වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.
දිළිඳු පවුලක යුවතියක වන කුසුමේ ගොවිපොළක සේවයට එන්නේ සිය අම්මාත් ආච්චි අම්මාත් ජීවත් කර, තමාත් ජීවත් වීමේ අරමුණ ඇතිවය. පංගුපේරු නොබලා වැඩ කරන බොහෝ කාර්යශූර තැනැත්තියක වන නිසාම, ගොවිපොළේ හිමිකරු ඇතුළු සියල්ලන්ගේම සිත් දිනා ගන්නට ඇයට හැකි වෙයි. ඇයට මල්සරා අත වනන්නේ ඒ අතරය. ගොවිපොළේම සේවය කරන තරුණයෙකු හා ඇය අතර ආදර සම්බන්ධතාවක් හට, ගනියි. එහෙත් ඔහු සැබෑවටම ඇයට ආදරය කර නැති බැව් වැටහෙන විට ඇය ගැබිණියක ද වී හමාරය. ඔහු ඇය හැර ගියත්, ඇය දරුවා අත් හරින්නට සූදානම් නැත.
ඇය ලෝකයටම රහසින් දරු ගැබ රැක ගනියි. මෝරන ගැබ වසන් කරන්නට උදරය වටා රෙදි පටි ඔතා ලොකු ඇඳුම් ඇඳ සිටියත් හැමදාම එසේ කරන්නට නොහැකි බැව් ඇයට වැටහෙයි. ඇය ආපසු සිය නිවසට යයි. දරුවා බිහි කර රැක බලා ගන්නට ඇයට උදව් කරන්නේ, ඇගේ අම්මා සහ ආච්චි අම්මාය. එහෙත් අගහිඟකම් උත්සන්න වන විට ඇය කිරි බොන දරුවා ගෙදර තබා නැවත ගොවි පොළේ සේවයට යන්නීය. දරුවා වෙනුවෙන් එරෙන කිරි දොවා දමා හඬහඬා වැඩ කරන ඇගේ වෙනස දකින ගොවිපොළ හිමිකරුවා ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නේය. අවසානයේදී දරුවාත් සමඟම ඇය බාර ගන්නට ඔහු ඉදිරිපත් වෙයි.
ඒ 2004 වසරේදී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සඳ තනියම ටෙලි නාට්‍යයේ කතා තේමාවය. කුසුමේ ලෙස හෂිනිකා කරලියද්දත්, ඇගේ ආදරවන්තයා ලෙස ගිහාන් ප්‍රනාන්දුත්, ගොවිපොලේ හිමිකරුවා ලෙස ජනක් ප්‍රේමලාලුත් එහි රඟ පෑහ. අම්මාට රඟ පෑවේ ප්‍රියා රණසිංහය. නෙතලි නානායක්කාර ආච්චි වූවාය. සඳ තනියම ගාමිණි රත්නසිරිගේ අධ්‍යක්ෂණයකි.
“සඳ තනියම රූගත කෙරුවේ මැල්සිරිපුර පැත්තෙ ගොවිපොළක.. ඒකේ එක කෙළවරක් මාතලේ දිස්ත්‍රික්කෙට අයිතියි.. ඒ හින්දම නුවරඑළිය පැත්තෙ ගොවිපොළක් එක වගේම තමයි පෙනුණේ.. රඟ පෑමට වුණත් ගොවිපොළක වැඩ කරන එක ලොකු අභියෝගයක්.. ඒ අභියෝගයට සාර්ථකව මූණ දුන්න සතුට අදත් මට දැනෙනවා..”
සඳැල්ල වෙනුවෙන් පිළිසඳරකට එක් වෙමින් හෂිනිකා කරලියද්ද පැවසුවාය.
වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබලවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.
“කුසුමෙගෙ චරිතයට අනුව හරක් බලන්න, ට්‍රැක්ටර් එළවන්න, මී හරක් නාවන්න සිද්ද වෙනවා.. මී හරක් නාවන දර්ශන වෙනුවෙන් සමහර දවස්වලට වැවට බහින්නෙ පාන්දර සීතලේ ගැහිගැහී.. හරක් ලගින වළවල්වලට බහින එකත් සුන්දර අත්දැකීමක් නෙමෙයි.. ඒවා කොච්චර දුෂ්කර රඟපෑම් වුණත්, කරන්න බෑ කියලා මම අතෑරලා දැම්මෙ නෑ.. ඇත්තටම ඒ වෙලාවට හිතන්නෙ අපහසුකම් ගැන නෙමෙයි මගේ චරිතය සාර්ථකව රඟ පාන එක ගැන විතරයි..” ඇය තෘප්තිමත් මඳහසකින් යුතුව පැවසුවාය.
“අර ලොකු ට්‍රේලර්ස් එක්ක තියෙන ට්‍රැක්ටර් එලෙව්වෙ කොහොමද..? කලින් පළපුරුද්දක් තිබුණ ද..?”
ඇය ට්‍රැක්ටර් පදවන දර්ශනයක් පිළිබඳ මතක අවදි වූ බැවින් මම විමසුවෙමි.
“අපෝ නෑ.. ට්‍රැක්ටර් එළවන්න තියා ඒ වගේ ලොකු එකකට නැඟලා තිබුණෙවත් නෑ.. අපේ නිෂ්පාදක මහත්තයා තමයි මට කියලා දුන්නෙ.. චරිතෙට වුවමනා තරමට ට්‍රැක්ටරේ අරන් යන්න විතරක් නෙමෙයි, කිසිම අතුරුආන්තරාවක් නැතුව හරවන්නත් මට පුළුවන් වුණා.. කුසුමෙගෙ හිතේ හයිය, පංගුපේරුවක් නැතිව වැඩ කරන ආකාරය පෙන්නන්න තමයි ඒ දර්ශන ඇතුළත් කරලා තිබ්බෙ..” හෂිනිකා පැවසුවාය.
