IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන


විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා. ඒ විදිහට ඇය යූ-ටියුබ් වීඩියෝ ඔස්සේ සහ ‘ටික්ටොක්’ වීඩියෝ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට නිරන්තයෙන් පැමිණෙන්නෙ ඉවුම් -පිහුම් වැඩ සමගයි. හැබැයි තනියම නම් නෙවෙයි, එයාගෙ සිඟිති දියණිය සමගයි. ඉතින් ඒ නිසාම මේ දෙන්නට ලැබෙන ප්‍රතිචාර බොහෝමයි. ඒ විදිහට ප්‍රේක්ෂක ආදරය දිනා සිටින මේ අම්මා තමයි අද සඳැල්ල අම්මයි දුවයි විශේෂාංගයට එක්වන්නේ.

  •  දිනූෂා තවමත් මිනිස්සු ඔබ අමතන්නේ ‘නෙතු’ කියල ද?

තවම මා ගැන එයාලට මතක ‘නෙතු’ නාට්‍යයේ ‘නෙතු’ගෙ චරිතය නිසයි.

  •  මේ දිනවල රඟපෑම් කටයුතු කොහොම ද?

මේ දිනවල නම් ඉතින් බබා පෙරපාසල් යන නිසා එයාගෙ වැඩ එක්ක තමයි කාලය ගෙවන්නෙ.

  •  රඟපෑවෙ නැතත් දිනුෂාට එදා වගේම අදටත් ප්‍රතිචාරවල අඩවුක් ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ නේ ද?

මම හිතන්නෙ සමාජ මාධ්‍ය වගේම ටීවි වැඩසටහන්වලට එහෙමත් නිතර දායක වෙන නිසා වෙන්නැති. ඒ විදිහට ලැබෙන ප්‍රතිචාර ගැන මට සතුටයි. කොහොමටත් මේ දිනවල රඟපෑම්වලට දායක නොවුණත් ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නැහැ. මම පෙනී සිටින රූපවාහිනි දැන්වීම් එහෙමත් නිතර ප්‍රචාරය වෙනවා.

  •  මුලින්ම ක්ෂේත්‍රයට ආවෙ දැන්වීම්වලට පෙනී සිටීමෙන්ද?

ඔව්. පොඩිම කාලයේදී වගේ දායක වූ ‘හොල්සිම්’ දැන්වීම එක්කයි. ඉන්පසුව නිරූපණ ශිල්පිනයක ලෙස ක්ෂේත්‍රයට ආවේ.

  •  මේ දිනවල වැඩි දෙනෙක් දිනුෂා ගැන කතා වෙන්නෙ?

‘මමයි - බබයි’ එකතුවෙලා කරගෙන යන වීඩියෝ නිසයි. අපි දෙන්නා ඒවා කරන්නෙ යූ-ටියුබ් එකට. මගේ සැමියා තමයි අධ්‍යක්ෂණය කටයුතු සංස්කරණය සහ කැමරාකරණය ඇතුළු සියල්ල කර දෙන්නෙ. මේ දිනවල ඒ වීඩියෝ ගොඩාක් ජනප්‍රියයි. ‘මායි - දුවයි’ එකතුවෙලා උයන හැටි තමයි ඒවායින් පෙන්වන්නෙ. ඉතින් ඒවාට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.

  •  දුවට වයස කීයද දැන්?

අවුරුදු 4යි.

  •  කොහොම ද දිනුෂාගෙ යුග දිවිය?

බොහොම සාමකාමීව, ආදරණීයව ගෙවෙනවා. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයක නිසා අවබෝධය ඉහළයි. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම නිසා ප්‍රශ්න අඩුයි. ඉතින් අපි සතුටින්.

  •  දුවගෙ නම?

ආරාධ්‍යා ශයිනි බාලසූරිය

  •  ඔබ මවක් වෙන්න යනවාය කියන දේ දැනගත් පළමු දින ඇති වූ හැඟීම මොන වගේද?

මම හිතුවෙ මට ලැබෙන්න ඉන්නෙ පුතෙක් කියලයි. බලද්දී දුවෙක්. දුවෙක් කියලා දැනගත්තාම ලොකු සතුටක් ඇති වුණේ. අපේ දුව හරි වාසනාවන්තයි. අද අපට වඩා මිනිස්සු ආදරේ එයාට. ඒ නිසා අපටත් හරි සතුටුයි.

  •  දියණියගේ මවක වීම ඔබට දනවන හැඟීම?

