IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වින්ඩි තමයි ෆැෂන් ගැන දන්නේ - සනුක වික්‍රමසිංහ


සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුර නියෝජනය කරනා දක්ෂයෙකු වන ඔහු සංගීත නිර්මාණයට සේම ගායනයටත් එක හා දක්ෂතා දක්වන්නෙකි. විවිධ ආකාරයේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රයේ සිය නාමය පතුරවන ඔහු ප්‍රසංග වේදිකාවටත් නැතිවම බැරි ගායකයෙකි. අද ෆැෂන් ගැන කතා කරන්න එකතු වෙන ඔහු  සනුක වික්‍රමසිංහ’

  • ෆැෂන් ගැන හිතෙන දේ.

ආර්ටිස්ට් කෙනෙක් විදියට ෆැෂන් කියන දේ මට අත්‍යාවශ්‍යයි. ඊට අමතරව ඕනම කෙනෙක්ට තමන්ගේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් ෆැෂන් කරන එකෙන් හානියක් නෑ කියලයි මට හිතෙන්නේ. අලු‍ත් අලු‍ත් දේවල් ට්‍රයි කරද්දී අපේ ලයිෆ් එකටත් නැවුම් ගතියක් එකතු වෙනවා. කාටවත් කරදරයක් බාධාවක් නොවෙන විදියට කැමැති විදියට ෆැෂන් කරන එකේ අවුලක් නෑ.

  • සංගීත ප්‍රසංග වෙනුවෙන් තෝර ගන්න ඇඳුම්?

සැහැල්ලු‍ ඇඳුමක් තෝරා ගන්න තමයි උත්සහ කරන්නේ. හැබැයි මම ජැකට්වලට ගොඩක් කැමැති නිසා සමහර වෙලාවට බර ජැකට් අඳින වෙලාවල් තියෙනවා. ඩෙනිම්, ලෙදර් වගේ එක එක විදියේ ජැකට් වර්ග පාවිච්චි කරනවා.

  • රූපවාහිනී වැඩසටහන් හා විවිධ උත්සව අවස්ථාවලට අඳින ඇඳුම් මොනව ද?

අවස්ථාව අනුව ඒක වෙනස් වෙනවා. සමහර ඉවෙන්ට්වලට ආරාධනා කරද්දී අඳින්න ඕනේ ඇඳුම් ගැන සඳහන් කරනවනේ. ඒ නිසා ෆුල් සූට් එක හරි, කැෂුවල් හරි ගැලපෙන්න අඳිනවා. රූපවාහිනී වැඩසටහන්වලදී වුණත්, වැඩසටහන අනුව ඇඳුම තෝරා ගන්නවා.

  • සාමාන්‍ය ගමනට බිමනට අඳින ඇඳුම්?

හිටපු ගමන් ගෙදරට ඇඳන් ඉන්න විදියටත් යනවා. විශේෂත්වයක් නෑ ඉතින්.

  • ජැකට් තෝරා ගනිද්දී අවධානය දෙන කාරණා?

එහෙම කියලා නෑ. මට ලස්සනයි කියලා හිතෙන ජැකට් අඳිනවා.

  • බ්‍රෑන්ඩ් එක ගැන හිතනව ද? මිලදී ගන්නේ කොහෙන් ද?

බ්‍රෑන්ඩ් එකක් ගැන නම් හිතන්නේ නෑ. හැබැයි ගොඩක් වෙලාවට මිලදී ගැනෙන්නේ ටුවර්ස්වලදී. ලංකාවට වැඩිය වෙන රටවල ලොකු සිලෙක්ෂන් එකක් තියෙන නිසා තෝරලා අරගෙන එනවා. මට ලස්සනයි හොඳයි කියලා හිතුණා නම් මම ගන්නවා.

  • ඇක්සරීස්වලට තියෙන කැමැත්ත කොහොම ද?

ඇක්සරීස්වලට මෑතක ඉඳන් ලොකු නැඹුරුවක් තියෙනවා. මාල මුදු, ඉයර් ස්ටඩ්ස් පාවිච්චි කරනවා.

  • කැප් යූස් කරනවා නේද?

මම කැප් යූස් කරනවා කොණ්ඩේ හදාගන්න කම්මැලි දවසට. සමහර වෙලාවට එක දිගට ෂෝස් , ප්‍රෝගෑම් තිබ්බම කොණ්ඩේ හදනවනේ. කොණ්ඩේ හදන්න ජෙල්, හෙයාර් ස්ප්‍රේ එහෙම යූස් කරන නිසා මම සමහර දවසට හිතලම කොණ්ඩේ හදන එක නවත්තනවා. ඒ වගේ දවසට මම කැප් එක යූෂ් කරනවා.

  • කැමැතිම ඇක්සරීස් මොනවද?

