IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


මගේ හැම කවියකම ආදරේ තියෙනවා - උමර් සහන්

මෙවර Youth Peak විශේෂාංගය හැඩ වෙන්නේ - මේ දිනවල බොහෝ පාඨකයන්ගේ ආකර්ෂණය දිනාගත්  
තම කවි තුළ පාඨක සිත් සතන් අතරමං කළ තරුණ කවියෙක්. ඔහු නමින්, අබ්දුල් උමර් සහන්  නෙත්මිණ 

  • කවුද මේ අබ්දුල් උමර් සහන් නෙත්මිණ?

අබ්දුල් උමර් සහන් නෙත්මිණ කියන්නේ - උසස් පෙළ ඉවර කරලා කැම්පස් පටන් ගන්නකල් කවියක් ලියාගෙන ඉන්න, අවුරුදු විස්සක කොල්ලෙක්. මගෙ අම්මා සිංහල. තාත්තා මුස්ලිම්. ඒ නිසා තමයි මගෙ නම අබ්දුල් උමර් සහන් නෙත්මිණ වෙන්නෙ.

  • කොහොමද මේ සහන් කවිකාරයෙක් වෙන්නෙ?

මම පොඩි කාලේ ඉඳන්ම විනෝදාංශෙට කවි ලියනවා. සාමාන්‍යයෙන් දෙක වසරෙ ඉඳන්ම වගේ ලියනවා. හයේ හතේ වගේ ඉද්දි පත්තරේට කවි ලිව්වා. පස්සෙ රැස පත්තරේ තීරු ලිපි රචකයෙක් විදිහට ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වුණා.

  • දැනට ලියලා තියෙන පොත් ගැන කිව්වොත්?

මේ වෙනකොට පොත් හතක් ලියලා තියෙනවා. දැනට පොත් හතරක්  මුද්‍රණය වෙලා තියෙනවා. පළවෙනි පොත 2019 දි "තටු සිඳුණු කුරුල්ලා", දෙවෙනි පොත 2022 " ඒ තමයි ජීවිතේ කලින් මට නොපෙනුන". ඊට පස්සෙ තුන්වෙනි පොත "පිළුණු වී ඇති මාවතේ සොයනවද නුඹ ජීවිතේ"  ඊට පස්සෙ තමයි හතර වෙනි පොත "බයෝ කරපු ඒලෙවල්".

 "බයෝ කරපු ඒලෙවල් දෙක", "බයෝ කරපු ඒලෙවල් තුන" සහ "ඒත් මං ආදරෙයි" පොත.

  • පළවෙනි පොත මුද්‍රණය කරද්දි මොකද හිතුණෙ ?

සතුටක් එක්කම ඒක විස්තර කරගන්න බැරි පුදුමයක් වගේ හැඟීමක්. මොකද පොතක් මුද්‍රණය කරන්න ආසාවෙන් ඉඳලා අන්තිමට මගේ නම පොතක තියෙනවා දකිද්දි ඒක හරි අමුතු, පුදුමාකාර හැඟීමක්. ඒක ප්‍රකාශය කරන්නෙ මගේ පාසලෙන්.

  • ඔබේ කවි පොත් අතරෙ, බයෝ කරපු ඒලෙවල් පොතේ කවි හරි වෙනස්?

