IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා


  • කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ  ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන  නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා ය.  පිරිමි ක්‍රීඩකයින්ට සාපේක්ෂව කාන්තා ක්‍රීඩිකාවන් මෙහෙය වීම මොන වගේ ද? ඔහු ඒ මෙහෙයවීම කරන්නේ කෙසේ ද ? කාන්තා ක්‍රීඩිකාවන්ගේ විනය හදන්න ඔහු කළ දේ කුමක් ද?

ඩිසිප්ලීන් හෙවත් විනය කියන දේ වසර 36 ක මගේ නාවික හමුදා ජීවිතයෙන්ම ආ දෙයක්. හැබැයි මේ ක්‍රීඩිකාවන්ට මට ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. එයාලා හරි දේ හරි විදිහට කරන්න දන්නවා. සාමාන්‍යයෙන් තරග සංචාරයකට හෝ තරගාවලියකට පෙර අපි සාකච්ඡාවක් පවත්වනවා.  හැබැයි එහිදී අපි කතා වෙන්නෙ විනය ගැන මාතෘකා කරගෙන නෙවෙයි. සාමාන්‍ය දැනීම ගැන, ලෝකයේ සිදුවීම් ගැන, වගේම සමාජයෙන් අපට ගත හැකි දේ ගැන අපි බොහොම සුහදව දැනුම හා අදහස් බෙදා හදා ගන්නවා. එයාලගේ විනය කියන දේ අද ඊයේ හැදූ දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ තිබූ දෙයක්. 

අපි කරන්නෙ එය නැවුම් කිරීමක් විතරයි. රටක් නියෝජනය කරන නිසා ක්‍රීඩා කරද්දී වගේම ඉන් පිටත බාහිර සමාජයේදීත් විනය හරි වැදගත්. අපි හිතමු අපි තරග සංචාරයක් අතරතුරදී නතරවෙලා ඉන්නෙ හෝටල පරිශ්‍රයක කියලා?  අඩු තරමින් නාන කාමරයේදී පාවිච්චි කරන සෙරෙප්පු එළියේදී දාන්න බැහැ, ආර්ම් කට් එකක්වත් අඳින්නෙ නැහැ. හොඳයි-නරකයි යනුවෙන් සාපේක්ෂ වු දෙයක් තියෙනවනෙ.  හැබැයි හරි-වැරැද්ද කියන දේ සාපේක්ෂ නැහැ. වඩා  වැදගත් වෙන්නෙ සවිඥානිකව වැඩ කිරීමයි. මේ කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් ගෙන් බහුතරයක් හමුදා සේවයේ නිරත අය. 

ඒ නිසා එයාලා ටීම් එකට එනකොටම විනයක් ඇතිව ඒම නිසා අපට එය වඩා පහසුවක් වී තිබෙනවා. චමරි පවා කාලයක් ක්‍රීකට් ක්‍රීඩා කළේ යුද හමුදා ක්‍රීඩා සමාජයට. මේ විදිහට සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට අපි කියන්නෙ නවක ක්‍රීඩිකාවන් හදා ගෙන ඒ ඔවුන් ලැබූ යහපත් දේ ඔවුනට කියාදෙන්න කියලයි. මොන පළාතෙන්, මොන පාසලෙන් ආවත් විනය හැමෝගෙම එක විදිහට තිබිය යුතුයි. ක්‍රීඩා තරුවක් කියන්නෙ රටක් නියෝජනය කරන නිල නොලත් තානාපති චරිතයකට සමානයි. 

ඒ නිසා ඒ අවබෝධය තිබීම ඉතා වැදගත්. ඒ වගේම රටින් රට සංචාරවලට යද්දී අපි ඒ-ඒ රටවල සංස්කෘතීන් ගැන දැන සිටීමත් වැදගත්. එවිට සමාජයක ගරුත්වයෙන්  ජීවත්වීම වගේම ඒ ඕනෑම සමාජයකට ගරු කිරීම ආත්මයෙන්ම දැනෙන දෙයක්. ඒ අපි ඒ ගැනත් මේ ක්‍රීඩිකාවන්ට කියා දෙනවා. එයාලා ඇත්තටම ඒ සියල්ල ගැන අවබෝධයෙන් සිටින්නෙ.


සඳුන් ගමගේ


 



අදහස් (0)

වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 37 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 24 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 36 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 22 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 40 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 57 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2090 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 962 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site