සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්න හිතයි දෝතට මල්
කොහොම වටින්නේ.........
සිනා මල් ගොඩකට පසුව ඊළඟට ඇය ආදරණීයව අපට ආමන්ත්‍රණය කළේ,
සුබ මං තලයේ සඳ හිස ඇලයේ
මල් නොපිපුණු හිම කැලයේ
පොකුරින් පොකුරේ තරු මුතු එළියේ
බැඳ එමි පෙම් සැණකෙළියේ....
ගීතයෙනි.
ඉතින් එදා එහෙම කිව්ව සෙව්වන්දි යනු, ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ වගේ ශිල්පිනියකි. ඇයගේ මව විශාරද නිර්මලා රණතුංගය. පියා නැසීගිය විශාරද දර්ශනපති විජේරත්න රණතුංගයන්ය. ඒ ආභාෂය උපරිම කරගෙන ගායන ක්ෂේත්‍රයට සෙව්වන්දි පැමිණියේ උරුමයට එහා ගිය ඈ සතු අපූරු ගායන හැකියාව සමගය. ගැයුමෙන් ආදරණීයව අප සනසන ඇය අද දියණියක සහ පුතකු සිටින සෙනෙහෙබර මවකි. ඇයගේ සැමියා අපේ හිතවත් නිහාල් වික්‍රම එදිරිසූරිය, සොඳුරු සන්නිවේදකයාය. ඉතින් තාත්තයි - පුතයි විශේෂාංගයට නිහාල් සහ පුතු සමග වෙනත් දිනෙක කතා කිරීමට ඉඩ තබා අද අපි සෙව්වන්දි සමග ‘‘අම්මයි - දුවයි’’ විශේෂාංගය හැඩ කරන්න කියමු.
බොහෝම සුන්දරව ගෙවී යනවා. ගෙදර කට්ටිය සහ හැමෝම එක්ක සතුටින් දවස් ගත වෙනවා.
සංගීත කටයුතු ගැන කතා කළොත්, අලුතින් නිර්මාණ කීපයක් කළා. ඒවා එකින් එක හෙමිහිට ප්‍රේක්ෂකයින් වෙත මුදාහරින්න සලස්වනවා.
සංගීතය විශාරද - දක්වා ඉගෙන ගෙන ඉන්පසුව මම ගුරුවරියක ලෙස කටයුතු කළා. ඊට පසුව අකමැත්තෙන් වුවද මට ඒ වෘත්තියට සමුදෙන්න සිදු වුණේ, සංගීත ප්‍රසංග වගේම, ගායන ක්ෂේත්‍රයේ වැඩසටහන්වලට සහභාගිවීමට තිබෙන නිසයි. ඒ වගේම පොඩි අසනීප තත්ත්වයකුත් එදා තිබුණු නිසා උගැන්වීමේ කටයුතු මම නතර කළේ බොහෝම අකමැත්තෙන්.
පියානෝ සහ කී බෝඩ් එනම් සරපුවරු තමයි මට වයන්න පුළුවන්.
ඒ හැඟීම නම් වචනයෙන් විස්තර කරන්නට බැහැ. ඒ හැරත් පළවැනියා දියණියක වීම හරිම වාසනාවක් කියලනෙ හැමෝම කියන්නෙ. පවුලකට වාසනාවක්ම තමයි. මගේ ජීවිතේ සෑම දෙයක්ම සම්පූර්ණයි කියලයි එදා මට දැනුණේ.
නිහාල් අයියම තමයි. ‘පද්‍යා’ කියන්නෙ කවියක් වගේ අදහසට. අපට ඕනෑ වුණේ වෙනස් නමක් දාන්න. පාරින්දා කියන්නෙ සිංහ ධේනුවට. දුවගෙ නම පද්‍යා පාරින්දා කියලා දැම්මේ ඒ නිසයි. පුතාගෙ නම යසිඳු යශෝද්.
පුදුම සතුටක්. මම අපේ අම්මා එක්ක ඉන්නෙ යාළුවො වගෙයි. මාත් මගෙ දරුවො එක්ක ඉන්නෙ ඒ විදිහටයි. එයාලා සෑම දෙයක්ම අපි එක්ක ප්‍රකාශ කර ගන්නවා. මගේ දරුවො දෙන්නා දිහා බලද්දි මට ඇතිවන සතුට වචනවලට ගලපන්න බැහැ. මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම අම්මා මම කියලයි මට හිතෙන්නෙ. දුව මේ වන විට එයාගෙ උපාධිය හමාර කරලා තියෙන්නෙ. මනෝවිද්‍යාඥවරියක (Psychologist) ලෙස උපාධිය හමාර කළේ. මේ දිනවල නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නෙ. අපේ බලාපොරොත්තු ඉටුකරමින්, අපිව ආඩම්බරයට පත් කරවන විදිහට දුවයි - පුතයි ජීවිතේ ගමනක් යන වග පෙනෙනවා. ඒ නිසයි මම කිව්වෙ, මේ ලෝකයේ වාසනාවන්තම අම්මා මම කියලා.
අපි කිසිම දෙයකට බලපෑම් කළේ නැහැ. දුවගෙ කැමැත්තට ඉඩදීලා තිබුණෙ. එයා උසස් පෙළ ලිව්වෙ ජීව විද්‍යා අංශයෙන්. හැබැයි වෛද්‍යවරියක වෙන්න එයාට අවශ්‍ය වුණේ නැහැ. එයා කැමතිම වුණේ මනෝවිද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන්න. අපි ඒකට ඉඩ දුන්නා. අපේ කාලයේ වගේ නෙවෙයි, දැන් සිටින දරුවෝ හරිම බුද්ධිමත්. මම සාමාන්‍යයෙන් ටිකක් සැර අම්මා කෙනෙක්. හැබැයි දරුවන්ට ඕනෑම දෙයක් මා එක්ක කතා කරන්න පුළුවන්. ඒ නිදහස විවෘත බව මම දීලා තියෙන්නෙ. ඒ වගේම දරුවන්ට දැනෙන්න ආදරය කරන මවක් විදිහටයි මම මාව දකින්නෙ.
දරුවන්ට මව්පියන් වඩා විවෘත වුණාම එයාලා කිසිවක් සඟවන්නෙ නැහැ. ‘‘පද්‍යා’’ බුද්ධිමත් කියලා මම දන්නවා. ඒ නිසා එයා වැරදි තීරණ ගන්නෙ නැති බවත් මම දන්නවා. එයා තෝරා ගෙන හිටියෙ කුඩා කාලයේ සිටම ඇය දන්නා හඳුනන, එකට හැදී වැඩුණු අපි හොඳින්ම දන්නා කෙනෙක් නිසා ඇත්තටම අපට එය ප්‍රශ්නයක් වුණේ නැහැ.
දරුවකු, විශේෂයෙන්ම දියණියක වැඩිපුරම හැදෙන්නෙ ගේ ඇතුලෙ. මව්පියන් එක්ක. එතැනදිත් මවත් එක්ක තමයි වැඩිපුර කාලය ගෙවන්න වෙන්නෙ. එතකොට දරුවො හැදෙන්නෙ ගෙදර පරිසරයෙ විදිහටයි. ඒ නිසා ගෙදර පරිසරය යහපත් වුණාම දරුවොත් යහපත් වෙනවා. එහෙම නැතුව වෙනමම කියලා ගතිගුණ හදන්න බැහැ. ඒවා දරුවන්ගෙ පදාර්ථයෙන්ම ආ යුතු ගුණාංග. මගේ දියණිය ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ වුණත්, එයා එහේ ඉන්න කැමති නැහැ. නිතරම බලාගෙන ඉන්නෙ ලංකාවට එන්න. ගෙදර කට්ටිය එක්ක, සහ ලංකාවෙ එයාගෙ ඥාති සහ යහළු යෙහෙළියන් සමග කාලය ගෙවන්නයි එයා ආසා කරන්නෙ. අපි එක්ක නිතරම කාලය ගෙවන්න හරි ආසයි. ඕස්ට්‍රේලියාවෙ හිටියට දවසට දහ වතාවක් විතර මට කතා කරනවා. එයා කොච්චර ලොකු වුණත් නිතරම අම්මව එයාට ඕනෑ. ඒ වගේ බැඳීම් ඕනෑම පවුලක තිබීම හරි වැදගත්.