ලොකු වගකීමක්. එයාව මුල සිට ආරක්ෂා කළ යුතුයි. දියණියක විවාහ වන තෙක් මවට ඇය ගැන තියෙන අවධානය, ආරක්ෂාව, ආදරය අත්හරින්න බැහැ. ඇයව මලක් වගේ ආදරයෙන් රැකබලා ගන්න ඕනෑ. මම රඟපෑමෙන් පවා අද වනවිට ඈත්වෙලා ඉන්නෙ දුවට වැඩිපුර අවධානය යොමු කරන්න අවශ්‍ය නිසයි.

  •  දියණියක සහ මවක අතර ඇති බැඳීම තරුණ මවක ලෙස ඔබට දැනෙන විදිහ මොන වගේ ද?

මවක් බොහොම කාර්ය බහුල වුණාට ළමයින් එක්ක සිටීමට ලැබෙන කාලය අඩුවෙනවා. ඒනිසා පියෙකුට වඩා මව දියණියක වෙනුවෙන් ඇය සමග සියලු දේ බෙදා ගැනීම කළ යුතුයි. ඒ කියන්නෙ මව ඇය සමීපයේම සිටිය යුතුමයි. තරුණ මවක් වුණත්, මම කොහේ ගියත් දියණිය එක්ක තමයි යන්නෙ. මොකද මට සිටින යාළුවො ප්‍රමාණයත් හරි අඩුයි. ඒනිසා ෂොපිං ගියත්, ෆිල්ම් එකක් බලන්න ගියත් මම යන්නෙ දුව එක්ක. එක්කො අපි තුන්දෙනාම යනවා. මගේ ජීවිතේ වැඩි හරියක්ම මේ වනවිට ගෙවෙන්නෙ දුව එක්ක.

  •  ඒ විදිහට යන සෑම ගමනක්ම වීඩියෝ කරගන්නවද?

අනිවාර්යයෙන්ම ඔව්. හස්බන්ඩ්ට ඒනිසා විවේකයක් නැති තරම්. අපි කොතැන ගියත් ඒවා වීඩියෝ කරන්න වෙන්නෙ එයාට. අද එයාගෙ වැඩවලට වඩා එයාට අපි දෙන්නගෙ වැඩ කරන්න වෙලා.

  •  තරුණ මවක් දියණියක බලා ගත යුත්තේ කොහොම ද?

ළඟින්ම සිටිය යුතුමයි. ආරක්ෂාව සියයට දාහකින් දිය යුතුයි. වැරදුණොත් ආයේ හදන්න බැහැ. ඒ නිසා දුවකගේ ළඟින්ම ඉඳගෙන ඇයට හොඳ – නරක කියා දීලා සමාජයට යොමු කරවීම වැදගත්. පසුවට අපට දුක්වෙන්න හේතුවක් නොවන්නෙ එතකොට ඇය ජීවිතේ හොඳ නරක ගැන හොඳින් දන්නා නිසයි. එයා දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම්? ඒ තමයි අපි ලබන හොඳම දායාදය.

  •  ඒ කාලයේ ඔබගේ මව සහ අද ඔබ මවක ලෙස සැසඳීම් කළොත් ඔබව දකින්නෙ මොන විදිහට ද?

මට මගේ මව ගැන ලොකු අවබෝධයක් ඇතිවුණේ මම අම්මා කෙනෙක් වූ පසුවයි. එදා අම්මා එක්ක රණ්ඩු වෙච්ච හැටි, වාද කළ හැටි අද සිහිපත් කරද්දී මවක කියන්නෙ මොන තරම් නම් දරාගන්න,  චරිතයක්ද කියන හැඟීම මට හරියටම ඇතිවුණේ මම මවක වූ පසුවයි.

  •  දුව රැක බලා ගන්නේ ඔබ විතරම ද?

සැමියාගේ මව ඉන්නෙත් අපි එක්ක. ඒ අම්මාගෙන් ලැබෙන සහයෝගය හරිම ඉහළයි. මමයි සැමියයි අපි සමසේ දුවගේ වැඩ කරනවා.

  •  සමහර තරුණ අම්මලා, දරුවන් ලැබුණාම ජීවිතය ගෙදරට සීමා කරනවා. ඔබගේ විදිහ කොහොම ද?

මම නම් අපි යන යන තැන දුව එක්කගෙන යන්න කැමතියි. මොකද එයාට අත්දැකීම් ලබාදීම ඉතා වැදගත්. ජීවිතය නිසිලෙස අවබෝධ කරගන්නෙ එවිටයි. බබාව ගෙන යාමට සුදුසු තැනක් නම්, අපි එයාව එතැනට එක්කගෙන යනවා.   

  •  පෙර වගේම සිරුරේ හැඩය පවත්වාගෙන යන්න ඔබ මොනවද කරන්නෙ?

