සුදු අප්පච්චි ලෙස
‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි සිතමි. ලූෂන් බුලත්සිංහලගේ නිෂ්පාදනයක් වූ ‘‘තාරාවෝ ඉගිලෙති’’ නාට්‍යයේ එම ගීතය දැනට ද රූපවාහිනියෙන් වරින් වර විකාශය වෙයි. යූ. ටියුබයට ගොස් බැලුව ද ගාමිණීගේත් ආරියවිමල් ගේත් ඒ මනරම් රංගනයත් ගායනයත් දැකගත හැකිය.
“මාව රසිකයන් වැලඳ ගත්තේ තාරාවෝ ඉගිලෙතිහි ඒ ගීතයක් සමගයි”. ගාමිණී පසුගියදා ගොකරැල්ලේ මහ පාර කිට්ටුවම පිහිටා ඇති ඔහුගේ නිවසේ අප හමුවූ විට පැවසීය.
ඔහු වේදිකාවේ කැපී පෙනෙන චරිත රඟපෑ රංගන ශිල්පියෙකි. ඒ අතරින් අප මතකයට එන්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ ’ නාට්‍යයේ ඔහු මනමේ කුමාරයාට රඟපෑ අයුරුයි. එය ඔහුගේ ජිවිතයේ එක්තරා කඩඉමකි.
“මම අවුරුදු තුනක් විතර මනමේ කුමාරයාට රඟපෑවා. මම හිතන්නේ 1988 විතර. මනමේ කුමරියට රඟපෑවෙ යසෝදරා සරච්චන්ද්‍ර (මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණිය). මම මුල්වරට එංගලන්තයට ගියේ මනමේ කණ්ඩායම සමග මනමේ කුමාරයාට රඟපාන්න”. ගාමිණී පවසයි.
ගාමිණීට දැන් ඇතැම් සිදුවීම් හරිහැටි මතකයට නොඑයි. ඔහු කතා කරන්නේ ද සෙමිනි.
අප යන විට ඔහු ඉස්තෝපුවේ හාන්සි පුටුවකට බර දී පාර දිහා බලාගෙන සිටියේය.
“මාව දැන් දෙතුන් පාරක් ඇදගෙන වැටුණා. ඒක නිසා ඇවිදින්නෙ නෑ. වැටෙන්නෙත් පිටුපසට. මාස ගාණක් තිස්සෙ මම කිසිම වැඩකට සහභාගි වුණේ නෑ”.
“මම දැන් කරන එකම දේ උදේ නැගිටල හාන්සි පුටුවට ඇවිල්ලා පාර දිහා ඔහේ බලාගෙන අතීතය ගැන කල්පනා කරන එකයි”.ඔහු මෑතදී රඟපෑ සිනමා පටය පසුගියදා තිරගත වූ සුදු අප්පච්චිය. එහි ඔහු රඟපෑවේ ප්‍රධාන චරිතයයි. එහෙත් මේ අසනීප තත්ත්වය නිසා ඔහුට මංගල දර්ශනයට සහභාගිවන්නට නොහැකි විය. විශේෂත්වයක් වන්නේ ඔහුගේ කලා ජීවිතයේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයට රඟපෑ ප්‍රථම අවස්ථාව සුදු අප්පච්චි වීමයි.
ගාමිණී ඉපදුණේ කොළඹින් ඈත ගොකරැල්ලේ දරමිටිපොළය. පවුලේ තුන් දෙනෙකි. වැඩිමහල් සොයුරිය අද ජීවතුන් අතර නැත. එකම මල්ලී කැනඩාවේ ජීවත්වෙයි.
‘‘මම අධ්‍යාපනය ලැබුවෙ ගොකරැල්ල මහ විද්‍යාලයේ. දැන් ඒ ඉස්කෝලෙට කියන්නෙ විලියම් ගොපල්ලව මහා විද්‍යාලය කියලා. විශේෂත්වය වෙන්නේ මම විශ්වවිද්‍යාලයට ගියෙත් මේ පාසලෙන් ඉගෙන ගෙන වීමයි.
ඔහු පාසල් කාලයේදීම නැටුම් කලාවට ආශා කළේය. ඒ නිසා උඩරට නැටුම් ඉගෙන ගත්තේය.
“මම වෙස් බැඳපු නැට්ටුවෙක්’’ ඔහු අද ද ආඩම්බරයෙන් පවසයි.
‘‘මම නැටුම් ඉගෙන ගත්තෙ පී.බී.එල්. ලයනල් මහතාගෙන්. මනමේ රඟපාන කොට මම නැටුම් කලාව ඉගෙන ගෙන තිබීම විශාල වාසියක් වුණා.
‘කොහොමද ‘මනමේ’ නාට්‍යයට සම්බන්ධ වුණෙ?
‘‘ඒ කාලෙ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ධම්ම ජාගොඩගෙ නාට්‍ය පාඨමාලාව හැඳින්වූයේ රංග ශිල්ප ශාලිකාව කියලා. මම රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණා. ශාලිකාවෙන් ගුණසේන ගලප්පත්තිගෙ ‘මුදු පුත්තු’ නිෂ්පාදනය කළා. මම එහි දියෝනිස්ගේ චරිතය රඟපෑවා. ඒ තමයි මගේ මුල්ම වේදිකා රංගනය.
