IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන


මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන 

  • ඔබ ඔබව හඳුන්වන්න කැමති කොහොමද ? ඔබ ගැන විස්තර කිව්වොත් ?

මගේ වසය විසි අටයි. අපේ පවුලෙ එකම ළමයා මම. ගම මාතර. මං කැමතියි හීන හැබෑ කරගත්ත කෙනෙක් විදිහට මිනිස්සු මාව සලකනවට. ඒ වගේ ම මම පාසල් ගියෙ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයට. පොඩි කාලෙ ඉඳල ම මම කැමතියි TV බලන්න. එහි දකින ගොඩක් ඒවත් එක්ක මගෙ කුතුහලය වැඩි වුණා. මට ගොඩක් තැන්වලදි හමුවුණ චරිත ගොඩක් තිබුණා. ඒ අතර බෲස්ලි සහ ශාරුක් ඛාන්ගෙ චරිතය උඩින් ම තියනව. ඒ චරිත සහ ඒවට ලැබෙන ජනප්‍රියත්වය එක්ක තමයි මම මගේ හීනය ගොඩනාගත්තෙ. 

  • ඔබ රංගනයට පිවිසෙන්නෙ මොන විදිහට ද ?

මම මුලින්ම මේ field එකට එන විදිහ දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. මගෙ පවුලෙවත් කවුරුත් මේ field එකේ නෑ. මම පොඩි කාලෙ ඉඳල screen test වලට ගිහින් තියනව. Act කරනව කියන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තෙ මට ලැබුණු පොඩි ම අත්දැකීමෙ ඉඳලා. Workshops හරහා මම මේ දේවල් ඉගෙන ගත්තා. මම මුලින්ම voice dubbing වලට යොමු වුණා. ඒ වැඩවලට එන සීනියර් ආටිස්ට්ලා හරහා ක්ෂේත්‍රයට එන විදිහ දැනගන්න ලැබුණා. මට කැම්පස් එකේදි හමුවුණ මගෙ යාලුවෙක් හිටියා. එයා හොඳ ප්‍රසන්ටර් කෙනෙක්. එයා මට වෙළඳ දැන්වීමක රඟපාන්න අවස්තාවක් සලසලා දුන්නා. එතනින් පසුව මම commercials බොහොමයක රඟපෑවා. මම ‘රැස්’ කියන ටෙලිඩ්‍රාමා එකේ සබ් කැරැක්ටර් එකක් කළා. එයින් පසුව මට ‘අහස් මාළිගා‘ කියන ටෙලිඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය හමුවුණා. දැනට මම ටෙලිඩ්‍රාමා විස්සකට පමණ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. 

  • පාසල් කාලය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කළොත් ?

මට අධ්‍යාපනය හදාරන කාලය තුළ ක්ෂේත්‍රයට එන්න වුණේ නෑ. මගෙ දෙමව්පියො බයෙන් හිටියෙ අධ්‍යාපනය මග නතර වෙයි කියලා. පාසල් කාලය තුළ ක්‍රීඩාව පැත්තට යොමු වෙලා අධ්‍යාපනය කරගෙන ගියා. මම මගෙ පාසල් ගමන නිමා කරනවත් සමඟ ම තමයි රංගන ක්ෂේත්‍රයට යොමු වෙන්න ගත්තෙ. මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මගෙ උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒ අතරතුර තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ.

  • නැඟී එන රංගන ශිල්පියෙක් විදිහට දැනට ලංකාව තුළ රංගන ක්ෂේත්‍රය සම්බන්ධ ඔබේ අදහස කොහොමද ?

මම 2018 ඉඳල මේ ක්ෂේත්‍රයෙ ඉන්නවා. මුල ඉඳලම කොච්චර වෙහෙසකර වුණත් මගෙ අරමුණ අතහැරියෙ නෑ. මම ඒ වගකීම මේ වෙනකන් ම ඉටු කරනවා. මුල ඉඳල ම ලැබෙන අත්දැකීම් එක්ක මම මගේ රංගන ජීවිතය හැඩගස්වා ගන්නවා. මට ගොඩක්ම උදව් වෙලා තියෙන්නෙ බුද්ධික ජයරත්න අයියා. රංගන තුළ දේවල් කියල දුන්නෙ එයා. රංගන තුළ තියෙන තරගය මොන වගේද කියල එයා මට කියල දුන්නා. ලකී ඩයස් මහත්මයා, කමල් දේශප්‍රිය සර් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. එයාලගෙ අත්දැකීම් එක්ක මට රංගන හැඩගස්වා ගන්න අවශ්‍ය පසුබිම ඔවුන් මට කියල දුන්නා. ගොඩක් හොඳ පුද්ගලයො, තව පරම්පරාවකට ඔවුන් ලද දැනුම ලබා දෙන බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මට මගෙ ජීවිතයෙ ගොඩක් වෙලාවට අධ්‍යක්ෂකවරයෙක්ට වඩා රංගන භූමිකාව කියල දීලා තියෙන්නෙ තවත් නලුවෙක් ම තමයි. ප්‍රදීප් ධර්මදාස, මිහිර අයියා, මේනක රාජපක්ෂ, ධනංජය සිරිවර්ධන වගේ ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයො මට ගොඩක් දේවල් කියල දීල තියෙනවා. පොඩි කාලයක් තුළ ලොකු ගමනක් එන්න හේතු වුණේ මම ඒ විදිහට ලබපු අත්දැකීම් උදව් සහ ඒ අයගේ ආශිර්වාදය. මම 2022 සුමති සම්මාන උළෙලේ වසරේ නැගී එන නලුවාට හිමි සම්මානයට නිර්දේශ වුණා. මම හිතනවා මේ ක්ෂේත්‍රයේ දි ගොඩක් නලුවන්ට කැමරාවට මුහුණ දෙන ටෙක්නිකල් සයිඩ් එක කියලා දුන්නා නම් ගොඩක් අය එයාලගෙ රංගනයත් එක්ක ම ඒ දේවල්වලින් මිනිස්සු අතරට යන්න පුළුවන් ඉඩකඩ වැඩියි කියලා. 

