දක්ෂතාවයට ජාති ආගම් නැති බව පසක් කරමින් සිංහල හා දමිළ සිනමාවේත්, ටෙලිතිරයේත්, තම හැකියාවන් පෙන්වමින් - එම ජනවර්ග දෙකටම අයත් ප්‍රේක්ෂක සිත්සතන් තුළ ලැඟුම් ගන්නට ඔහු සමත් වී ඇත. පෙරදා විලන්ගේ චරිතයට පණදුන් ඔහු, අද තමාට පිළිබඳ සිතක් පහළ කරවූ තරැණියට ආදරය ප්‍රකාශ කරගත නොහැකිවී ලතවෙන පෙම්වතෙකුගේ චරිතයට ජීවමානවී සිය ප්‍රේකෂකයා ෆැන්ටසියෙන් රියැලටියට ආබද්ධ කරගෙන තිබේ.
මේ සුවිශේෂ හැඳින්වීමේ අයිතිකරැ - රෙජිනෝල්ඩ් ඉරෝෂන් ය.
මේ ඔහු වෙනුවෙන් මෙවර සැඳැල්ලෙන් වෙන්කල ඉඩකඩයි.
රැපර් කෙනෙක් විදියට කලාවට පිවිසිලා, දැන් රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරගෙන යන කෙනෙක්. මගේ නම - ඥානප්‍රකාශන් මැතිව් රෙජිනෝල්ඩ් ඉරෝෂන් වුණත්, මාව ප්‍රසිද්ධ GK කියන නමින්. මොකද ඒක තමා මගේ සංගීත ක්ෂේත්‍රයේ අනන්‍යතාව.
ඔව්. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වන දෙවනි ඉනිම සීසන් 2 ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තම්බපන්නී කියලා අලුතෙන් ෆිල්ම් එකක් කළා. ඒක ඉදිරියේදි රිලීස් වෙන්න තියෙනවා. ඒක ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් දායක වුණු ටිකක් ලොකු වැඩක්. මේ විදිහට සිංහල සහ දෙමළ භාෂා දෙවර්ගයේම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතය මම කළින් නිරෑපණය කරපු චරිතවලට වඩා ගොඩක් වෙනස්. මට ෆිල්ම්ස්වලදි වුණත්, ටෙලිනාට්‍යවලදි වුණත්, ගොඩක් වෙලාවට ලැබිල තියෙන්නේ විලන් කැරැක්ටර්ස්. එතනදි මේක ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් ගොඩක් අය හොඳයි කියල කියනවා.
පාසල් කාලයේදී නම් මම ක්‍රීඩාවක් විදිහට පාපන්දු තමයි කළේ. මට ඒ කාලෙදිත් කැමැත්තක් තිබුණා, ක්‍රීඩාවක් විදියට ක්‍රිකට් ඉගෙන ගන්න. නමුත් මගේ ආර්ථික මට්ටමත් එක්ක ඒක ටිකක් අපහසු වුණා. ඒ නිසා මම අඩුම වියදමකින් කරන්න පුළුවන් ක්‍රීඩාවක් නිසා පාපන්දු තෝරගත්තා. ඊට පස්සෙ නම් ක්‍රිකට් සෙල්ලම් කළේ යාළුවොත් එක්ක තමයි. දැන්නම් ෆින්ගාරා ක්ලබ් එකේ පුහුණු වීම් කටයුතු කරනවා. අනුෂ සමරනායක සර් තමයි අපිව එතැනට සම්බන්ධ කළේ.
ගොඩක් හොඳින් කරගෙන යනවා. ඇත්තටම හැමෝගෙන්ම වගේ හොඳ සහයෝගයක් ලැබෙනවා. අපිට ගොඩක් වෙලාවට හැමෝම හමුවෙන්නෙ නැහැ. හැබැයි හමුවුණු වෙලාවට හරිම විනෝදයි. හැමෝම යාළුවෝ. සීන්වල තියන පිස්සු වැඩම තමයි ඉතින් සෙට් එකෙත් කරන්නේ.
ඔව්. ඒක පොඩි කාළෙ ඉඳන්ම තිබුණ හීනයක්. පොඩි කාලෙ අපි ෆිල්ම් බලන්නේ ඉස්සරහ ගෙදර, නැත්තම් අල්ලපු ගෙදර ටීවි එකෙන්. මොකද අපේ ගෙදර ටීවී එකක් තිබුණෙ නැහැ. එතකොට ඒ අය ගොඩක් කැමති ශාරුක් ඛාන්ට- හින්දි ෆිල්ම්ස් වලට. ඒ විදිහට ෆිල්ම්ස් බලලා ඒ අය විඳින සතුට දැක්කම, මටත් හිතුණා මේ විදියට කවද හරි ටීවි එකේ ඉන්න ඕන කියලා. එතනින් තමා මේ ගමන එන්න ශක්තිය ලැබුණේ. නමුත් මම කලාවට එන්නේ සංගීත ක්ෂේත්‍රය හරහා. එතනදි දෙමළ ගීත, රැප් එහෙම කළා. සිංහල රැපර්ස්ලා එක්කත් වැඩ කළා. ඒ කාලේ දි මම මගේ ගීතවල මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වුණා. සංගීතයෙන් කලාවට ප්‍රවිෂ්ට වුණත්, මට තිබුණා ඇක්ටින් එක හොඳට කරන්න ඕන කියල අදහසක්. එතනදි මගෙ රංගන හැකියාව හොඳයි කියල තමයි, මාව රංගන කටයුතුවලට සම්බන්ධ කරගන්නේ. මගේ මුල්ම චිත්‍රපටය කෝමාලි කින්ග්. මුල්ම සිංහල ටෙලිනාට්‍ය පොදු සීසන් 02.