මේ කාලෙ තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් සෝමලතා සුබසිංහ මහත්මියට කියල තිබුණේ මනමේ කුමාරයට රඟපාන්න නළුවෙක් සොයාදෙන්න කියලා. ඇය තමයි මාව සරච්චන්ද්‍රයන්ට හඳුන්වල දුන්නෙ.
ඉන්පසුව ගාමිණී නාට්‍ය ගණනාවකම චරිත නිරූපණය කළේය.
“දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’ නාට්‍යයේ නරියාගේ චරිතය රඟපෑම් ඒ අතරින් විශේෂයි”. ඔහු කියයි. එ් හැර ඔහු රඟපෑ වේදිකා නාට්‍ය ගණනාවකි.
කදාවළලු, සක්කාය දිට්ඨි, අඹු සැමියෝ, දේශපාලුවා, විශේෂ කොමසාරිස්, උතුරේ රාහුල, මධුර ජවනිකා, පොකුරු වැස්ස, අසාත මන්තරේ (ජාතික නාට්‍ය උළෙලේ රංග කුසලතා නිළි සම්මානය හා හොඳම වේදිකා සැරසිලි) හය දෙනෙක් ඒ අතරින් විශේෂය.
ගේ කුරුල්ලෝ, මලට නොඑන බඹරු, මුහුදු ලිහිණි, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා, ඩොරින්ගේ සයනය, ඉර සේවය, සුදු අප්පච්චි ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කීපයකි. ඔහු ගමනක් සහ දුෂ්කර ක්‍රියා යන කෙටි චිත්‍රපට දෙකක ද චරිත නිරූපණය කර ඇත.
ඉර සේවය චිත්‍රපටයේ
ටෙලිනාට්‍ය රැසකද ඔහු චරිත නිරූපණය කර තිබේ.
රන්මසු උයන, එක මවකගෙ දරුවෝ, තාරා දේවි, ගම්පෙරළිය, නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, බැද්දෙ සෙනෙහස, ගල් පිලිම සහ බොල් පිළිම, කැලෑහඳ ඒ අතරින් මුල් තැන ගනී.
ගාමිණී මාස අටක පමණ කාලයක් හැටන් පොලිසියේ සේවය කර තිබේ.
“විශ්වවිද්‍යාලයට යන්න ඉස්සර මම ටික කාලයක් පොලිසියේ සේවය කළා. ඉන්පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පොලිසියේ රැකියාව එතැනින්ම නැවතුණා.”
විද්‍යොදය සරසවියෙන් (ජ,පුර) උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔහු කොළඹ වෙස්ලි විදුහලේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේය. එහි ශිෂ්‍යයන්ට ඔහු ඉගැන්නුවේ සමාජ අධ්‍යයනයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල ගුරු සේවයට බැඳුණු ඔහු හැකි හැම විටම තම ශිෂ්‍යයන්ට කලා අගැයීම් පිළිබඳවද කියා දුන් අතර, එකළ ඔහුගේ ශිෂ්‍යයකු වූයේ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චිය. වසර 15ක් පමණ ඔහු ගුරු සේවයේ නිරත වූ අතර ඒ අතරතුර කලා කටයුතුවල ද නිරත විය.
ඔහුට ඔහුගේ බිරිඳ කුමාරි හමුවූයේ ද මේ කලා කටයුතු අතරතුරදීය. ඇය සංගීත ගුරුවරියකි.
‘සිංහ පුරාණය’ නාට්‍යයෙ ගීත ගයන්න ගිහිල්ල තමයි මට ගාමිණීව මුණගැහුණේ. එතකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ ඉගෙනගන්නවා. අපි විවාහ වුණේ 1989 දී”. ගාමිණීගේ බිරිඳ අප සමග පැවසුවාය.
ගාමිණීගේ පියා සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේය. …එහෙත් ඔහුගේ පියා සොකරි නටා තිබේ.
“තාත්තා සොකරිවල වෙදරාලගෙ චරිතය කරල තියෙනවා. ඒ ආභාසය නිසා වෙන්නැති මමත් මුල් කාලෙදිම නර්තනයට යොමු වුණේ” ගාමිණි අතීතය සිහිකරමින් කියයි. පුවත්පත්වල පළවූ ගාමිණීගේ ලිපි ඡායාරූප ආදිය විශාල ඇල්බම් ලෙස සකසා අදත් සුරැකිව තිබේ. අසනීපවීම නිසා ගාමිණී වයසට වඩා වියපත් යැයි අපට සිතේ. ඔහු අසනීපයෙන් සිටියත් රඟපෑමට ඇති ආශාව දුරස් වී නැත. දුවන්නට පනින්නට නැති චරිතයක් රඟපෑමට තාමත් ඔහුට හැකියාව ඇතැයි ඔහු පවසයි.
අද ගාමිණීගේ නිවසේ ඔහුව බලා කියා ගන්නේ බිරිඳ කුමාරි විසිනි. ගාමිණීගේ පුතු දිනකර කොළඹ ආයතනයක කළමනාකරුවකු ලෙස සේවයේ නිරත වෙයි. දියණිය උදුම්බරා පදිංචිව සිටින්නේ ජපානයේය. ඇය එහිදී ආචාර්ය උපාධිය ලබා ඇත.
පුතා සෑම සති අන්තයකම පාහේ කොළඹ සිට ගොකරැල්ලට එන්නේ අම්මයි තාත්තයි බලාගන්නටය. අප යන විට ද දියණිය ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.
එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව
ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.
මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.
ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්