බයෝ කරපු ඒලෙවල් වගේ කවි පොතක් මම හිතන විදිහට මේ වෙනකල් සිංහල කවිය ඇතුළෙ බිහිවෙලා නැතුව ඇති. ඒකෙ තියෙන්නෙ විද්‍යාත්මක කවි එකතුවක්. පොත පටන් ගනිද්දිම ’අවවාදයයි’ කියලා- මේ කවි තේරුම් ගන්න උසස් පෙළ මට්ටමේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව දැනුම වැදගත් විය හැක, කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් දුරට මිනිස්සු කියනවනෙ- සයන්ස් නම් කරන්න එපා කරන්න ගියොත්, එතැනින් එහාට ආට් එක මැරෙනවා. සයන්ස් කරන්න ගිහාම ඒක ඇතුළෙ වැඩ ටික විතරයි වෙන්නෙ කියලා. මටත් ගොඩක් අය එහෙම කියලා තියෙනවා. මම A/l වලට සයන්ස් තෝර ගත්තම මට ඕනෙ වෙනවා මේක වෙනස් කරන්න. මිනිස්සු කියනවා මේක අස්සේ ආට් එකක් නැහැ කියලා. මට පෙන්නන්න ඕනෙ වෙනවා නැහැ මේක ඇතුළෙ ආට් එකක් තියෙනවා කියන එක. ඒ නිසා තමයි මම A/l පටන් ගත්තු කාලේ ඉඳන් ඉගෙන ගන්න දේවල් ආශ්‍රය කරගෙන, මම ලියපු කවි ඔක්කොම එකතු කරලා, විභාගෙට මාස තුන හතරකට කලින් මේ පොත එළිදක්වන්නෙ. ඒක තමයි බයෝ කරපු ඒලෙවල්වල කතාව.

  • මොන වගේ පාඨක ප්‍රතිචාර ද ලැබෙන්නෙ ?

පාඨක ප්‍රතිචාර නම් මම කවදාවත් බලාපොරොත්තු නොවුණු තරම් ලැබෙනවා. මටත් කවදහරි මේ වගේ ප්‍රතිචාර ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතපු තරමටත් වඩා ලැබෙනවා. ගොඩක් මිනිස්සු කියනවා මම වැඩිය පොත් කියවලා නැහැ, මම එහෙම පොත් කියවන කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔයාගෙ පොත් ටික කියවනවා. ඒ විතරක් නෙවෙයි කියෙව්වට පස්සෙ මම ඔයාට කතා කළා කියලා. තවත් අය කියනවා මගේ පොත් ඇතුළෙන් එයාලට ඒගොල්ලන්ගෙ ජීවිත හම්බෙනවලු, ඒවගේම සමහරු ආදරේ ප්‍රකාශ කරන්න, වෙන්වීම්වලදී මගේ පොත් තෑගි විදිහට පාවිච්චි කරනවා. මනුස්සයෙක්ගෙ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න මොහොතකදි විශේෂයෙන් ආදරේ වගේ තැනකදි මගේ පොතක් ඒ මිනිස්සුන්ට හයියක් වෙනවා කියලා හිතෙද්දි මට ඇත්තටම නිහතමානී සතුටක් දැනෙනවා.

  • ආදරේ ගැන මෙච්චර කවි ලියවෙන්න හේතුවක් තියෙනව ද?

මම එක කාලෙකදි විශ්වාස කළා ජීවිතේ කියන්නේ ආදරේට, ආදරේ කියන්නේ ජීවිතේට, අපි ජීවත් වෙන්නෙම ආදරේ කරන්න කියලා. ඒ අදහස ආවට පස්සෙ මම ලියපු හැම කවියකම ආදරේ කියන මාතෘකාව තියෙනවා

  • සහන්ට ලැබෙන සහයෝගය ?

පොඩි කාලේ ඉඳන්ම මම මොනවා ලිව්වත්, අම්මා තමයි මාව ගොඩක් උනන්දු කළේ. තුන වසරෙදි ලියපු කවියක් දැකලා මට මතකයි පංති භාර මිස් අපෙ අම්මට කිව්වා" මෙයා දවසක සාහිත්‍ය ඇතුළෙ මොකක් හරි ලොකු දෙයක් කරයි වගේ" එකක්. රැස පත්තරේට ලියද්දි තිඹිරියාගම බණ්ඩාර මාමා දුන්න පොත් කියවලා තමයි සාහිත්‍ය ගැන හරියටම මම අදහසක් ගත්තෙ. 

ඒ වගේම මගේ පළවෙනි පොත මුද්‍රණය කරන්න මම ප්‍රකාශයකයෙක් හොයන් යද්දි මගේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරු සහ මගේ යාළුවො එකතු වෙලා තමයි මගේ පොත මුද්‍රණය කරලා පොත් එළි දැක්වීමේ උත්සවයකින් 2019 දී තටු සිඳුණු කුරුල්ලා මගේ පළවෙනි පොත එළියට එන්නෙ. ඒ වගේම කොරෝනා නිවාඩු කාලෙ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තරගයක් සංවිධානය කළා රටක් වටින පොතක් කියලා. ඒකටත් පාසල හරහා මම ඉදිරිපත් කරපු අත්පිටපත පිටපත් 43000 ක් අතරින් අවසාන සීයට තේරෙනවා. ඊට පස්සෙ තමයි මම බයෝ කරපු ඒලෙවල් ලියන්නෙ. ඒකෙ තියෙන්නෙ විද්‍යාත්මක කවි නිසා මට ඕනෙ වුණා ඒක A/l ඉවර වෙන්න කලින් පොතක් කරලා මුද්‍රණය කරන්න. මොකද එතකොට අපේ බැජ් එකේ අය හරි ඒ පොත ගන්න නිසා. ඒ පොතේ පිටු සහ කවරෙ හදන්න වෙන්නෙත් මටමයි. කොහොම හරි මම ඒකත් කරලා පොත මුද්‍රණය කළාට පස්සෙ පොත් ටික විකුණ ගන්නෙ කොහොමද කියලා හිතන කොට මගේ හොඳම යාළුවා හරීන් පෙරේරා තමයි  පංතියේ හැමෝම ළඟට ගිහින් පොත ගන්න කියලා මට ලොකු සහයෝගයක් දුන් නිසා සතියක් ඇතුළත පළවෙනි ප්‍රින්ට් එක ඉවර කර ගන්නවා. ඉතින් මේ ගමනෙ මුල ඉඳන් මේ දක්වාම මාත් එක්ක හිටපු හැමෝටම මම ස්තූති කරනවා.

  • මේ ගමනෙදි මොන වගේ අභියෝගවලට ද සහන් මුහුණ දුන්නෙ?

ඒත් මං ආදරෙයි පොත මම ඉස්සෙල්ලම ඉදිරිපත් කරනවා ලංකාවේ ප්‍රධාන අත්පිටපත් තරඟෙකට. ඒ වෙද්දි බයෝ කරපු ඒලෙවල් ගැන කවුරුත් දන්නෙ නැහැ. මොකද ඒක මම ඒ වෙද්දි එළියට දාලා නැහැ. මිනිස්සු මම ගැන එහෙම ලොකුවට දන්නෙත් නැහැ. ඒත් මං ආදරෙයි කියන පොතේ තියෙන කවිවලින් 90% ම ඒ විදිහට තියෙන පොතක් මම  2022 දි ඒ තරඟෙට ඉදිරිපත් කරනවා. 

ඒකෙදි ප්‍රශස්තම අත්පිටපත සහ කුසලතා පිටපත් පහක් හයක් තෝරනවා. හැබැයි ඒ එකකටවත් මගේ අත්පිටපත තේරෙන් නැහැ. එතනදි මම හිතුවා නම් මගේ කවි හොඳ නැහැ, ඒකයි මම තේරුන් නැත්තෙ කියලා මම එදා වැඩේ ඇතෑරලා දැම්මා නම් 2024 දි ඒත් මං ආදරෙයි වගේ පොතක් එළියට එන් නැහැ. ඉතින් ගමනෙ අභියෝග ඒ වගේ තමයි. ගොඩක් වෙලාවට අපි කරන දේ ගැන අනිත් අයට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්, අපේ දක්ෂතාව අඳුරගන් නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් තමන්ට තමන් ගැන  විශ්වාස නම් ඒ දේ කරන් ඉදිරියටම යන්න ඕනෙ.


   කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

මගේ හැම කවියකම ආදරේ තියෙනවා - උමර් සහන්

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 9 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 7 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 12 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 14 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


ආගමට අනුව සතුට සොයා යමු
2025 ජනවාරි මස 02 7 0

සීතල දෙසැම්බරය අවසන් වීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඉන් අනතුරුව එළඹෙන නව වසර පිළිගැනීමට දැනටමත් බොහෝ දෙනා සිටින්නේ නැවුම් බලාපොරොත්තු පොදි බැඳගෙනය


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 9 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site