IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා

"රට පුරාම අවුරුදු සිරි
මේං බලන් එරබදු මල්
බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා

සිතඟේ පැතුම් ඉටුවේ
මුව‍ඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..

හතර අතින් ඇසෙනුයේ අවුරුදු අසිරිය කැන්දාගෙන එන එබඳු ගීතය. මේ කියන්නේ බක් මහේ මංගල්ලේ හෙට අනිද්දම ගමට එන විත්තියයි. කලකට ඉස්සර  බක් මාසය එළඹෙන බව ගම්වල උදවිය සංජානනය කර ගන්නේ හතර වටින් ඇහෙන කොහෝ හඬිනි. මුළු පරිසරයම රතු පාටින් හැඩවෙන එරබදු මල්වලිනි.

නමුත් දැන් කාලය වෙනස්ය. ඒ නිසා එදා සහ අද ගත්විට සොබාදම මෙන්ම ජනයා ද සිංහල දමිළ අලුත් අවුරුද්දට සැරසෙන ආකාරයේ යම් වෙනස්කම් පවතී. ඒ කෙසේ වුවද අදටත් මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය බව නම් කිව යුතුමය.

අස්වැන්න නෙළන සමයේ අවසානයට සමගාමීව සෑම වසරකම අප්‍රේල් 13 හෝ 14 වන දින සමරනු ලබන මෙම අලුත් අවුරුද්ද ,  සූර්ය දින දර්ශනයට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ  රාශියට සංක්‍රමණය වීම සනිටුහන් කරයි. මෙම වැදගත් අවස්ථාව නව ආරම්භයක් සහ සදාකාලික ජීවන චක්‍රය ආලෝකමත් කරන්නකි. පවුලේ සියලු දෙනා එකට එකතු වී පැරණි දේ අතහැර, විවෘත හදවතින් හා මනසින් අලුත් දේ පිළිගැනීමට සූදානම් වෙන්නේ නව බලාපොරොත්තු ද සමගින් වීම මෙහි විශේෂත්වයයි.  අවුරුදු දා හිරු උදාවන විට මුළු රටම උත්සවශ්‍රීයක් ගන්නේ බාල මහලු කොයි කාගෙත් සිත් සතන්වලට අලුත් අවුරුද්දේ සතුට, සමෘද්ධිය ළඟා කරමිනි. 

සිංහල සහ දමිළ ජනතාව එකට එක්වී සමරනු ලබන මෙම වාර්ෂික උත්සවය - පුරාණ සිරිත් විරිත් සමකාලීන සැමරුම් සමග මුසු කරමින් ප්‍රීතිය, ආදරය, ළෙන්ගතුකම, මිත්‍රශීලීත්වය හා එකමුතුකම ප්‍රවර්ධනය කරන සහ සංස්කෘතික අභිමානයේ අද්විතීය අවස්ථාවක් ලෙස දැක්වීම අතිශයෝක්තියක් නොවේ. 

අලුත් අවුරුද්දට සති කිහිපයකට පෙර තියාම තම නිවස ඇතුළු වටපිටාව හොඳින් පිරිසිදුකර අලංකාර කරන්නේ ලබන්නාවූ අලුත් අවුරුද්දට අලුතින්ම සැරසීමේ අරමුණෙනි. අතීතයේ මෙන් ගෙබිම ගොම මැටි නොගෑවත්  - අදටත් අවුරුද්දට අලුතින් තීන්ත ගා, මකුළු දැල් ආදිය කඩා නිවස පිරිසිදු කිරීමෙන් නිවසට ආලෝකය ලැබෙන බවට ජනතාව විශ්වාස කරයි.

