IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ

විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ වැඩි කැමැත්ත දක්වන්නේ අධ්‍යක්ෂණයේ භූමිකාවට යැයි කියනවා. කලාවේ ඒ කටයුතු සහ සුරාජ්ගේ ජීවිතයට සමීපව කළ කතාබහකි මේ.

 ප්‍ර  සුරාජ් අධ්‍යක්ෂණයට ආයෙත් හිත ගියේ?

කලාව විවිධ පැතිවලට යද්දි ඒ කියන්නෙ හරි මාර්ගයේ නැතිව ඉබාගාතේ වගේ යද්දි එය නැවත හරි මගට ගැනීම ගැන අපට තියෙන්නෙ වගකීමක්. ඒක අපේ පරම්පරාවේ යුතුකමක්. මේ වන විට අපේ පරම්පරාවේ  බොහෝ දෙනෙක් ඒ වගකීම ඉටු කරන බව පෙනෙනවා. ඉතින් මගෙත් වුවමනාවක් තියෙනවා නැවත වතාවක් හොඳ නිර්මාණයක් කරන්න.

 ප්‍ර  කොහොමද සුරාජ් අද දවසේ ගෙවන ජීවිතය?

සරලයි, සැහැල්ලුයි, නිදහස්. මේ විදිහට ගත කරන එක තමයි හොඳ. පසුගිය කාලය ගත්තොත්, ලෝකෙම ලොක්ඩවුන් වුණා. ඉන්පස්සේ අපේ රට ගත්තොත්, රටේ ප්‍රශ්න තිබුණා. දැන් ලෝකෙම ආයෙත් යහපත් පරිසරයක් නිර්මාණය වෙලා. මම කතා කරන්නේ දේශපාලනය නම් නෙවෙයි. ගෙවී ගිය කාලය දිහා බලද්දී මේ සියලු දේට සාපේක්ෂව මගේ ජීවිතය මේ විදිහට හදා ගත්ත එක ගැන මට තියෙන්නෙ සතුටක්. රංගන ශිල්පියෙක් වුණාට පස්සේ පුද්ගලික ජීවිතය හදා ගන්නෙ කොහොමද කියන එක හරි වැදගත්. රංගන ශිල්පියෙකුට පුද්ගලික ජීවිතයේ නිදහස ඉතාම තදින් බලපාන දෙයක්.

 ප්‍ර  ඔබ තවමත් අවිවාහක නිසාද එහෙම කියන්නේ?

නෑ....නෑ.... කොහෙත්ම නැහැ. විවාහ වෙනකොට, රංගන කටයුතු සහ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නම් හොඳ නිදහසක් තිබිය යුතුමයි. ලංකාවේ රංගන ශිල්පියකු හට විවාහ ජීවිතයකට යද්දී අනිවාර්යයෙන්ම ව්‍යාපාරයකුත් තිබීම වැදගත්. එතකොට ආර්ථික මට්ටම හදාගෙන යන ගමනක් වුණොත් ඔහුට ප්‍රශ්න ඉතාම අවම වී ජීවිතය ගත කරන්න ලැබේවි.

 ප්‍ර  විවාහ ජීවිතයක් ගෙන යන්න ඔබ තවම ස්ථාවර නැහැ කියලද කියන්නේ?

දැන් තමයි මට ඒ ස්ථාවරත්වය තියෙන්නේ.

 ප්‍ර  ඒ කියන්නෙ කලින් ස්ථාවරයක් තිබුණෙ නැහැ. ඒත් පෙම්වතියො හිටියා?

පෙම්වතියො හිටියා. ස්ථාවරත්වය ගැන කතා කරද්දී  මම බලාපොරොත්තු වෙන්නෙ සුවපහසු ජීවිතයක් ගත කිරීමයි. සුඛෝපභෝගී ජීවිතයක් කියන්නේ තට්ටු මාළිගා හදාගෙන වාහන දහයක් පහළොවක් තියාගෙන ඉන්න ජීවිතයක් නෙවෙයි. තමන්ට පහසු විදිහට සුවපහසු ජීවිතයකට. වයිෆ්ට නිදහස්ව, එයාට ජීවිතය ගත කරන්න අවශ්‍ය පරිසරය තිබිය යුතුමයි. හති දමා හැල්මේ දුවලා ධනස්කන්දයක් හම්බ කිරීම නොවි, සාධාරණව කරන ව්‍යාපාරයකින් ගෙදර හිටියත් සල්ලි එන විදිහෙ ස්ථාවරත්වයක් හදා ගැනීම කළ යුතු දෙයක්. මම කියන සුවපහසු ජීවිතය ගත කරන්න එවැනි ක්‍රමයක් එදා ඉඳලාම අනුගමනය කළා. පවුලෙන් මට ප්‍රශ්න තිබුණෙත් නැහැනේ.

 ප්‍ර  දැන් ඔබ කී විදිහට ඔබට ඒ සුවපහසු රටාව හදාගෙනනෙ ඉන්නේ? හැමෝම අහනවනෙ කවදද විවාහ වෙන්නේ කියලා? සමාජය ඒ විදිහට හිතන එක ගැන සුරාජ් හිතන්නෙ කොහොමද?

