IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන


ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දොර විවර වෙන්නට ද එතරම් කලක් ගත නොවුණේ ඔහුගේ රංගන දක්ෂතා නිසාමය. 2004 වසරේදී රයිගම් ටෙලීස් සම්මාන උළලේදී හොඳම නළුවා සම්මානයත් 2012 වසරේදී සුමති සම්මාන උ​ෙළලේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානයත් ඇතුළුව සම්මාන ගණනාවකින්ම පිදුම් ලැබූ ඔහු සමඟයි මෙවර Fashion කතා බහ ඔහු  ධනංජය සිරිවර්ධන

  • ෆැෂන් ගැන හිතන දේ?

අපේ ජීවිතවල ආහාර නිවාස ඇඳුම් කියලා මූලික අවශ්‍යතා තුනක් තියෙනවනේ. ඔය තුනට ක්‍රියේටිවිටි කියන එක එකතු කළාම විෂයන් තුනක් බවට පත්වෙනවා. ආහාරවලට ක්‍රියේටිවිටි එකතු කළාම සූපවේදය හැදෙනවා. නිවාසවලට එකතු කළාම ගෘහ නිර්මාණ ශිල්පයත් ඇඳුම්වලට එකතු කළාම ෆැෂනුත් හැදෙනවා. මානවයාගේ දියුණුව එහෙම නැත්නම් මොඩර්න් වර්ෂන් එක. මට කාලෙන් කාලෙට එක එක විදියට ඉන්න හිතෙනවා. මම වෙනස් වෙනවා කියන්නේ ෆැෂන් එකත් වෙනස් වෙනවා.

  • මේ කාලේ ෆැෂන් එක මොකක් ද?

මේ කාලේ මම කැමැති අත් දිග ටීෂර්ට් අඳින්න. කලින් හයිනෙක් ඒවාට කැමැති වුණ. ඩෙනිම නම් හැමදාම අඳින එකක්. ඒක වෙනස් වෙන ෆැෂන් එකක් නෙමෙයිනේ. මම ඇඳුම්වලටම සීමා වෙලා ෆැෂන් කරන්නේ නෑ. හෙයාර්ස්ටයිල් එකත් වෙනස් කරනවා. කාලෙන් කාලට මට වෙනස් වෙන්න ඕනේ නිසා වෙනස් වෙනස් දේ කරලා බලනවා.

  • ඉවෙන්ට්ස්වලට සම්බන්ධ වෙද්දී මොන විදියේ ඇඳුම් විලාසිතාවක් ද තෝරා ගන්නේ?

යන ඉවෙන්ට් එක අනුව විලාසිතාව වෙනස් වෙනවා. ඉවෙන්ට් එකේ තීම් එකක් තිබ්බොත් ඒ තීම් එකට, කලර් එකට මැච් කරලා ඇඳුම් තෝර ගන්නවා. ඒ වගේම, මම එතෙන්ට යන්නේ ගෙස්ට් කෙනෙක් හැටියට ද ප්‍රසන්ටර් කෙනෙක් හැටියට ද කියලත් බලනවා. ඉවෙන්ට් එකේ ස්භාවයයි, තැනයි අනුව ඇඳුම් තෝරා ගන්නවා.

  • සාමාන්‍ය ගමනට අඳින්නේ මොන වගේ ඇඳුම් ද?

ඩෙනිමයි ටීෂර්ට් එකයි තමයි. ඒක වෙනස් වෙන ෆැෂන් එකකුත් නෙමෙයි ඇඟටත් පහසුයි. ඒක තමයි තෝර ගන්න ඇඳුම.  

  • ප්‍රසන්ටර් කෙනෙක් විදියට කටයුතු කරද්දී, මොන වගේ ඇඳුම්වලට ද කැමැති?

වැඩසටහන්වලට විවිධ ආයතනවලින් ඇඳුම් වෙනුවෙන් ස්පොන්සර් කරනවනේ. එතකොට දෙන දෙයක් ඇඳගෙන යනවා. ඒ ඇරෙන්න මම ඇඳුම් ගැන හිත කරදර කර ගන්නේ නෑ.

  • ඇඳුම් ඩිසයින් කරන්න ඩිසයිනර්ස්ලා ඉන්නව ද? තමන්ගේ අදහස් අනුවම ඩිසයින් කර ගන්නව ද?

මම ඇඳුම් නිර්මාණය කර ගන්න ඩිසයිනර්ස්ලා කීප දෙනෙක්ම ඉන්නවා. නාමල් බාලචන්ද්‍ර (එන්බී), සඳුන් බණ්ඩාර වගේ කීප දෙනෙක්ම විවිධ අවස්ථා අනුව මට ඇඳුම් නිර්මාණය කරලා දෙනවා.

  • සපත්තු සෙරෙප්පු ගැන කතා කළොත් ?

මම වැඩිපුරම කැමැති සෙරෙප්පු දාන්න. ඒත් සමහර තැන්වලට හරියන්නේ නෑනේ. ඒ වගේ වෙලාවට තියෙන සරලම සැහැල්ලු‍ම සපත්තු දෙක යූස් කරනවා. එක එක විදියේ සපත්තු විවිධ ඇඳුම් එක්ක ගළපලා දාලා බලනවා හරිනවද කියලා. සමහර වෙලාවට මේක හෙන ගොන් නේද කියලා හිතෙනවා දැම්මට පස්සේ. එකකට එකක් ගැළපෙන්නේ නෑ. ඒක ඇත්තටම මම ටිකක් ෆලෝ කරලා හදා ගන්න ඕනේ දුර්වලතාවක්.

  • විලාසිතා කරන්න වයිෆ්ගෙන් සපොර්ට් එකක් ලැබෙනව ද?  