වැඩිපුරම ෂේඩ්ස් තමයි. ඊට පස්සේ මුදුවලට කැමැතියි. තව ඔරලෝසුවලටත් කැමැතියි. කාලෙන් කාලෙට මම කැමැති ඔරලෝසු වෙනස් වෙනවා. කොහෙදි හරි දැක්කම, මට ආස හිතුණොත්, ඒකේ ගාණ අනුව මට ගන්න පුළුවන් නම් මම මිලට ගන්නවා.

  • ෂේඩ්ස් ගැන කතා කළොත්?

මම පොඩි කාලේ ඉඳලම ෂේඩ්ස්වලට කැමැතියි. එක එක පාට, එක එක හැඩයේ ෂේඩ්ස් එකතුවක් මගේ ළඟ තියෙනවා.

  • ෂේඩ්ස් තෝරා ගනිද්දී අවධානය දෙන කාරණා මොනව ද?

බ්‍රෑන්ඩ් එක නම් බලන්නෙම නෑ ඇඳුම් වගේම තමයි. මට සැප පහසු නම්, මට හිතෙනවා නම් මගේ මූණට ගැලපෙනවා කියලා මම ඒක යූස් කරනවා. ගොඩක් වෙලාවට වින්ඩි තමයි ඒවා ගැන බලන්නේ. ෆයිනල් උත්තරේ එයාගේ උත්තරේ. අලු‍ත් අලු‍ත් විදියේ ඒවා ට්‍රයි කරන්න මම ආසයි. මෙහෙමයි කියලා කියන්න කාරණාවක් නෑ.

  • පාවහන් ගැනත් කියන්නකෝ.

ක්ෂේත්‍රයට ආව කාලේ නම් මම පාට පාට ෂූස් යූස් කළා. ඒත් දැන් නම් ගොඩක් කලු‍ සුදු ෂූස් පාවිච්චි කෙරෙන්නේ. පර්සනැලිටි එකත් එක්ක ෂූස්වලත් වෙනසක් වෙලා තියෙනවා.

කොහොම වුණත් වැඩියෙන්ම කැමැති සෙරෙප්පුවලට. දාගෙන යන්න ලේසි නේ. ඒත් ෂෝස්වලට එහෙම බෑනේ. දඟලලා කරලා උඩ පැනලා ඉන්න පුළුවන් විදියට සැහැල්ලු‍ ෂූස් තෝර ගන්න ට්‍රයි කරනවා. ඒත් සමහර වෙලාවට ඉතින් ෆැෂන් එක නිසාම බර ෂූස් අමාරුවෙන් දාන වෙලාවලු‍ත් තියෙනවා.

  • ඉන්ස්පයර් වෙන කෙනෙක් ඉන්නව ද?

එහෙම කියලා නෑ.. ඇත්තටම ඒවා ගැන අවධානය දෙන්නේ, රිසර්ච් කරන්නේ වින්ඩි.. එයා තමයි මටත් බලලා කියන්නේ මේ ෆැෂන් එක ගැන මොකද හිතෙන්නේ? මේක ඔයාට ගැලපෙනවා කියලා කියන්නේ එයා.. මම ඉතින් ඒ ගැන වැඩිය ඔලු‍ව යොදවන්නේ නෑ.

හැබැයි මම මයිකල් ජැක්සන්ට ගොඩක් කැමැතියි.. එයා ෆැෂන් අයිකන් එකක්නේ. ක්‍රිස් බ්‍රවුන්ටත් කැමැතියි. එයාලගේ ස්ටයිල්වලට මම ආසයි.. ඒ වුණාට මම ඒවා ට්‍රයි කරන්නේ නෑ.. මම මට හිතෙන ෆැෂන් එකක් කරගෙන යනවා.

  • ටැටූ ගැන, පියර්සින් ගැන මොකද හිතන්නේ?

ටැටූ කියන්නේ වෙනම මාතෘකාවක්නේ. මම ආසයි.. සමහර විට මම කවදා හරි ටැටූ එකක් කරයි.. සමහර විට කවදාවත්ම ටැටූ එකක් කරන එකකුත් නෑ. පියර්සින් ගත්තොත් නම් මම කන විදලා හිටියා කාලයක්. දැනට නම් මැග්නටික් ඉයරින්ග්ස් තමයි යූස් කරන්නේ. ඉස්සරහට ආයෙමත් කන විදින්න ඉඩ තියෙනවා.

  • වැඩිපුරම අඳින්න කැමැතිම ඇඳුම මොකක් ද?

බර නැති ටීෂර්ට් එකකුයි ඩෙනිමයි තමයි කැමැතිම එළියට යද්දී, ගෙදර ඉන්නවා නම් ඉතින් සරම තමයි දැන් කැමැතිම.


පවනි උමයංගනා


 



අදහස් (0)

වින්ඩි තමයි ෆැෂන් ගැන දන්නේ - සනුක වික්‍රමසිංහ

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 21 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 19 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site