IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මේ නත්තල දයාවන්තව ගතකරමු


නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි. ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ඒ රාත්‍රියේ  විශාල වල්ගාතරුවක් පායලා තිබුණේ උන්වහන්සේගේ උපත ස්ථානය හඳුනාගැනීමටය. උන් වහන්සේගේ  උපන් මොහොතේ එම පුවත සැල වුණේ එඩේරුන්ටය. එඩේරු  එම ස්ථානයෙන් මහා විශාල ආලෝකයක් දුටුවෝය. කිතුතුමන් මෙලොවට පැමිණිම මහා විශාල ආලෝකයක් විය. එදා පටන් අද දක්වා ක්‍රිස්තුස්වහන්සේ අපේ අඳුරු හදවත්වලට ආලෝකය රැගෙන ආවෝය.  ක්‍රිස්තුස්වහන්සේ මේ ලෝකයට ආවේ අඳුරේ සිටින අපව ආලෝකය කරා ගෙන එන්නටය. එකිනෙකාට ප්‍රේම කිරිමේ ක්‍රියාව තුළින් ලෝකයම ලස්සන වන අයුරු දැක සතුටු වීම අනෙකුත් ආගම් තුළ සේම කිතුනු දහමේ ද පරම අරමුණයි. නත්තල යනු සතුටය. නමුත් එය දුගියාට බත් දීමෙන් හෝ වැරහැලි නැති දිනයකින් පමණක් උදානොවේ....

අද නත්තල 
වාණිජකරණය වෙලා?

    අදහස් දැක්වීම:

ගරු ආචාර්ය 
සෙලින්ටා ප්‍රනාන්දු 
කන්‍යා සොයුරිය

නත්තල කියන්නේ ජේසු සමිඳාණන්ගේ උපත. උපතක් කියන්නේ අපි හැමෝම සමරන දෙයක්. අපට ලැබුණ ජීවිතේට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ජේසුගේ උපත සමරද්දි ඒක සමරන්න අපිට  ආගමක් අවශ්‍ය නැහැ කියන තැනට සමාජයේ මිනිස්සු පත්වෙලා තියෙනවා. මොකද අද බෞද්ධ නිවෙස්වලත් නත්තල වෙනුවෙන් සරසනවා. නත්තල් ගහක් හදන්න පෙලඹිලා ඉන්නවා. විශ්වයේ තියෙන ලොකුම මංගල්‍ය තමයි නත්තල. ඒකට හේතුව තමයි නත්තල සමරන්න කිතුනුවෙක්ම වෙන්න ඕන නැහැ. නත්තලට ආගමක් නැහැ. ගමකින් තොරව නත්තල සමරන්න ජනතාව සැරසෙනවා දකිද්දි හරිම ආසයි. මේක මම දකින්නේ වාණිජකරණයට වඩා නත්තල විශ්වගත වීමක් ලෙසයි.  නත්තල වාණිජකරණය වුණත් මම ඒ දේ සුබවාදිව දකිනවා.

සමාව දෙන්න  
හොඳම දවස තමයි නත්තල

සමාව කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. නත්තල කියන්නේ අපි නැවත සම්බන්ධතාවන් අලුත් කරගන්න මොහොතක්. නත්තලේදි ඒ සම්බන්ධතා අලුත් කරගන්න නම් කළ යුතු අත්‍යවශ්‍යම දේ තමයි සමාව දෙන්න හරි, සමාව ගන්න හරි අපි ඉදිරිපත් වීම. සමහර වෙලාවට කටින් ගිහින් සමාව ගන්න අමාරු වෙන්න පුළුවන්, මැසේජ් එකකින් සමාව ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට එතනින් එහාට ගිහින් සමාව දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මනසින්  මනසට, හදවතින් හදවතට, ඒ පුද්ගලයාගේ මනසට ආත්මයට කතා කරලා  “මට සමාව දෙන්න”, එහෙම නැත්නම් “මම ඔබට සමාව දෙනවා” කියලා මනසට කියන්න එතැනදි අපේ වයිබ්‍රේෂන් එක පවා වෙනස් වෙනවා , ධනාත්මක වෙනවා. ජේසුස් වහන්සේ කියන්නේ එක වතාවක් සමාව දෙන්න කියලා නෙමෙයි, සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න කියලා. අද කරන වරදට විතරක් නෙමෙයි හෙට කරන වරදටත් සමාව දෙන්න කියලා තමයි ජේසුස් වහන්සේ දෙසලා තියෙන්නේ.

“වැරදි සිදු වීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්”. වැරදීම් අප කා අතිනුත් සිදුවෙනවා. නමුත් වරදක් වූ තැනදි ඒ වරද මත හඹා යෑම වෙනුවට සමාව දීමට තරම් මානුෂිකත්වයක් සිත තුළ ඇති කරගන්න පුළුවන් නම් ඔබගේ වයිබ්‍රේෂන් එක තව තවත් ධනාත්මක වෙනවා. සමාජයක් ලස්සන වෙන්නේ  සමාව දීම සහ සමාව ගැනීමේ පෞරුෂයකින් හෙබි මිනිසුන් නිසා.

