IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


හැඩට දුවන DINARA


සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍රීඩිකාවක වන නිසයි.  මීටර 100 සහ 200 දිවීමේ ඉසව් නියෝජනය කරමින් පසුගිය වසර දක්වා එම අංශයේ අංක එකේ කනිෂ්ඨ ක්‍රීඩිකාව වූවේ ඇයයි. වත්මනෙහිද එම අංශයෙන් ජාතික තලයේ ක්‍රීඩිකාවක වන හැඩට දුවන මේ ලස්සන තුරුණු ක්‍රීඩිකාව ගැන බොහෝ දෙනෙකු  කතා වෙන මොහොතක ඇයගේ රුවින් මෙවර සඳැල්ල කවරය හැඩ කරන අතරේ ඇය ගැන විස්තර සඳහනක් අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

  •  සම්පූර්ණ නම ? 

 දිනාරා රශ්මි බණ්ඩාර දෑල

  •  දිනාරා ගැන විස්තරයක් කළොත්?

මගේ ගම නුවර. මුලින්ම ඉගෙන ගත්තෙ දෙහිවල ඇලීතීයා ජාත්‍යන්තර පාසලෙන්. අට වසරෙන් පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තෙ  කොළඹ ගේට්-වේ ජාත්‍යන්තර  පාසලෙන්. දැනට  නීති (LLB) උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නවා. පවුලේ අම්මා-අප්පච්චි සහ වැඩිමහල් සහෝදරයෙක් මට ඉන්නවා.

  •  දිනාරාට මොන වගේ අරමුණක් ද තියෙන්නෙ?

ක්‍රීඩාවෙන් ඉදිරියට යන අතරේ නීති විෂය ගැන හොඳින් හැදෑරීම අරමුණයි. මලල ක්‍රීඩාවෙන්  මම නියෝජනය කරන ඉසව්වෙන් රටට ජයග්‍රහණයක් ලබා දීමටත් උපරිම උත්සාහයක් ගන්නවා.

  •  මලල ක්‍රීඩාවට ඒමට විශේෂ හේතුවක් තිබුණද?

මගේ අයියා පොඩි කාලයේදී මලල ක්‍රීඩා කළා. ඒ අවස්ථාවලදී අම්මා මාවත් ක්‍රීඩා පිටියට එක්ක ගෙන ගියා. අයියා ක්‍රීඩා කරන අවස්ථා දැක්කාම මටත් මලල ක්‍රීඩා කෙරෙහි  ඇති වුණේ ලොකු උනන්දුවක්.  

  •  දිනාරා දැක්වූ ඉහළම දක්ෂතා?

ජූනියර් අංශය නියෝජනය කරද්දී මීටර 100 දිවීමේ අංශයෙන් පළමු වැනියා ලෙස තත්පර 12 ක කාලයක් වාර්තා කළා. 
ඒ වගේම මීටර 200 තත්පර 24.7 කින් නිම කිරීමේ හැකියාව ලැබුණා. 2023 වසරේ ආසියානු ජූනියර් ශූරතා තරගාවලියේදී වේගවත්ම ක්‍රීඩිකාවන් අතරින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තා.

  •  මලල ක්‍රීඩාවට අමතරව ඔබ වඩා කැමති?

පාපන්දු ක්‍රීඩාවට.

  •  මෙච්චර ලස්සන දිනාරා ට රඟපෑමට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?

ඇත්තටම මම රඟපෑමේ අංශයට කැමතියි. අවස්තාවක් ලැබුණොත් රඟපෑමට එන්න කැමතියි.


 



අදහස් (0)

හැඩට දුවන DINARA

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 37 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 24 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 36 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 22 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 40 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 57 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2090 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 962 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site