IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්

 රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන්නනා ඔහු  සූර්යා  දයාරුවන් සමඟිනුයි මෙවර

'Fashion'  කතාබහ

  •  සූර්යා මොනවද ෆැෂන් ගැන හිතෙන්නේ?

ෆැෂන් කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා හරියට ජීවිතේ වගේම. අද තියෙන ෆැෂන් එක නෙමෙයි හෙට තියෙන්නේ.. නව තාක්ෂණෙත් එක්ක, ෆැෂන් අප්ඩේට් වෙනවා.. ඒ දේවල් ලෝකේ පුරාම යනවා.. මම හිතන විදියට අවස්ථානුකූලව ලස්සනට පිළිවෙලට ඇඳලා ඉන්න අපි ෆැෂන් ගැන දැන ගන්නම ඕනේ.. මම පර්ෆියුම් එකේ ඉඳලම ෆැෂන් කරන කෙනෙක්.. සමහර වෙලාවට ලංකාවේදී කරන්න බැරි ෆැෂන්ස් මම විදේශගත වුණාම කරනවා.. විශේෂයෙන්ම පිරිමි විදියට අපි කරනවට වැඩිය ෆැෂන්ස් කාන්තාවන්ට කරන්න තියෙනවනේ.. ඉතින් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් මම ඕනම විදියකට ෆැෂන් කරන්න ඉඩ දීලා තියෙනවා.. ලංකාවේදී අඳින්න බැරි ඇඳුම් විදේශ රටකදී අඳින්න කියනවා. තමන් කැමැති දේ කරන්න නිදහස එයාට උපරිමෙන් තියෙනවා.. බාහිර ඇඳුමෙන් පැළඳුමෙන් අපිට ඇතුළේ ඉන්න මනුස්සයා මනින්න බෑ.

'හිනැහෙන්න  ළංවෙන්න  අත්  අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ '

  •  පර්ෆියුම්ස්වලින්, ෆැෂන් කරන්නේ කොහොම ද?

ඒක මෙහෙමයි.. යන තැන, අඳින ඇඳුම අනුව යූස් කරන පර්ෆියුම්ස් වෙනස් වෙනවා.. මගේ ළඟ පර්ෆියුම් වර්ග කීපයක් තියෙනවා.. හිතන්නකෝ ලෙදර් ජැකට්ස්, ඩෙනිම් ජැකට්ස් වගේ හාර්ඩ් මෙටීරියල් එකකින් කරපු ඇඳුමක් අඳිනවා කියලා. ඒවාට යූස් කරන වෙනම පර්ෆියුම් වර්ග තියෙනවා.. තරමක සැර සුවඳක් එන ඒවා. ඒක සාමාන්‍ය කමිසයක් එක්ක යූස් කළොත් සැර වැඩියි. ඒ වගේ තමයි අපි යන තැන,ඉන්න ක්‍රවුඩ් එක අනුවත් පර්ෆියුම් එක වෙනස් වෙනවා..  බීච් සයිඩ් එකකට වගේ යනවා නම් සොෆ්ට් සුවඳක් තියෙන පර්ෆියුම්එකක් හරියන්නේ නෑ.. හුළඟත් එක්ක ඒකේ සුවඳ දැනෙන්නේ නෑ.. අපි පොඩි ක්‍රවුඩ් එකක් ඉන්න මීටින් එකකට වගේ යනවා නම් ඉන්ඩොර් ෂෝ එකකට වගේ යනවා නම් සොෆ්ට් සුවඳක් තියෙන පර්ෆියුම් එකක් ගැලපෙන්නේ.. මම ඉන්ඩෝර් ෂෝ එකකට ගිහින් රොමෑන්ටික්, ස්ලෝව් සින්දු කියනවා නම් මගේ සුවඳත් එක්කත් ක්‍රවුඩ් එකට රොමෑන්ටික් ගතිය දැනෙන්න ඕනේ.. සුවඳත් එක්ක හිත සන්සුන් වෙන්න පුළුවන්.. ඒ සුවඳ මතකයක් වෙන්න පුළුවන්.. ඒ නිසා යන තැන, ඉන්න පිරිස, කරන වැඩේ අනුව පර්ෆියුම් එකත් වෙනස් කරනවාමයි..

  •  ෆන්ක්ෂන් එකකට යද්දී මොන වගේ ඇඳුම් ද තෝරා ගන්නේ?

