ගාවි ප්‍රනාන්දු කියන නම නුහුරු වුණත් රූපය නම් සෝෂල් මීඩියාවල ඔබට හුරුපුරුදු රුවක්. යූටියුබ් සහ ටික්ටොක් හරහා නිතර අලුත් අලුත් වීඩියෝවලින් දකින ඇයට මේ දිනවල පුංචි තිරයටත් රංගන දායකත්වය ලබා දීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. සිරස නාලිකාවේ විකාශය වන මායාවී ටෙලි නාට්‍යයේ ටෙක්ලා වෙනුවෙනුයි මේ ඉඩකඩ.
සම්පූර්ණ නම- ගාවින්ද්‍යා ශ්‍යාමින්දි
මගේ නම ගොඩක් අයට කියවගන්න අමාරුයි. පාසල් කාලයේ මගේ යාළුවොත් මට කතා කළේ ගාවි කියලා. මගේ ටික්ටොක් එකවුන්ට් එකටත් මම නම දැම්මේ ගාවි ප්‍රනාන්දු කියලා. අන්තිමට ගාවි ටික්ටොක් හරහා ජනප්‍රිය වුණා.
මගේ ගම පානදුර. මම පවුලේ එකම දරැවා. අම්මා ශ්‍රියානි සිරිමලී, තාත්තා ගාමිණි ප්‍රනාන්දු. අම්මයි තාත්තයි දෙන්නා මගේ පස්සෙන් ඉඳගෙන මේ ගමනට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
මම ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා සාමාන්‍ය පෙළ වෙනකල් ඉගෙන ගත්තේ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ.
උසස් පෙළ හැදෑරැවේ පානදුර අගමැති බාලිකාෙව. විද්‍යා විෂයවලට කැමැත්තෙන් හිටියත් මම කලාවට තියෙන කැමැත්ත නිසාම උසස් පෙළට කරේ කලා විෂය. එතැනදී මම මීඩියා විෂය තෝරාගෙන තිබුණා. මොකද මගේ අදහසක් තිබුණා ඒ පැත්තෙන් ඉදිරියට යන්න. ඒත් උසස් පෙළින් පස්සෙ ඒ අදහස වෙනස් වුණා. උසස් පෙළ කරාට පස්සේ මට ඕනෑ වුණා රංගනය පිළිබඳව පාඨමාලාවක් කරන්න.
ඔව්. මම නාට්‍ය හා රංගකලාව විෂය තෝරගෙන ඒ විෂය යටතේ වේදිකා නාට්‍ය එහෙම කරද්දි ඔයාට කවදාහරි හොඳ නිළියක් වෙන්න පුළුවන් කියලා පාසලේ ගුරුවරුන් කිව්වා. විවිධ අය අනුකරණය කරමින්, විවිධ විහිළු තහළු කරමින් කරන ඒවාට යාළුවොත් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. ගෙදරිනුත් ඒ සඳහා අනුබල ලැබුණා. ඒ අනුව මම මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ වසරකට ආසන්න කාලයක් නාට්‍ය හා රංගකලාව පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් හදාරලා ඊට අමතරව තවත් පාඨමාලා කිහිපයකට සම්බන්ධ වුණා.
මගේ රඟපෑමේ ආසාවට පාර කපන්නේ සෝෂල් මීඩියා. උසස් පෙළින් පස්සේ මම රංගන පාඨමාලාවක් කරා. ඊට පස්සේ ටීවි වෙළෙඳ දැන්වීම්වලට එහෙම දායක වෙන්න අවස්ථාව ලැබුණා.
ඔය අතරෙදි 2021 වගේ කාලෙදි තමයි මම මුලින්ම ටික්ටොක් ගැන දැනගත්තේ. ඇත්තටම ඒ වෙනකොට ටික්ටොක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දැනගෙන හිටියෙ නැහැ. යාළුවෙක් තමයි මේ ගැන මට කියල දුන්නෙ. මුලදි පොඩි පොඩි වීඩියෝ කළා. එක දවසක් මම කරපු වීඩියෝ එකක් වයිරල් වුණා. ඒ වීඩියෝ එක පැය දහයට ලක්‍ෂයක් බලලා තිබුණා. ඊට පස්සේ ටික්ටොක් එකේ විවිධ චරිත අරගෙන සාමාන්‍ය ජීවිතේ අත්විඳින්න වෙන දේවල් මමම නිරූපණය කරලා පොඩි වීඩියෝ කළා. අම්මගෙයි දුවගෙයි වීඩියෝවලට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ටික් ටොක් වීඩියෝවල කමෙන්ට්වලට ගොඩාක් දෙනා දාලා තිබුණා අපි ඔයාව යූටියුබ් එකෙත් බලන්න ආසයි යූටියුබ් වීඩියෝත් කරන්න කියලා. යූටියුබ් ෆ්ලැට්ෆෝම් ගැනත් මම ලොකුවට දැනගෙන හිටියේ නැහැ. පස්සෙ මගේ යාළුවෙක් යූටියුබ් එකවුන්ට් එකක් හදලා වීඩියෝ කරන හැටි කියලා දුන්නා. ඒ විදිහට යූටියුබ් එකටත් වීඩියෝ දැම්මා. මුල් කාලේදී මම පිටපත හදලා චරිත ටික මමම බෙදාගෙන කරද්දී අම්මා තමයි මට වීඩියෝ කරන ඒවාට උදව් කළේ.