විශේෂ යමක් කරන්නෙ නැහැ. දුව ලැබුණු පසුව මගේ සිරුරේ හැඩය වෙනස් වුණෙත් නෑ. පෙර වගේමයි. කෑම පාලනය කිරීම නම් දිගටම කරගෙන යනවා. ඒ නිසා සිරුරේ විදිහ එදා වගේමයි. වෙනස් වෙලා නැහැ.

  •  දරුවන්ට මව්පියන් තරවටු කිරීම් කරන අවස්ථා අපට දකින්නට ලැබෙනවා. ඔබ මොන විදිහටද දරුවව හදන්නෙ?

වරදක් කළොත් මම ඒකට එයාට දඬුවම් දෙනවා. මොකද එහෙම නොකළොත් කවදා හරි සමාජයෙන් අපවාද විඳින්න වෙනවනෙ. අපේ දුව ගත්තොත් එයා හරි හොඳ දරුවෙක්. වැරදි නොකරන තරම්. අනාගතයේදිත් ඒ විදිහටම හැසිරේවි. හරි වැරැද්ද කියලා දුන්නාම එයා වැරැද්ද දෙවැනි වතාවට කරන්නෙ නැහැ.

  • ඉස්සර අම්මලා දරුවන්ගෙ ඡායාරූප එහෙම ප්‍රසිද්ධ කළේ නැහැ. හැබැයි අද කාලයේ අම්මලා දරුවන්ගෙ ඡායාරූප විතරක් නෙවෙයි වීඩියෝ පවා ප්‍රසිද්ධ කිරීම ගැන ඔබ හිතන්නෙ කොහොම ද?

මට නම් මගේ දුව ලස්සනයි කියලා කවුරු හරි කියනව නම් මට ඒකට සතුටුයි. හැබැයි සමහර අය කියන්නෙ ඔයාගෙ දුව ලස්සනයි ඡායාරූප ප්‍රසිද්ධ කරන්න එපා කියලයි. ඒත් මගේ බබාගේ ලස්සන අනිත් අය දකින එක ගැන මගේ නම් අකමැත්තක් නැහැ. අද කාලය වෙනස්නෙ.

  •  දිනුෂා මොන විදිහෙ අම්මා කෙනෙක් ද?

ඉස්සර හිටපු දිනුෂාම තමයි. වෙනදා හිටපු විදිහම තමයි. ඔයා ඉස්සර වගේමයි, වෙනස් වෙලා නැහැ කියලා තමයි. සමහර අය මට කියන්නෙ. මාත් හිතන්නෙ එහෙමයි. අම්මා කෙනෙක් වූ පසු පෙරටත් වඩා ලස්සනට ඇඳලා - පැලඳලා අපට ඉන්න පුළුවන් නම්, ඒක හොඳ දෙයක්.

  •  දරුවා ඉදිරියේ සැමියා - බිරිඳ ආදරණීයව සිටීම ගැන ඔබ හිතන විදිහ?

ඒක හොඳ දෙයක්. දෙන්නා නිතරම ආදරණීයව සිටින තරමට දරුවෝ සතුටින්. රණ්ඩු වෙනවට වඩා මව්පියන් ආදරයෙන් සිටීම මනස ප්‍රබෝධයට පත් කරවීමක්. නිකමට හරි අපි දෙන්නා විරසක වගේ වී සිටිනවා නම් ! අම්මි පපාව හග් කරන්න, පපාව කිස් කරන්න කියලා දුව කියනවා. එයා දන්නවා ආදරේ අවශ්‍ය බව.

  •  ළමයාගේ කෑම – බීම පාලනය කිරීම් කරනවා ද?

අපෝ නැහැ.

  • එයා කෑමට කැමති මොනව ද?

ඕනෑම දෙයක් කන්න දෙනවා. පාලනයක් හෝ වාරණයක් දාලා නැහැ.

  •  ළමයාගේ අධ්‍යාපනය ගැන ඔබ හිතන්නෙ කොහොම ද?

එයාට පුළුවන් මට්ටමට අනුව එයාගේ ධාරිතාව අනුව නිදහසේ ඉගෙන ගන්න ඉඩ සලස්වනවා. අනාගතයේදී එයත් කලා අංශයෙන් ඉදිරියට යනවා නම් මම කැමතියි.

  •  පාටි උත්සවවලදී මවකට සීමාවන් තිබිය යුතු ද?

තැනට අනුව විලාසිතා ගළපා ගැනීම ඉතා හොඳ දෙයක්. ඒ අවස්ථාව අනුව ඊට ගැළපෙන විදිහට හැසිරීම වගේම චර්යාවන් පවත්වාගෙන යාම වැදගත් කියලයි මම හිතන්නේ.


සඳුන් ගමගේ


 



අදහස් (0)

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 57 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 50 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 44 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 31 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 49 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 63 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site