IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


රණවිරු චරිත්ගේ ‘චරිතාභිනන්දන ගී රසෝඝය’ 29දා මරදාන එල්පින්ස්ටන්හිදී

රණවිරු ගායන ශිල්පි චරිත් කුලතිලකගේ ‘චරිතාභිනන්දන ගී රසෝඝය’ ඒක පුද්ගල ප්‍රසංගය මේ මස 29 වැනි සෙනසුරාදා සවස 5.30ට මරදාන එල්පින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ. මේ කෙටි කතාබහ ඒ වෙනුවෙනි.

මිහින්තලේ ඉපදී අනුරාධපුර වෙල්ලාරගම ප්‍රාථමික විදුහලෙන් හා ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චරිත් කුලතිලක පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදාවට එක්වන්නේ යුද්ධයේ දරුණුතම කාලසීමාවේදීය. මුහමාලෙයි සටනේදී යුද්ධයේ ජීවිතයේ අමිහිරිම ඛේදවාචකයට ගොදුරුවන චරිත්ට ඒ තුළින් අහිමිවන්නේ තම දකුණු අත මෙන්ම ලෝකයම දුටු දෑසයි.

‘මගේ ජීවිතේ මම මුහුණ පෑ දරුණුතම ඛේදවාකය තමයි යුද්ධයෙන් දෑස් පෙනීම නැතිවිම. මුහමාලෙයි ප්‍රහාරයෙන් පස්සෙ මාව අරගෙන එන්නෙ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට. විශේෂඥ වෛද්‍ය ගාමිණි ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම තමයි ආයෙත් මට මේ තත්ත්වයට ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්නේ. එතැනින් සුවපත්වෙලා මම යන්නෙ රණවිරු සෙවනට. එතැනදි මම බොහෝදේවල් තනියම කරගන්න ඉගෙන ගන්නවා.පරිගණක භාවිතය, දුරකථන භාවිතය මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ එතැනින්’

රණවිරු සෙවණින් ජීවිතය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගන්නා චරිත් ඉන්පසුව අනුරාධපුරයේ අභිමංසලට එකතුවන්නේ තම ජීවිතයේ අලුත් අරමුණු වෙනුවෙනි. ළමා වියේ සිටම ගායනයට දක්ෂතාවක් දැක්වූ චරිත්ට ඒ තුළින් ඉදිරියට යාමට නිසි මග හෙළිවන්නේ අභිමංසල හරහා ය.

එතැනදි තමයි මම රණවිරු රියල් ස්ටාර් තරගය එක්වන්නේ 2013 වසරේදි. මම අවසන් 13 දෙනා අතර දක්වාම ඉදිරිය ට යනවා. මගේ දක්ෂතා එතැනදී හඳුනාගන්නා පණ්ඩිත් අමරදේව ගුරු පියාණන් සහ විමලා අමරදේව මහත්මිය, ප්‍රවිණ සංගීතවේදී සරත් ද අල්විස් මහතා ප්‍රමුඛ ප්‍රවීණ සංගීතවේදීන්, රචකයන් එකතුවී මට ගීත 14ක සංයුක්ත තැටියක් නිර්මාණය කරදෙනවා

‘රණහඬ ඇසුනාවේ’ නමින්. එය මගේ ජීවිතයේ මා ලැබූ විශාලම ජයග්‍රහණයක්’

ඉන්පසු 2018 වසරේ ද ගීත 16ක් අඩංගු සංයුක්ත තැටියක් නිර්මාණය කරන චරිත් ගායන ශිල්පියකු ලෙස ජනාදරයට පත්වන්නේ විවිධ රූපවාහිනි, ගුවන් විදුලි සංගීත වැඩසටහන් තුළට නැතිවම බැරි ගායන ශිල්පියකු ලෙසිනි.

‘පසුකාලීනව මම සංගීතය විෂයක් ලෙස හැදෑරුවා. මේ වෙද්දි ප්‍රවීණ සංගීතවේදිණී දර්ශනි චන්ද්‍රසේන මහත්මිය යටතේ විශාරද විභාගය හදාරනවා. එහි ප්‍රථම විභාගය සමත් වී ඉන්නේ. මධ්‍යම විභාගයට සූදානම් ​ෙවනවා. මට අවශ්‍ය වන්නේ හැදෑරීම් කර මේ ක්ෂේත්‍රය තුළ හරි ගමනක් යන්නයි’

රණවිරු චරිත් කුලතිලකගේ චරිතාභිනන්දන ගී රසෝඝය ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්නේනේ මේ මස 29 වැනි සෙනසුරාදා සවස 5.30ට එල්පින්ස්ටන් රඟහලේදීය. එහිදී චරිත් ස්වතන්ත්‍ර ගීත 15ක් පමණ ගායනා කරන අතර සංගීතය යුද හමුදා සංගීත කණ්ඩායමෙනි.

ප්‍රසංගය සඳහා යුද හමුදාපතිතුමන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සහභාගිවනවා. ඒවගේම මෙහි සංවිධාන කටයුතු ස්වේච්ඡාවෙන් ම සිදුකරන්නේ ජොලි කාස්ට් ක්‍රියේෂන්ස් ආයතනයි. ඒවගේම තව බොහෝ පිරිසක් මේ ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වූවා. ඉදිරියේදී සෑම නගරයකම මේ වගේ ප්‍රසංග සංවිධානය කරන්න මගේ අදහසක් තියෙනවා.

සුජිත් ප්‍රසංග



අදහස් (0)

රණවිරු චරිත්ගේ ‘චරිතාභිනන්දන ගී රසෝඝය’ 29දා මරදාන එල්පින්ස්ටන්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 8 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 16 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 17 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 24 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 26 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 628 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 733 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1474 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site