හේතු කීපයක් නිසා සමාජය එහෙම හිතනවා ඇති. එක්කෝ එයාට කවුරුවත් නැති නිසා, එයා තනිවේවි කියන දේ නිසා. තව සමහරු හිතනවා ඇත්තේ අපි විවාහ වෙලා විඳින දුක මූ විදින්න ඕන නැහැනෙ කියලා වෙන්න පුළුවන්. පුද්ගලිකව මම කියන්නෙ බඳිනවා කියන දේට වඩා ‘බැඳෙන්න’ ඕනැ. සමහරුන්ට විවාහය ශක්තියක් වෙලා තියෙනවා. සමහරුන්ට විවාහය කරදරයක් වෙලා. ඒ නිසා මම විවාහයෙන් බලාපොරොත්තු වෙන්නේ ශක්තියක්. එහෙම වෙන්න නම් සුදුසුම කෙනා ලැබෙන්නම ඕනෑ. ඒ ලැබෙන කම් මම ඉන්නවා. එය ආදරය කියලා මට දැනෙන්න ඕනෑ. ඒ වෙනකල් මම ඉන්නවා.

 ප්‍ර  මේ දක්වා පෙම්වතියන් දුසිම් ගණන් ඉන්න ඇතිනෙ? ඒ කිසි කෙනෙක් දැනිලා නැද්ද?

දැනිලා තියෙනවා. ඒත් අපි අදරය කරන අය අපට ආදරය කරන්නෙ නැහැ. අපි ආදරේ නැති කෙනා තමයි අපට ආදරය කරන්නෙ. අපට දැනෙන තැන්වලදි අපට නොලැබුණ වග දැනිලා තියෙනවා. මොන විදිහට හෝ ප්‍රේමයකදී බැඳීමකදී අත්හැර ගියත් තරහ වුණත්, මැරෙන කල්ම ජීවත් වෙනවද කියන එක තමයි වැදගත් වෙන්නෙ. විවාහ වෙලා කෙනෙක් අත්හැරලා ගියා කියමුකො. ඒක අමතක කරලා ආයෙ වෙන දෙයක් ගැන මට හිතන්න බැහැ. අන්න ඒ නිසයි මැරෙනකල්ම ජීවත් වෙන්න පුළුවන් අදහස් ඇති ආදරය ඇති කෙනෙක් අවශ්‍ය වන්නෙ. කාන්තාවකට බොහෝ විට පිරිමියා හැර ගිය පසු හිත හදා ගන්න අමාරුයි. කාන්තාවන් හොඳටම අඬනව තමයි, හැබැයි අඬලා අඬලා සියුම් හිත හදා ගන්නවා. පිරිමි හිත් කැඩුණාම හදාගන්න එක ලෙහෙසි නැහැ.

 ප්‍ර  කොහොම වුණත් මේ විදිහට තනිකඩව ඉන්න කොට කලා ක්ෂේත්‍රයේම අය කතා හදනවනේ? ඒ වගේ හිතන අයට, කතා හදන අයට දෙන්න ඔබට හොඳ උත්තරයක් තියෙනවද?

මම කියන කෙනා හොඳටම දන්නෙ මම. නමුත් තමුන්ටම රැවටෙන්නෙ නැත්නම්, නමුත් තමුන්ව හොඳට හඳුනනව නම් අපට අපව හමු වූ පසුව එතැනින් එහාට වෙන කවුරුවත් කියන දේ අදාළ වෙන්නෙ නැහැ. අදාළ කරගන්න අවශ්‍යත් නැහැ. මිනිස්සුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම උත්තර දෙන්න යන්නෙ නැහැ. මොකද මගේ ගැන එයාලට වඩා දන්නෙ මම නිසා. එයාල කියන දේ මට වැඩක් නැහැ. මට මාව හම්බ වෙලා ඉවරයි. මම මොනවද කරන්නේ? මොනවටද ආස? මම කවුද කියලා මම දන්නවා. මට සමාජයේ ඕනෑම තරා තිරමක කෙනෙක් එක්ක සුහදව කටයුතු කරන්න පුළුවන්. මගේ යාළුවෝ වගේම මගේ අක්කලා දෙන්නා මා ගැන හොඳටෝම දන්නවා. ඉතින් මට ඒ ඇති.

සඳුන් ගමගේ

 



අදහස් (0)

විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

දුන්හිද අද්දරට ගිය අද්භූත සංචාරකයා - සේන නානායක්කාර
2025 අප්‍රේල් මස 09 57 0

මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි


’’පිරිමි ළමයි’’ හි ගිනි දෙන තිවංක - මනුජ් ජයකොඩි
2025 අප්‍රේල් මස 09 42 0

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන


චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර
2025 අප්‍රේල් මස 09 38 0

කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ ම


විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ
2025 අප්‍රේල් මස 09 47 0

විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ ව


පිය පරපුරෙන් එන යොවුන් ගී රාවය
2025 අප්‍රේල් මස 09 58 0

යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන


නෙළුම් කුළුණ ලොකු පුතා මේ දිනවල ’මිස්ටර් ප්‍රසිඩන්ට්’ එක්ක
2025 අප්‍රේල් මස 09 31 0

රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 315 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 983 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site