IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න


ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා  වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එංගලන්තයට  ගොස් සිටීම ඊට හේතුවයි.ඒ අතරේ  කෙටි නිවාඩුවකට නැවත ලංකාවට පැමිණ සිටින තුමිඳු දොඩන්තැන්න ආ විගස අනුරුද්ධ ජයසිංහ නිර්මාණකරුවාගේ   අලුත් සිනමා නිර්මාණය වන ධාරා චිත්‍රපටයේ  රූගත  කිරීම් වලට මේ දිනවල සහභාගී වෙමින් සිටින  වග සඳහන් කළ  හැකියි. රංගනය සහ  කලාව  ආත්මීය  ප්‍රකාශනය කර ගනිමින් එලෙසින් කටයුතු කරන   තුමිඳු සැබෑ ජීවිතයේදී පියෙකු  ලෙස කරන  භූමිකාව කොහොම විය හැකිද? ඒ ගැන සහ ඔහුගේ ජිවිතයේ නවමු තොරතුරු සඳැල්ල තාත්තයි - පුතයි විශේෂාංගයට පැවසුවේ  මෙලෙසිනි. 

තුමිඳු, පුතු අපූර්ව ආදිත්‍ය සමඟින්


 

 තුමිඳු කොච්චර කාලයකට පසුවද ලංකාවට ආවේ?

අවුරුදු එකහමාරකට විතර පස්සෙ ආවෙ. ඊට පෙර ගිය අවුරුද්දෙ මුල් කාලයේදීත් ටික දවසකට ඇවිත් ගියා.

 ආචාර්ය උපාධියේ කී වැනි අදියරේද ඉන්නෙ?

අවසන් අදියරේ ඉන්නෙ. ලබන වසර වෙද්දී එහි කටයුතු හමාර කර ගන්න පුළුවන් වේවි කියලා හිතනවා.  එහිදී මගේ විෂය නාට්‍ය කලාව හා සම්බන්ධවයි. ශ්‍රී ලාංකීක නාට්‍ය කලාව ගැන පශ්චාත් යටත් විජිත අධ්‍යනයක් කිව්වොත් නිවැරදියි.

 

 මේ දක්වා එංගලන්තයේ ගත කළ කාලය ගැන දැනෙන විදිහ මොනවගේද කියා ඇසුවොත්?

එහි සිට ජීවත් වෙන්න පටන් ගෙන අවුරුදු දෙකහමාරක්  විතර වෙනවා.  ඒ කාලයේදී මගේ විශ්ව විද්‍යාලයීය වැඩ වගේම තව-තවත් පුංචි පුංචි වැඩ ටිකක් කරන්න ලැබුණා. කළනි සහ පුතාත් මම ගිහින් මාස හයකට විතර පස්සෙ මා එක්ක ජීවත් වෙන්න එහෙට ආවා. ඒ ගෙවී ගිය කාලය අපට පහසු කාලයක්ම වුණේ නැහැ. ලන්ඩනයේ ජීවත්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ, ලෝකයේ මිල අධිකම නගරයක් වන නිසයි. ඒ නිසා සාමාන්‍ය විදිහෙ ජීවිතයක් ගත කිරීම පවා අසීරුයි. හැබැයි නිවැරදි සිස්ටම් එකක් තියෙන නිසා,  මිනිස්සු වියදම් කරන ජීවිතයට කොලිටි ලයිෆ් එකක් හෙවත් වටිනාකමක් ලැබෙන වග කියන්න පුළුවනි. අධ්‍යාපනය ගත්තොත්, මට ලෝකයේ තියෙන හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගැනීමට ලැබීම ලොකු අවස්ථාවක්. එම සරසවියේ  සිට ආචාර්ය උපාධියකට ඉගෙනීමට ලැබීම ඇත්තෙන්ම සතුටක්. හොඳම උපදේශකවරයකු මට ලැබී තිබෙනවා. ඉතින් ජීවිතයේ හැම දෙයක්ම අපට පහසු වෙන්නෙ නැහැ. එක පැත්තක් හොඳ වන විට, දුෂ්කරතා වලටත් මුහුණ දෙන්න වෙනවා. එහෙම තමයි ජීවිතේ හැටි. මම කොහොමටත් ලැබෙන දේ සතුටින් බාර ගන්න කෙනෙක්.

 ආ විගස තුමිඳු ෆිල්ම් එකක රඟපාන්න පටන් ගෙන ඒ ගැන කියමු ?

අනුරුද්ධ ජයසිංහගේ ධාරා චිත්‍රපටයේ රූගත කිරීම් වලට මේ දිනවල දායක වෙනවා. කැනේඩියානු කැමරා අධ්‍යක්ෂවරයකු කැමරාකරණයෙන් දායක වෙනවා. ලක්මාල්ගෙ ෆිල්ම් එකෙන් පසුව  කාලයකට පසුව මට ලැබුණු හොඳ අත්දැකීමක්.

 රංගන ජීවිතයට එහා ගිය ඔබගේ ගෙදර ජීවිතයේ තාත්තාගේ භූමිකාව  ගැන කතා කළොත්, තුමිඳු මොන විදිහෙ තාත්තා කෙනෙක් ද?

මම හිතන්නෙ මම පුතාට හොඳ යාළුවෙක්. එයාගෙන් ඇහුවම හොඳම යාළුවා කවුද කියලා?  එතකොට එයා කියන්නෙ තාත්තා කියලයි. එයාට මාව දැනෙන්නෙ යාළුවෙක් විදිහටයි. ඒකට මම බොහොම කැමතියි.

 තාත්තා කියන භූමිකාව තුමිඳු දකින්නෙ මොන විදිහටද?

තාත්තා කියන භූමිකාව මම දකින්නෙ  සංකීර්ණ චරිතයක් විදිහටයි. වෙලාවකට සැර වෙන්න වෙනවා.  වෙලාවකට ආදරේ කරන්න වෙනවා. වෙලාවකට කේන්ති ගන්නත් වෙනවා. ඒ වගේම ඒක ඉක්මණින්ම අමතක කරන්නත් වෙනවා. තාත්තා කියලා කියන්නෙ මිරර් එකක් හෙවත් කණ්නාඩියකට. ඒ කණ්නාඩිය දිහා බලා ඉන්නෙ දරුවා.  තාත්තා කරන දේ දිහා බලාගෙන එයා කරන කියන දේ   අනුගමනය කරන්න දරුවො පුරුදු වෙනවා. විශේෂයෙන්ම පිරිමි ළමයින් අනුගමනය කරන්නෙ  තාත්තා කරන කියන  දේ. මගෙ පුතාත් එහෙමයි. පිරිමි දරුවෙකුගෙ ආදර්ශවත් චරිතය වෙන්නෙ තාත්තා. පුතාට හරි වැරැද්ද කියලා දෙන්න වගේම ආදර්ශවත්ව හැසිරිය යුතු සංකීර්ණ චරිතයක්. තාත්තා කියන චරිතය හරිම සුන්දරයි, ආශ්චර්යයි, ඒක හැඟීම් වලින් විස්තර කරන්න බැහැ. හැඟීම් සමුදායයක්.

 තාත්තාගෙ වගකීම් ඔබගෙන් වෙනවාය කියලා හිතනවද?

පුතා ලැබෙන්න සිටි කාලයේදී කළණිවත්, මමවත්  දෙන්නට-දෙන්නා  එහෙම වැඩ බෙදා ගත්තෙ නැහැ. මම නිතරම උත්සාහ කළේ කළණිට තියෙන වැඩත් මම කරන්න වගේම, කළණිත් ඒ විදිහට කරන්නයි. සමහර දාට එයා දරුවගෙ කෑම හදනවා, වගේම මාත් හදනවා. කෑම කවන්නෙත් ඒ විදිහටයි. පාසල් ගෙන යන වැඩ වගේම, පාඩම් කියාදීම ඇතුළු වැඩ සියල්ල අපි දෙන්නා අපි දෙන්නට පුළුවන් විදිහට කරනවා. බෙදීමක් අපි දෙන්නා අතර නැහැ. අපේ පරම්පරාවේ - අලුත් පරම්පරාවේ තාත්තලා ඒ විදිහට හිතන අය මිසෙක, පංගු පේරුවට වැඩ කරවන අය නෙවෙයි. මම ඒකට කැමතියි.

 පුතා එක්ක කාලය ගත කරද්දී බෙදා හදා ගන්නෙ මොන වගේ දේවල්ද?

එයා දැන් ගත කරන්නෙ කුතුහලයෙන් පිරුණු වයසක්, දකින – දකින දේ ගැන අහන්නෙ ප්‍රශ්න. හැබැයි ඒ ප්‍රශ්න වලට එයාට දෙන්න තියෙන හොඳම පිළිතුර නොවෙන්න පුළුවන්, සමහර වෙලාවට අපට තියෙන සංස්කෘතික කාරණා එක්ක ගලපාගෙන උත්තර දෙන්න වෙනවා. එයා අහන ප්‍රශ්න වලට මම බොහෝ විට දෙන්නෙ එයාට තේරෙන සහ හොඳයි කියලා හිතෙන උත්තර. හැබැයි කිසි දෙයක් ගැන බල කරන්නෙ නැහැ. එයාට සතුටක්, විනෝදයක් ඇති වන විදිහට කරන්න සහ අපි එක්ක ගත කරන ජීවිතය එයාට වදයක් නොවන විදිහට ගත කරන්න අපි උත්සාහ ගන්නවා. අපි ගත කරන කාර්ය බහුල ජීවිතය එක්ක හොඳම දේ දෙන්න බැරි වුණත්,  එයාට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑය කියන තැන මමත් -කළණිත් ඉන්නෙ.