කරගෙන ගියා. නමුත් මම ඒ හැමදේම දැන් නතර කරල තියෙන්නේ. ගීත ගායනා කළා. ගීත රචනා කළා. නමුත් විවිධ හේතු නිසා ඒ දේවල් අවුරැද්දක විතර ඉදල නවත්තලා තියෙන්නේ.
ඒ දෙකේ වෙනස ගැන කීවොත් - ටැමිල් ඉන්ඩ්‍රස්ට්‍රි එක ගැනනම් පොඩි දුකක් තියනවා. ඇත්තටම ලංකාව තුළ දමිළ සිනමා කර්මාන්තය තවමත් හරියාකාරයෙන් දැකගන්න නැහැ. නමුත් ඒවගේ තත්ත්වයක වුණත්, ඇතුළෙ කැපිලි කෙටිලි හරිම වැඩියි. යාපනේ හදන දෙමළ චිත්‍රපටි කොළඹ විකාශනය වෙන්නෙ නැහැ. කොළඹ හදන දෙමළ චිත්‍රපටි යාපනයෙ අය භාර ගන්නෙ නැහැ. ඉතින් මේ ප්‍රශ්න නතර වෙනකන් ලංකාව ඇතුළෙ දෙමළ සිනමා ක්ෂේත්‍රය ගොඩනගන්න වෙන්නෙ නැහැ. මම කැමති මේ දෙකේම පෙනී ඉන්න වගේම, මේ දෙකම එකතු වෙලා ශ්‍රී ලාංකීය සිනමාව වගේ එකක් ගොඩ නැගෙනවනම්. එහෙම වෙනවානම් අපිට ලෝක සිනමාව එක්ක වුණත් කරට කර වැඩ කරන්න අනිවාර්්‍යයෙන්ම හැකියාව තියෙනවා කියා මම තදින්ම විශ්වාස කරනවා.
රැපර් කෙනෙක් විදියට ආපු ගමනේ දී ¬ රංගන ශිල්පියෙක් විදිහට භාරගන්න ප්‍රේක්ෂකයෝ දැන් වැඩිකැමැත්තක් දක්වනවා කියලා මම හිතනවා.
නැහැ.
මම හිතනවා අවබෝධය තියෙන කෙනෙක් හමුවෙනකන් අපිට ආදරය හරියට විඳින්න බැහැ කියලා. ඒ වගේම දෙන්නා අතරම ජීවිතේ ගැන, ඉදිරිය ගැන හොඳ ඉලක්කයක්, සැලැස්මක් තියෙන්න ඕන. නැත්තම් ඒක ක්ෂීණ වී යාමේ විභව්‍යතාවය ඉතා වැඩි, ලිංගික හෝමෝන මගින් උත්ප්‍රේරණය කරවන, තාවකාලික ක්ෂණික හැඟීමක් විතරයි.
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මම අවුරුදු 15 ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා ඒ අයට ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මගෙ අම්මා, තාත්තා දෙන්නම ඉන්නේ පිටරට. එයාලා එහෙ සංස්කෘතියත් එක්ක හුරුවෙලා ඉන්න නිසා, ඒවගේ ප්‍රශ්නත් නැහැ. අපි හොඳ තැනක ඉන්නවා කියන දේ, මගේ ජීවිතේ ඇතුළෙ මම සතුටින් කියල ඒ අයට දැනුනනම් - ඒ අයට ඒ ඇති. ඉතින් ඒ හේතුවෙන් ඒ දෙන්නගේ ආශිර්වාදය සහ සහයෝගය මට ලැබෙනවා.
කලාව කියන්නේ සාගරයක්. ඒක ඇතුළෙ ගොඩක් අංශ තියනවා. ඒ අතරින් මම දැනට සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට, නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට වගේම, විධායක නිෂ්පාදකයෙකු ලෙසත්, කටයුතු කරල තියනවා. ඉතින් දැන් පොඩි අදහසක් තියනවා ඩිරෙක්ටර් කෙනෙක් විදිහටත් වැඩ කරන්න.
දුලක්ෂි ලියනගේ
කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.
ලංකා බැංකු පරිශ්‍රයකට පිවිසෙන විට එක්වරම නෙත් යොමු වෙන්නෙ එහි විවිධ ඉරියව්වලින් ගනුදෙනු කටයුතුවල නියැළෙන තරුණයකුගේ සේයාරුව. නිරූපණ හැඩරුවට අමතරව නළ
මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ අක්කා නගෝ ආදරේ ගැන ගොඩක් අය කතා වෙනවා.
දක්ෂතාවයට ජාති ආගම් නැති බව පසක් කරමින් සිංහල හා දමිළ සිනමාවේත්, ටෙලිතිරයේත්, තම හැකියාවන් පෙන්වමින් - එම ජනවර්ග දෙකටම අයත් ප්‍රේක්ෂක සිත්සතන් තුළ ලැඟ
‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.
ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාව ප්‍රසිද්ධ GK නමින්. - රෙජිනෝල්ඩ් ඉරෝෂන්