  • ආදරය කියන දේ ඔබ දකින්නෙ මොන විදිහට ද ?

අපි හැමෝම කැමැත්තක් තියන අපි ගැන හොයල බලන අපිව තේරුම් ගත්ත අපිට අවධානය දෙන කෙනෙක් තමා අපි හොයන්නෙ. ආදරය කියල අපි ලොකුවටම බලාපොරොත්තු වෙන්නෙ එකිනෙකා කෙරෙහි තියෙන අවදානය ලබා ගැනීම. මම මගෙ ජීවිතේදි ගොඩක් අවදානය හොයපු කෙනෙක්. අපි හැමෝම බලන්න ඕන ආදර ජීවිතය රැකගන්න. අපි ජීවිතේ හැමදේම කරනගමන් පවුල් ජීවිතෙත් හදාගෙන යන්න අවශ්‍ය වෙනවා. 

  • රංගන, නිරූපණය හෝ කුමන ක්ෂේත්‍රයකින් වුව ඉදිරියට යන්න කෙනෙකුට තිබිය යුතුයි කියල ඔබ හිතන ගුණාංග මොනවද ?

පළවෙනිම දේ අපි හීනයක් දකින්න ඕන. අපි ඒ මවාගත්ත හීනය වෙනුවෙන් අපි ගමන් කරන්න ඕන. ඒ ගමන ලේසි වෙන්නෙ නෑ. රංගනය, නිරූපණය හෝ කුමන ක්ෂේත්‍රයක් වුවත් අපි කවදාවත් හිතන්න හොඳ නෑ ඒ දේ තියෙන ඍණාත්මක පැත්ත. අපි වැඩක් කරන්න ඕන ඊළඟ වැඩේ ඉලක්කයක් කරගෙන. ඒ වගේම අපි මේන්ටේන් කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒකෙදි අපේ රූපය තමයි ප්‍රේක්ෂකයට ගොඩක් ම බලපාන්නෙ. රංගන ශිල්පියෙක් වුණත් ඕනම කලාකරුවෙක් වුණත් තමන් තමන්ට අයිති නෑ. ඒ කෙනා අයිති ප්‍රේක්ෂකයට. තමන් හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නෑ. මම ගියපු ඔඩිෂන්ස් තිහකින් විතර පැරදිල තියනවා. ඒ දේවල් ජීවිතේට හයියක් කරගෙන ඉදිරියට යන්න අපි දැනගන්න ඕන. 

  • ඔබ ගොඩක් කැමති ක්‍රියාදාම සහිත රංගනයන් සඳහා බව පෙනෙන්න තියෙන දෙයක්. ඒ පිළිබඳ ඔබගේ අදහස කොහොමද ?

මම ක්‍රියාශීලී චරිත කරන්න ගොඩක් කැමතියි. මම පාසල් කාලයෙදි ඉඳල කරාතෙ කරනවා. ඒ වගේම මම ඒ පිළිබඳ ගුරුවරයෙක්. මම ලංකාවෙ පිට පිට ම පස් වතාවක් national champion වෙලා තියෙනවා. ඒ වගේම ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවල පැවති තරගවලින් රන් පදක්කම් ලබලා තියෙනවා. 2017 පැවති World Karate Championship එකේ සිව්වැනි ස්ථානය ලබාගෙන තියෙනවා. සටන්කාමී චරිතවලට මේ දේවල් මට ගොඩක් උදව් වෙලා තියෙනවා. මට ලැබෙන චරිත එක්ක විවිධ විදිහට මාව මිනිස්සුන්ට පෙන්නන්න අවශ්‍ය අත්දැකීම් සහ ශක්තිය මට මේ හරහා ලැබිලා තියෙනවා. 

  • ඔබගේ ඉදිරි අරමුණු මොන වගේ ද ?

මම ගොඩක් ලොකු බලාපොරොත්තු එක්ක ජීවිතේ අරගෙන යන කෙනෙක්. මගෙ බලාපොරොත්තුවක් තියනවා රිදී තිරයට එන්න. හොඳ චරිතයක් එක්ක අවස්ථාවක් ආවොත් ඒ දේ මම භාරගන්නවා. ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් දෙන්න පුළුවන් චරිතෙකින් ඊට අවතීර්ණ වෙන එක මගේ බලාපොරොත්තුවක්. 

 

 

 


 ජනිත් මධුරංග


 

 
 



අදහස් (0)

හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 6 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 7 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 4 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 10 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 13 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site