එහෙම විශේෂයක් නෑ. ඉස්සර නම් ඔය නොගැළපෙන විදියට ඇන්දම ටිකක් බැනුම් අහනවා. දැන් නම් එහෙම මොනවත් කියන්නේ නෑ. එයා නම් ගොඩක් ලස්සනට ෆැෂන් කරනවා.

  • ජුවෙලරීස්වලට ඇක්සරීස්වලට තියෙන කැමැත්ත?

ලොකු කැමැත්තක් නෑ. ඒත් කරන කැරැක්ටර් එක අනුව මම වෙනස්කම් කරනවා. මේ දවස්වල කරාඹුවක් දාගෙන ඉන්නවා. මීට කලින් කන් දෙකම විදගෙන හිටියා. ඇක්සරීස් කියලා ගත්තොත් මම ෂේඩ්ස්වලට ගොඩක් කැමැතියි. 

නිතරම වගේ මම ෂේඩ්ස් යූස් කරනවා. ඊට අමතරව වොච්වලට කැමැතියි. ජුවෙලරීස් ඇක්සරීස් වගේම ෆැෂන් කියන හැමදේම මම කරන කැරැක්ටර්ස් එක්ක වෙනස් වෙනවා.  පහුගිය මාසයක් තිස්සේ මම ෆැෂන්වල උපරිමයටම ගියා. අස්වාභාවික විදියට ෆැෂන් කරන්න වුණා මම කරපු කැරැක්ටර් එකක් නිසා. ඒක ඇත්තටම මම කරපු අසීරුම චරිතයක්. ඒ කරපු ෆැෂන් එක්ක පාරේ බැහැලා යන්න බැරි තත්ත්වෙක හිටියා.

  • කරන චරිතය අනුව සාමාන්‍ය ජීවිතේදීත් ෆැෂන් කරනව ද?

කැරැක්ටර් එකක් කරද්දී මම අනිවාර් යෙන්ම ඒ කැරැක්ටර් එකේ ෆැෂන්වලට යනවා. ෂූටින් නැතත් මම ඒ විදියටම ඉන්නවා. ඒ චරිතේ මට ආරෝපණය කර ගන්න මම සාමාන්‍ය ජීවිතේදීත් ඒ චරිතය ඇතුළෙම ජීවත් වෙන්න ඕනේ. මොකද එහෙම නැතුව සෙට් එකේදී විතරක් චරිතෙට ගැළපෙන්න ෆැෂන්ස්වලට ගියා කියලා මට චරිතේ දැනෙන්නේ නෑ. ෂූටින් තියෙන කාලේ පුරාවටම ඒ විදියටම ඇඳලා කරලා ඉන්නවා.

  • චරිතවලට ගැළපෙන්න හෙයාර් ස්ටයිල් වෙනස් කරනවා කිව්වනේ. කැමැතිම හෙයාර් ස්ටයිල් එක මොකක් ද?

මේ කාලේ එකට මම ටිකක් කැමැතියි. ෂෝර්ට් හෙයාර් එකේ පැත්තකින් පොඩි කට් එකක් කපලා තියෙනවා. ඒක මේන්ටේන් කර ගන්න ලේසියි. මම කොණ්ඩේ වවලා ඉඳලත් තියෙනවා. කොටටම කපලා කලර් කරලා ක්‍රේල් කරලා මේ සේරම කොණ්ඩෙට කරලා තියෙනවා.

  • ටැටූස් පියර්සින් ගැන මොකද හිතන්නේ?

ටැටූස්වලට කැමැතියි. ටැටූ එකක් කරන්න කැමැත්තක් තියෙනවා. ඊළඟ ෆැෂන් එක ඒක වෙන්න පුළුවන්.

  • ෆැෂන් කරද්දී ඉන්ස්පයර් වෙන්නේ කාගෙන් ද?

එහෙම විශේෂ කෙනෙක් නෑ. මොකක් හරි ෆැෂන් එකක් දැක්කම ඒක ලස්සනයි කියලා හිතුණොත් මම ට්‍රයි කරලා බලනවා. මේ ළඟදී දැක්කා කොල්ලෙක් එකම පාටින් මෝස්තරෙන් කලිසමයි ෂර්ට් එකයි ඇඳලා ඉන්නවා. ඒක දැක්කම ඒක ලස්සනයි කියලා හිතුණා. මම ඉන්ස්පයර් වෙනවා ඕනෑම කෙනෙක්ගේ ඕනම ෆැෂන් එකකින්.

  • බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්වලට තියෙන කැමැත්ත?

මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ. මම හිතන්නේ මම බ්‍රෑන්ඩ් එකක් කියලා’ ඒ නිසා විශේෂයෙන් ඒවා පස්සේ එළවන්නේ ඕනෙකමක් නෑ. වෙලාවේ හැටියට තියෙන දෙයක් යූස් කරනවා හෝ මිලදී ගන්නවා මිසක් බ්‍රෑන්ඩ් එක පස්සේ යන්නේ නෑ. එකම දේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගත්තම ඒක සෑහෙන කාලයක් යූස් කරන්න පුවළුන්.

කෙහොමත් අපි බ්‍රෑන්ඩඩ් දෙයක් ඇන්දත් පැලැන්දත්” ෆේක් එකක් දැම්මත් ඒවා බ්‍රෑන්ඩඩ් කියලා හිතෙනවනෙ. ඒකට හේතුව ඒක මගේ ඇගේ තියෙන දෙයක් නිසා.

‘අයි ඩෝන්ට් ෆලෝ ද බ්‍රෑන්ඩ්. බිකෝස් අයෑම් ද බ්‍රෑන්ඩ්.’


 පවනි උමයංගනා


 



අදහස් (0)

මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 7 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 8 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 4 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 11 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 12 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 14 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site