මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල හොඳින් හඳුනන නිසාවෙනි. ප්‍රවීණ රංග ශිල්පී යුවළක වන මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ කලාකරුවාගේ පුතුන් දෙපළ වන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ ඒ සොහොයුරන් දෙදෙනාය. සංකේත් විවාහයෙන් පසුව පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඔහුගේ ආදරණීය අයියා ජනිත් වික්‍රමගේ, මේ සහෝදර බැඳීම ගැන ‘‘අයියයි - මල්ලියි’’ විශේෂාංගයට අදහස් ප්‍රකාශ කළ විදිහ අපි කියවමු.
මේ වසරේ මුල්ම මාසයේ ලොකුම බලාපොරොත්තුව මහේෂ් මුණසිංහගෙ ‘‘සූර්යා’’ ෆිල්ම් එක. එහි පූර්ව ප්රචාරක වීඩියෝව රිලීස් වුණා. ඊට ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාර. ළඟදීම එය තිරගත වේවි. ඊට අමතරව තවත් අලුත් ෆිල්ම් එකක වැඩ අරඹන්න කටයුතු සූදානම් වෙනවා. අමතරව සුපුරුදු පරිදි මගේ නිවේදන කටයුතු සිදුවෙනවා. ඒ ඔක්කෝම අතරේ සුපුරුදු පරිදි සෑම වසරකදීම සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනට ලැහැස්ති වෙනවා. ඒ වැඩ එක්ක කාර්යබහුලයි.
‘‘මල්ලී’’ කියන්නෙ මගේම ජීවිතය වගේ තමයි. අපි පොඩි කාලයේ ඉඳලම හැදී වැඩුණෙ සහ විශේෂයෙන්ම පවුලක් විදිහට හරිම සමීපව සිටින පවුලක්. අද අපේ සමීපයෙන් ඈත්ව එයා විදේශයක ජීවත් වෙන්නෙ. හැබැයි අපි දුරස්ථ නැහැ. හැමදාම කතා කරනවා. දැන් මල්ලි එක්දරු පියෙක්. එයාගෙ බිරිඳ සහ පුංචි පුතා අපි එක්ක කතා කරනවා. අපි එකම පවුලක්.
මම එයාට වඩා අවුරුදු පහක් වැඩිමල්.
ඒ කාලයේදී අපෙ - අම්මයි තාත්තයි නාට්‍යවලට දුර පළාත්වලට යද්දි, එයාලා ගිය බස් රථයේ අපි දෙන්නාවත් එක්කගෙන ගියා. අපෙ අම්මගෙ ‘‘දෙව්ලෝ දෝනි’’ නාට්‍යය වෙනුවෙන් ඒ නාට්‍ය කණ්ඩායම එක්ක එදා ගිය හැටි මතකයි. ඒ නාට්‍යය එක්ක දර්ශන වාර 100කට වඩා රට වටේ ගියා. තාත්තා රඟපෑ සාජන්ට් නල්ලතම්බි, නෙයිනගෙ සූදුව එක්කත් අපි ගිය හැටි මතකයි. එහෙම ගිහින් ආවාම, මල්ලියි මායි ඒ නාට්‍යවල විදිහට ඇඳුම් හදාගෙන, අපේ මාමලගෙ ගෙදර ගිහින් රඟපාලා පෙන්නූ හැටි මතකයි. ඒවා හරිම සුන්දර මතක. පසුකාලීනව එයයි මායි දෙන්නාම කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සෙල්ලම් කළා. මල්ලි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
පවුලේ විනෝද චාරිකා එහෙම බොහෝ වෙලාවට සංවිධානය වුණේ මාමලා සහ අම්මගෙ මූලිකත්වයෙන්. අනුරාධපුර - පොළොන්නරුව, කතරගම, වගේ බොහෝ ස්ථානවලට වසරකට සැරයක් ගියා. ඒවා හරිම මිහිරි මතක. පවුලේ ඔක්කෝම එකට ගියේ. ඒ නිසා ඒවා හරිම සුන්දර චාරිකා වුණා.
කලාවට පැමිණීමේ සියලු වටපිටාව ස්වභාවයෙන්ම හැදිලා තිබුණේ. ඒ වෙනුවෙන් සියලු පහසුකම් තිබුණා. පවුලෙන් ආ ආභාසය නිසා දක්ෂතා හීන වුණෙත් නැහැ. කුඩා කාලයේදීම එයාට වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න ආරාධනා ලැබුණා. ටෙලිනාට්‍යවල රඟපෑමට ආරාධනා ලැබුණෙත් කුඩා කාලයේදීමයි. කුලවමිය නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඒ කාලයේදීම සම්මාන පවා හිමිකර ගත්තා. ඒ වගේ දේ එක්ක මම හිතුවෙ එයා නළුවකු ලෙස බොහෝ දුර යාවි කියලයි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් දක්ෂතා දක්වද්දි, ඒ අංශයෙනුත් යාවි කියලා හිතුවා. ඒත් පාදයේ ආබාධයකට ලක්වූ නිසා එයාට ක්‍රිකට් අත්හරින්න සිදුවුණා. ඉන් පසුව තමයි නළුකම සහ උසස් අධ්‍යාපනය දිගටම කරගෙන ගියේ.