ඇත්තටම මට මේ අවස්ථාව ලැබෙන්නේ මම කරපු ටික්ටොක් වීඩියෝ නිසා . මායාවි පිටපත ලියන මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා මගේ ටික්ටොක් වීඩියෝ බලලා මම කරන අම්මාගේ චරිත දැකලා මට මුලින්ම කතා කරනවා. ප්‍රධාන නාලිකාවක නාට්‍යයකට කතා කරාම ලොකු සතුටකුත් දැනුනා. මම චරිතේ ගැන ඇහුවාම මහේෂ් අයියා කිව්වේ මම කරන වීඩියෝවල රඟපාන අම්මා තමයි මට ඕනෑ කියලා. මගේ වීඩියෝවල නිතර කරන අම්මා චරිතය නිසා මට ඒ ටෙක්ලා කියන චරිතය වෙනුවෙන් ලොකු සූදානමක් වෙන්න වුණේ නැහැ.
මායාවි කියන්නෙ මගේ පළමු ටෙලි නාට්‍යය. ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක් වුණත් ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ රංගන ජීවිතයට ගන්න තව බොහෝ දේවල් තියෙනවා. මට ලැබුණ මුල්ම ටෙලි නාට්‍යය මේ වගේ කණ්ඩායමක් එක්ක වැඩකරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මායාවි පවුලේ සහ සිරස පවුලේ සාමාජිකයකු වීමට ලැබුණ එක ගැන ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. විශේෂයෙන් සඳුන් රාජකරුණා, ලලිත් වසන්ත, මහේෂ් රත්සර මද්දුමආරච්චි යන අයට ස්තුති කරනවා මේ අවස්ථාව මට දුන්නාට.
ටෙක්ලාට මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටෙක්ලා කියන්නේ නපුරු චරිතයක් නිසා බැණුම් ප්‍රතිචාරත් ලැබෙනවා.
ඔව්, ටිකක් විතර ටෙක්ලගෙ නපුරුකම ගාවි ළඟත් තියෙනවා .
මම රංගනය පිළිබඳව කරපු පාඨමාලාවෙන් පසුව රඟපාන්න තිබුණු ආසාවටම ගොඩාක් තිර පරීක්ෂණ ගණනාවකටම ගියා. ඒත් මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ තැන්වලින් ප්‍රතික්ෂේප වෙනකොට මට හිතුනා ටික්ටොක්වලින් මගේ දක්ෂතා පෙන්නන විදිහක් හදන්න ඕනෑ කියලා . ඒ විදිහට තමයි මම ටික්ටොක් එකේ පොඩි පොඩි වීඩියෝ කරන්න පටන් ගත්තේ.
නදීශා අතුකෝරළ
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල
ගාවි ප්‍රනාන්දු කියන නම නුහුරු වුණත් රූපය නම් සෝෂල් මීඩියාවල ඔබට හුරුපුරුදු රුවක්. යූටියුබ් සහ ටික්ටොක් හරහා නිතර අලුත් අලුත් වීඩියෝවලින් දකින ඇයට මේ
රංගනයේ මුල්ම රංගනයේ මුල්ම අත්දැකීම ඔහු ලබන්නේ පාසලෙනි. පාසලෙන් ආභාසය ලබා 2019 වසරේදී විශ්ව විද්‍යාලයේ හොදම නලුවා ලෙස සම්මාන ලබා අද වන විට ටෙලි නාට්‍ය, චි
“හාමුදුරු චරිතයක් නම් ඉතින් ඒකට ගැළපෙන්නෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමයි.. එයාගෙ පෙනුම විතරක් නෙමෙයි ඉරියව් පවා ඒකට හොඳටම ගැළපෙනවා..”
දක්ෂ පිටපත් රචකයෙකු වූ තම සැමියාගේ අත්වැලින් කලා ලොවේ මුල් පියවර තැබූ ඇය දැන් තම දක්ෂතාවයෙන් පුංචි තිරය හැඩකරමින් සිටියි.
මායාවි ටෙලි නිර්මාණයේ සරමට හැඩ ගම්බද පවන් සිරි යනු පුංචි තිරයට අනුව මන්ගේෂ්වරීගේ ’’පවන් පණ’’ වේ. කඩවසම් දේහධාරී තරුණයෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගේ ටික්ටොක් වීඩියෝ නිසා රඟපාන්න ලැබුණෙ - ගාවින්ද්‍යා ශාමින්දි