“ජේසුස් වහන්සේව කුරුසේ ඇණ ගහලා මැරුවේ ඇයි කියලා අහන  ප්‍රශ්නයට ජේසු සමිඳාණන් හරි අපූරු උත්තරයක් දෙනවා. මරියා මව්තුමියගෙන් ඉපදිලා ජුසේතුමා තාත්තා කියලා හිතාගෙන ඒ  දෙන්න එක්ක වසර 30ක් ජීවත්වෙලා ජේසුස් වහන්සේ තමන්ගේ ප්‍රසිද්ධ ජීවිතේ ආරම්භ කරනවා.  ප්‍රාතිහාර්ය කරනවා, ලෙඩුන්ව සුව කරනවා, නිදහස් කරනවා, දේශනා  කරනවා. එක තැනකදි ජේසු කියනවා මම දෙවියන්ගේ පුත්‍රයා කියලා. මේවා බලාගෙන එතන හිටපු රජවරු පූජකවරු, නායකයෝ සිතනවා මෙයා දේශද්‍රෝහියෙක් කියලා. ඒ අය අනවබෝධයෙන්  තමයි ජේසුට ඇණ ගහන්නේ.

 ඇත්තටම ජුදා මිනිස්සු වැරදි ද කියලා ඇහුවොත් මම කියනවා වැරදි  නෑ කියලා. මොකද ඒ මිනිස්සු දන්නෑ මේ ජේසුස් වහන්සේ කියලා. එයාලා එක්ක එකට සමාජයේ හිටපු කෙනා අවුරුදු 30 පිරුණාම “මම දෙවියන්වහන්සේගේ පුතා” කිව්වාම කවුද පිළිගන්නේ.දේව ද්‍රෝහියෙකුට දෙන දඬුවම තමයි ඒ මිනිස්සු දුන්නේ නොදැනුවත්කම නිසා. අවසානයේ  මරණ මංචකයේදි ජේසු මැරෙන්නේ ගොඩාක් දුක්විඳලා. අන්තිම මොහොතේ ජේසුස්වහන්සේ වාක්‍ය7 ක් කියනවා එක වාක්‍යයක් තමයි

“දේව තාත්තේ මේ අයට සමාව දෙන්න මේ අය දන්නේ නැහැ මේ අය මොනවද කරන්නේ කියලා.” ඒක තමයි සත්‍ය...

ගොඩාක් අය වැරදි කරන්නේ සිහි බුද්ධියකින් නෙමෙයි.ඒ වෙලාවට කියන්න ස්වාමිනි, මේ අයට සමාව දෙන්න කියලා ඒක හදවතට පුදුමාකාර ශාන්තියක් ගෙන දෙනවා.

පරිත්‍යාගශීලි වෙන්න

අපි මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ ම තව කෙනෙක් වෙනුවෙන් යාග වෙන්න. පරිත්‍යාග කරනවා කියන්නේ ඇඳපු පරණ ඇඳුම් ටිකක් හරි පාවිච්චි කරපු බඩු ටිකක් දෙන එක නෙමෙයි. ඒක හරි ලේසියි. නමුත් අපි තව කෙනෙක් වෙනුවෙන් දෙයක් දෙනවනම් තමන්ට හැකි පමණින් අලුතෙන් අරන් දෙන්න උත්සාහ ගන්න. නත්තල කියන්නේ හැමෝම අලුත් ඇඳුම් අදින්න ආසයි. අපට පුළුවන්නම් නත්තලට නැති බැරි කෙනෙකුට අලුත් ඇඳුමක් අරන් දෙන්න සමහර විට ඔබටත් ලොකු වියදමක් දරලා යමක් කරන්න බැරුව ඇති. පුළුවන් මට්ටමින් රෙදි කැල්ලක් හරි අරන් දෙන්න. ඇඳුමක් ගන්න බැරි කෙනෙකුට ඇඳුමක් හම්බ වුණොත් නත්තලට ඇඳගෙන යන්න ඒ කෙනොට දැනෙන ප්‍රීතිය අන්න ඒ්ක තමයි මේ නත්තලේ ඔබ හම්බ කරගන්න ලොකුම ආශීර්වාදය. ඒ ආශිර්වාදය ලබන නව වසරෙත් පුරාවටම ඔබට ලැබේවි. ඒ ආශීර්වාදය ඔබ පසුපස ඒවි. ඒක මහා බලගතු ආශීර්වාදයක්.

ජේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ උපත සම්බන්ධව ශුද්ධ වූ බයිබලයේ ලියැවිලා තියෙන දේවල් දිහා බැලුවාම ඇත්ත වශයෙන්ම  ලෝක ගැලවුම්කරුවාණන් සහ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් වන උන්  වහන්සේ ජනිත වූ ආකාරය සියලු දෙනාටම ප්‍රාතිහාර්යයක්. ගොඩාක් වෙලාවට නත්තල කිව්වාම කෑම බීම ඇඳුම් පැලඳුම් තෑගි බෝග සතුට දනවන සැරසිලි ආදිය පිළිබඳව අපි අවධානය යොමු කරනවා.