ඊළඟට එළැඹෙන්නේ අවුරුදු සාප්පු සවාරි යෑමයි. නිවසේ කාන්තා පාර්ශ්වය එයට ප්‍රිය කරන තරමටම පිරිමි පාර්ශ්වය එයට අකැමැති බව හැඟෙන දසුන් අවුරුදු සමයේ ඇඳුම් කඩවලට ගිය විට නම් ඕනෑවටත් වැඩිය. නමුත් ඒ සියල්ල අවුරුද්දේ එකිනෙකා අතර සතුට, ප්‍රීතිය උපදවන සුන්දර නිමේෂයන් ය. කැවිලි පෙවිලි හැදීමත් අවුරැදු සමයේ විඳින්නට ලැබෙන එවැනිම සුන්දර අවස්ථාවකි. අවුරුදු කාලේට තෙල් තාච්චියක් ළිප තැබීම නිවසට සිරියාව කැන්දන සිරිතක් බව එකල මතයයි. ඒ අනුව බොහෝ විට ගමේ පවුල් කිහිපයක් එකතු වී හැඳි ගාන දොදොළක, බඳින කැවුම් ගෙඩියක තිබුණේ රස පමණක් නොව, එකිනෙකා අතර පැවති සමගියේ සුවඳ ද විය.  කැවිලි පෙවිලි හැදෙන අයුරුත්, ඉන් එකක හෝ රස බැලීමට පොරකන ගමේ කොලු කුරුට්ටන්  විඳි ඒ සුන්දර අත්දැකීම්  ඒ තරමටම නැතත් අදටත් යම් තරමකින් හෝ දරුවන් ලබන්නේ අවුරුදු මේසයට පමණක්වත් නිවසේ හැදෙන මොනයම් හෝ කෑමකිනි. අවුරුදු නිවාඩුවට ඔලිඳ කෙළින, පංච දාන ගමේ ගැටිස්සියන් මෙන්ම කවට කමට රතිඤ්ඤා දමා දුවන ඇට්ටර කොලු රංචුද අද අපට ආසාවටවත් වත්මනෙහි දකින්නටත් නැත. එහෙත් ඒ වෙනුවට විනෝදජනක අලුත් ආකාරයේ අවුරුදු ක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සව නම් බක් මාසය අවසන් වුවත් ඉවරයක් නැත. මීට අමතරව අලුත් අවුරුද්දට ගමෙන් දුරස්ථව සිටින දරුවන් - මව්පියන් දැක බලාගැනීමට, ඔවුන් ගෙන් ආශීර්වාද ලබාගැනීමට  මහගෙදරට එක් රැස් වීම අවුරුදු කාලේ නිතර දෙවේලේ නෙතට හසුවෙන දසුනකි. එසේ එක් වූ පසු නැකතට සියලු දෙනා එක් වී සිදු කරන චාරිත්‍ර රැසකි. ඒ අතර සූර්ය හා චන්ද්‍ර වර්ෂ වෙනුවෙන් නව සඳ බැලීම එහි මුල්ම චාරිත්‍රය වේ. අනතුරුව පරණ අවුරුද්දේ අවසානයෙන් ද අලුත් අවුරුද්දේ මුලින් ද සැදී කාලය පුණ්‍ය කටයුතු සඳහා වෙන් කරයි.  අලුත් අවුරුද්ද සඳහා - ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම, හිස තෙල් ගෑම හා ස්නානය ද කරනු ලබන්නේ සුබ නැකතිනි.

නැකැත් නොමැති අවස්ථාව නොනගතය නමින් දැක් වූ අතර, එය පුණ්‍ය කාලය ලෙස අරුත් ගැන්වීමෙන් පැහැදිලි වනුයේ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් ජීවිතය සුවපත් කර ගැනීම කෙරෙහි පන්සලෙන්, කෝවිලෙන් ලැබෙන ආශීර්වාදයයි. ඒ අනුව

නොනගතය යනු දෙවියන් මිනිසුන් දෙස නොබලන අවස්ථාව ලෙසත්, එකී කාලය තුළ සිදුවිය හැකි විපත්තීන් ගෙන් ආරක්ෂා වීම පිණිස පුණ්‍ය ක්‍රියාවන් සිදුකළ යුතු බවත්, ජනවහරේ පිළිගැනීමයි. කෙසේවුව ද, අවුරුදු උදාවට ප්‍රථම පන්සල වෙත ගොස් බුද්ධ වන්දනාව සිදුකොට ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගේ ආශීර්වාදය ද ලබාගැනීමට ශ්‍රී ලාංකේය ජනයා හුරුපුරුදු වී සිටියි. එසේම

අලුත් අවුරුදු උදාව සමග පවුලේ සියලු සාමාජිකයන් එකට එකතුව එකම වෙලාවක කිරිබතක් පිළියෙල කොට අනුභව කරනුයේ අලුත් අවුරුද්ද සරුසාර කරගැනීමේ අරමුණෙනි. ඉන්පසු  දරුවන් බුලත් අතක් දී සියලු මව්පිය හා වැඩිහිටියන් වැඳ ආශිර්වාද ලබා ගනිති. ඒ අයුරින් පවුල තුළ සමගිය ගොඩ නඟාගන්නා අතර අනතුරුව අසල්වාසීන් වෙත ගොස් පරණ හිත් අමනාපකම් අමතක කොට මිතුරු බව පැතිරීම ද සිදු කරයි. අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත් අවස්ථාවේ දී පැළයක් රෝපණය කිරීමෙන් මෙන්ම ගනුදෙනු කිරීමේ නැකතේ දී ළිඳ සමඟ ගනුදෙනු කරනුයේ ද තමාට ස්වභාව ධර්මයෙන් ලැබෙන දායාදයන්ට පෙරළා ප්‍රත්‍යුපකාර දැක්වීමේ හා පරිසරයට ආදරය කිරීමේ උදාර ගුණ ප්‍රකට කරමිනි. තවද, නානු ගා ස්නානය කිරීම ද අවුරුදු චාරිත්‍රයකි. හිසට මෙන්ම පයට ද ඖෂධ පැළෑටි තබා හිසතෙල් ගා නෑමෙන් මිනිසා හා පරිසරය අතර සම්බන්ධය  ප්‍රකට වේ. ”ආරෝග්‍ය පරමා ලාභා” යන බුදු වදනට අනුව උතුම්ම ලාභය වන නිරෝගීකම සලසා ගැනීමේ අරමුණින් යුක්තව මෙය සිදු කෙරේ.

