IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


හඩවල් ගණනාවකින් ගී ගයන ශිල්පියා

තමන්ටම ආවේණික කටහඬින් විවිධ දක්ෂතා පෙන්වන බොහෝමයක් දක්ෂයෝ කලා අම්බරයෙහි අප දැක තිබේ. ඒ අතර එකම පුද්ගලයෙකුට හඬවල් 75කට අධික සංඛ්‍යාවකින් ගී ගායනා කිරීමේ හැකියාව පවතීනම් ඇත්තෙන්ම එය සුවිශේෂීය. එවන් විශේෂ හැකියාවක් ඇති කලා තරුවක් අපට හමුවිය. මේ මෙවර සැඳැල්ලෙන් ඔහු වෙනුවෙන් වෙන්කළ ඉඩකඩයි...

මුලින්ම ඔබ ගැන කියමු? 

මම ඇන්ටන් චමින්ද බටේපොල.  උපන් ගම බෝපිටිය.  අධ්‍යාපනය හැදෑරුවේ බෝපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙන් සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්. මම පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීම් කටයුතුවලට වගේම කලාවට සහ ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක්. පාසල් කාලේ ඉදන්ම  මේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වලා තියෙනවා. ඒ හැකියාවන් වැඩිදියුණු කරගෙන තමයි  අද විශේෂ හැකියාවක් තියෙන ගායකයෙක් ලෙසින් යම් තලයක ඉන්නේ.

ගායකයෙක් වන ඔබේ ඒ විශේෂත්වය ගැනත් කියමු?

මට කටහඩවල් 75 කට ආසන්න සංඛ්‍යාවකින් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අතර සුනිල් ශාන්ත, H. R. ජෝතිපාල, සී. ටී. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, විජේකුමාරතුංග, අමරදේව ශූරීන්, මිල්ටන් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, ක්ලැරන්ස් විජේවර්ධන, මොහිදින් බෙග්, එම්. එස්. ප්‍රනාන්දු, වෝල් ප්‍රනාන්දු, ප්‍රියා සූරියසේන, නිහාල් නෙල්සන්, ගුණදාස කපුගේ, සනත් නන්දසිරි වැනි කලාකරුවන්ගේ කටහඩවල්වලට සමාන කටහඩවල්වලින් මම ගීත ගායනා කරනවා. ඊට අමතරව වෙස්ටන්, ටැමිල් හින්දි වගේ ගීතත් ගායනා කරනවා. ඒක අනුකරණයක් නෙවෙයි. මම හිතනවා ඒක මට දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාදයක් කියලා. ඒ හඩවල් අතරින් බොහෝමයක් දැනට ජීවතුන් අතර නැති කලාකරුවන්. මේ විදිහට එම කලා කරුවන්ගේ හඩවල් ප්‍රතිනිර්මාණය කිරීම තමයි මගේ විශේෂත්වය. 

ඔබට මේ හැකියාව ලැබෙන්නේ කොහොමද?

ඇත්තටම මම පොඩිකාලේ ඉදන්ම ගායනයට දක්ෂයි. මට මතක විදිහට මම එක ශ්‍රේණියේ ඉන්නකොටත් හොඳටම සින්දු කීවා. මාරිස්ටෙලා විද්‍යාලයේ දී මගේ සිංහල ගුරුතුමා පාසලේ සාහිත්‍ය උත්සවවලදී මට මගේ හැකියාව පෙන්නන්න අවස්ථාව දීලා මට ලොකු ධෛර්යයක් දුන්නා මේ ගායන හැකියාව වර්ධනය කරගන්න. ඒ වගේම තරගවලට යොමු කළා. මම එක් වරක් සමස්ත ලංකා ගායන තරගයෙනුත් පළමු ස්ථානය දිනා ගත්තා.ඒ විදියට ඒ කාලේ ඉදන්නම මේ ආසාව තිබුණා. නමුත් මම කලාව හෝ ගායනය ගැන හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. ඒකට හේතුව මගේ පාසලේ ඒ අවස්ථාව නොමැතිකම. මොකද මම උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීමේදී මට කලා විෂය තෝරා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මම ඒ වෙනකොට අධ්‍යාපනය ලබපු මාරිස්ටෙලා විද්‍යාලයේ ඒ විෂයන් තිබුණේ නැහැ. ඒ නිසා මම තෝරගත්තේ ගණිත අංශය. නමුත් මට පොඩි කාලේ ඉඳන්ම කලාවට තිබුණු උණ අඩුවුණේ නැහැ. ඉතින් මම ඒ කැමැත්තත් එක්ක ගායනය භාවනාවක් ලෙස සිතමින් අධ්‍යාත්මයත් එක්ක කරන ගනුදෙනුවක් විදිහට සතතඅභ්‍යාසයේ යෙදිලා මගේම කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් තමයි මේ දේවල් දියුණු කරගත්තේ.

ඔබ කලා පවුලක ඇසුරක් තියෙන කෙනෙක් ද?

නැහැ. අපේ පවුලට කලා ඇසුරක් නැහැ. මගේ පියා ගණකාධිකාරිවරයෙක්. ඇත්තටම මම සංගීතයට යොමු වෙන මුල් කාලයේදී පියාගේ ලොකු කැමැත්තක් තිබුණෙත් නැහැ. එයා හැම වෙලේම හිතුවා සංගීතය කරලා වැඩක් නැහැ කියන දේ. නමුත් මාව පොඩි කාලේදී ප්‍රසංගවලට පවා රැගෙන ගියෙත් ඔහු. එහෙම වුණත් පියාගේ වැඩි කැමැත්ත තිබුණේ මම එයාගේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යනවා දකින්න. 

ඔබට දැන් ප්‍රසංග වේදිකාවේ හොඳ ඉල්ලුමක් ඇති?

ඔව්. මට දේශීයව ප්‍රසංග බොහෝමයකට ආරාධනා ලැබෙනවා. ඊට අමතරව දැනට මේ වසරේ විදේශීය ප්‍රසංග දෙකක් සදහාත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ ප්‍රසංග දෙකත් ඔක්තෝබර් මාසය වනවිට සාර්ථක වේවි. ඇත්තටම මම එක රැයින් ජනප්‍රිය වුණු කෙනෙක් නෙවෙයි. මේ වෙනකල් ලොකු කැපකිරීමක් කරලා, ලොකු කට්ටක් කාලා තමයි මේ තැනට ආවේ. මගේ අධිෂ්ඨානය එක්ක ආව දුර ගමනක් මේක. කොච්චර අමාරු වුණත් මේක අතහරින්නේ නැහැ කියලා හිතාගෙන ආවේ. ඉතින් දැන් තමයි මට ඒ කැපවීම්වල ප්‍රතිඵල ලැබෙන්නේ. 

ඉතින් මේ විශේෂ හැකියාවට ලැබෙන රසික ආදරය ගැනත් මතක් කරමු?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මම ගායනා කරන ගීත සහ ඒ හඩවල් එක්ක ඒ ගීත අහනකොට බොහෝ දෙනෙක් කියන්නේ ඒ මැරැණු හඩවල් ජීවමාන වෙනවා කියන දේයි.  මම කියන ගොඩක් ගීත හැම කාලෙකටම ගැළපෙන සහ හැම පරම්පරාවක්ම වගේ ආදරය කරන ගීත. ඒ නිසාම මට මේ හැකියාවට හොඳ ඇගයීම් ලැබෙනවා.

ඔබ හිතන විදිහට ඔබේ ගායන දිවියේ හැරවුම් ලක්ෂය කොතැනද?

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය 2021 වසර. ඒ වසරේදි මට ග්‍රේෂන් ආනන්ද, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මගේ මේ හැකියාව පෙන්නන්න අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මම මටම ආවේණික විවිධ කටහඬවල් උපයෝගී කරගෙන මේ ගීත ගායනා කිරීමේ දක්ෂතාව ඔවුන් ඉදිරියේ ඉදිරිපත් කළා. එතනදි ඒ පිරිසට මේ දේ ගොඩක් විශේෂ දෙයක් වුණා. එතැනින් තමයි මට සහ මගේ මේ සංගීත දිවියට ලොකු වටිනාකමක් ලැබුණේ. 

ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවීම් කරපු සහ හයිහක් වුණු බොහෝ දෙනෙක් ඇති?

මම වෙනුවෙන් මේ හැම දේකදීම හිටියේ මගේ අම්මයි තාත්තයි. අද ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ. නමුත් මම දන්නවා අද ඒ දෙන්නා හිටියානම්   මම මේ ඉන්න තැන දැකලා වැඩිපුරම සතුටුවෙන්නේ ඒ අය. ඇත්තටම මාව ධෛර්යමත් කරලා මේ තැනට එවන්න සහයෝගය දීපු ගොඩක් අය ඉන්නවා. ඒ හැමදෙනාම ගොඩක් ආදරෙන් සිහිපත් කරන්න ඕනැ.

මොනවද ඔබේ අලුත් බලාපොරොත්තු?

හොඳ නිර්මාණ කරලා මට ආදරය කරන රසික රසිකාවියන්ට රසවිඳින්න පුළුවන් අලුත් නිර්මාණත් එක්ක ඉදිරියට යන එක තමයි මට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මට මේ තියෙන පෞද්ගලික නිදහසත් එක්ක සංගීතය උසස් අධ්‍යාපනික වශයෙන් හදාරන්න සහ මේ වර්ෂය ඇතුළත අලුත් ගීත තුනක් විතර නිර්මාණය කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම තවත් විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මට මේ තියන හැකියාවෙන් මගේ රටට අභිමානයක් ගේන්න උත්සාහ කරන එක. ඒ අනුව මට අදහසක් තියෙනවා මේ හැකියාව ගිනස් වාර්තාවක් බවට පත්කරන්න. මම ඒ වෙනුවෙන් මූලික පියවරයන් කිහිපයක් අරගෙන තියනවා. ඒ අවස්ථාව ලැබුණොත් ඇත්තටම මම මගේ රට වෙනුවෙන් ඒ දේ ඉෂ්ට කරනවා. ඒ වගේම මට දැනට රංගන කටයුතුවලටත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ හැමදේමත් එක්ක කලාවම ජීවිතය කරගෙන කලාවෙන්ම ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දුලක්ෂි ලියනගේ



අදහස් (0)

හඩවල් ගණනාවකින් ගී ගයන ශිල්පියා

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 9 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 18 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 18 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 24 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 27 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 735 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1477 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site