රංගනයේ මුල්ම රංගනයේ මුල්ම අත්දැකීම ඔහු ලබන්නේ පාසලෙනි. පාසලෙන් ආභාසය ලබා 2019 වසරේදී විශ්ව විද්‍යාලයේ හොදම නලුවා ලෙස සම්මාන ලබා අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වීමට ඔහුට අවස්ථාව උදා වී ඇත. ඔහු නමින් අනුෂ්ක කරුණාතිලකය. මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කීපයකින්ම ඔහු මුණ ගැසෙන මේ සොදුරු කතාබහ ඔහු සමගය.
මුලින්ම මම මගේ පාසල මතක් කරන්න ඕන. දෙහිවල ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. පාසලේදී තමයි නළුවෙක් වෙන්න ඕනේ කියලා මුලින්ම ආසාව ඇතිවුණේ.
ඊට පස්සේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කැම්පස් එකට ආවට පස්සේ. මගේ කැම්පස් එක NSBM Green Univercity. එකේ 2019 වර්ෂයේ තිබුණු නාට්‍ය තරඟයකට කැම්පස් එකේ යාළුවෝ එක්ක කරපු නාට්‍ය හොදම නාට්‍ය ලෙස තේරී පත් වූණා.ඒ නාට්‍යයේ හොදම නලුවා වීම තමයි මගේ රංගන ජීවිතයේ ලොකුම උත්තේජනය වුණේ. එතනින් පස්සේ මම හිතාගත්තා දිගටම රගපානවා කියලා.
දෙරණ නාළිකාවේ මුතුලෙන්දොර නාට්‍යට තමයි මම පළමුවෙන්ම රංගනයෙන් දායක වුණේ. 2020 වර්ෂයේ තමයි මට ඒ සදහා අවස්තාව හිමිවුණේ. ටෙලිවිෂන් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම මගේ ජීවිතයේ හීනයක් වෙලා තිබුණේ.
මගේ කලා ජීවිතේ පොදු සීසන් 2 හොද අවස්ථාවක් වුණා. රසිකයෝ ගොඩාක් ඒ ටෙලි නාට්‍යයෙන් මාව දැන ගත්තා. ශර්මිලා මහත්මිය හඳුන්වා දෙන චරිතයක් විදිහටයි ඒ නාට්‍යයේ මාව ඉදිරිපත් කළේ. ඒ ටෙලි නාට්‍යයේ වැඩ කරපු පොඩි කාලය තුළ ගොඩාක් දේවල් ශර්මිලා මිස්ගෙන් ඉගෙනගත්තා.මගේ කලා ජීවිතයට ඒක ලොකු අත්වැලක් වුණා.
2023 ඉදන් දෙරණ නාළිකාවේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ මජන් ධම්මික චරිතය පෙු්ක්ෂකයන් ආදරයෙන් වැළදගෙන තිබෙනවා.ඒ චරිතයෙන් තමයි අනුෂ්ක කරුණාතිලක කියලා කෙනෙක් ඉන්නවා කියන එක ප්‍රේක්ෂකයන් දැනගත්තේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ලක්ෂිත අයියා තමා මාව සැලෙනා නුවන් ටෙලි නාට්‍යයට සම්බන්ධ කළේ.
ඇත්තටම ඒක හොද අවස්ථාවක්. ඒ වගේම ඒ නාට්‍යයේ සමීර කියන චරිතය නිසා මට සිංදු කියන්න පුලුවන් කියන එක මට හදුනාගැනීමට ලැබුණා.ඒ චරිතයට හොද ප්‍රතිචාර හම්බවුණා. ඒ නිර්මාණයෙන් පස්සේ තවත් නිර්මාණ කිහිපයකටම දායක වීමට අවස්ථාව ලැබුණා.
2023 වර්ෂයේ හරි ට්වී එක සමග සම්බන්ධ වීමත් මගේ ජීවිතයේ හොද අවස්ථාවක්. මගේ යාළුවා සමුදිත නිසා තමයි මට ඒ අවස්තාව ලැබුණේ. ලහිරු මුදලිගේ අයියා, එරන්ද අයියා කියන්නේ සමාජේ වෙනස් අන්දමින් දකිමින් නිර්මාණ කරන නිර්මාණකරුවන්. කාන්තාව යනු කවුද, කාන්තාව ට විය යුතු සාධාරණය ගැන ඔවුන් වෙනස් විදිහකට සමාජ මාධ්‍ය ඔස්සේ කතා කළා. ඉතින් මමත් ගොඩක් ආසාවෙන් ඒ නිර්මාණ හා සම්බන්ධ වෙනවා. දැනට කතාංග විශාල සංඛ්‍යාවකට දායකත්වය දෙන්න පුලුවන් වුණා.
ඇත්තෙන්ම ඔව්. මම ආසයි මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න.. සහ මම විශ්වාස කරනවා අපි Update වෙන එක නළුවෙක් විදියට කරන්න ඕන දෙයක් කියලා. මම සමාජ මාධ්‍ය මගේ පහසුවට සීමාවක් ඇතුව මගේ ගමන වෙනුවෙන් යොදාගන්නවා.
2020දී කෙටි චිත්‍රපට සදහා මට අවස්තාව ලැබුණා. දැනට කෙටි චිත්‍රපට 4කට පමණ රංගනයෙන් දායක වෙලා තියනවා.තව කිහිපයක් එන්නත් තියෙනවා අභිනික්මන තමයි මගේ පළමු කෙටි චිත්‍රපටය. Drugs,The Master, Hopes යන කෙටි චිත්‍රපටවල ප්‍රධාන චරිතය ලැබුණා.
පවුලේ එකම ළමයා මම. මට මගේ අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් දෙනවා..ඒ දෙන්නා නැත්තම් අද මමත් හීන හීනයක්ම කරගෙන වෙන මොනා හරි දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.
මේ ක්ෂේත්‍රයට එන්න මගේ හැකියාවට අත්වැලක් දෙන්න මට ව්‍යාපාරයක් පටන් ගන්න අම්මයි තාත්තයි උදවු කළා. අද මට මගේම කියලා ASK ගමේ කඩේ කියලා රෙස්ටුරන්ට් එකක් වගේම ASK Bean Bag කියලා Business එකක් තියනවා. මම නැති වෙලාවට මගේ ව්‍යාපාර බලා ගන්නේ අම්මයි තාත්තයි. මගේ කලා ගමනට ඒක ලොකු ශක්තියක්.
ඇත්තටම මගේ යහලුවන්ගෙන් හැම මොහොතෙම ලැබෙන සහයෝගය ඉතා වටිනවා. මට නාට්‍යක, චරිතයක් ලැබුනම මගේ අම්මයි තාත්තටයි පස්සේ කතා කරන්නේ මගේ යාලුවෝ එක්ක. ඒ චරිතය කරන්න ඕන හොදම විදිහ එයාලා එක්ක සාකච්චා කරනවා. ඒ අයගෙන් මට හොද අදහස් හම්බෙනවා මගේ රගපෑම ගැන.
මගේ ළඟම යාළුවෝ ටිකක් ඉන්නවා.එයාලා හැමවෙලේම කියන හරි ලස්සන දෙයක් තියෙනවා ඒ තමයි. අපි ලෝකේ කොහේ හිටියත් උඹ හොදම නලුවා සම්මානේ ගන්නකොට ඒ දොර ළග අපි ඉන්නවා කියන එක.ඒක මට ලොකු ශක්තියක්.
ශ්‍රියන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණයෙන් සහ නිදුක් මදුෂික අයියගේ රචනයෙන් හැඩවෙන සැලෙනා නුවන් ටෙලිනාට්‍ය එක්ක තාම මම වැඩ කරගෙන යනවා.ඊට අමතරව මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටියේ පොලිස් චරිතයකට. ඒ අවස්ථාව මට Main Charactor කියන නාට්‍යයේ සම්පත් තේජමල්වීර කියන චරිතය ලැබුණා. ඊට අමතරව චරිත් අබේසිංහ අයියගේ අලුත් නිර්මාණයේ වැඩ කටයුතු කරගෙන යනවා.
ඒ වගේම අනුජ ප්‍රියභානු අයියගේ අලුත් ටෙලි නාට්‍යය හා තව මම රංගනයෙන් දායකත්වය ලබා දුන් චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වීමට තිබෙනවා.
අමිල චින්තක ගමගේ
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල
ගාවි ප්‍රනාන්දු කියන නම නුහුරු වුණත් රූපය නම් සෝෂල් මීඩියාවල ඔබට හුරුපුරුදු රුවක්. යූටියුබ් සහ ටික්ටොක් හරහා නිතර අලුත් අලුත් වීඩියෝවලින් දකින ඇයට මේ
රංගනයේ මුල්ම රංගනයේ මුල්ම අත්දැකීම ඔහු ලබන්නේ පාසලෙනි. පාසලෙන් ආභාසය ලබා 2019 වසරේදී විශ්ව විද්‍යාලයේ හොදම නලුවා ලෙස සම්මාන ලබා අද වන විට ටෙලි නාට්‍ය, චි
“හාමුදුරු චරිතයක් නම් ඉතින් ඒකට ගැළපෙන්නෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමයි.. එයාගෙ පෙනුම විතරක් නෙමෙයි ඉරියව් පවා ඒකට හොඳටම ගැළපෙනවා..”
දක්ෂ පිටපත් රචකයෙකු වූ තම සැමියාගේ අත්වැලින් කලා ලොවේ මුල් පියවර තැබූ ඇය දැන් තම දක්ෂතාවයෙන් පුංචි තිරය හැඩකරමින් සිටියි.
මායාවි ටෙලි නිර්මාණයේ සරමට හැඩ ගම්බද පවන් සිරි යනු පුංචි තිරයට අනුව මන්ගේෂ්වරීගේ ’’පවන් පණ’’ වේ. කඩවසම් දේහධාරී තරුණයෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාළුවො බලන් ඉන්නේ මම හොඳම නළුවා වෙනකම් - අනුෂ්ක කරුණාතිලක