එදිනට අතීතයේ මෙන්ම අද ද ඇතැම් පිරිස් ගමේ පන්සල වෙත ගොස් පන්සිල් සමාදන්ව, පිරිත් හඬ මධ්‍යයේ හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකරයි. කායික මෙන්ම මානසික නිරෝගීතාවය ද සලසා ගැනීම එහි අරමුණයි. මේ අයුරින් අලුත් අවුරුදු උදාවට ප්‍රථමව මෙන්ම අවුරුදු උදාව සමග ද රටේ ජනතාව ඉටුකරන අවුරුදු චාරිත්‍ර රැසකි. එදා මෙන්ම නොවූවත් අදටත් ඇතැම්  වෙනස්කම් සහිතව වුවද එම චාරිත්‍ර නොපිරිහෙළා ඉටු කිරීමට ජනයා උනන්දු වන්නේ ඒවායෙහි ඇත් අර්ථාන්විත බව නිසාවෙනි. 

කෙසේ වුවද මේ අවුරුදු සිරිත් විරිත් මුළු රට පුරාම, එකම නැකත් වේලාවක පැවැත්වෙයි. රටේ සමස්ත ජනතාව වාද භේද නොසලකා එකම පවුලක් සේ ක්‍රියා කරයි. එය සමාජයේ ඒකාබද්ධතාවට  අනුපමේය පිටිවහලකි. 

මේ අනුව සනාථ වනුයේ ලබන්නා වූ  සූර්‍ය මංගල්‍යය ජන දිවියේ වැදගත් සංස්කෘතික ලක්‍ෂණ රැසක් මතු කර පෙන්වන අතිශය වැදගත් උත්කර්ෂවත් අවස්ථාවක් බවය.  එහෙයින් එළඹෙන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්දේ නියම අර්ථය වටහා ගෙන - සම්ප්‍රදායන් රැක ගනිමින්, සිරිත් විරිත් රැකගනිමින්, ඔබේ පවුලේ අය සහ ආදරණීය යන් සමග මේ අලුත් අවුරුද්ද සතුටින් සමගියෙන් ගත කරන්නට ලැබේවායි ද , සිතන සිතුම් ඉටුවෙන පතන පැතුම් ඉටුවෙන  සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ද , ‍ඉරිදා ලංකාදීප සඳැල්ලේ අපි පාඨක ඔබ සැම වෙත මුළුහදින් ප්‍රාර්ථනා කර සිටිමු.  

යළිත් - සුබ අලුත් අවුරුද්දක් වේවා !

කෞශල්‍යා ලක්ෂානි



අදහස් (0)

හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා
2025 අප්‍රේල් මස 18 12 0

හතර අතින් ඇසෙනුයේ අවුරුදු අසිරිය කැන්දාගෙන එන එබඳු ගීතය. මේ කියන්නේ බක් මහේ මංගල්ලේ හෙට අනිද්දම ගමට එන විත්තියයි. කලකට ඉස්සර බක් මාසය එළඹෙන බව ගම්වල


පින්කම ටෙලි නාට්‍යයේ අවුරුදු කුමාරයා වියළි ටෙලි නාට්‍යයේ ජයග්‍රාහී අධ්‍යක්ෂවරයා චන්දන ඉරුගල්බණඩාර
2025 අප්‍රේල් මස 18 10 0

පරිසරය පුරාම අවුරුදු අසිරිය විසිර පැතිර තිබේ. කොහාගේ ඉමිහිරි නාදය, රබන්සුරල් රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නේය. හැම ගෙදරකින්ම හමා එන්නේ කැවිලිවල ඉමිහිරි සු


අපේ අවුරුදු පැතුම අප්පච්චි විතරමයි
2025 අප්‍රේල් මස 18 14 0

සිංහල අවුරුදු කාලෙට ගමේ අසිරිය මතකයට රැගෙන එන ගී පදවැල් අපේ සවනත වැදෙනවා. මේ කාලයට විතරක් සීමා නොවී ගම ගැනත් එහි භාවමය සුන්දරත්වය ගැනත් කොවුල් හඬින් ගී


අපේ ගෙදර අවුරුදු සතුටින්ම ගෙවුණේ තාත්තා හිටපු කාලේ - ගයාන් ගුණවර්ධන
2025 අප්‍රේල් මස 18 16 0

ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධනගේ පුතුණුවන් ගයාන් ගුණවර්ධන මේ වෙනකොට රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ජනප්‍රියත්වය ඉහ


පොඩි කාලේ අවුරුදු සැමරූ විදියටයි අදත් කැමතිම
2025 අප්‍රේල් මස 18 14 0

“අවුරුදු සමය ගැන කතා කළොත් මගේ කුඩා කාලයේදී අම්මා එක්ක එකතු වෙලා කිරි ඉතිරූ හැටි සහ අනෙකුත් චාරිත්‍ර කළ හැටි මට හොඳට මතකයි. නෑගම් ගිය හැටි, හිස තෙල් ගෑමේ


ඉස්සර වගේ කොහාගෙ සද්දෙ නැහැ - දිනූෂ දිසානායක
2025 අප්‍රේල් මස 18 8 0

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 111 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site