දිළිඳු ගවහලේ ඉපදුණ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ ගේ උපත සමරන අපිට ඒ යථාර්ථය අමතක කරලා මේ මංගල්‍යය සමරන්න බැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. දුගී පැලක බතක් ඉදුණොත් එයයි නත්තලේ සැබෑ අරුත.

එකිනෙකොට ගරු කරන්න

දෙමාපියන්ට නමදින්න, “අම්මේ ඔයා නිසා තමයි මේ තැන ඉන්නේ” කියලා ස්තුති කරන්න. වැඩිමල් අයට තෑගි දිලා වඳින්න.

අඹුසැමියන් එකිනෙකාට ගරු කරන්න. ගරුත්වය කියලා කියන එක දෙමාපියන්ට දරුවන්ටයි විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ගෞරවාන්විතභාවය කියන්නේ කෙනෙකුගේ ජීවිතේ ඇති කරගත යුතු පුරුද්දක්.

කවදාවත් මේ තුන නම් කඩ කරන්න එපා.
- කෙනෙකුට දිලා තියෙන පොරොන්දුවක්.
- විශ්වාසයක් කඩකරන්න එපා.
- තවකෙනෙකුගේ හදවතක්  කිසිම දවසක පාරවන්නට එපා.

මේ කාරණා හරහා කාගේ හෝ ජීවිතයකට හානියක් සිදු වෙනවා නම් ඉන්නේ දුකෙන් නම් එවැනි  දුර්වල පුද්ගලයින්ව තවත් දුර්වල කිරිමට නොයා යුතුයි. හැකි සෑම විට ම අනෙකාගේ ජීවිතයට ශක්තියක් වෙන්න. එවිට ශුද්ධ වූ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ඔබ හරි ප්‍රසන්න මිනිසෙකු බවට පත්කරාවි. ඔබ හිනාවෙලා ඉන්නවා වගේම ආස වෙන්න අනිත් කෙනා හිනාවෙලා සතුටින් ඉන්නවා දකින්න.

ජේසුගේ  ආදරය

ආදරය කියන්නේ පරිත්‍යාගයක් පමණමයි. කිසිම වාසියක් නොතකා යමක් කරන්න පුළුවන්නම් එතන තමයි සැබෑ ආදරය තියෙන්නේ. ජේසුස් වහන්සේගේ තිබුණෙත් එවැනි ආදරයක්. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව ජීවිතේම පූජා කරලා ආදරේ කළා. ඒ නිසා තමයි එතුමන්  ක්‍රිස්තුස් වහන්සේ වුණේ. අපි මැරුණත් ලෝකය තුළ රැව් පිළි රැව් නාමයක් බවට පත්වෙන්න පුළුවන් එකම දේ තමයි යාගික ආදරය දීම.

ඒ වගේම තමයි තමන් තෝරාගන්නා කෙනාට ජීවිත කාලය පුරාම ආදරය දෙන්න. සවන් දෙන්න. එකිනෙකාට ගරු කරන්න,ආදරය කියන්නේ තෝරාගැනිම නිවැරදි වූ කළ ලෝකයම එක මිටකට ගත හැකි මායාවක්.

අපේ මර්සලින් ජයකොඩි පියතුමා කිව්වා වගේ පැල්පතේ බත ඉදුණ දාට තමයි සැබෑ නත්තල කියලා කියන්න පුළුවන්. අමතක නොකර මේ නත්තල අපි ජේසුස් ස්වාමින්වහන්සේ  නිතර මතක් කරලා දුන්න ප්‍රේමය, බෙදාගැනීම, සහෝදරත්වය  කියන උතුම් ගුණාංග පෙරදැරිකරගෙන ජීවත් වෙමු. මේ නත්තල දයාවන්තව ගත කරන්නට උත්සාහ කරමු.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

මේ නත්තල දයාවන්තව ගතකරමු

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මේ නත්තල දයාවන්තව ගතකරමු
2024 දෙසැම්බර් මස 24 10 0

නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.


කතෝලික ආගමට ඒමටත් පෙර සිට නත්තල කියන්නෙ හැමදාම මම බලා සිටි දවසක් - නිරංජනී ෂන්මුගරාජා
2024 දෙසැම්බර් මස 24 12 0

කලා ක්ෂේත්‍රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි.


යුරෝපයේ අසිරියටත් එහා ගිය කොළඹ සුපිරි තරු හෝටල මවන නත්තල් අසිරිය
2024 දෙසැම්බර් මස 24 22 0

කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ


තරු නත්තලේ
2024 දෙසැම්බර් මස 24 11 0

මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.


නත්තලට පවුලේ හැමෝම එකතු වෙනවා - දිනක්ෂි ප්‍රියසාද්
2024 දෙසැම්බර් මස 24 16 0

විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච


විනය මුල් තැන තබා ගමනක් යන වෙයාර් හවුස් ප්‍රොජෙක්ට් WP
2024 දෙසැම්බර් මස 24 10 0

මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 91 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 101 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 68 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site