මම ෆුල් සූට් එකට ගොඩක් ආසයි.. ඒත් මම දැන් ප්ලෑන් කරගෙන යනවා මතක හිටින විදියේ ෆැෂන්ස් කරන්න.. හරියට නන්දා මාලිනී මැඩම් කිව්වම සුදු සාරියත් එක්ක මැවිලා පේනවා වගේ.. මාත් ආසම පාට සුදු.. ඒ නිසා ලා පාටවල් එක්ක චාම් ලු‍ක් එකක් දෙන ෆැෂන්ස් තෝර ගන්න හිතන් ඉන්නවා... චයිනීස් කොලර් ෂර්ට් එකකට බ්ලේසර් එකක් දැම්මම, මොඩර්න් ලු‍ක් එකක් එනවා.. කලර් තීම් එකක් ෆන්ක්ෂන් එකට දීලා තියෙනවා නම් ඒ විදියට අඳිනවා.. ඒ ඇරෙන්න චාම් ලු‍ක් එකකට කැමැතියි..

  •  සාමාන්‍ය ගමනට බිමනට අඳින්නේ මොන වගේ ඇඳුම් ද?

ඒකට නම් ඉතින් ෂෝර්ට් එකයි, ටී ෂර්ට් එකයි සෙරෙප්පු දෙකයි තමයි.. මට සැහැල්ලු‍ම ඇඳුම ඒක.. කොහෙ හරි කන්න ගියත් මාව හයිලයිට් නොවෙන්න ඕනේ තැන්වලට ඒ විදියටම තමයි අඳින්නේ.. සාමාන්‍ය ගමනක් වුණත් මාව හයිලයිට් වෙන්න ඕනේ කියලා හිතුණොත් වොච්, කැප්, සන්ග්ලාස් එහෙමත් යූස් කරනවා කලර්ස් මැච් කරලා..

  •  මියුසිකල් ෂෝස්වලට තෝර ගන්නේ මොන වගේ ඇඳුම් ද?

ඒක ෂෝ එකේ ස්භාවයයි ක්‍රවුඩ් එකයි අනුව වෙනස් වෙනවා. කොළඹින් එළියේ අවුට්ඩෝ ෂෝස්වලට යනවා නම් කලර්ෆුල් ඇඳුම්වලට වැඩි ඉඩක් දෙනවා.. ගොඩක්ම එතෙන්දී ඕඩියන්ස් එකේ ස්වභාවය හිතනවා.. උදාහරණයක් විදියට මීගමුව ගන්නකෝ.. ඒ පැත්තේ මම දැකලා තියෙන විදියට, අපි නොගැලපෙනවා කියලා හිතන ෆැෂන්ස් කරන අය ඉන්නවා.. හැබැයි ඒවා ඇත්තටම ගැලපෙනවා.. තද පාටවල් අඳිනවා.. තද පාටවල්වලින් කොණ්ඩේ කලර් කරනවා.. එතකොට ඒ වගේ පැත්තක ෂෝ එකකට යද්දී මාත් තද පාටක් යූස් කරනවා.. දිලිසෙන ජැකට්ස් දානවා.. කොණ්ඩෙට කලර් එකක් ස්ප්‍රේ කරනවා.. ලේන්සුවක් හරි ඔලු‍වේ බැඳ ගන්නවා.. එතකොට ඒ ඕඩියන්ස් එකට දැනෙන්නේ මාත් එයාලගේ කෙනෙක් වගේ.. ඉන්ඩෝර් ෂෝ එකකදී ඒ තත්ත්වේ වෙනස්.. සරල චාම් ෆැෂන්ස්වලට ඉඩ දෙනවා වැඩියි එතකොට..

  •  ඇක්සසරීස් විදියට මොනවද පාචච්චි කරන්නේ..?

මගේ ළඟ තියෙනවා වොච් කලෙක්ෂන් එකක්.. සන්ග්ලාස් කලෙක්ෂන් එකක් වගේම බෙල්ට් කලෙක්ෂන් එකකුත්.. තව ජුවෙලරි බොක්ස් එකකුත් තියෙනවා.. සමහර ප්‍රඩක්ෂන්වලට යද්දී මම ඔය සේරම අරගෙන යනවා.. ගිහින් එතන අඳින ඇඳුමට අවශ්‍ය විදියට, ප්‍රඩක්ෂන් එකේ විදියට ඒ දේවල් යූස් කරනවා..

  •  ජුවෙලරි බොක්ස් එකේ තියෙන ජුවෙලරි මොනව ද?