අහිංසක ආඩම්බරකමක් තියෙන්නෙ. ඇත්තටම මට මාව දැනෙන්නෙ ‘‘රැජිනක්’’ වගේ කියලයි. මගේ ජීවිතය සම්පූර්ණයි. ආයෙ තව වෙන මොනවත් මට ඕනෑ නැහැ.
‘‘පද්‍යා’’ට පුළුවනි. ඒත් ඇය ගයන්නෙ නැහැ. ඉගෙනීම් හොඳින් කිරීමේ අරමුණ තමයි කුඩා කාලයේ ඉඳලම ඇයට තිබුණෙ.
හැකි තරම් දුරට මවක ලෙස තම දියණියව කිට්ටුවෙන් තබා ගත යුතුමයි. අදහස්වලින්, රැකවරණයෙන්, සියලු දේ වෙතින්. මොන දේ කළත්, ප්‍රසංගයකට ගියත්, ප්‍රසංගයක් වෙනුවෙන් විදෙස් සංචාරයකට ගියත් මම දරුවො ගැන නිතරම හෙව්වා. බැලුවා. එයාලට මම දුරස්ථ වුණේ නැහැ. ඒ වගේම දැන් සිටින දරුවන් සැක කරනවට කැමති නැහැ. මම එයාලව නිතරම විශ්වාස කළා. එයාලත් කිසිම විටෙක ඒ විශ්වාසය කඩ කළේ නැහැ. බැඳීම කියන දේ මවක සතු වුණාම, දරුවකුට වැරදි කරන්න හිතෙන්නෙ නැහැ. අපි දරුවන්ට බෙහෙවින්ම සමීප විය යුතුමයි.
ඉතින් එදා එහෙම කිව්ව සෙව්වන්දි යනු, ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ වගේ ශිල්පිනියකි. ඇයගේ මව විශාරද නිර්මලා රණතුංගය. පියා නැසීගිය විශාරද දර්ශනපති විජේරත්න ර
ඈත අතීතයේ ඕනෑ තරම් නාටිකාංගනාවන් සිටි බැව් ඇත්තකි. එහෙත් ටීටර්වල ගැහැනු චරිත රඟ පාන ලද්දේ පිරිමින් විසින්මය.
ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින්නේ මිලා නිසයි. මිලා නමින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපුන් රත්නායකගෙ ලලයි-ලිලයි-ලයි ටෙලි මාලාව සමගයි.
මෙවර Youth Peak විශේෂාංගය හැඩ වෙන්නේ - මේ දිනවල බොහෝ පාඨකයන්ගේ ආකර්ෂණය දිනාගත් තම කවි තුළ පාඨක සිත් සතන් අතරමං කළ තරුණ කවියෙක්.
තාරුණ්‍යයේ සිත් වශී කරවන කඩවසම් පෙනුමත්, ඊටම ආවේණික මනා හඬ පෞරුෂයකිනුත් සමන්විත ඔහු - නමින්, නිසල නිපුන් රසාංජන හෙට්ටිආරච්චි යි.
2009 වර්ෂයේ නිර්මාණය වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ’’පායා එන්න හිරුසේ’’ සිනමා පටය හරහා ශ්‍රී ලාංකීය සිනමාවට පෑයු වර්ණවත් තාරකාවිය උදාරි වර්ණකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම අම්මා මම වෙන්නැති සෙව්වන්දි රණතුංග