 
ඔව්. මම එහෙම වෙන්න ගොඩාක් මහන්සි වෙච්ච, දත කාපු කෙනෙක්. එහෙම වෙන්න හීන මවපු කෙනෙක්. අපි ආසම රස්සාව කරන්න ලැබෙනවා කියන්නෙම ලොකු සතුටකට හේතුවක්. මොකද මම විවිධ ක්ෂේත්‍රවල රැකියා කළා, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියකු ලෙස මනා පිළිගැනීමක් ඇති සේවයක යෙදුණා. රඟපෑමට වඩා මුදල් විවේකය ලැබෙන අංශවල හිටියත් අන්තිමට මම නතර වුණේ මම කැමතිම තැන. ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයේ. ඒ නිසා ලබන සතුට මට මුදලට වඩා වටිනවා. මානසිකව ලබන සතුටත් ඉහළයි. ඒ නිසා අතීතයේ කාපු කට්ට ගැන අද මට පසුතැවීමක් නැහැ. ජීවිතේ අද මම මාරම සතුටකින් ඉන්නේ.
 
  • ඒ සතුට බෙදා ගන්න, ඔබට ආදරය කරන ඔබ ආදරය කරන තැනැත්තිය ගැනත් කියමු? එහෙම කෙනෙක් ඉන්නව ද?
ඉස්සරහදි ඒ දේවල් ජීවිතයට ලැබේවි. ලැබෙන ආදරය පවතින්නත් ඕනෑ. ඒ බැඳීම් තිබුණා. ඒත් දැන් නැහැ. ඒවාට කවුරුවත් වැරදි නැහැ. ඒවා මගෙන් ඈත් වුණා නම් ඒකට සම්පූර්ණ වැරැද්ද මගේ. මම ඒ විදිහට නිහතමානීව මගේ වැරැද්ද බාරගන්නවා. කොහොමටත් ජීවිතයේ මම කාටවත් වැරදි පවටන්නේ නැහැ. අඩු-පාඩු කියන්නේ නැහැ. නිතරම මම හිතන්නේ මගෙන් අඩුපාඩුවක් අතපසුවීමක් වුණොත් ඒක මම නිවැරදි කරගත යුතුය කියලයි. ඉතින් බලමු ඉස්සරහට සියල්ල හොඳින් සිදුවේවි. මොකද මේ දක්වා මගේ ජීවිතයේ සියලු දේ සිදුවුණේ මම නොහිතපු විදිහට. කොහොම වුණත් ඉදිරිය ගැන අපට කියන්න බැහැනේ.
  • ඉසුරු ඔබට ජීවිතයේ හදාගත යුතුය කියලා හිතන්නේ මොනවා ගැනද?
මම හිතන්නේ රංගනය ගැන මට තව ගොඩාක් හදාරන්න ප්‍රායෝගික වෙන්න තියෙනවා. පුද්ගලිකත්වය පැත්තෙන් ගත්තොත් මම යුධ හමුදාවේ හිටපු කෙනෙක් නිසාදෝ කෙළින් කතා කරන කෙනෙක්. කෙනෙක් වැරදි නම් නිවැරදි කරන්න උත්සාහ ගන්න කෙනෙක්. නමුත් වෘත්තීය ජීවිතයේදී ඍජුව අදහස් ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නැති බව මට වැටහෙනවා. ඒ නිසා ඒ වගේ දේ හදා ගන්නත් ඕනෑය කියලා හිතනවා.
 

සඳුන් ගමගේ
 
 



අදහස් (0)

පොලිසියටත් පාට් දාන අමුතු චණ්ඩියා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ හීනය වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න - PIYUMALI Prasadini
2024 ඔක්තෝබර් මස 09 74 0

‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔස්සේ නවක මුහුණු කිහිපයකුත් පුංචි තිරය


විලාසිතා කරන්න ඕනෑ තැනට ගැළපෙන විදිහට - රුක්ෂානා දිසානායක
2024 ඔක්තෝබර් මස 09 37 0

සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ ආලින්දයට එන ඇය රුක්ෂානා දිසානායක


අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා
2024 ඔක්තෝබර් මස 09 96 0

සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්න


පොලිසියටත් පාට් දාන අමුතු චණ්ඩියා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
2024 ඔක්තෝබර් මස 09 75 0

ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා.


2024 ජපානයේ ශ්‍රී ලංකා රූ - රැජින - සජිනි හංසනී
2024 ඔක්තෝබර් මස 09 41 0

ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා විවාහක රූ-රැජින ලෙස කිරුළු පැලඳියේ හං


’’විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා’’ - සුනීර සුමංග
2024 ඔක්තෝබර් මස 09 96 0

බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 598 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 490 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1533 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site