එක එක කලර්ස්වල මුදු, මාල බ්‍රේස්ලට් තියෙනවා.. ඇත්තටම නම් මම සාමාන්‍යයෙන් ජුවෙලරිවලට කැමැති නෑ.. ඒත් අඳින ඇඳුම එක්ක මට හිතෙනවා මේකට නම් මාලයක්වත් ඕනේ නැත්නම් ඇඳුම පාළුයි වගේ කියලා.. අන්න ඒ වෙලාවට මම, පොඩි චේන් එකක් හරි යූස් කරනවා..

  •  ෂූස් ගැන කතා කළොත්..?

ඒකත් යන තැන අනුව වෙනස් කරන දෙයක්.. විශේෂයෙන්ම මියුසිකල් ෂෝ එකකදී වගේ මම අඩිය තරමක් උස සපත්තු යූස් කරනවා.. මොකද මගේ උස පහයි පහයි.. මට වඩා උස ගර්ල් කෙනෙක් ඩාන්සින් කෘ එකේ එහෙම ඉන්න පුළුවන් කියලා හිතෙද්දී මම හීල් එකක් තියෙන සපත්තු දෙකක් තමයි දාන්නේ.. මගේ ෂූස් පිටට නොපෙනෙන්න ඇතුලෙන් තරමක් උස්සලා තියෙනවා උස පෙන්නන්නත් එක්ක.. ඒ වගේම ලයිටින් ගැන එහෙමත් හිතලා ෂයින් එකක් තියෙන ෂූස් දාන වෙලාවල් තියෙනවා.. එහෙම නැත්නම් බ්ලැක් ෂූස් යූස් කරනවා.. ඔය මොන ෂූ එක දාගෙන හිටියත්, වාහනේට ආව ගමන් ඒවා ගලවලා දාලා සෙරෙප්පු දෙකක් දා ගන්නවා..

  •  ඉන්ස්පයර් වෙන කෙනෙක් ඉන්නව ද?

එහෙම එක්කෙනෙක් කියලා නෑ.. වෙලාවෙන් වෙලාවට ඒ දේවල් වෙනස් වෙනවා.. මම අලු‍තෙන් දෙයක් දැක්කොත්, ඒක මට ලස්සනයි කියලා හිතුණොත් ඒකත් මට ඉන්ස්පිරේෂන් එකක්.. හැමදාම අප්ඩේට් වෙනවා අලු‍ත් වෙන ෆැෂන් එක්ක..

  •  කාර්යබහුල කෙනෙක් විදියට මේ විදියට ෆැෂන්ස් කරන්නේ කොහොමද ?

මම එහෙම ලොකුවට කාර්යබහුල කෙනෙකුත් නෙමෙයි.. හැබැයි සමහර දවස් තියෙනවා ගෙදරට ආව ගමන් අලු‍ත් ඇඳුමක් ඇඳගෙන ආයෙමත් අනිත් පැත්තට යන්න වෙන... මම ගොඩක් පිළිවෙල කෙනෙක්.. මගේ ඇඳුම් පැළඳුම් සේරම පිළිවෙලට හොයාගන්න පහසු විදියට තමයි තියලා තියෙන්නේ.. සුදු ෂර්ට් වෙනම.. රතු ෂර්ට්ස් වෙනම අයන් කරලා හැගර්ස්වල දාලා එල්ලලා තියෙනවා.. සපත්තු, ඇක්සරීස් වුණත් ඒ විදියටම තියෙනවා.. ඒ නිසා කොයි තරම් කාර්යබහුල වුණත් මට තියෙන්නේ අදාළ තැනින් අදාළ දේවල් ටික අරගෙන ඇඳගෙන යන්න විතරයි.. ඒක ඇත්තටම හරි ලේසියි. කලබලෙන් සේරම ඇද ඇද හොයන්න දෙයක් නෑ... පිළිවෙල කියන දේ හරි වැදගත්.


පවනි උමයංගනා


 

 



අදහස් (0)

මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි
2024 සැප්තැම්බර් මස 26 30 0

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කියන ප්‍රේක්ෂක ජනාදරය ඉහළින්ම දිනාගත් ශ


මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්
2024 සැප්තැම්බර් මස 25 37 0

රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන්නනා ඔහු සූර්යා දයාරුවන් සමඟිනුයි මෙ


ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ
2024 සැප්තැම්බර් මස 25 43 0

පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”‍පාවෙලා වලාකුලේ ඒවිද අම්මා”‍ ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්මාය, තවත් විටෙක අම්මගෙ අඩුව පිරවූ ආදරණ


හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය
2024 සැප්තැම්බර් මස 25 48 0

සනත් ගුණතිලක සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනිණි.


KALANA Gunasekara
2024 සැප්තැම්බර් මස 25 36 0

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා.


සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 119 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25088 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site