අද සිහි වෙද්දීත් ඇස්වලට කඳුළු පිරෙන තරමේ සංවේදී දර්ශන ද සඳ තනියම ටෙලි නාට්‍යයේ තිබිණි.
“ගොවිපොළවල එළදෙනුන් ගෙ කිරි ගන්නේ මැෂින්වලින්නෙ.. පැටියට කිරි පොඩ්ඩක් බොන්න දීලා, ඊට පස්සෙ එළදෙන වගේම පැටියත් අඬා වැටෙද්දී පැටියා අයින් කරලා මැෂින් එක ගහලා කිරි ගන්නවා.. ඇත්තටම ඒක බලන්නත් දුක හිතෙන තරම් සංවේදීයි.. ටෙලි නාට්‍යයේත් ඒ වගේ දර්ශනයක් තිබ්බා.. කුසුමේ කිරි බොන දරුවව ගමේ දාලා ආයෙම ගොවිපොළේ වැඩට එනවනෙ.. එයා තමන්ට එරෙන කිරි වැගිරෙන එක වළක්වා ගන්න පපුවට රෙදි කෑලි තියා ගන්නවා..”
ඇය මොහොතකට නිහඬ වූයේ ඒ සිද්ධිය සැබෑවටම තමාට මුහුණ දෙන්නට සිදු වූ කලෙක මෙනි. එහි සංවේදී බව මට පවා දැනෙමින් තිබිණි.
“ගෙදර දාලා ආව කිරි බොන දරුවා ගැන හිතහිතා එයා ඉන්නෙ ලොකු දුකකින්.. දවසක් එයා දකිනවා අර විදියට පුංචි පැටියෙක් එළදෙනගෙන් වෙන් කරන විදිය.. එළදෙනගෙ ඇස්වල වගේම පැටියගෙ ඇස්වලත් කඳුළු.. කුසුමේ දුවගෙන ගිහින් පැටියා අතට අරගෙන ඉඹිනවා.. ඇත්තටම ඒ වෙලාවේ ඒ පැටියගෙ කට වටේට කිරි තිබුණා.. ඉඹිනකොට කිරි සුවඳ දැනුණා.. මගෙ පපුව හෝස් ගාලා පිච්චුණා.. මේත් පුංචි දරුවෙක් නේද, මේ දරුවගෙ කිරි ටික නේද අපි උදුරාගෙන බොන්නෙ වගේ හැඟීමක් මට ඇති වුණා.. දර්ශනය වෙනුවෙන් නෙමෙයි ඇත්තටම මම හොඳටම ඇඬුවා.. දර්ශනය ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකම් මට කඳුළු පාලනය කර ගන්න පුළුවන් වුණේ නෑ.. අදටත් මට ඒක මතක් වෙද්දී කඳුළු එනවා..” ඇය කියාගෙන ගියේ මගේ ඇස්වලටත් කඳුළු නංවමිනි.
එතරම් කැප වීමකින් රඟ පෑවේ වී නමුත් කුසුමේ චරිතය වෙනුවෙන් ඇයට කිසිදු සම්මානයක් ලැබුණේ නැත. එහෙත් ඇයට ඒ පිළිබඳව කිසිදු දුකක් දැනුණේත් නැත.
“අපි රඟ පාන්නෙ මේකට සම්මානයක් ලැබෙන්නම ඕන කියන හැඟීමෙන් නෙමෙයිනෙ.. චරිතේ ඇතුළේ කරන්න තියෙන දේ අපි කරනවා.. සම්මාන දෙන්නෙ ඉතින් ඒ මණ්ඩලවල ඉන්න අයට දැනෙන චරිතවලටනෙ.. ඒත් මට වේදිකා නාට්‍යවලට ලැබෙන්න තියෙන හැම සම්මානයක්ම ලැබිලා තියෙනවා.. හොඳම නිළිය, හොඳම සහාය නිළිය, ජූරියේ විශේෂ සම්මාන.. ලැබුණ දේවල් ගැන තෘප්තිමත් වෙනවා මිසක් නොලැබුණ දේවල් ගැන මම කරදර වෙන්නෙ නෑ..” හෂිනිකා කීවාය.
පෝරිසාදයා, පටිභාණ ඇතුළු චිත්‍රපටි කිහිපයකත්, රිදී සීනු, සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, කළුවර අඳුන, ටීචර් අම්මා, ජෝඩු ගෙදර, නාඩගම්කාරයෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකත් ඇය රඟ පා තිබේ. සිහින ගෙනෙන කුමාරි, සර්කස් කාරයෝ, බේකරි ගෙදර, සහ සී යූ ටෙලිනාට්‍යවලින් මේ දිනවල ඇය හමු වෙන්නට පුළුවන.
චන්දි කොඩිකාර
මෙය සිදු වූයේ ඈත අතීතයේ ඉතාලියේ එක්තරා කන්‍යාරාමයක් තුළය. කන්‍යා සොයුරියන් මෙන්ම කන්‍යා සොයුරියන් වීමේ බලාපොරොත්තුවෙන් සිටි යුවතියෝ ද එහි වූහ.
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කලා ක්ෂේත්‍රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද