IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කියන ප්‍රේක්ෂක ජනාදරය ඉහළින්ම දිනාගත් ශිල්පිනියකි.  මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ සුදු අක්කා ගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන ඇය වෙනුවෙනුයි මේ ඉඩකඩ.     

  •  අයේෂාව ටෙලි තිරයෙන් දකින්නේ කාලෙකට පස්සේ ද ?

මම  එක දිගටම වගේ වැඩ කළා. සල්ලි පොකුරු  පටන් ගනිද්දිත් ටෙලි නාට්‍ය තුනක වැඩ කළා. හැබැයි සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ සුදු අක්කාගේ චරිතේට හිතාගන්න බැරි විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ චරිතය මිනිස්සු අතරට හරිම ඉක්මනට ගියා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරැදු 13 ක් .අවුරුදු 13 ටම මට නොලැබුණ ආදරය සුදු අක්කා කියන චරිතයෙන් මට අද ලැබෙනවා. මේ දවස් වල නම් සල්ලි පොකුරු එක්ක තමයි වැඩිපුරම කාලය ගත වෙන්නේ. රැල්ල වෙරළට ආදරෙයි රූපගතකිරීම් කරගෙන යනවා.ඊට අමතරව චිත්‍රපටයකට දායක වුණා.

  •  සුදු අක්කාගේ චරිතය ඇතුළේ සමහර වෙලාවට අයේෂාවත් ඉස්මතු වෙනවා ද?  

මට ගොඩාක් ම ලැබිලා තියෙන්නේ තැන්පත් බොහොම අහිංසක චරිත.  මම මේ තාක් කරපු චරිත එක්ක ගත්තාම සුදු අක්කා කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. සුදු අක්කා කියන්නේ නිතරම  ගැටුම්කාරි තත්ත්වයන් ඇති කරගන්න චරිතයක්. ඇත්තටම සුදු අක්කාගේ චරිතයෙන් මගේ සැබෑ ජීවිතේ ගති ලක්ෂණත් සමහර වෙලාවට එනවදෝ කියලාත් හිතෙනවා. සුදු අක්කාගේ සැර ගතිය මගෙත් ඇත්ත ජීවිතෙත් ලොකුවටම තියෙනවා.

  •  ක්ෂේත්‍රයට එන බොහෝ පිරිස කාලයක් ගියහම ප්‍රධාන චරිත පස්සේ තමයි එළවන්නේ. අයේෂාත් ප්‍රධාන චරිත පස්සේ හඹා යන කෙනෙක්ද?  

මිනිස්සුන්ගේ ජීවිතේ එක එක අහඹු සිදුවීම් වෙනවා. ඒ වගේම අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මම රංගන ශිල්පිනියක් වෙන්නේ.  මම ගුරුවරියක්  වෙන්න හීන මවපු  කෙනෙක්. මම මුලින්ම චරිතයක් රඟපෑවේ  2011 දි සිරස නාළිකාවේ විකාශය වුණ" සුරවිමන" ටෙලිනාට්‍යයේ. ඒ චරිතයෙන් පස්සේ මට හිතුණ දෙයක් තමයි අපි අපේ කාර්යය හරියට කරනවානම් ප්‍රේක්ෂක ආදරය ලබන්න ප්‍රධාන චරිතයක්ම විය යුත්තේ නැහැ කියලා. හොඳම උදාහරණය මේ දවස් වල විකාශය වන සල්ලි පොකුරු නාට්‍යයේ සුදු අක්කා  ප්‍රධාන චරිතයක් නොවුණත් ලැබෙන ප්‍රේක්ෂක ආදරය උපරිමයි.  ප්‍රධාන චරිතයක් නැත්නම් මම රඟපාන්නේ  නැහැ කියන මානසිකත්වයක්වත් ඒවා පස්සේ එල්ලීගෙන යන කෙනෙක්වත් නෙමෙයි මම. අපට පැවරෙන වැඩේ හරියට කරනවනම් ඒක අතුරු චරිතයක් ද කියන එක වැදගත් වෙන්නේ නැහැ.  

  •  කොතනින්ද මේ කලා  ගමන පටන්‍ ගන්නේ ?

මගේ ගම කුරුණෑගල දොඩංගස්ලන්ද. මම කොළඹට එන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය හරහා ඒ අතරතුර බස්නාහිර පළාත් නර්තන කණ්ඩායමට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබෙනවා. එතනින් පස්සේ කුස පබා, කොස්තාපල් පුඤ්ඤසෝම, ඩොක්ටර් නවරියන්, සුහද කොකා වගේ චිත්‍රපටවල පසුබිම් නර්තන අංගයන්ට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුරදි තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

  •  පාසල් කාලේ ඉඳලා නර්තනයට දක්ෂතා දැක්වුවාද?

පාසල් කාලේ ඉඳලා මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වපු කෙනෙක්. මම පාසලේදි නර්තනය කරලා තිබුණේ නැහැ. ඇත්තම කතාව නම් ක්‍රීඩා අංශයෙන් ඉස්සරහට යන්න හීන මවපු මම නර්තන ශිල්පිනියක් වෙන්න ඕන කියලා හිතුවේ මගේ පාසලේ නැටුම් ගුරුතුමිය මට නටන්න බැහැ කියලා  මාව නොගත්ත නිසා ඇති වෙච්ච දුකත් එක්ක. මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට නැටුම් තෝරගත්තාම  පාසලේ නැටුම් ගුරුවරිය ළමයි ඉස්සරහ මට කිව්වා ඔයාට නටන්න බැහැ වෙන විෂයක් තෝරගන්න කියලා.  එදා මට ගොඩාක් දුක හිතුණා. මගේ ජීවිතේ පළමු කඩා වැටීම සහ ප්‍රතික්ෂේප වීම වුණේ එතන.  සාමාන්‍ය පෙළ වෙනකම් පිස්සු නට නට හිටපු මට ඒ ඇති වුණු දුකත් එක්ක මට හිතුණා කවදාහරි මේ රටේ දක්ෂ නර්තන ශිල්පිනියක් වෙනවා කියලා . එදා ඉඳලා මම නර්තනය අතෑරියේ නැහැ.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ආපු වෙලාවේ මගේ අරමුණ වෙනස් වුණා. මම මුදියන්සේ දිසානායක සර් යටතේ නර්තනය හැදෑරුවා.

  •  උපාධියෙන් වැඩක් ගත්තේ නැති එක ගැන දුකක් නැද්ද?

උපාධිය අවසන් කළේම මගේ අම්මාගෙයි තාත්තාගෙයි ආසාව ඉෂ්ට කරන්න ඕන නිසා මිසක් මට තියෙන ආසාවකට නෙමෙයි. මම එහෙම රැකියාවට කොටු වෙලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි.   උපාධිය අවසන් වෙලාත් මම ගුරු වෘත්තියට අයැදුම් නොකළේ එක තැනකට කොටු වෙලා රස්සාවක් කරන්න අකමැති නිසා . නමුත් නර්තන පන්ති කළා. ඊට පස්සේ කොරෝනා කාලේ නතර කළා. එතනින් පස්සේ මම නැවත නර්තන පන්ති කලේ නැහැ. නැවත තව මාසයකින් වගේ නර්තන පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  •  බොහෝ දේවල් අතැරගෙන රංගනය තෝරාගැනීම  ඔබ ජීවිතේ ගත්ත  හොඳම තීරණය කියලා හිතනවා ද?

මම කලාව තෝරාගැනීමත් එක්ක මට බොහෝ දේවල් නැති වුණා. අම්මායි තාත්තායි කැමති වුණේ මම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ක්‍රීඩාව නිසාම මම  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණා නමුත් කෙටි කාලයකින් මම එතනින් ඉවත් වෙනවා. එදා අම්මා හරියට ඇඬුවා ඉවත් වුණා කියලා. අම්මා අදටත් කියනවා මම අදටත් ආසම ඔයා පිට්ටනියක දුවනවා බලන්න කියලා. ගෙදරට හිතුවක්කාරකමින් තෝර ගත්ත පාර වුණත් නර්තනය පැත්තෙන් මම යා හැකි ඉහළටම ඉගෙන ගත්තා. කලාව තෝරාගැනීම ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා හිතනවා.

ඒ වගේම මට දේශපාලන උණකුත් තිබුණා. පුංචි කාලේ ඉඳලා දේශපාලනය කරන්න ලොකු ආසාවක් තිබුණා. තරුණ වියේදි මම දේශපාලන වෙනුවෙන් වැඩත් කළා.  දේශපාලනයට එන්න මට පාරවල් කිහිපයක්ම විවෘත වෙලාත් තිබුණා. නමුත් ගෑනු ළමයෙකුට දේශපාලනය ගැළපෙන්නේ නැහැ  කියලා දේශපාලනට එනවට තාත්තා තරයේම ගොඩාක් විරුද්ධ වුණා. මම එතනින් පස්සේ දේශපාලන හීනය අතෑරියා.  මිනිස්සුන්ට සේවය කරන්න බලයක් අවශ්‍යම  නැහැ. මම මිනිස්සු වෙනුවෙන් මට කළ හැකි සේවයක් ඉදිරියේදි කරනවා.

 

 

 


නදීශා අතුකෝරළ


 

 



අදහස් (0)

මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි
2024 සැප්තැම්බර් මස 26 30 0

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කියන ප්‍රේක්ෂක ජනාදරය ඉහළින්ම දිනාගත් ශ


මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්
2024 සැප්තැම්බර් මස 25 37 0

රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන්නනා ඔහු සූර්යා දයාරුවන් සමඟිනුයි මෙ


ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ
2024 සැප්තැම්බර් මස 25 43 0

පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”‍පාවෙලා වලාකුලේ ඒවිද අම්මා”‍ ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්මාය, තවත් විටෙක අම්මගෙ අඩුව පිරවූ ආදරණ


හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය
2024 සැප්තැම්බර් මස 25 48 0

සනත් ගුණතිලක සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනිණි.


KALANA Gunasekara
2024 සැප්තැම්බර් මස 25 36 0

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා.


සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 119 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25088 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 814 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site