වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි. දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක් වන ඔහු මෙවර සඳැල්ල සමඟ කළ කතාබහයි මේ.
ඔව්. හිරු නාලිකාවේ "මාස්ටර් සර්" කියලා අලුතෙන් විකාශය වන මගේ අලුත්ම ටෙලිනාට්‍ය තමයි ඒ. අරුණ ජයවර්ධන මහතාගේ අධ්‍යක්ෂණයකට සම්බන්ධ වෙලා මම වැඩකරන පළවෙනි වතාවත් මේක. කලින් මම එතුමාගේ තිරපිටපත්වල රඟපාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් අභියෝගාත්මක වැඩක් කියලා මට හිතෙනවා. නමුත් මගේ ගුරුවරයා, මහේන්ද්‍ර පෙරේරා මහතා දුන්න ගුරුහරුකම් එක්ක මේ වැඩේත් මගේ උපරිමෙන් කරනවා.
මගේ චරිතෙ, මාස්ටර් සර් කියන්නේ ලංකාවේ සිංහල විෂයට ජනප්‍රියම ටියුෂන් සර්. එයාගෙ කම්පැනිය තමයි ලංකාවේ තියෙන පංති අතරෙ ලොකුවටම තියෙන්නෙ. ඒ වගේම ගොඩක් පුංචි තැනක ඉඳන් ආපු කෙනෙක්. එයා මැරි කරලා ඉන්න කෙනත් ඇවිත් තියෙන්නෙ ඒ වගේම තැනකින්. ඒ චරිතෙට අරන් තියෙන්නෙ උපේක්ෂා ස්වර්ණමාලි කියන අපේ රංගන ශිල්පිනියව. ඉතින් තැනකට ආවට පස්සෙ ඒ ගමනෙ ඉස්සරහට යද්දි ඇතිවෙන සිදුවීම් එක්ක තමයි කතාව ගලාගෙන යන්නෙ.
ඔව්,පොලිස් නිලධාරියෙක්ගෙ චරිතයක් කියන්නේ මම රගපාන්න ආසාවෙන් හිටපු චරිත කිහිපයකින් එකක්. හිරු නාළිකාවේ විකාශය වන "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නාට්‍යයේ හිටපු පොලිසියේ OIC මහතා ට්‍රාන්සර් වුණාට පස්සෙ අලුතෙන් එන OIC මහතා විදිහට තමයි මට නිවන්ත ප්‍රසාර මහතා චරිතයට කතා කරන්නෙ.ඒක නීතිය අකුරටම පිළිපදින පොලිස් නිලධාරියෙක්ගෙ චරිතයක්. මේ වෙන කොටත් එහි රූගත කිරීම් කර අවසන්. ඉතින් ගොඩක් සතුටුයි ඒ රංගනය සම්බන්ධව.මම හිතනවා වෙනස් චරිතයක් වුණත් ඒ වැඩේ හොඳට සිද්ධ වුණා කියලා ලැබෙන ප්‍රතිචාර එක්ක.
"වර්ණ" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අජිත් ධර්මසූරිය මහතාගෙම "සිහින සේයා" කියලා අලුත් චිත්‍රපටයක් කරලා මේ වෙන කොට එහි සියලු වැඩකටයුතු අවසන් කරලා තියෙනවා. ඒකෙ චාපා කියලා අලුත් ගෑනු ළමයෙක් තමයි රඟපාන්නෙ. ඒ චිත්‍රපටයත් මේ වසරේ එයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම "පබළු", "අහස් මාළිගා" කියන ටෙලි නාට්‍යයවල මගේ යාළුවට රඟපෑව මිහිර අයියගේ අධ්‍යක්ෂණයෙන් සිදු වෙන නිර්මාණයකත් පළවෙනි වතාවට මම වැඩ පටන් ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.
එදා වගේම මට ආදරේ කරපු ප්‍රේක්ෂකයො මම හොඳ තැනක ඉන්නවා බලන්න අදටත් මාත් එක්ක ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මම උපරිම උත්සාහ කරනවා නිහතමානීව සමාජෙ ජීවත් වෙන්න. මොකද එහෙම වුණොත් විතරයි අපේ ප්‍රේක්ෂකයන් එක්ක අපිට ඉන්න පුළුවන්කම තියෙන්නේ. අපි ජීවත් වෙන්නෙ ප්‍රේක්ෂකයො හින්දා. එයාලා ආදරේ කළොත් තමයි අපිට කලා නිර්මාණ හැමදෙයක්ම ලැබෙන්නෙ. ඉතින් මමඋත්සාහ කරන්නෙ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර තව තවත් වැඩි කරගන්න. මොකද ඒ ආදරේ ගොඩක් වටිනවා.