මම හිතන විදිහට මල්ලි ‘‘තාත්තා’’ වගෙයි. බොහොම නිශ්ශබ්දව කලබලයක් නැතුව වැඩ කටයුතු කරගෙන යන චරිතයක්. සමහරු හිතන්නෙ එයා ආඩම්බරයි කියලයි. ඒත් එහෙම නැහැ. එයාලා කැමති නිදහසේ නිස්කලංකව ජීවිතය ගත කරන්න. වැඩි පිරිසක් එක්ක නිතර ගැවසෙන්න කැමැති නැහැ. මායි - අම්මයි ගත්තොත් ඊට වඩා වෙනස්. අපි නිතරම කතා කරමින්, පිරිසක් එක්ක කතා බහ කරමින් ගත කරන්න කැමතියි.
අද වෙද්දි නම් මට වෙන්නැති. ඒත් ඒ දිනවලදි නම් දෙන්නාම ගෝරි තමයි. හැබැයි අම්මා එක වචනයක් කිව්ව හැටියෙ දෙන්නම නිශ්ශබ්දයි.
මම හිතන්නෙ මල්ලි ඉතා සංවේදී චරිතයක්. ඒ සංවේදිකම නිසාම එයා එංගලන්තයට ගිය එකම තමයි හොඳ. අද සමාජයෙ මිනිස්සු එකිනෙකාට උදවු කර ගැනීමට වඩා, එකිනෙකාට - එරෙහි වෙමින් ඉදිරියට යන්න හදන ස්වභාවයක් තියෙන්නෙ. ඒ වගේ සමාජයකට මල්ලි ගැළපෙන්නෙ නැත්තෙ මටත් වඩා එයා සංවේදි නිසයි. බොහෝම ඉක්මනට මිනිස්සු විශ්වාස කරන චරිතයක්. ඒ නිසා සිස්ටම් එකක් තියෙන රටක මල්ලි ජීවත්වීම මට සතුටක්.
දැන් නම් ගියාට පස්සෙ එයා ටිකක් වෙනස් වෙලා. අපි කියන්නෙ සුද්දා මොඩ්ල් වගේ වෙලා. ඒ දිනවල ගත්තොත් සමහර අවස්ථාවලදි අපි දෙන්නගෙ ඇඳුම් දෙන්නාට දෙන්නා මාරු කරගෙන ඇඳපු අවස්ථා තිබුණා. මල්ලි වඩා කැමති අම්මා උයන කෑමවලට. අම්මා පොල් සම්බෝලයි - බතයි හැදුවත් එයා කැමතියි. ඒ නිසා අම්මාම උයනවට තමයි මල්ලි කැමති.
අම්මා මහන්සිවෙලානෙ එන්නෙ. එයාට උයන්න කියන්න එපාය කියලා මම මල්ලිට ඒ දිනවල බැනලත් තියෙනවා.
නළුවකු විදිහට එයා බොහෝ දක්ෂතා ඇති කෙනෙක් විදිහටයි මම එයාව දකින්නෙ. ‘‘නළුවා’’ කියන ගුණාංගය තාත්තාගෙන් ලැබුණු ආභාසය එක්ක. ඒත් ‘‘නළුවා’’ කියන තැනදි දක්ෂ මල්ලි. එයා චරිතාංග නළුවෙක්. ඒ දක්ෂතා ගැන මට හරි සතුටුයි.
අපි අපේ සිතුම් - පැතුම් ගැන හොඳට දන්නවා. එයා මගේ සිතිවිලි ගැන දන්නා නිසා ඒ ගැන අහන්නෙ නැහැ. ඒ තමයි අපි අතර ඇති අවබෝධය. අපි හතර දෙනා අතර කලාවේ නිරත වැඩ එක්ක හොඳ අවබෝධයක් තියෙන්නෙ.
යන්න ආසාවෙන් ඉන්නෙ. ඊට ඉස්සෙල්ලා අම්මවයි - තාත්තවයි එහේ යවන්න මගේ අරමුණක් තියෙනවා. මල්ලි එක්ක කාලය ගත කරලා ටික දවසක් එහේ ඉඳලා ඒවි.
වසර ගණනාවක් තිස්සෙ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ අපි දෙන්නා ජනප්‍රියම නළුවන් 10 දෙනා අතර හිටියා. ඒ විදිහට නම් වීමම මා දකින විශේෂත්වයක්. අපි ඒ ජනප්‍රියත්වය සොයා ගියේ කෙටි පණිවුඩ යවලා නෙවෙයි. ජනතාවගේ මනාපයෙන්. ඒ ගැන ලොකු සතුටක් අපට තියෙන්නෙ.
14 වෙනි වතාවට.
ලංකාවේ සිටියදී එයා අනිවාර්යයෙන්ම සහභාගි වුණා. ඒ නංගිත් ඒ වැඩේට හරියට උදව් කරනවා. ඒ නංගිගෙ මව්පියන් පවා ඒ වැඩේට උදව් කරනවා. එයාලා හරි හොඳ - ගුණවත් මිනිස්සු. පුංචි පුතාට නම් තවම වසර දෙකයි. මෙවර මේ ලේ දන්දීමේ උළෙල පැවැත්වෙන්නෙ නාරාහේන්පිට ලේ බැංකු පරිශ්‍රයේදී පෙබරවාරි 1 වැනිදා. අපේ සහෝදර නළු නිළියන් සහ කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන්ම මේ ලේ දන්දීමේ පුණ්‍යකර්මයට සහභාගි වීම මම ඉතා අගය කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා.
සඳුන් ගමගේ
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව