වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු 'රථගාය ' විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .
ඔව්. මම වාහනවලට ගොඩාක් ආදරය කරන කෙනෙක් වගේම, තරමක් දුරට රථගායත් තියෙන කෙනෙක්. පොඩි කාලේ මට මතකයි, school van එකේ යනකොට මම හරි උනන්දුවෙන් බලන් ඉන්නවා, වාහන පදින විදිහ. බස් එකක ගියත්, ඩ්‍රයිවර්ගේ සීට් එක පිටිපස්සට වෙන්න තමයි ඉන්නේ. ඒ ඩ්‍රයිවර් බස් එක එලවන්නේ කොහොමද, ගියර් මාරු කරන්නේ කොහොමද, කියලා මම බලාගෙන ඉන්නවා. ලයිසන් ගන්නකන්, අපේ තාත්තා මට වාහන පදින්න දුන්නේ නැහැ. අපේ තාත්තා ඉහළ පෙළේ රජයේ සේවකයෙක්. එයාට ඔෆිස් එකෙන් වාහනයක් දීලා තිබුණා - රාජකාරි වැඩවලට. ඒත් එයා කවදාවත්, ඒ වාහනය අපේ පෞද්ගලික පාවිච්චියට ගත්තේ නැහැ. අපි ගොඩක් වෙලාවට, බස් එකේ තමයි අපේ ගමන් බිමන් ගියේ. ඊට පස්සේ අපේ තාත්තා වාහනයක් ගත්තා. ඒත් මම ලයිසන් ගන්නකන්ම, තාත්තා මට වාහනය එලවන්න දුන්නේ නැහැ.
වයස අවු. 18 පිරුණු ගමන්ම මම ලයිසන් එක ගත්තා. ට්‍රයල් තිබුණු දවසේ, මම ඉස්කෝලෙට ගියා - මගෙ උප්පැන්න සහතිකේ ගන්න. ඒ නිසා ඉස්කෝලේ ඇඳුමෙන්මයි ට්‍රයල් එකට යන්න උනේ. ඒ නිසාද කොහෙද පරීක්ෂා කළexaminer ඇහුවා, ලයිසන් ගන්න මොකක්ද ඔච්චර තියෙන හදිස්සිය කියලා. ලර්නස් එකේදිත්, මම ඉක්මනට driving ඉගෙන ගත්තා. මට examiner කිව්වා රිවස් එක මදි, ටිකක් පුරුදු වෙන්න කියලා. ඉතින් මට වාහන පදින්න තියෙන ආසාව නිසාම, එදාම හවස ගෙදර ඇවිල්ලා, වාහනය රිවස් එකට කිලෝමීටරයක් විතර drive කළා.
පොඩි කාලේ අපේ ගෙදර තිබුණා සී.ටී. 90 බයික් එකක්. එතකොට මගේ වයස අවුරුදු 12ක් විතර ඇති. ගෙදර අයට හොරෙන් එක දවසක් මම ඒක පැද්දා. අපේ ගෙවල් තිබුණේ මත්තේගොඩ housing scheme එකේ. මම පාරේ බයික් එක පැදගෙන යනකොට, අපේ scheme එකේම ඇන්ටි කෙනෙක් දැකලා - අම්මාට කියලා. ගෙදර ආවාට පස්සේ මට හොඳටම බැනුම් අහන්නත් වුණා. කොහොම හරි මම ආයේ ඒ වගේ වැඩ කළේ නැහැ.
මගේම කියලා වාහනයකට ඉස්සරවෙලාම මම ගත්තේ, මෝටර් බයික් එකක්. 2008දී. ඒක Bajaj Platina වර්ගයේ, නිල් පාට මෝටර් බයිසිකලයක්. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම, පොඩි පොඩි වැඩවලට සහභාගි වෙලා එකතු කරගත්තු සල්ලිවලින් තමයි, මම ඒ බයික් එක ගත්තේ. ඒකෙන් මම ගියපු නැති තැනක් නැහැ. ෂූටින්ග්වලට ගියෙත්, ඒ බයික් එකේමයි. ඒ බයික් එක - අදටත් මගේ ළඟ මතකයක් විදිහට තියෙනවා. ඒ බයික් එක නිසා මට පොඩි අනතුරක්වත් වෙලා නැහැ.
ඊට පස්සේ මුලින්ම කාර් එකක් ගත්තේ, 2015 දී. Honda gp 5 වර්ගයේ සුදු පාට එකක් තමයි ගත්තේ. ඒ කාලේ සල්ලි මහ ගොඩක් තිබුණේ නැහැ. ඒ නිසා පෙට්‍රල් ඉතුරු කරගන්න කියලා හිතාගෙන තමයි, ඒ වාහනය මම ගත්තේ.
මගේ ළඟ දැන් තියෙන්නේ, මෙරුන් පාට toyota premio වර්ගයේ වාහනයක්. ඒක මගේ යාළුවෙකුට කියලා ජපානයෙන් ගෙන්වා ගත්තේ. ඒක අරගෙන දැන් අවුරුදු 4ක් විතර වෙනවා. honda gp 5 එක තියෙද්දීම තමයි, මම ඒ වාහනය ගත්තේ. ඉතින් වාහන දෙකක් අවශ්‍ය නැති නිසා මම ඒක විකුණුවා.
විශේෂයෙන් කියලා කරන්නේ, වාහනයක් ගත්ත ගමන්ම - ඒක තාත්තාට පෙන්නන එක. ඊට පස්සෙ එයාව දාගෙන කොහේ හරි රවුමක් යනවා. නැත්නම්, එයාට වාහනය drive කරන්න දෙනවා. මොකද අපි මොකක් හරි දෙයක් achieve කළාම, හදවතින්ම සතුටු වෙන්නේ එයාලා. ඊට පස්සේ පන්සලට එහෙමත් යනවා. මිථ්‍යා දේවල් නම් මම කරන්නේ නැහැ.
නැහැ. ඒත් tyre puncture නං ඕන තරම් වෙලා තියෙනවා. ඒත් ඒවාට අවශ්‍ය දැනුමත්‘ පුහුණුවත් තියෙන නිසා, ඒක crisis එකක් වෙන්න දෙන්නේ නැතුව - manage කර ගන්නවා. මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක්. වාහනය හෝදලා, හරි වෙලාවට ටයර් මාරු කරලා, repair කරලා තියාගන්න කෙනෙක්. ඒ නිසා, මගේ යාළුවෝ කියනවා, මාධව පාවිච්චි කරපු වාහනයක් ගන්න - දෙපාරක් හිතන්න ඕන නැහැයි කියලා. අද කාලේ හැටියට වාහනයක් හරි කාලෙටම maintain කරන්න හරි අමාරුයි.
ඔව්. ඒක නම් මම කරනවා. එහෙම නීති දාන්නේ, passengersලාගේ ආරක්ෂාවට. මම Drive කරනවා නම් - අනිවාර් යෙන්ම, වාහනයේ යන අය සීට් බෙල්ට් දාන්නම ඕන. මම පරිස්සමට Drive කරන කෙනෙක්. මගේ යාළුවොත් කියනවා, මගේ Driving හරිම safe කියලා. ඊට අමතරව කෑම බීම කන්න බැහැ. ඒවා හැළුණම - සුද්ද කරන්න ටිකක් අමාරුයි වගේම, කූඹි එනවා. ඒ වගේම, මඩ එහෙම පාගගෙන ඇවිල්ලා වාහනයට නගිනවා නම් - මම හරිම අකමැතියි. එහෙම නගිනවා නම්, කාපට් එක උඩින් කකුල තියාගෙන යනවටයි මම ගොඩක් කැමති. ඒත් ඒක බොහෝ වෙලාවට මම කියන්නේ නැහැ ඉතින්, පිට මිනිස්සුන්ට. ඒත් හිත යටින් හිතනවා, කකුල කාපට් එකේ තියාගත්තොත් හොඳයි කියලා. මගේ වාහනයට නගින ගොඩක් දෙනෙක් දන්නවා, මම වාහනය තියාගන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒ අය ඒ විදිහට ඉන්නවා ඉතින්.
ඒ සම්බන්ධයෙන් මට තියෙන්නේ ටිකක් වෙනස් මතයක්. modification කියන එක හරියට කරනවා නම් හොඳයි. ඒත් අපේ රිය අනතුරු ගැන හොයලා බැලුවහම පේනවා, වැරදි modification නිසා කොච්චර අනතුරු වෙලා තියෙනවාද කියලා. මම වාහනයේ original look එකට කැමති කෙනෙක්. modification එකක් කරනවා නම් හරියට කරන්න ඕන. ඒ වගේම දැනගෙන, ඒ ඒ වාහනයට ගැළපෙන modification කරන්න ඕන. විශේෂයෙන්ම ඒ වාහනයේ තාක්ෂණයට හානියක් නොවෙන්න modification කරන්න ඕන. ඒ කියන්නේ වාහනයක් නිර්මාණය කරනකොට ඒ සමාගම්වලින් වාහනය පෙරළෙන්නේ නැති විදිහට තාක්ෂණික වශයෙන් යම් අංගයන් එක් කරලා එවන්නේ. ඉතින් modification වලින් ඒ දේවල් වෙනස් වෙනවා නම් ඒක වාහනයේ safety එකට ප්‍රශ්නයක්.
මම ඇමරිකාවේ ගිය වෙලාවක tesla plaid කියන වාහනය පැදලා බැලුවා. ඒකට මට හිත ගියා. ඉතින් කවදා හරි ලංකාවට ඒ වාහනය ආවහම ගන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ලිහිණි ලියනගේ
එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව
ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.
මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.
ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