 වැරැද්දක් කළොත් ඔබ කොහොමද ක්‍රියා කරන්නෙ?

වැරැද්දට ඒ මොහොතේම මම දඩුවම් දෙන්නෙ නැහැ. ඒ වගේම ආවේගශීලීව ප්‍රතික්‍රියා දක්වන්නෙත් නැහැ. එහෙම කළොත් එයත් වෙන කෙනෙකුගේ වැරැද්දකදී ආවේගශීලීව ක්‍රියා කරන්න පුළුවන්. පසු වෙලාවක වැරැද්ද ගැන මම එයාට කියලා දෙනවා. ඒ වගේම සමාවෙන්න කියන එක වගේම සොරි කියන වචනය බලවත් වචනයක් කියලා මම එයාට කියලා දීලා තියෙනවා. එයාගෙ වැරැද්දකදී මම එයාට තරවටු කළත් ,සොරි කියලා පසුව කියනවා. සොරි කියන්න මම කිසිම තැනකදී පසුබට වෙන්නෙ නැහැ. පුංචි දරුවකු වැඩෙන වයසේදී අපට ඉවසීම කියන දේ ඉතා වැදගත්. එයාගේ යහපත් වැඩීමට එය බලපානවා.

 මව සහ පියා දරුවා ඉදිරියේ සිප වැළඳ ගැනීම් ගැන එංගලන්තයේ පවුලකට සාපේක්ෂව හිතන්නෙ කොහොමද ?

සිප ගැනීම, වැළඳ ගැනීම, ළංකර  ගැනිම වගේ දේ දරුවාට පෙනෙන්න  ඒ දේවල් කරනවා. සමහර අවස්ථාවලදී අපි දෙදෙනා අතර කතාබහක් ඇති වුනොත්? පුතාම ඇවිත්  තාත්ති - අම්මිව හග් කරන්න කියලා කියනවා. අම්මි - තාත්තිව හග් කරන්න කියලා කියනවා. එහෙම කළාම අපි අතරේ ඇති අමනාපකම දුරුවෙලා යනවාය කියලා එයා දන්නවා. ආදරේ කියන දේ දරුවන්ට පේන්න කළ යුතු දෙයක්. ආදරේ කියන දේ හැඟවිය යුතු දෙයක් නෙවෙයි. එංගලන්තය වගේ සමාජයක ආරක්ෂාව, රැකවරණය, එකිනෙකාට ගරු කිරීම යන දේ ගැන පාසල් වයසේ සිටම කියා දෙනවා. අපි දෙන්නම දරුවට ආදරේ  හඟවන්නෙ නැහැ. ආදරේ කියන්නෙ හරි වටින දෙයක්.

 එංගලන්තයේ වෙසෙන ලාංකිකයින්ගෙන් නිරන්තරයෙන් ඇරයුම් එහෙමත් ලැබෙනවා ඇති ? උත්සව අවස්ථා සහ භෝජන සංග්‍රහ වලට එහෙම?

සෑම සතියකම වගේ කණ්ඩායම් එකතු වීමක් වෙන අවස්ථාවලදී අපටත් ඇරයුම් ලැබෙනවා.  ඒක අපටත් හොඳ අත් දැකීමක්. ඒ විදිහට කතා බහ කරන්න ලැබීම අපට සතුටක්. ලංකාවේ පවුල්වල උදවියට අමතරව එහි වෙසෙන අපේ යාළුවන්ගෙන් පවා ඇරයුම් ලැබෙනවා. මුණ ගැහෙන්න යනවා. පුතාගේ ඉස්කෝලෙ යාළුවො නිසා ඒ අයගේ පවුල්වල අයත් අපේ යාළුවෝ වෙලා. ඒ අයවත් හමුවන අවස්ථා තියෙනවා.  ඉන්දියානු ඇතුළු හැම සංස්කෘතියකම අය හමුවෙනවා. ඒක හොඳ දෙයක්.


  • සඳුන් ගමගේ

 



අදහස් (0)

මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 37 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 24 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 36 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 22 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 40 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 57 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 962 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site