ඇත්තටම මට ගොඩක් ප්‍රේක්ෂකයො කිව්වෙ "නොගැළපෙන දේවල් කරන්න එපා විශ්ව, අපි ඔයාව දකින්න කැමති කලාකාරයෙක් විදිහට. ලංකාවේ දේශපාලනයට ඔයා ගැළපෙන්නෙ නැහැ" කියලා. ඔවුන් කියපු දේ සීයට සීයක් ඇත්ත. මම නැහැ කියන් නැහැ. හැබැයි මම දේශපාලනය කරන්න ආවෙ මගේ මඩිය තද කරගන්නවත්, රැල්ලට කරන දේශපාලනයක් නිසාවත් නෙවෙයි. මගේම කියලා මතයක් ඉදිරිපත් කරලා මිනිස්සු අතරට යන්න. ඒත් මම දැක්කා මට ආදරේ කරන ගොඩක් අය, විශේෂයෙන්ම රංගන ශිල්පීන්ම හදවතින්ම කිව්වා "විශ්ව ඕක කරන්න එපා" කියලා. සමහර මගේම අය කිව්වා "තරහ වෙන්න එපා මචං, අපි මූණට කිව්වෙ නැති වුණාට හිතින් කිව්වා උඹ පැරදියන් කියලා. මොකද අපිට උඹව දකින්න ඕනෙ කලාකාරයෙක් හැටියට මිසක් දේශපාලකයෙක් හැටියට නෙවෙයි" කියලා. ඒක ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් ඒක මම හිස මුදුනින්ම පිළිගන්නවා. මම මිනිස්සු අතරට ගියෙ කලාව හින්දා. ඒක ජීවිතේ කිසිම වෙලාවක අමතක කරන්න නැහැ.
දැනට එහෙම එකක් නැහැ. සර්වජන බලය කියන පක්ෂෙත් එක්ක තාමත් මගේ ඒ දේවල් තියෙනවා. ඒත් දැනට දේශපාලනයක් කරනවා කියලා මතේක ඇත්තටම නැහැ. මොකද මම අංක එක දෙන්නෙ දේශපාලනයට නෙවෙයි කලාවට.
ඕනෙම කෙනෙක් කැමති වෙන්නෙ සිනමාවට. මොකද සිනමාව තමයි අපි ජය ගන්න ඕනෙ තැන. මම සිනමාවට ගොඩක් ආදරේ කරනවා. හැබැයි මම පුංචි තිරයෙන් එන්නෙ මෙගා නාට්‍ය හරහා. ඉතින් සිනමාව, ටෙලි නාට්‍ය, සම්භාව්‍ය නාට්‍ය, මෙගා නාට්‍ය කියලා නැහැ. ඒ හැම නිර්මාණයකටම මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම දෙනවා. ඕනෙම නිර්මාණයක් කරද්දී ඒක හදවතින්ම කරනවා.
මගෙ ආදරණීය බිරිඳ. එරන්දි කොඩිකාර වගේම මගේ දුවයි, පුතයි තුන්දෙනාම මේ වෙද්දි ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්වල. දරුවො දෙන්නගෙ වැඩිදුර අධ්‍යාපනයට ගිහින්. මේ පෙබරවාරි මාසෙට එයාලා ගිහින් අවුරුද්දක් වෙනවා. මාත් ඉක්මනටම එයාලව බලලා එන්න යන්න බලාපොරොත්තු වෙනවා. පවුලක් විදිහට ඒ තිබ්බ ආදරේ තාමත් ඒ විදිහමයි. කිසිම වෙනසක් වෙලා නැහැ. මගේ වැඩවලට එරන්දි ඇත්තටම ලොකු සහයෝගයක් දෙනවා.
කලාවෙන් ඉදිරියට ගිහින් කවදහරි දවසක ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි නිෂ්පාදනය කරන්න ලොකු ආසාවකින්, බලාපොරොත්තුවකින් ඉන්නවා. අධ්‍යක්ෂණයක් ගැන හිතන්න කලින් නිෂ්පාදනයක් ගැන හිතන්න ඕනෙ කියන තැන තමයි මම ඉන්නේ. අධ්‍යක්ෂණයක් කරන්න තාම මට දැනුමක් නැහැ. හැබැයි ඉදිරියේ දී නිෂ්පාදනයක් නම් කොහොම හරි කරන්න ඕනෙ කියලා හිතන් ඉන්නවා.
දැන් ඉස්සර වගේ නෙවෙයි, තරඟකාරීත්වය ගොඩක් වැඩියි. ඒ නිසා මට කියන්න තියෙන්නෙ ක්ෂේත්‍රය ගැන හොඳට ඉගෙන ගෙන එන්න. ඒ වගේම තමයි කලාකරුවෙක් විදිහට අනිවාර්යයෙන්ම නිහතමානී වෙන්න. ඒ නිහතමානීකම නිසා තමයි කලාව ඇතුළෙ සහ ප්‍රේක්ෂකයා අතර රැකෙන්න පුළුවන් වෙන්නෙ. තමන් කරන ඕනෙම නිර්මාණයක් හරියට කළොත් තමන්ට කිසි දවසක වැරදෙන්නෙ නැහැ. ඒ නිර්මාණය රටේ ජනප්‍රසාදෙ හිණිපෙත්තටම යනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්.
කෞශල්‍යා ලක්ෂානි
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.
මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ
වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.
වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමුෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාස්ටර් සර් වුණු විශ්ව